මරණ රැලි

                               මරණ රැලි


මරණ සිදුවන්නේ රැල්ලක් ආකරයෙන්ද?

මිනිසුන් බස්වල දුර ගමන් යනකොට සුදු කොඩි සහ මරණ ගෙවල් හමුවෙනවා. ඊට පසු දිගටම ගියාම ඒවගේ මරණ ගෙවල් කීපයක් ඒ ප්‍රදේශයේ දකින්න ලැබෙනවා. ඒකට සාම්ප්‍රදායික කතාවකුත් තියනවා. එක්කෙනෙක් ගමක මළොත් හත්දෙනෙක් මැරෙනවා කියලා. හත අධිනිශ්චය වන්නේ ග්‍රහයෝ හත නිසා. ග්‍රහයෝ එතන නැහැ. ජන සාහිත්‍යයේ හැටි එහෙම තමා. කොහොමත් මේව ප්‍රත්‍යක්ෂ තමා. මිනිසුන් අත්දැකීමෙන් ලත් දේවල් සමාජ ඉතිහාසයටඒකතුවෙනවා. නමුත් එක උපන්දිනයක ආසන්න කාලයෙය් ඉපදුනාම කවුරුත් උපරිම ආයුෂ අද ගණන් ගන්න හැටියට වයස අනූවේදී මැරෙනවා තමා. ඒක එක කාලයකට සාපේක්ෂකව මරණ රැල්ලක් තමා.

නමුත් මේ සූර්යා මින රාශියෙන් මේෂ රාසියට යන අප්‍රියල් දහතුනට ආසන්නයේ සහ ඊ ලග බක්පෝය පසුකර වෙසක් පෝයට අමතරව වෙනම දේශපාලන දාර්ශනික වැදගත් පුද්ගලයන් ටිකක් ජීවිතයෙන් සමු ගන්නවා. ටයිටැනික් නෞකාවේ සිට අප රටේ කැරලි කෝලහලද මීට සංකේතීය සිදුවීම් ලෙස ගත හැකියි. ඒවා ගැන වෙනම පොතක් මාරස ලියාවි. අපි මේ මාර්තුවෙන් පටන් ගනිමු.

ඇත්තටමට මාර්තු හත්වෙනිදාද කොහෙද තෙල්දෙනිය ජනතා විමුක්ති පෙරමුනේ සිටි ආකර්ශනීය චරිතයක් වුන අමිලා විමානි කොඩිතුවක්කු ගාතනය වුනා. ලිපියට අදාලව දේශපාලනිකව සදහටම සිතීම නැවැත්තුවා. ඒක වමේ දේශපාලනයට කවුරු නිහඬව හිටියත් කම්පනයක් වුන බව ඇත්තක්. 

අනේ සූර්යාම මීන රාශියෙන් මේෂ රාසියට යනකොටම අපේ රොහාන් සහෘදයා ජීවිතය දාලා ගිහින් අමුතුම සිදුවීම් ඉතිහාසයේ සඳහන් වුනා. ඒ සමගම සූර සරදියල් වගේ ජනතා දේශපාලනයේ  නියැලුන පාලිත තෙවරප්පෙරුමත් තමන් විසින් නිර්මානය කරගන්නා සොහොනෙම සදහටම සැත පුනා. ආයේ චතුර වෙල්ලගේද යන්නම යන්න ගියා. තවත් අරහෙන් මෙහෙන් කියවුනා හරිත ගුණවර්ධන ගැනත්. වැඩිය දන්නේ නැති වුනාට මේ දේශපාලනයට සම්බන්ධ ඒක වගේ චරිත.

අනේ දැනට අන්තිමට අපේ ආචාර්ය නලිද සිල්වත් යන්නම යන්න ගියා. ඒ කියන්නේ යුගයක් අඬවලා ඉතිහාස ගතවන මිනිසෙක්. 

කෙසේ වුවත් මේ මරණ රැල්ල හැමදාම මේ වකවානුවේ සිදුවෙනවා. විශේෂය මෙතනින්ම හොයා ගන්න. ලෝක දේශපාලනයට සාපේක්ෂකව විශේෂිත චරිත වල මරණ රැල්ලක්. ඒ ගැන ඉතිහාසයේ සිටම සිදුවූ හරිය සහ දේශපාල හේතු මෙන්ම ග්‍රයන්ගෙන් සහ වෙනත් මිත්‍යා කියන දේවල් වල තියන යථටත් වඩා සමාජීය සංස්කෘතික සමග සම්භාවිතාත්මක සජඛ්‍යානාත්මක දක්ත වලට මේ අහඹු අනිවාර්ය වෙන්නේ කොහොමද කියලා මාරස ඉදිරියට පොතක්ම ලියාවී

මේ මරණ රැල්ල සම්ප්‍රධායික ගත්තොත් වෙසක් පෝයට නතර වෙනවා තමයි. නමුත් මාර හිතන්න බැරි මරණත් සිද්ධ වෙනවා. මිනිස්සු හැම තිස්සෙම මැරෙනවා. මෙතන ශ්‍රේණි ගත කරල තියෙන්නේ දේශපාලනය සම්බන්ධව නැතුව බැරි වුනත් වෙනම කැරැල්ලක් ගහන මිනිසුන්ගේ අවසානයේ සම්භාවිතාව සම්බන්දව. හැබැයි මේ රැල්ලේ මරණ සියල්ලගෙන් නලින් ද සිල්වාගෙ මරණය නිකන් ලංකාවේ මරණය වන්නේ ඇයි කියන කතන්දරය අනාගතයේ සැබෑ මිනිසුන්ට තේරෙයි. එයාලා සැබෑව අවශේෂ සියල්ලටම කියාදේවි නේද

  ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare




Powered by Blogger.