ඩීල් කාරයෝ නොවන ආලෝක දඩයක්කාරයෝ

ඩීල් කාරයෝ නොවන ආලෝක දඩයක්කාරයෝ
මෙම ඡායාරූප දෙක යුරෝපයේ සහ දකුණු ආසියානු කලාප වල වීදි ඡායාරූප පිටු දෙකකින් මාරස සයිබර් රස්තියාදුවේදී අහුලාගන්නා ලදී. මෙවන් ඡායාරූප ඇස දුටු විට මාරසට සිහිවන්නේ 1990 දී පමණ මාරස ගත් විහාරමහාදේවි උද්යානයේ බංකුවක වාඩිවී සිටි පෙම් යුවලක් 2010 ද අන්තර් ජාලයට මුදා හැරි පසු සමහරක් රසිකයන්ගෙන් ලැබූණ ප්‍රතිචාර සම්බන්ධවය.
ඒක දැමූ විට එහි තිබි ප්රතිචාර වලට කෙටි උත්තර ලිවීමට ගියහොත් කුණුහරුප ලියන්නට සිදුවන නිසා මා ඔන්ලි මී කර නිකා සිටියෙමි. එහි මුහුණවල් පෙනුනේද නැත. අනික ඒ කාලයේ අපි මෙවන් දඩයම් වල මාධ්‍ය සදාචාරය දැනන් නොසිටියාද නොවේ. ඒ නිසාම එක්කෝ පොටෝ එක ගන්නට පෙර ගොස් අයියේ අපි පිටිපස්සෙන් ආලෝකයෙන් දඩයම් කරන්නට හැකියි කියා කියන අවස්ථාද නොතිබුනා නොවේ. තරමක් හොඳ ප්රචාරයට සුදුසු ඡායාරූපයක් ආනාවර්ණය වී තිබුනේනම් ඔවුන්ට ඒ පෙන්නා අවසර ගැනීමද සිදුවූයේ ඒ එසේ කළ හැකි මුල් අවධිය නිසාය. තව පැත්තකින් ගුටි කෑමට නියමිත බැවිනි.නමුත් අද තත්ත්වය වෙනස් වී ඇත. අද සදාචාරය වී තිබෙන්නේ හතරවටේම කැමරා බව නොදැන මෙසේ හැසිරෙන පෙම්වතුන් නොමැති නිසා වීමට පුළුවන.

