මාරස හිසට දැනෙන්න හදවතේ සැබෑ රස්තියාදුව

 WEB_VIRITHA@MAARASA (මාරස හිසට දැනෙන්න හදවතේ සැබෑ රස්තියාදුව)

*************************************
සිතන මිනිහා ලෝකය ගැන සිතන්න ගත් තැනම වැරදුනා තමයි
*********************************************************


මාරස දන්නේ නැහැ මොකුත්. කොටින්ම හිරෙන් නිදහස්වෙලා අවා. රැඳවියෝ කියලා වසර දෙකක් ජේ ආර් ජයවර්ධන හිරේ තියාගත්තා තමයි. නමුත් ඒ වසර දෙකක කාලය ගැන මාරස ලියලා තියෙන්නේ පොඩ්ඩයි. නමුත් මම වසර දෙකක් හිරේ තියන් සිට ඒ වසර දෙකේම ගුරු වැටුප නොගෙවා මට වැටුපි ඒහාත නාව‌ඩු කාලයක් විදිහට අනුමත කළා. මාරස බලාපොරොත්තු වුන වීභහග සහතික ඉතින් ඒ අය ගාවම තියා ගත්තාවේ. මට ඒ මොහොතේ මා ආදරය කළ සව්මි සමග භිෂණය මැද්දේ නීතියෙන් විවාහ වුනේ ඒ කාලේ මැගසිමේ හිටපු ජවිපේ බණ්ඩාර තෙන්නකෝන් සහ තවත් අය කිව්ව ඒක වචනයක් නිසා. නුඹ දේශපාලනය නොකලට නුඹ දේශපාලනයට ආදරෙයි. ගිය ගමන් බැඳපන් කියලා. අනේ ඒ කාලේ මගේ පෙම්වතියගේ කකුල් මැඩලින් ගැහැව්ව වගේ උනත් මට ආදර වන්තියක් හමුවුනා. ඔය ආදරය ගැන කතාකරන්නටනම් ත්රන්තයට යන්න වෙනවා. නමුත් ඒකත් ‌ථේරවාදයටත් වඩා තර්කයක් පමණයි. සියල්ල විනාශ වුනත් නෙවේ අළුත් දේ පටන් ගත්තත් නොවේ මිනිස්සු විද්යාව භෞතිකය ගැන සිතන්න පටන්ගත් තැන සිට මාර වරදත් තමා. මොකා කිව්වත් ලෝකේ රේකීයත් නොවේ. වත්රත් නොවේ තමා. කොටින්ම මුල වැරදුනාම අග වරදිනවා. පිස්සුද ආතර් සී ක්ලාක්. මේ ලෝකේ චක්ක්ක්රීය විකාර වල පැටලිලා.
කෙසේ හෝ සියල්ල ආදරය විසින් විසඳුනා තමයි. ඉක්මනින් ගැහැනියක් සමග කසාද බැඳලා භීෂණය මැද්දේ මම ඒ ආදර වන්තියනිසා මධුසමය ගතකරන්නත් පුංචි රෝමයට ගියා. මීගමුව තානායමට.කිසිත් මට නිච්චි නැහැ. උදේ ඉතින් අර මොනවද දේවල් කළා තමා. බලාපොරොත්තුව තිබ්බේ මරණය. අපි දෙන්නා මීගමුව කළපුව දෙස බලා සිටින මහා පුටු දෙකක වාඩි වෙලා සිටියා. මට පේනවා මගේ තාත්තාත් රාජකාරි කරල තියන මීගමු හිරගෙදර ඔරලෝසු කනුව. සව්මිට මොකුත්ම කිව්වේ නැහැ. හැකි තරම් අහස හිස් කරල ඒ නිමේශයේ තිබ්බ පාල කැමරාවෙන් මාරස ඡායාරූපයක් ගත්තා. ඒක අද සියලු ජීවිතය කඩාකප්පල් වෙලා තිබින පොත් අතරින් හමු වුනා. කලු සුදු ගොඩ දාන්න දෙයක් නැහැ කියන්නේ ඇත්තක්. හැබැයි තාත්තවත් මගේ පෙම්වතියවත් ඒ දේශපාලනවත් මාරසට වැදගත් නැහැ. මාරසට ඊට පසුව ලැබූ ආදරයවත් මේ ඡායාරූපයෙන් කතා කරන්න බැහැ.ඒ හිසි අහස ගැන නොවේ ඒකත් නැති වුනානම් කියන ථේරවාදී දේ ගැනවත් කතා කරන්න බැහැ. නමුත් සතුටක් තියනවා. මේ ලෝකය සිතන්න පටන්ගත් තැන සිට වෙන තැනකින් සිතන්න පටන්ගත්තනම් මාරයි කියලා. අනේ ඒක හිතන්න පටන් ගත්ත ගමන් නිවන සතුට මරණය කියන සියල'ල මැකිලා යනවා අනිවා තමා. කෙනෙකුට කියන්න හැකියි ඒක රොමැන්ටික් කියලා. මාරසටනම් හිතෙන්නේ දිග පලල උස ත්රිමානය මාක්ස් වාදය අනිකුත් සියලු වාද මහා විකාර අන්දරයක් කියලයි. මාරසනම් ආදරය කරන්නේ මේ මහා දේවල් බොරු කියපු දේ අතරින් කිසිදා නොපෙනෙන දේට විතරයි. ආදරෙයි ප්රංචි රෝමහට නොව් මා දමාගිය තාත්තාට. මොනවටද රොමැන්ටික් මළ ගිය තාත්තේ. නුඹ හමුවුනත් ඒකයි නැතිවුනත් ඒකයි කියන කවි සියල්ල ජීවිතය තේරුන් ගත් තැන වරදින් ලියන දේවල්. අනේ මන්ද මනෝ. ඒව කාව්යද?
අපෝ ඔය කියන බුදුන්ලා සහ සියලු දේව වාඛ්ය කියන පරිදි දුකද සතුටක් සේ බක්ති විඳිය හැකි. සිතීමට පටන් ගත් තැනේ වරදක් නොව ඒ පටන් ගත් තැනේ මංම මලාවම වන්නේද නොවන්නේදැයි නොවන්නේය. පවතින බුද්ධ ත්රන්ත්ර හෝ මාක්ස් සහ ඊට සම්බන්ධ මේ පවතින සියල්ලන්ටම පිටින් තප්පරක් සිතන්න. ඒකට මාක්ස් වාදීන් කියයි සාර සංග්රහ වාදය කියලා. ඒ තමා භෞතිකයේත් ආධ්යාත්මිකත්වයේත් ඒ සම්බන්ධ බැඳී ඇති අන් න්යායාත්මක දේහිත් එකම සිතීම.
ජගත් මාරසිංහ
07 08 2025
Latest


Powered by Blogger.