වීදියක් නොවන වීදි ආලෝකය
විකිපීඩියාව වීදි ඡායාරූපකරණය නිර්වචනය කරන්නේ "කලාව සඳහා සිදුකරන ලද ඡායාරූපකරණය හෝ මැදිහත් නොවන අහඹු හමුවීම් සහ අහඹු සිදුවීම්" ලෙසිනි.සාමාන්යයෙන්, වීදි ඡායාරූපකරණය යනු පොදු ස්ථානවල ජීවිතය අවංකව ග්රහණය කර ගැනීමයි. එහි නමට පටහැනිව, වීදි ඡායාරූපකරණය වීදිවල සිදු කළ යුතු නොවේ කිව්වත් සමහර ප්රවීනයෝ කියන්නේ ඔබට ඕනෑම තැනක වීදි ඡායාරූපකරණය කළ හැකි බවයි. එසේ පවසන
කැනඩා ඡායාරූප ශිල්පිනයක් වන එලිසෙබත් නිදසුනක් වශයෙන් මිසිසිපි කුඩා නගරයේ ජීවත්වන කාලයේ වෙරල තීරයක මේ ආලෝක දඩයම කදිමට කැමරාවට ගොදුරු කරගෙන තියනවා. දඩයමක් දඩයම් කරගෙන වගේ.
වීදි ආලෝක අහඹු සැකසුම් තම නිවසේ දොරමුල්ලෙත් තියෙන්න පුළුවන්. පරිකල්පනය ගැඹුරුනම් ඊට අනුරූපව වේගයෙන් සිතන්න පුළුවන්නම් ඇසත් ඒවටම සතත අභ්යාසයේ යෙදිල තියනවානම් ආලෝකය සහ කැමරාවේ කාර්මික සහ තාක්ෂණය සම්බන්ධව දැනුම පුළුල් නම් දකින හැම දසුනක්ම සැබෑ ඡායාරූප ශිල්පියෙකුට වීදියක් කරගන්නත් පුළුවන්. හැබැයි ඒ වීදිය ආලෝක වීදියක්. ඡායාරූප සමිබන්දව ඇත්ත වැඩ්ඩෙකුට ඕන ශානරයකින් ආලෝක දඩයම් කරන්නත් පුළුවන් තමා.
www.jagathmarasinghe.com
26 09 2022