නැකත් ගැන නැකැත්

                                 නැකත් ගැන නැකැත්

කත් 

          නැකත් හරි බවට සාධනය කළ නොහැක. ඒවා තම තමුන්ගේ ප්‍රත්‍යක්ෂය. තාත්තා කවුද කියා මෙනි. රටුන් තමුසෙගේ තාත්තා අහවල් එකායැයි කියන විට ජාන තාක්ෂණය අද ඇතත් පුතුන් ලේ  තාත්තා කවුද යන්න පරීක්ෂා කරන්නට යන්නේ නැත. අම්මා පෙන්වන තාත්තාව පිළිගන්නේය. 

මේ සිංහල අවුරුද්දට රජයේ නැකැත් කමිටුවට විරෝධීව තවත් ජ්‍යෝතිෂ පොරවල් කියන  කණ්ඩායමක් විසින් විකල්ප සිංහල දමිල අවුරුදු නැකත් සීට්ටුවක් ගණනය කර ජන ගත කර තිබේ. ඒ අයද ජ්‍යෝතිෂයේ නිකන් පොරවල් නොව දැනුමැති විශේෂ පුද්ගලයෝය. නමුත් නැකත සතුවන්නේ පුද්ගලයාටය. පොදුවේ නැකැත් සාදන්නේ රටටය. ලෝකායත ජ්‍යෝතිෂයට අයත් පොදු නැකත් ඒ කාලයේ හදන විට ගත්තේ රජුගේ කේන්දරය සහ රටේ සංස්කෘතිය ඇතිවූ විකල්ප වේලාවක් අනුව තක්කාල කේන්දරේය. අපේ රටේ කේන්දරයක් හදනවානම් අප රටද ඉපදීමේ වෙලාව අවශ්‍යය. ඒ කිසිදා කළ නොහැක.  මේ දැන් පිළිගන්නේ නිදහස ලැබූ දිනයේ සහ ජනරජයක් වූ දිනයේ වේලාවට අනුව අප රටේ ‌‌කේන්දරය වශයෙනි. යම් තාක් දුරට නිවැරදිය. සංස්කෘතික වේලාව නිර්ණය කිරීමේදී දේශපාලන මොහොත අති වැදගත්ය. නමුදු දළ වශයෙන් මේ අතීතයේ නොව ආසන්න කාලයේ යම් විදිහකට නිවැරදියැයි අපි ආසන්න වශයෙන් විශ්වාස කරනවා කියා හිතා ඉතිරිය ලියන්නම්. තක්කාලය ‌යනු කුමක්දැයි පසුවට ලියන්නම්.

නමුත් මුලු මහත් ජනතාවට අදාලව ‌සිංහල, දමිල අළුත් අවුරුදු නැකත් ඉතිහාසයේ සිට ගණනය කරනු ලබන ක්‍රම වේදයක් තිබේ. ඒවා සංස්කෘතික කාර්යන් විනා කාර්ය සිද්ධ වීමේ ක්‍රියාවක් ඇතිද කියා විද්‍යාත්මක පර්යේෂණ වලින් සාධනය කළ නොහැක. අනික ස්විටරය අයිති අපටද සීත රටවලටද කියාපර්යේෂනය කළ යුතු නැත්තක් වාගේය. කැමතිකෙනෙකුට ඝර්ම කලාපීය අපේ ‌රටේත් ස්විටර් ඇඳ ආතල් ගැනීම නීති විරෝධී නොවන්නේය.

 නමුත් පශ්චාත් නූතන වෙළඳ සංකීර්ණතා සමග රජයේ නැකැත් කමිටුවේ නැකැත් විපත් කියා විපත් නොවන නැකැත් සීට්ටුවක් තවත් පෙරමුණක් ලියා තිබේ. ජ්‍යෝතිෂයේ සංවාදාත්මක මෙවන් කාරණා ජ්‍යෝතිෂයේ ප්‍රගතියට මාරය. එලෙසම මාධ්‍ය ප්‍රාග්ධනයටද මාර විදිහට මාරය. 

කවුරුන් කෙසේ කීවද  පෞද්ගලික රෝහල් මොන මොන  ඇඩ් දැම්මත් අපේ කොදෙව්වේ මිනිසුන්ට විශ්වාසය ඇත්තේ රජයේ රෝහල් කෙරෙහිය. රජයේ රෝහල් වලින් මුදල් දී ගිලන් රථ පෞද්ගලික රෝහල් වලට හරවනවාට වඩා පෞද්ගලික රෝහල් වලින් අවසානයේ රජයේ රෝහල් වලට ගිලන්රථ හරවන බව රෝහල් හතලිස් අටක පමණ නැවතී ප්‍රතිකාර ගෙන තිබෙන මාරස ප්‍රත්‍යක්ෂකවම දන්නවාය. රජයේ වගකීම අපේ කොදෙව්වේ මිනිසුන්ට සංවේදීය. ඒ වගකීම  ආණ්ඩුව පැහැර හැරියොත්, වමේ දේශපාලනයේ සිට දකුණේ දේශපාලනය දක්වා ජනතාව නැගිටින නිසා ඒ තත්ත්වය ඉතා ප්‍රබලය. මේ ලියන මොහොතේදී ඒ වගකීම සාධනය කිරීමට මෙන් සෞඛ්‍ය ඇමතිට බන්ධනාගාරයේ සිට වග උත්තර දෙන්නට සිදුවී තිබේ

