පශ්චාත් 80 දශකයේ ගණිත මානයේ
ඒවා අපි ඒ වෙලාවට බලා ගමු. මේ අද ආවේ කොළඹ කැම්පස් කොල්ලො තුන්දෙනෙක්. සියල්ල කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් කොළඹ කැම්පස් දයාපතිරණලා විතරක්නොවෙ රංජිදම්ලා විතරක් නොවේ ගෙවිඳුලා පුෂ්පෙලාත් සෙල්ලම් දමපු කාලය. පුෂ්පයා හැර අනිත් අය ගැන කුමට කියන්ද. තෙලෙක් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා කියන කස්ටියක් තමා අසූවේ කොළඹ කැම්පසයෙන් බිහි වුනේ. මා කොළඹවත් කිසිම කැම්පසයක් නොවේ. මාරස මාරසම තමා. අදත් හෙටත් මළත් මළාට පසුත් මාරස මාරස විනා කිසි දෙයක් නැහැ. නමුත් චලිතය අනිවා කියන කතන්දරය මාරස හිස් මුදුනේ තියා සිතනවා. නමුත් චලිතය අනිවා උනත් මේ අපේ පුෂ්පේට මාරයාව අමතක වුනේ නැහැ කවදාවත්. ඒකා සහ ඒකළා ඒ ඇයිද කියන කතාව කියපුවාවේ.
නුඹලා ආවේ එදා මැගසින් බන්ධනාගාරයේදී උඹලාට සමීප වූ මාරයාව බලන්න. මචන් මට මැරෙන්න තව ගොඩක් කල් තියනවා කිව්වා තොප. අප කාටත් එදා උන්ට වගේ මේ තියෙන්නේ අපේ ආණ්ඩුවක් නොවේ තමා. දාර්ශනික උත්තර නම් මාරස මතක වලට කුමට. කිසිත් අදාල නැත. ඒ අයත් භාවිතයෙයන් දේවල් තේරුන් ගනී මචන් කියන්නවත් ඒ අසූවේ කස්ටිය කැමති නැහැ. මොකද කැම්පස් වලින් කොළඹ දේශපාලනයි කියන කතන්දරය කවුරුත් දන්නවා. දෙබරයකට ගල් ගසන්න මාරස වන් කෙනෙක් කිසිදා කැමති නැහැ.
මට දැනුනා අපි කවුරුත් දැන් ඉන්නේ කියාගන්න බැරි අර්බුදයක කියලා. ඒක ලියන්න සාහිත්‍යක් අද ලංකාවේ නැහැ. කාරි නැහැ.මොනවා උනත් මාරයාව බලන්න ආපු ඒක ගැන කියන්න තියෙන්නේ ජයවේවා කියන භෞතික වචනයට වඩා නුඹලාට පිං කියන කතාවයි. ඒ පිංකියන කතාව තුති ියන තත්ත්වෙට අපේ කැපකිරීම් එන්න ඉස්සරනම් කම්කරුවන් දැන් මොක්කුද මන්දා කස්ටියක් බිහිවෙයිද කිසිත් ඇවැසි නැහැ මචන්
නුඹ දැකුමෙන් අප පින් කළ බව දැනුනී
නුඹලාව හිසේ තබන් මේ ගණිත ගීතය අසමින් නිදා ගමු මචන්. මොකද ගණිතයට භාෂාවක් නැහැ. ගණිතයේ භාෂාව තමා ගනිත භාෂාව.
ලව් තමා බන් පුෂ්පෙට. කෙලින්ම ගණිතෙන්ම ලව් බන්.
https://youtu.be/E2eVZFy9yzk
ජගත් මාරසිංහ
05 02 2025