වීදි ඡායාරූප ශිල්පියෝ මේ සදාචාර සහ නීතිමය ගැටලු මනාව දන්නේ අත්දැකීමෙනි.
වරක් ඒ කාලයේ කීයක් හරි හොයාගන්නට ඡායාරූපකරණය කරන අවස්ථාවක මගේ වැඩිමල් සහෝදරයාගේ ශ්රී රම්යාආයතනයේ ඡායාරූප ගත්තේ මාරසය. විදෙස් ගත කිරීමට නියමිත ගඩඩාකර තිබූ නිමි ඇඟලුම් තොගයක් පරීක්ෂා කිරීමට රේගුවේ ලොකුමහත්තයෙක් පැමිනෙන වෙලාවය. ඔහු ඇවිදින් ඒ කටයුත්ත පටන් ගත් විටම මාරස ආලෝක දඩයම කරන ලද්දේ ප්රසිද්ධියේම කැමරාව එල්ලා සිටින බව කවුරුත් දැක සිටි නිසාය. මම මගේ දඩයම කෙරුවාය. චටස් ගානවාත් සමග රේගු නිළධාරියා මහ හඬින් මම අත්සන් කරන්නේ නැහැ ඒ මොකක්ද කළේ කියා දත්විලිස්සමින් කෑ ගැසුවා මතකය. ඒ ඩීල් වල හැටි බව දැනගත්තේ පසුවය. මට කළ හැකි ගොඩක් දේ ඇතත් ආයතනයේ ගෞරවය වෘත්තීය ඡායාරූප ශිල්පියා රැග ගත යුතුය. ඩීල් නිශ්ප්රභා වන්නට මාරස කැමරාවේ දොරටුව විවර කළ රීල් ඒක ඇද ආලෝකයට විවර කළ පුලුස්සා දමා මේසය මත තබා පඩිපෙලෙන් බැස ගෙදර ගියාද මතකය. සහෝදරයා ලොක්කා සමග විත් මාරස ට මුදල් දුන් නමුත් ඒ ප්රතික්ක්ෂේප කරන ලද්දේ ආලෝක දඩයක්කාරයන්ගේ ගෞරවය ආරක්ෂාකර ගත යුතු නිසාය.
පසු කළක මධුලෝලත්වයේ සුන්දර ලෝකයෙන් මත්වී එකිනෙකා සමග තර්ක කිරීම සිරිතක් වී තිබුනාද මතකය. මේ තත්ත්වය පළමුව මාරස වටහාගත්තේ සිය කුඩා දරුවාගෙනි. එවැනි අවස්ථාවලට පෙරම පුතු කැමරා සඟවා ඇති තැන් පෙන්වන්නට විය. ඊට පසු ඒ ක්රියාව කරදරයක් නිසාම නවතා දමන්නට සිදුවිය. අතල් ඉක්මවා කිතල් වන විට කළ යුතු එකම දේ වන්නේ ඒකය. ක්රමයෙන් කාගෙන් සැඟවුනද කැමරා වලින් බේරීමට අද යුගයේනම් නොහැකි වී තිබේ.
හොරෙන් පොටෝ ගසනවා කියන පැපරාසියා වෙනම කැමරාකරුවෙකි. ඔවුන් රහසේ දඩයම් කරන්නේ ඩීල් දැමීමටය. සැබෑ ආලෝක දඩයක්කාරයා ඩීල් කාරයෙක් නොවන්නේය.
කෝකටත් සදාචාරයට බයක් ඇත්තෝ කැමරාවෙන් ආරක්ෂා වීමට පියවර ගන්නවාට වඩා වීදුරු ගෙවල්වල සිට ඇඳුම් මාරු නොකළානම් වටිනවාය. අදනම් අළුත් පරම්පරාවට කැමරාව ගානක්ම නැත. ලීක් නිල් සෙක්අඩවි වල සැරිසරණ ඇත්තෝනම් මේ බව ඉතා හොඳින් දන්නවාය. නමුත් මේවායේ සැරි සරන්නේ නැති අය ගැන කතා ඇසෙන විට සිහිවන්නේ නොමළ ගෙදරකින් අබ ඇටයක් හොයන කතාවම වන්නේය.
කෙසේ නමුත් විදේශීය නමගිය ඡායාරූප ශිල්පියෝ මේ ජෝඩු අරමුණු කර ඡායාරූප ගන්නවාටනම් අපේ ඇත්තෝ ඇත්තියෝ බොහෝම කැමති වාගේය. ඒකට කියන්නේ දීනකම කියලාය.
කවුරුන් කෙසේ කීවත් සැබෑ ආලෝක දඩයක්කාරයන්ගෙන් ගැලවීමට ලේසි පහසු නැත. සැබෑ ආලෝක දඩයක්කාරයන්ගේ වෙනස පවතින්නේ ඒ ඡායාරූපය ඩීල්ද, නැතිනම් කලාමත්මකද යන සැබෑ හැඟීමේ ඇති සුපිරිසිදු හදවත සමගය. කරුණු කෙසේ වුවත් සයිබර් වීදිවල රස්තියාදුවෙන විට රටක පලාතක සංස්කෘතික දේශපාලනයේ හැඩ රුව ඔස්සේ ඒ රටේ සමාජ සංකෘතික දේහය ගැන ලබාගත හැකි දැනුම ආලෝක දඩයක්කාරයාගේ පමණක් නොව සියදහස් ගනන් රසිකයන්ගේ මනදොල පිනවන්නේය. ඔවුන්ගේ බුද්ධියේ නිම්වලලුද පුළුල් වීම අනිවාර්ය. තමාගේ දඩයම පවතින තාක් කල් ඒ නොදුටු අනාගත රසිකයන්ට ඒ ඊටත් වඩා වැඩි ජවයකින් බලපානවා නියතය. අනාගත රසිකයාට ඒ ආලෝක මෙහෙයුම පුරා වෘත්තයක්ද වන බැවිනි. ආලෝකය යනු විශ්මිත තමාය. අපේ අතීත සූර්ය දඩයම්ද විශ්වය පුරා තවමත් නිසොල්මන්ව හොල්මන් කරනවා නියතය. නමුදු ඒවා ‌සොයා පෙරා ගන්නට තවම ඇත්තේ සූත්රගත දැනුම පමණි. අර සදාචාර වාදීන් නැති කාලයක ඒවා නිර්මානය වීමට හැකිබව කතාවට උනත් වැදගත්ය. මන්ද නැතිනම් සදාචාර වාදීන්ගේ ඉරනම ගැන කියන්නට චාලි චැප්ලින්ට තරම් දක්ෂතාවයක් අපට නැති නිසාය.
අඳුරකින් තොර ආලෝකයක් නැතිබවත් ආලෝකයෙන් තොරව අඳුරකුත් නැති බවත් උපන්දා පටන් අපට උගන්වන්නේ ස්වභාවයාය. වටිනාම දේ වන්නේ ඒබව සතුන්ද ගහකොළද දැනගෙන සිටීමය.
ජගත් මාරසිංහ


Powered by Blogger.