මධු ලෝලත්වයෙන් අගතියක ගිය දිනයක මහා කම්මැලි කමක් දනුනි. මා සොයා ගියේ නව පරපුරක මිතුරෙකු වූ චින්තනගේ නිවසය. මතකයේ විදිහටම චින්තාගේ මව මිය ගිය අසන්න කාලයේය. ඒ මරණයද අපට කීවේ නැත. ඇය අපට යෙහෙලියක්ම විය. ඒ චින්තාගේ විදිහක් වුවද අපට ඇත්තේ අමනාපයකි
කට ගොන්නක් බීගන තුන්රෝද රතයකින් චින්තන ධර්මදාස සොයා මම ගියෙමි. චින්තා හැදූ බුදු මැදුර පෙනේ. තාත්තාගෙන් චින්තාව විමසුවෙමි. ගේට්ටුව වසාගෙන නැහැ කියන කතාව මට දිරෙව්වේ නැත. මම වීලයෙන් පැන ගේට්ටුව උඩින් පැන ගේ හැම තැනම චින්තා හෙව්වෙමි. මේ කාරනයේදී චින්තාගේ තාත්තාගේ මනසට ආ ආවේගය සිහිවූයේ දවසක් ගිය පසුවය. සියල්ලන්ටම වඩා අප දෙදෙනාගේ ගැටුමට අප කාලයේ අත්දැකීම් අනුව මම චින්තා සමග වලියක්ම බලාපොරොත්තු විය.
මසක් ගතවිය .චින්තා කතා නැත. යහලුවන් සමග මගේ පුචි ආයතනයේ මධු වමනය කළ විට චින්තා ඒවා අස් කරන ලද්දේ ස්වකීය අත්දෙකෙනි. මෙවන් මිතුරෙකුගේ දුරස්වීම මට දරන්නට අපහසුය. මම අමතක කරන්නට උත්සාහ කරමින් සිටින විට චින්තාගෙන් ඇමතුමක් ලැබුණි. ඒ වෙනත් සාහිත කරුණක් සදහාය. චින්තාට මා මහා වැරදි කරුවෙකු මෙන් මේ සිද්ධිය කීවෙමි. මම පුදුමටය පත්විය ඔහු කීවේ මෙපමණකි.
"ඒකට මොකටද බන් මම හොට දාන්නෙ මචන් උඹල දෙන්න එක වයසෙනේ. ඒක මට අදාල නැහැ. කවුද වැරදි කියා හොයන්නෙත් නැහැ. ඒක උඹල විසද ගනිල්ලා .
මම පිනා ගියෙමි
මා නව පරපුරක හෘද ශාක්ෂිය දුටවෙමි. මට චින්තාගේ පොත පත වලට වඩ වටිනා දේ කියන්නට තිබේ. මේ ලියන ලද මතකය දිගින් පලලින්කුඩාය. මාදන්නා ගණිතයෙන් ගණත්වයෙන් අති පුළුල්ය. මෙවන් හෘද ශාක්ෂි චින්තා තවම ලියන්නට පටන් ගෙන නැත. ඒවා ලස්සනට ලියන තෙක් අපද ජීවත් වේවායි පතමි. ඉන් අදහස් කරන ලද්දේ චින්තා මෙතෙක් ලියපුවා නරකය යන කතාවක් නොවන වගද කිව යුතුය. නමුත් මට දැනෙන්නේ චින්තා තවම තමන්ගේ ජීවිතයේ සැබෑ අත් දැකීම් ලියන්නට පටන්ගෙන නැති වගය. කවදා හෝ ලියන්නට පටන්ගත් දවසක බොහෝ දෙනාගේ හෘද ශාක්කි වලට කෙලවෙනු ඇත හිරු පායනු ඇත. නැත අපි හිරු පායනවායයි හිතනු ඇත. එහෙත් ඒ වචන කුමක් වුවද ආලෝකය පැමිණෙනු නියතය.
ජගත් මාරසිංහ
2 comments
කොච්චියා හට චින්තන ලියූ දෑ තාමත් මදිය. ඌ ඒ නොලියන්නේ ද research එකක් වෙනුවෙන් ද විය හැකිය. සෙක්ස් සම්බන්ධයෙන් චින්තා ගේ ලියමන උගේ කියවීමට වඩා ඈත යැයි කොච්චියා සිතන්නේය.
ela
තවත් සින්ඩියක් http://sithuwilisatahan.com