කෑන්ස් සිනමා උළෙල ගණිකාවන් - භූගත අභිසාරිකාවියන්

                                 කෑන්ස් සිනමා උළෙල ගණිකාවන්

******භූගත අභිසාරිකාවියන් ******

සයිබර් රස්තියාදුවේ මාරස ගමන් කරන්නේ උඩ සහ යටත් සමග වට පිට විමසමින් තමා. ඒ යන ගමනෙදි ලිංගික ශ්‍රමය විකුනන කාන්තාවන්ගේ වීදිත් එමට හමුවෙනවා. නමුත් විකිනීමට සුදුසුකම් කොච්චර තිබ්බත් වෙළඳපල බලය කියන්නේ වෙනම කතන්දරයකටත් වඩා අද විෂයක්. ඒ වීදියේ මේ තත්ත්වය දකින කාටත් අපේ රටේ කලා සංස්කෘතියේ භූගත තත්ත්වයන් ගැන කතා කරණ දේශපාලන විචාරකයනන් කියන්නේ පට්ටපල් බොරු නෙවේ කියලත් දකින්න හැකියි.

කෑන්ස් සිනමා උළෙලේ ප්‍රසිද්ධ රහසක් සමග එහි මෙසේ කියන්න හැකියි. අපි කතා කරන්නේ Cannes Film Festival escorts ගැනයි . කෑන්ස් යනු ලොව පුරා සුපිරි තරු එක්රැස් කිරීම සඳහා ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, රහසිගතව සිදු වන්නේ වෙනත් දෙයකි. කෑන්ස් සිනමා උළෙලේදී ඔබට ලෝකයේ වඩාත්ම මිල අධික හා ධනවත්ම ඇමතුම් ගැහැණු ළමයෙකු හමුවනු ඇත. මේ කෝල් ගෑනු ළමයි එන්නේ කෑන්ස් එකෙන් පස්සේ සාදයේ සේවය කරන්න.

* (.isajain බ්ලොග් අඩවිය)

[ඔවුන්ගේ ගාස්තු රාත්‍රියකට ඩොලර් 40,000 දක්වා ඉහළ යන බවත් සඳහන්. එබැවින්, ඔබ ඊළඟ වතාවේ කෑන්ස් හි සිටී නම්, ඔබ මෙම ඇමතුම් ගැහැණු ළමයින් පරීක්ෂා කර බැලීමට වග බලා ගන්න යනුවෙන්ද සඳහන් කර තිබුනා.]

ගෙවීමනම් නියම කර තිබුණේ ඩොලර් 40,000 දක්වා කියලයි. මාරස මේ සටහන නිසා මාරස බ්ලොගයේ පොත් කියවන ලඳුන්ගේ භූගත ආලෝක දඩයම් ඊ පවුරේ පල කරන්න ප්‍රතිපාදන නැහැ. බ්ලොග් අඩවියේනම් තියනවා. ආලෝක දඩයම්ද රස්තියාදුවේ මාරස ගමන් කරන්නේ උඩ සහ යටත් සමග වට පිට විමසමින් තමා. ඒ යන ගමනෙදි ලිංගික ශ්‍රමය විකුනන කාන්තාවන්ගේ වීදිත් එමට හමුවෙනවා. නමුත් විකිනීමට සුදුසුකම් කොච්චර තිබ්බත් අද වෙළෙඳපල බලය කියන්නේ වෙනම කොම්පැනි අවකාශයක.ඒවා කතන්දරයකටත් වඩා අද විෂයක්. ඒ ඒ අසභ්‍ය වීදි වල මේ තත්ත්වය දකින කාටත් අපේ රටේ කලා සංස්කෘතියේ භූගත තත්ත්වයන් ගැන කතා කරණ දේශපාලන විචාරකයනන් ඒ ගැන කියන්නේ පට්ටපල් බොරු නොවන බව ඔබටත් හිතෙන්න පුළුවන්. ලෝකයේ ගොසිප් කියන්නේ වනචර ඕපදූප කිව්වත් එකත් ව්‍යවසායක තත්ත්වයේ ශරීර වෙළෙඳාමේ ලුම්පන් අවකාශයක් බව සහතික ඇත්තක්.

මාරස "වීදි ඡායාරූප",පොත් කියවන ළඳුන්". වගේම තවත් අතිරේකයකට ඉඩ කඩ වෙන්කළා. ඒ " භූගත අභිසාරිකාවියන්" නමින්. මාරස පළමුව ළෝකයේ මිළ අධික අභිසාරිකාවියන් ගැන වීදියෙන් හෙව්වට ඊ පවුරේ ඒ අයගේ ආලෝක දඩයම් තහනම් කලාපයක් තිබෙන බව කවුරුත් දන්නවා. නමුත් බ්ලොග් අඩවි ඊට අදාල නැහැනේ. ඔව් මිළ අධික අභිසාරිකාවියන් ගැන ලියනකොට දුප්පත් ගණිකාවන්ගේ ජීවිතය සහ සමාජ සංස්කෘතික දේශපාලන පංතියක් ඉබේම අහුවෙනවා තමා. පිම්පියන් සහ ශරීර වෙළඳාමේ අපයෝජන සහ විවිධ දේශපාලනික සහ සූරාකෑමේ පැති මතුවෙනවා තමා. කාන්තාවන් පැහැරගෙන යාමේ සහ රැවැට්ටීමේ සිට බිරින්දෑවරුන් විකිනුවා නොකියා විකුනනවා නේද යන්න ගැනත් කාරනා මතුවෙනවා අනිවා තමා.

සයිබර් වීදි වලදි අපට සාලවතී, අම්බපාලී, අට්ඨකාසී, සිරිම ලා අද හමුවන්නේ නැහැ. ඒගොල්ල ඇත්තටම සසරින් එතෙර වෙලා වගේ. අම්මලා අක්කලා නංගිලාටත් එහා ගිය ලෝකයක් තමා මිළ අධික අභිසරු ලියන්ගේ පසුබිම. කෙලින්ම පශ්චාත් නූතන වෙළෙඳ ලෝකයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ලෝකයම සම්බන්ධ මහා ව්‍යවසායක අධිකාරියක් කිව්වොත් නිවැරදියි.
මේව නවත්වන්න සමාජවාදයට හැකිද යන්න හොයන්න ඇවිදින්න යන්න සයිබර් වීදි ඔස්සේ ඒ සමාජවාදය ගෑවුන රටවල අඳුරු සහ භූගත වීදිවලට. ඔබ මැතිවරණ පොරොන්දු වල සිට සිහින දකිනවානම් ඒ සිහින වලින් ඔබව පිබිදෙයි. එක එකාගේ සිහින ගැන සිහින දැකීම පැත්තකින් තියලා ඔබ තමන්ගේ සිහින දකින්න පටන් ගනී. ඒකත් මාර්ගයක් තමා. මිනිස්සු නිතරම දකින්නේ මහා පොරවල් දැකපු හීන දැකපු පරම්පරාවක හීන බව මේ මැතිවරණ සමයේ කවුදෝ ඉඳන් රහසින් කියනවා වගේ.


ජමගත් මාරසිංහ
04 09 2024


Powered by Blogger.