බිකිනි සෙක්ස් ග්‍රහ පොරොන්දම
මාරස මෙගා ලිපි (i) කොටස.
කලින්ම කියා සිටින්නේ මාරස මාරයාගේ අත්දැකීමකි. අප කුඩා කාලයේ මීගමුව රීගල් සිනමා ශාලාවට ගියේ වැඩිහිටි ඥාතීන් කිහිප දෙනෙකු සමග චන්ඩාලි නම් සිංහල චිත්‍රපටය දැකීමටය. අපේ අක්කලානම් ඒ කාලේ ගැට කියන කාන්තාවන්ය. මට පුදුමය වූයේ චිත්‍රපටයත් වඩා පිටුපස සිනමාතිරයට වැටෙන ආලෝක හිල් ගැන බැලීමය. කොටින්ම චන්ඩාලී වචනයේ පරිසමාර්තයෙන් මාරස දර්ශනයේත්, ගණිතයේත්, කලාවේත් අවසානයේ දේශපාලනයේත් හිරකරුවෙක් විය. නමුත් ඒ ඒ කිසිවක් නිසා නොවේමය. ගැහැනු නිරුවත හරහාමය. ගැහැණිය යනු ස්වභාව ධර්මයම ලෙස මා රස පිළිගන්නේ නැත. මන්ද මාරස දකින්නේනම් ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් වහන්සේම තමා කියාමය. බුදුන් උපන්නේ ලංකාවේද උන්ගේ ගෙදරදැයි සොයා යන උනට බුදුන් හමුවෙන්නේ යූ ටියුබ් නාලිකාවක් කර කීයක් හෝ හොයා ගන්න උන්ටත් ඒවාට ගොස් සංකේත ප්‍රාග්ධනයෙන් මා දැන් පොරක් කියා සිටින්නවුන්ට පමණක් බව දැන ගන්නේ කවදාදැයි මාරස ලියන්නට යන්නේ මහා බුද්ධිමය කාරණයක් නිසා නොවේය ආතල් උනගේ ආතල් කඩා මාරසේත් ආතල් කඩා කඩාගන්නටය . පැවැත්මේ හරය ඇත්තේ ස්වභාවයාටය. ස්වභාවයාගේ සෘංගාරය සිහින කල්පිතයක් නොව ගැහැනියමය. දැන් ලෝකයම කාන්තාවන්ගේ බිකිනි ඇඳුමට ලොල්ය. පිරිමින්ට වඩා ගැහැනු ලොල්ය. ස්වභාවයාගේ බිකිනිය නම් මාරස නොනවතින ලිපි පෙළක මුල්ම සටහන මේක තමාය.පළමුවෙන්ම කියන්නේ බිකිනි ගැන දාර්ශනිකත්වය කියවන්න ඇවැසි සියල්ලම නූතන මේ මොහොතේ සිට එංගල්ස්ගේ නමින් ලියවුනත් අපට සිතෙනාපරිදි මාක්ස් එංගල්ස් යනු ද්විගටනාත්මක, ද්වන්දනාත්මක, අපෝහක, දයලෙක්තික්, නොව කුමණ අර්තයෙන් ගත්තද කාන්තා ශරීරය ස්වභාවයේ ප්‍රතිබිම්බයක් පමණි බවය. උනද කියා ඇත්තේ ඒකය. වික්ටෝරියන් සමාජක්‍රමය විසින් කරණ ලද කෙනෙහිලි කම් මැද 1946 ජූලි මාසයෙදී බිහිවූ බිකිනියෙන් පටන් ගෙන කාන්තාවගේ ස්වභාවික නිරුවතත් පිරිමින්ගේ මොළයේ තිබෙන සිතීමේ නිදහසත් ඒ අතරමැදි නපුංශකයන්ගේ ශරීරයේම ඇති නිදහසත් සකල දේ එකතු වූ වූ විට යම් රාජ්‍යක නිදහසත් හොයා බිකිනියේ ග්‍රහචාරය කතාකිරීමේ පළමු කොටස අවසානයි.( මේ සියල්ල අවසානයේ "බිකිනියේ ආශාව සහ දේශපාලනයේ ආශව සහ මායාව" යන මාරස දිගු ලිපිය ලියා අවසාන වනු ඇත")
ප්‍රංශ මෝටර් රථ ඉංජිනේරුවෙකු සහ ඇඳුම් නිර්මාණකරුවෙකු වූ ඔහු 1946 ජූලි මාසයේදී නවීන කෑලි දෙකේ බිකිනිය හඳුන්වා දුන්නේය. ඔහු බිකිනි සාප්පුවක් විවෘත කර ඉදිරි වසර 40 තුළ එය පවත්වාගෙන ගියේය.
රියර්ඩ් එහි මංගල ඉදිරිපත් කිරීමේදී ඔහුගේ මෝස්තරය ඇඳීමට නිරූපිකාවක් සොයන විට, සුපුරුදු නිරූපිකාවන් කිසිවෙකු එම ඇඳුම අඳින්නේ නැත, එබැවින් ඔහු එය නිරූපණය කිරීම සඳහා කැසිනෝ ඩි පැරිස් හි 19 හැවිරිදි නිරුවත් නර්තන ශිල්පිනියක් වන මිචලීන් බර්නාඩිනි කුලියට ගත්තේය. ඔහු 1946 ජූලි 5 වන දින පැරිසියේ ජනප්‍රිය මහජන තටාකයක් වූ පිස්සයින් මොලිටර් හිදී පැරිසියේ මාධ්‍ය සහ මහජනතාවට බිකිනි ලෙස නම් කළ ඔහුගේ නව පිහිනුම් ඇඳුම හඳුන්වා දුන්නේය. අවම වශයෙන් 1930 ගණන්වල සිට කෑලි දෙකේ පිහිනුම් ඇඳුම් ලබා ගත හැකිව තිබුණත්, රියඩ්ගේ බිකිනිය පළමු වරට පැළඳ සිටින අයගේ නාභිය නිරාවරණය වූ නිසා එය මතභේදාත්මක විය. මේ මාරස ලියන්නේ රළු පරිවර්තන තමාය. නමුත් අදහස විකෘති වී ඇතිනම් ඒ කම්කිම් කියනවාට වඩා කිම්ද වැලපෙන්නට කාරණා කියලා අසනවා කදිම බව මාරස මාරයා නොදන්නවා නොවේ.
පුරුෂයන්ගේ මනසටද ස්ත්රීන්ගේ ශරීරයටද නිදහසටද නැතිනම් අන්දෙයක්ද යන්න ග්‍රහචාරයෙන් සිතන්නට සහ ප්‍රශ්න කරන්නටත් හැකිය.
ජගත් මාරසිංහ
06 08 2025
https://jagathmarasinghe.wixsite.com/mare