ධනේශ්වරය කියා කුමන ආණ්ඩුවකින් බිහිකළද සංස්කෘතික අමාත්‍යංශයද අපේය. එවන් දේ දැනට කඩා වැටුනු මාක්ස්වාදී රාජ්‍ය වලද තිබුුුුනේය. අදත් තිබෙන බව සයිබර් රස්තියාදු කාරයන්ට ජීව මානය. ඇවැසිනම් රුසියාව , චීනය, වියට්නාමය  කියුබාව පමණක් නොව තව ලතින් ඇමරිකානු රටවල් බොහෝය.

අවසාන වශයෙන් කියන්නේ නැකැත් යනු මිනිසාගේ ප්‍රත්‍යක්ෂයක් බවය. සෑම කාලයක්ම නැකතකි. අර ජනකතාවක කියන්නා පරිදි වයසක මහා ප්‍රාඥ්ඥ හාමුදුරවන් වහන්සේ කෙනෙකුගෙන් ‌ගොස් ලෝකයේ මැද කොතනදැයි ඇසූ මහා පරිමාන තර්කවාදීන්ට උන් වහන්සේ උත්තර දී ඇත්තේ හැරමිටියෙන්ය. හැරමිටිය බිමට තබා තද කර කියා තිබෙන්නේ මෙතන තමා ලෝකයේ මැද කියලාය. අනේ සැබෑවටම කියා යුතු දීව තිබුනේ හැරමිටිය ආවේගයෙන් හිසට එල්ල කරය. නමුත් ඒ කාලේ ඒ හිතන ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා එසේ කියන්නට ඇත..

කාලය යනු සූර්යාට අනුව පමනක් නොව සෑම ග්‍රහයෙකුටම අදාලව නිර්මාණය කරගත් සබුද්දික සූත්‍රයක් පමණි. කාලයේ සහ ජීවිතයේ විද්‍යාවක් වන ජ්‍යෝතිෂය වනාහී මිනිස් ජීවිතයේ භෞතික සහ ආධ්‍යාත්මික  විශාලත්වයන්ගේ හැසිරීමේ ස්වභාවයක් ලෙස ගත හැකිගණිතයෙන් දැකීමක්ම වන්නේය. ගණිතය කීවේ ප්‍රමාණකත්ව බාවයේ මිනිසුන්ගේ හදවතේ විද්‍යාව පමණක් නොව බටහිර පෙරදිග හෝ පැතලිලන්තයේද ගණිත ස්වභාවයට හැකි තාක් දුරට එකඟවය.

කවුරුන් කෙසේ කීවත් රජයේ හෝ ආණ්ඩුවේ වගකීමට මිනිසුන් අරගල වලින්ම සම්බන්ධ හෙයින් පමණක් නොව ලෝකයේ එදා සිටම සිදුවූ පුරුද්දට අනුව මේ සිංහල දමිල අළුත් අවුරුද්දේත් කාලයේ පොදුවේ වැඩ කිරීමට අයිති කාලය රජයේ නැකැත් සීට්ටුවට අනුව මිනිසුන් සිදු කරනවා නියතය. සමහර මීඩියා වලට යටත් ප්‍රාග්ධන බිස්නස්කාරයෝ මේ දේ ගෙන නොයෙක් සාකච්ඡා සහ විවිධ දේ ඉදිරි පත් කර තම තමුන්ගේ වාසිය ප්‍රාග්ධනයේ වර්ධනාත්මක හැඟීමෙන්ම  තර කරගන්නවා ඇත

මින් නව නැකැත් සීට්ටුවක් නිර්මාණය කළ කණ්ඩායමේ ජ්‍යෝතිෂ දැනුම සම්බන්ධව මාරයි කියනවා විනා කියන්නට දෙයක් නොහැක. නමුත් ඉදිරියේදී මීඩියා විසින් රජයේ නැකත් සීට්ටුුව අනුව වැඩ කළ නිසා මෙසේ වැසි වැස්සේය නාය ගියේය. මෙසේ අහවලා ජනාධිපතිවිය වැනි ජ්‍යෝතිෂයට නිගරු  වැඩද සිදුවනවා නියතය.  ජ්‍යෝතිෂය කරන සියලු මිනිසුන් විද්වතුන් පමණක් නොව දේශපාලන ජ්‍යෝතිෂය තක්කඩියෝද ජ්‍යෝතිෂය දේශපාලනිකය යන්න දැනගත යුතුය. ‌ජ්‍යෝතිෂය දේශපාලනිකය කියන්නේ අර විතානලා මේ විතානලා මෙන් මෙයා බලයට පත් වුනොත් මාරය කියා තමන්ගේ බඩ වඩා ගන්නා තක්කඩි න්‍යාය නොවන්නේය. 

