දිලිහි දිලිහි ආකාසේ බැබලෙන මල් තාරකා වලින් ඔබ්බට!!!!!!

දිලිහි දිලිහි ආකාසේ  බැබලෙන මල් තාරකා වලින් ඔබ්බට!!!!!!

මට වඩා කැකිරාවේ අපේ හාමුදුරුවෝ වයසින් බාල උනාට ආධ්යාත්මිකත්වයෙන් උසස්.සෙල්ලන් නම් කරන්න එපා කියන්නේ නැහැ සයිමන් නවගත්තමගේගෙන් පස්සෙවත් අපට ලිංගික වචනයක්වත් කියන්න බැරි යුගයක තමා කේකේ සමන්, සිරිමල් විජේසිංහ, මා ඇතුලු තවත් කණ්ඩායමක් ඒක ඉදිරියට අරන් යන්නේ. අද ඒවා බිස්නස් වෙලා නිකන්ම නිකන් වෙලා. අවසානයේ සයිමන්ගේ සුද්දිලාගේ කතාවවත් බලපල්ලා අපට කුණුහරුප කියන්නේ කුමක්දැයි කියාපල්ලා.
කැකිරාවේ හාමුදුරුවන්ව නොවේ කාවවත් නග්ගන්නවත් මාරසට උවමනාවක් නැහැ. පෙර අසූව දශකයේදී අප බුදුණුවන්ගේ සැබෑව ගැන කතාකරපු දේවල් වලට එදා ආපු මර්ධනයට බය නැතිව දේශපාලනයට භික්ෂූන් වහන්සේලා ආවා විතරයි. නමුත් මාරසට නැත්නම් මාරයාට පේනවා ඒ තියන සැබෑ ත්රීපික ධර්මය ගැන කතා කරමින් ඒවායේ නියම වාක්යාර්ථය සම්බන්ධ අපේ කැකිරාවේ හාමුදුරුවෝ සාකච්ඡා වලදි ලස්සනට කතා කරනවා කියලා
.
නමුත් ඒ හාමුදුරුවන් වහන්සේත් ඒ පැත්තෙන් ගත්තොත් හේන්පිටගෙදර ඤාණසිහ හාමුදරුවන් සහ යක්කඩුවේ සැබෑ භික්ෂූන් වහන්සේලා වගේම පොරක් තමා. පශ්චාත් නූතන තත්ත්වයන් මැද කලාව මෙන්ම ධර්මයේ සහ දර්ශනයේ අපෝහකය නිසා තමා උන් වහන්සේව මට හමුවන්නේ.
මේ හාමුදුරුවෝ ගැන විවිධ කතා යනවා. ඒ සියල්ල විකාරයක්. නමුත් මුන් වහන්සේ දෙසාවධාරන නව දෘෂ්ටිකෝණ සම්බන්ධව ධර්ම සහ දේශපාලන කතන්දරත් මාක්ස්ගෙන්වත් බුදුනුවන්ගේවත්, තන්ත්ර යානයෙන්වත් ඒවා සම්බන්දව දුහුනෙක් වූ මාරසට කම් කිම්.
අපේ කැකිරාවේ හාමුදුරුවන් වහන්සේගේ බිය නැතිව මාධ්යයේ කතාකරන කතාව හෝ ඒවා කියා මාධ්ය පොරකට යනවා කියන කාරණය මාරසට කිසිසේත්ම අදාල නැහැ. අසූව දශකයේ නාමය කියන්නේ පැරණි ඉතිහාසය කුඩුකර ඉදිරියට සැබෑ ඉතිහාසය සොයා ගන්න තනන යුගයක ආරම්භයක් . ඉතිහාසයෙත් ගැටලු තියනවා. නමුත් මේ ලිපිය ප්රසශ්තියක් වගේ හිතෙන්න හැකියි. අදාල නැහැ අපේ හාමුදුරවනේ මේ ධම්ම පදයෙන් මේ ලිවීමට හොඳටෝම ඇති නේද. ඒකත් අපේ පාටකයන් විසින්ම සිතා ගනීවි.
*පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ
යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
(මේ කලහයෙහිදී අපි නැසෙමු’ යී කලහකාරී අන්යයෝ නො දන්නාහ. එහි යම් කෙනෙක් ‘අපි නැසෙමු’ යී දනිත් ද එයින් කලහයෝ සංහිඳෙත්.)
*ධම්ම පදය යමක වග්ගයනි.
මේ ඡායරූපය මේ ඊයේ පෙරේදා අපේ අළුත් ...................සහෘදයාගෙ එතන මාරයානම් ආවේ කලකිරීමකින්. මන්ද අභිධර්මයේද ත්රී පිටකයත් අත්හරන්න. මොන සෙක්ස්ද. ඒක නොතිබෙන්නේ කොහෙද? මේ පැරණි ළමාගීත වලත් තියෙන්නේ එකම තමා. නමුත් අසූව දශකයේ අපට ගැහැව්වේ අපි නිකන් පිම්පියා කියලා හිතාගෙන. නමුත් එකේ වැදත් කම වඩා තේරුන් ගත්තේ ගෝලීය ධනේශ්වරයේ වෙළඳ ප්රචාරන විදි වේදය.
දන්නා පමනින් ඒ ආනන්ද රාජකරුණා ශූරීන්ගේ මේ කවිය අහන්න හරියටම ඒකම එල්ල කරන්. පසුව ධම්ම පදයේ කවියත් අහන්න.
මාරස කවුරුත් වනන්නේ නැහැ. නමුත් මේ කැකිරාවේ හාමුදුරුවන්ගේ තිබි නව ආකල්ප වලට ප්රතිවිරෝධීන් වගයක් මාකට් හදන්න පිස්සු නටනවා. මතක තියාගත යුතු කාරණය වන්නේ මුල් ගල් ජ්යාතන්තරය හරා එල්ලලවෙද්දී අසූව අපි තමා කෙලින් ඇහැව්වේ ගෑනියෙකුට බුදුවෙන්න බැරිද , අරක්කු බොන්න අයිතියක් නැතිද, සරත්චන්ද්ර පොරක්ද වගේ ගොඩක් දේ. ඉන්නිපන් අපේ කැකිරාවේ හාමුදුරුවෝ කරණ වැඩේ ඉදිරියට මක් වෙයිද අපට කියන්න බැහැනේ. නමුත් මේ අවස්ථාවේ අප ඉතිරිකරපු දේවල රික්තකය ධර්මයෙන්ම පුරවන තැනට මම ආදරෙයි. ඒ කිව්වේ ඔබ කියන සැම තැනකටම මම එකඟයි කියන කතාව නොවේ. මහා භීක්ෂු සන්හතියෙන්ම විය යුත්තක් ඔබ වහන්සේ කරනවා කියන කතාව නිසයි
මතකයේ විදිහට සෘංගාර සාහිත්යයේ අද තියන තත්ත්වයන්ට වඩා එදා ස්රංගාර සාහිත්යයේ ජනවේදය තාම විශිෂ්ටයි. නව පරම්පරාවේ අළුත්ම වැඩ කොටසක් කරන සූරිය සිහබාහුගේ සෘංගාරාත්මක අවස්තාවක් තමා මාරසටම් මේ ඡායාරූපය. සූරියාගේ පොත හොඳයිද නැතිද යන කතාව කරයන විචාරයට මාරස අකමැතියි. කෙලින්ම සෘංගාර සාහිත්යයේ අද දේශපාලනය වටහා ගත හැකි පොතක් පමණක් නොව ඒ දේ ඉදිරියට අධ්යනය කරන පරම්පරාවක් සුළු මොහොතකට හරි දැක්ම ප්රියයි සිහභාහු.
ආදරෙයි කැකිරාවේ අමේ හාමුදුරුවනේ.
ජගත් මාරසිංහ
2025 02 22
Latest


Powered by Blogger.