ලාංක්ය දේශපාලන වීදි ආලෝක දඩයක්කාරයා අජිත් සෙනෙවිරත්න බව ආලෝකය දනී

               ලාංකේය දේශපාලන  වීදි   ආලෝක දඩයක්කාරයා අජිත් සෙනෙවිරත්න බව ආලෝක දනී


අජිත් සෙනෙවිරත්න යනු අසූව තෝරා ගැනීමෙන් පසු නව සංස්කෘතික දේශපාලන විභවයක බිහිවූ සනත් බාලසූරිය , මංජුල වෙඩිවර්ධනලා වූත් ඉන් පසු චින්තන ධර්මදාස නුවන් නයනජිත් එක සමානව රසික රංජිදලාගේත් කියන්නා අසූවට සාපේක්ෂව නවම නව පරපුරේ ඡායාරූප ශිල්පයේ නව මං සොයා ගිය මිනිහෙක්.
රාවය පත්තරය යනු කොටින්ම දේශපාලනයේ විලම්භීත සංස්කෘතීන් ජනතාව හමුවේ අයිවන්තැබූ එඩිතර පියවරකි. රාවය සඟරාව සහ පත්තරය සහ පොඩිඅතුල සහ ජවිපේ ගැන මාරස කතා නොකරන්නේ රාවයෙන් බිහිවූ මාර මාධ්‍ය
ය වේදී පොරවල් වලට අපහසයක් වන නිසා බව කෙලින්ම සටහන් කළ යුතුය.
නමුත් රාවයේ ආලෝක දඩයම් බොහෝය. නමුත් ජනතාව ඉන් නොහොත් මිනිසුන් ආදරය කළ ආලෝක දඩයක්කාරයා හෙවත් ඡායාරූප ශිල්පියා අජීත් සෙනෙවිරත්න බව නොකියා බැරිය. මන්ද මා බොරු කිව්වොත් සූර්යා සමඟ විරුද්ධ වී මාරස අනාත කරනවා ඇත. ආලෝකයේ අජිත් මාක්ස්වාදීව පිලිනොගන්නාවූ ආධ්
යාත්මිකයයි. නමුත් මනුෂ්යත්ය ගැන ආදරය කරන්නේ අසුවට පසු පරපුරයි. ඒ දමිලද සිංහලදැයි ඉමක් නොපැන්නුවේ ආලෝකය දඩයම් කරගන්නාවූ කැමරාව තමාය. නැත කැමරාව නොව කැමරාවෙන් රූ ගත කරන්නාවූ වස්තුව රසිකයා විඳින හැටි තමාය. අනික මෙතනදී අදාල වන්නේ ආලෝකයට දමිලද සිංහලද යන්නක් නැතිබවය. කොටින්ම පංති සටනද ආලෝකයට නැත. ඒවා ඇත්තේ නිර්මාණ ශිල්පියාගේ ඔලුවේය. ඒ ත්රාන්තික අදහස් නැති යුගයක අජිත්ගේ ඡායාරූප වල මානසිකත්වයේ ව්‌භේදයන්ද දේශපාලනික කැමරා කාචයට අසුකරගත් ආකාරය මරේ මරුය.
නමුත් සැබෑවනම් මාක්ස් වාදී චින්තනය ගැන එතරම් විශ්වාසයක් නොතිබුනානම් අජිත් මීටත් වඩා දුර ගමනක් කෙටි කාලයකින් යාමට තිබුනා අනිවාර්ය කියාය. නමුත් ආදරය සහ සාධාරණත්වයේ විභවය නිසාම අජිත් ඒ මාර්ගයට පිවිසුනා සේය.
අජිත් මාර ඡායාරූප ශිල්පියෙක් බව සාධනය වන්නේ මහ පාරේ ජීවිතය නිසාමය. මහපාරේ ජීවිතයට ආසාව මෝස්තරය වන විට මහා සාහිත්‍ය
ය කුල වලින් නිර්මිත වචනය බොහීමියන් ජීවිතයයි. ඊට පර්යාය වචනය අහිකුන්ටිකය. මැනික් චන්ද්රසාගරලාටත් වැරදී කළුදිය දහරටත් වැරදුන තැන නොව ඒ විචාරකයන් සිංහල බෞද්ධ කමට එපිටින් වෙන විචාරාත්මක ලෝකයක් ගියා තැන එතැනය.
නමුත් ඒ ප්
රංශ ආත්මය නිසා නිසා නිසා අජිත් සෙනෙවි රත්නයන්ද ඒ අදටද අප රටේ ඇති මහ වැලියටද නැති නෙරංජනාවක් සොයන විචාරයක කලාවක් තිබේ
ඉතිහාසයක් නැති රටේ එවන් බොහීමියන් නම් ලත් අල්පේක්ෂ සංස්කතීන්න් වලින් නිපන් කිසිත් ඩැහැ නොගෙන ආදරය වෙනුවෙන් කැමරාව මෙහෙය වූ අජිත්‌ සෙනෙවිරත්න ගැන ලියා තැබීම මාරයාගේ යුතුකමකි
කෙලින්ම කියන්නේනම් ඒ නිළියන්ගේ රූප ජංගි ඡායා ගෙනාවේ නැත. එවැනිම අදහස් වලින් යුගයේ සංකල්පනීය දේශපාලනය විකාර වන සේ ගත් එකද අයිතිවාසික ඡායාරූපයක්වත් මා දුටුවේ නැත
අජිත් සෙනෙවිරත්න යනු යුගයේ මහා විරෝධතාත්මක අදහස් ඇති ජාතික ඡායාරූප ශිලිපියා කියා මාරස නම් කරන්නේ කෙලින්ම අජිත් සෙනෙවි රත්නයන්ගේ සැබෑ ආලෝක දඩයම් වල තිබෙන පැරණි යථාව සහ නව යථාව සම්බන්ධව ගැටෙන මිනිසෙකුගේ ජවිතය තේරුන් ගැනීමට අජිත් සෙනෙවිරත්නගේ ඇස පමණක් ප්රමාණවත් නිසාය
නමුත් මාරසනම් දකින්නේ ඒකා වීදි ඡායාරූප ශිල්පියෙකුටත් වඩා එපිටිනි.
කෙලින් මාරස මාරයා මෙසේ කියමි.
ලාංකේය ඡායාරූප ශිල්පයේ අද්විතීය ශ්
රේණිගත මහා ආලෝක දඩයක්කාරයන්ගේ න්යාය ගත විද්වත් ආලෝකයෙන් නිපන් සාමාන්ය ලෝකයේ ආදරය දරා ගත් ආලෝක දඩයක්කාරයන්ගේ ආදරය දරා ගත් ඉන්ද්රනාත් තේනුවරලාගේ ආදර ආලෝකයට යටත් ආලෝකය හසුරුවන දඩයක්කාරයෙකු බව මාරයා හඟිම්...
මාක්ස්වාදය විසින් හෝ වමේ නිර්මිත අජිත් සහෘදයාගේ මනුෂත්වය අද්විතිකය. කාච විවරයේ සහ ද්වාර වේගයේ ඇත්තේ ආදරයේ ප්
රමාණත්වය පමණි. නමුත් ආලෝක දඩයමේදී මිනිසුන් නොව ඒ හදාරණන ශිෂ්යයන්ට අජිත් නැමැති ආලෝක දඩයක්කාරයාගෙන් ආලෝකය දේශපාලනය සහ ජීවිතයට බලපාන අයුරු ඉගෙන ගත්තානම් වඩා කාලෝචිය.
ජගත් මාරසිංහ
2025 07 30



Latest


Powered by Blogger.