   දෙවියන්ගේ හෝ මහා ඍෂි වරුන්ගේ නිර්මාණයක් කියා ජ්‍යෝතිෂය ගත හැකි වුවද මතක තබා ගත යුත්තේ මේ සියලු සමාධියන් හෝ ‌පාපයන් හෝ කී නොකී විිිකාර සියල්ල පවතින්නේ මිනිසාගේ ඔළුවේ කියලාය. කොටින්ම ජ්‍යෝතිෂය යනු මහා මගුලක් නොව පොළවේ ඉපදී පොළවේ මිය යන මිනිස් සංහතියේ අහස විශ්වය සමග අත්දැකීම් ප්‍රත්‍යක්ෂ වූ ප්‍රබ්‍රද්ධ ආධ්‍යාත්මික වූත් ‌‌‌ භෞතික වූත් කලාවක් තමා කියලාය. ප්‍රසිද්ධ මාධ්‍ය වලට මාරස කරුණු කාරණා පැහැදිලි කර දීමට යාම මාරස සිරිතය, විරිතයි. නමුත් එනවානම් ‌විකාර ජ්‍යෝතිෂ ප්‍රාග්ධන පැන්ටසි ගැන කතාවට පිටින් පෞද්ගලිකව කතා බහ කිරීමට කැමතිය. මීඩියා ප්‍රාග්ධනය හිසේ තබා එනවානම් යතුරු පැදියකින් එනවානම් අගේය. මන්ද යතුරු  පැදියේ එන කාටත් හෙල්මට් එකක් ඇවැසි නිසාය. එසේ කියන්නේ ජීවිතය ජීවිතය ගැන කතා කරන මිනිසුන්ට හැර ඒ වෙනත් පෞද්ගලික වාසියකට තබා කතා කරන  කිසිවෙකුට ‌ජීවිතය තේරෙන්නේ නැත. අටපට්ටම් වැඩ සටහන් වල ජ්‍යෝතිෂය ත්‍රිමාණ බව ඒවායේ නිර්මාතෘෘ වරුන්වන් දන්නේ නැති බව සාමාන්‍ය මිනිසුන් වටහාගෙන තිබේ. ඒවා වනාහී කෑමට පෙර විටමින්ය. විටමින් වැඩි වූවාට කම් නැත. ඒ බොහෝ විටමින් වැඩිවූ විට මුත්‍රා සමග පොළව විසින් පිරිපහදුවට බාර ගන්නා නිසාය. ඒවා ශුද්ධ කරන්නේද සූර්යායැයි කියන අටපට්ටම් නොදන්නේ අටපට්ටම් යනු ත්‍රීකෝණ බාහුල්‍යතාවයකින් නිපන් චතුරශ්‍ර වලින් නිර්මිත පදාසයක ගුලාවක් පමණක් බව නොදන්නා නිසාය. මේ සමපාද ත්‍රිකෝණයන්ගේ ආධ්‍යාත්මිකත්වය විමසන්නට අනුරාධ මහසිංහ විසින් පරිවර්ථනය කරන ලද පැතලිලන්තයද මාරය. නමුත් මින් කීවේ පරිවර්තනය මාර වූවාට සිංහල ගණිතය සහ ශක රාජ වර්ෂ සම්බන්ධව එඩ්වින් ඒ ඇබට්ටද මේ අප ජීවත් වන තැනට පැමින සූර්යා දෙස බලා ගෙන සිටීමට අප ලකේ ගල (සූර්යා ගැන පේන මානයෙන්මු කතා කළ හැකි ලග්ගල) කියලා කීවාට අනුරාධද නොකිපෙනු ඇත.

 ජීවිතය යනු කුමක්දැයි ‌ජ්‍යෝතිෂයෙන් කියන්නේනම් ස්වභාධර්මය කියා දෙයක් නැත. අපද ස්වභාධර්මයේ කොටසක්ය. ස්වභාවධර්මයට වඩා අප මහා විදග්ගයෝය කියන්නන් සමග ජ්‍යෝතිෂය තේරුන් ගත නොහැක. මාරසද ඔවුන් සමග කතා බහ කිරීමට කැමති නැත.

සුභ අළුත් අවුරුද්දක් වේවා

ජගත් මාරසිංහ

06 04 2024

https://jagathmarasinghe.wixsite.com/mare

https://youtu.be/x9RyrYvruiQ

සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට බකමූණෝ පියාඹති අනිත් කුරුල්ලෝ නිදති බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑගසති මගේ සුරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ මේ වැටෙන්නේ පිණි බිංදුත් හදමු එකක් ඒ වාගේ හද හාමි අප දිහාව එබී බලයි පා හිනාව සිහිල් සුළං රැල් විදින්ට‍ දොරට යන්ට හොද වෙලාව අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා මගුල් ගෙවල් දෙකක් වගෙයි මේ දෙපලම හැඩ ගැහිලා

*ඇස් මහින්ද හිමි*



Powered by Blogger.