ඔයාටත් මටත් යන්න බැරි එක වෙනම කතාවක්!!!

   ඔයාටත් මටත් යන්න බැරි එක වෙනම කතාවක්!!!

මාරස සයිබර් රස්තියාදුවේ යන ගමනෙදි මේ ඡායාරූපයට ඇස හිටියා. නමුත් මාරස හොය හොයා ගියේ වයසක මිනිස්සුන්ගේ ආදරයේ ලිංගිකත්වය. නමුත් මේ ඡායාරූපයේ කිසිදු විස්තරයක් තිබුනේ නැහැ. නමුත් මාරසට වැදුනා තමා.

කෙලින්ම මුහුණ බොඳ වෙලා නොවේ ආලෝක දඩයක්කාරයා කරලාම තමා. වයසක පිරිමි අතක් තාරුණ්‍ය වගේ පේන ලඳක් කියන කතාව මුහුනෙනුත් පේනවා. ඔව් ඇගේ වත කමල පිස්සු හැදෙනවා වගේ තමා. අත් වලිනුත් ඒකිගේ යටින් තියන්නේ ඒකිගේ අත් තමා. ඡායාරූපයේ නම් ඉතින් උඩන් ඉන්නේ වයසක මිනිහෙක් කියන්න භාවිතා කරලා තියෙන්නේ තනිකරම තාක්ෂණික ආදරණීය සංකල්පීය දේවල්ම තමා. බලන්න ඒ මෘදු වයසට නොගිය ගැහැනියගේ තියන තාරුණ්‍ය ආදරයේ දැඩි භාවය සහ ඒ පිරිමියාගේ මෘදු බාවය. නමුත් ලස්සනම කතාව තමා ලිංගික ඡායාරූප කරණයේදී තරුණද වයසකද කියන කතාව නිකන් රැවුල් සුදු කරලා කොන්ද කුදු ගහලා වගේ ආටෝප සාටෝප වලින් පෙන්න්න හැකියි. නිකන් අර විකට රූප වගේ. නමුත් ආලේඛ්‍ය ඡායාරූප ශිල්පියෝ පෙන්වන්නේ කෙලින්ම ආලෝකයෙන්වත් විස්තර ප්‍රකාශනයකින්වත් හිතා ගන්න බැරි විදිහට. දැක්කා. වැදුනා තමා.

මන්දා මේ අපේ දුවද අක්කද කියලා. නැතිනම් අපේ ගෑනිද වෙන කවුද කියලා. දන්නෙ නැහැ උඩ ඉන්න වයසක මනුෂ්‍යා කවුද කියලා. නමුත් ඒ සියල්ල ලිංගිකත්වය තුල පවතින වල් කම් වලින් නොවේ සියල්ලෙන් හෝදා දානවා. නමුත් මේ ඡායාරූපයේ තියන ප්‍රතිභාව සිල්ලර ගති පරයා යනවා. කෙලින්ම අත් දෙකේ දහන් ගැටයෙන් අප් ඇස් අත් අඩංගුවට ගන්නවා. කොටින්ම මෙතන තියෙන්නේ පරිනත ආදරයක ලිංගිකත්වයේ ආදරයේ බුද්ධත්වය වගේ හැඟීමක් කියලත් කියන්න හැකියි. නමුත් ආලෝක දඩයක්කාරයා මොක කිව්වත් මුන් දෙන්නගේ ශක්තියනේ යකෝ ශක්තිය. අනේ මේකට කාච විවරය කොච්චර තිබ්බද මොන පිළ්ම්රෝලේ මොන ගතිකයද පාවිච්චි කළේ මේ දෙන්නා කවුද මොකක්ද මේ පොටෝව ගහන්න හේතුව කිසිත් අහන්න තැනකුත් නැහැ. අහන්න ඇවැසිත් නැහැ. ඔව් සමහර විට කෙනෙකුට හිතෙන්න හැකියි තමන්ව දරුකුසෛ් තැන්පත් වුනේ අම්ම තාත්තා මෙහෙම ඉන්නකොට කියලා. තමත් කෙනෙකුට හිතෙන්න හැකියි මම දරුවෙක් හදන්නේ කවද හරි මේ වගේ රූපාලෝකයක අනිමිසලෝචනයෙන් කියලා.

ඒ කිසිත් කාරියක් අදාල නැහැ නෙවේ අදාලයි. නමුත් කවුරුත් මතක තියාගන්නනවනම් මරු නේද ආලෝක දඩයක්කාරයෙක් කියන්නෙත් තවත් පැත්තකින් බුදු වූ වෙනත්ම මිනිසෙක් කියලා. ලොකු කැමරා තිබ්බ පලියට ආලෝකයෙන් සැබෑව දඩයම් කරන්න බැහැ. ඒත් හැකියි.

යනවනම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න
නුඹේ... මඟ දිග තුරු ලතා වල
මල් පිපී දැයි බලන්න
අපේ ආදර කථාවේ කෙටි
පටුන පෙති මත ලියන්න
පියුම් දහසක් පිපුණු පොකුණක්
හමුවුනොත් මඟ රැඳෙන්න
බඹර සමනළ මී මැසින් හට
සෙනෙහසේ කවි කියන්න
ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න

ගැයුම : කසුන් කල්හාර

https://youtu.be/b4STDPs6n7M

ජගත් මාරසිංහ

03 11 2024


Latest


Powered by Blogger.