*තවමත් අප හදගැස්මට නටන චිත්‍රසේනයෝ****

*තවමත් අප හදගැස්මට නටන චිත්රසේනයෝ****
ආලේඛ්ය ඡායාරූපකරණය (Portrait photography) කියන්නේ සෙල්ලමක් නොවන්නේය. විශිෂ්ට පුද්ගලයන්ගේ පමණක් නොව ඕනෑම මිනිසෙකුගේ හෝ ගැහැනියකගේ චරිත කතාව ලියා දක්වන ලේඛකයන් ඊට පිටුගණන් ලියා ඒත් ඉතිරිවන්නේ මම ඒ පුද්ගලායා ගැන නිවැරදිව රසිකයන්ට ඒත්තුයන්නට ලිව්වාද මෙන් හිස් තැනකි. චරිත කතා සිනමාවටද නගා තිබේ. ගාන්ධි සිනමාවට නැගූ රිචඩ් ඇටෙන්බරෝ නම් ගාන්ධිගේ නිවැරදි කතන්දරය ආධ්යාත්මිකව රසික අපට දීමට සමත් විය. ඔහුගේම සිනමා කෘතියක් වන චාලි චැප්ලින්ගේ චරිත කතාව නැරඹූ දිනයේ සිට මාරසට පිස්සු හැදී නැවතත් පිස්සු හැදුනා කිව්වොත් වරදක් නැත. චරිත කතාවක් කියවීමෙන් අප පුද්ගලයකු ගැන ලබා ගන්නා ආත්මීය චරිතයම සිනමාවෙන් ලබා ගන්නා එයම තප්පරයෙන් පංගුවකින් නිශ්චල ඡායාරූපයකින් ලබාගැනීම ආලේඛ්ය ඡායාරූපකරණයේ විශේෂිත විශ්මයක්ම වන්නේය. දෙවන ලෝක සංග්රාමයේ ඇති දැවැන්ත ඉක්මනින් කේන්ති යන මහා බ්රිතාන්යයේ නායකයා වූ වින්ස්ටන් චර්චිල්ගේ ආලේඛ්ය ඡායාරූපයක් ගත් යූසුෆ් කාර්ෂ් ( Yousuf Karsh) සම්බන්ධව මේ ඊයේ පෙරේදා දවසකද ඉන්ද්රනාත් තේනුවර සමග කතාබහකර ආලේඛ්ය ඡායාරූපකරණයේ විශේෂිත සංඥාවන් සම්බන්ධව ඉතා කෙටියෙන් බොහෝ දේ වින්දේය. ඒවා ලිවීම පසුවට තබා මේ ඡායාරූපය ගැන කතා කරන්නට සිතුවෙමි.
මෙය සැබෑ ආලේඛ්ය ඡායාරූපයකි. චිත්රසේන සහ වජිරා ගැන නොදන්නා සැබෑ රසිකයෙක් ලාංකේය පුරවැසියන් අතර සිටිය නොහැක. සම්ප්රධායික නැටුම් කලාව හදාරා නැවත ලාංකේය පොළවේ ගොඩනංවා ලංකේය සාම්ප්රධායික නිර්මාණාත්මක කලාව ජ්යාතන්තරයටම ඔසවා තැබූ චිත්රසේනයන්ගේ නැටීමට ඇති හැකියාව මේ ඡායාරූප ශිල්පියා සැලසුම් සහගතව තප්පරයෙන් පංගුවකින් දඩයම් කරගෙන ඇත්තේ ඔහුගේ ජීවියේ ආත්මයම සදහටම ඉතිහාසයට ඉතිරිකර තබමිනි. බලන්න පාද වල සිට බත්කෙන්ඩ හරහා මුහුන දක්වා ඒ නටන ගැම්මේ විශ්මිත බව මස්පිඩු එළිය සහ අඳුරින් කැටයම්වන ආකාරයෙන් ආලෝකය කළු සුදු ඡායාරූපයකට සරිලන පරිදි පාලනය කර අනාවරණය කරගත් අපූර්ත්වය. නැටුමේ රිද්මය, මුහුණේ ප්රීතිය, කොතරම් භාවමයද කියා. කළු සුදු ආලේඛ්ය ඡායාරූපකරණයේ මෙම ශිල්පියා ගැන වැඩි විස්තර ලිවීම පසුවට කල් තැබිය යුතු වීමට සිදුවී තිබේ. නමුත් නෘත්ය කලාවේදී ඒ චරිතයට කලාවේ බර විනා අන් කිසි පවුල් බරක්වත් ලෝකායත බරක් හෝ මරණාශ භියකින්වත් තොරව සැහැල්ලුවත් ඉන් නිපන් ශක්තියත් මේ ආලේඛ්ය ඡායාරූපයෙන් අපේ ලෝකය කම්පනයට පත් කර තිබේ. නැටුමේ සමබරතාවය යනු ජීවිතයේ ආධයාත්මිකත්වයේ ආදරයම වන්නේය. චිත්රසේනයන්ගේ නැටුම් කලාවේ සමබර තාවයද මින් විදයාමාන නොවන්නේද?
ආලේඛ්ය ඡායාරූපයක් යනු මිනිසෙකුගේ උඩුකය දැක්මේ විදිහටම ආලෝක දඩයමක් නොවන්නේමය. ඒ ජීවිතයක් විශ්වීයව කියවීමකි. සැබෑවටම විශ්මිත ආලෝක කියවීමකි. පැයගානක් නොව ජීවිත කාලයක් මිනිසෙකුව හදාරන්නට ඇවැසි දෙයක් ක්ෂණයෙන් ඉතිහාසයට එක්කර තැබීමට ආලේඛ්ය ඡායාරූප ශිල්පය සමත්වන්නේය. විල්සන් හෑගොඩයන් මේ සඳහා ලාංකේය ඡායාරූපකරණයට දායක කර දුන් බොහෝ දේ ලිවීමත් පසුවට කල් තබමි. එතෙක් මාරස මෙසේ කියමි. චිත්රසේනයානෙනි. ඔබ මිය ගොස් නැත. තවම අප දෙනෙත් ඉදිරි පිට අපව ජීවත් කරමින් නටනවා සේය. ඔබ නටන ඒ සංසාර නැටුම අපේ ජීවිතයේ සංසාරික රිද්මයන් පුබුදුකරනවා සේය. මේ ඡායාරූප ශිල්පියාවද කිසිදා කිසිවෙකුට අමතක කළ නොහැකි වනු ඇත.
www.jagathmarasinghe.com
28 09 2022


Powered by Blogger.