නොමියන හදවත් !!!

                                                                නොමියන හදවත් !!!

මාරස තාම ආදරය කරන්නේ කාටද කියලා විද්‍යාත්මකව කතා කිරීමටනම් මාරස දන්නේ නැහැ. නමුත් මොක්කුන්ද මන්දා කස්ටියක් ගැහැනු පිරම අපට හමුවෙනවා. උන්ගෙන් කීප දෙනෙක් අපට වදිනවා. ඒක කල්‍යාන මිත්‍රත්වයට ලගු කරන්න බැහැ. ඒක මහ දිග කතාවක්.
මේ මගේ ලොකු ඉතිහාසයක් සහිත මට වඩා බාල ඒ කාලේ ගෝලයෙක් කියන සම්ප්‍රධායේ මිත්‍රයෙක්. මොන ගුරුකම්වත් මොන ආධයාත්මික තත්ත්වයන්ටත් වඩා මාරසනම් ගරු කරන්නේ මිත්‍රයන්ට. නමුත් මේ උදිත පෙරේරා මැරිලා. ඒක දැනගත්තේ මම කල් පසුවෙලා. ආරංචිය හරියට ආවේ නැති උනත් මීයගිය දවසේ සිට දවස් තුනකට ආසන්න කාලයක මට ආරංචි උනා උදිත මල්ලියා මළා කියලා. 
මම හෙව්වා ද සොයිසා පුර වෙබ් එකෙනුත්. අටවන මොරටුව සුබෝධ බාලදක්ෂ කණ්ඩායම ගොඩ නගන්න පටන් ගත්තේ අපි දෙන්නා. ඒ කාලේ මොරටු පිළියන්දල බාලදක්ෂ දිස්ත්‍රික් කණ්ඩායම් සමග හැප්පෙනවා ලේසි නැහැ. මෙයාගේ සහයෝගය නිසා මා ඇතුළු අටවන මොරටුව බාලදක්ෂ කණ්ඩායම ගැන කෙලින් මම කියන කතාවෙන් වලකිනවා. ඒ විවෘත ආර්තිකය මැද්දේ ඒ  ද සොයිසාරාම අටවන මොරටුව බාලදක්ෂ කණ්ඩායමට විතරක් නොවේ ඒ ලමයින්ට දීපු මේ උදිත සර් දීපු දායාද ගොඩය.
මට මේ ආරංච්ය දුන්නේ ඒ කාලේ මේච්චල් කරන්න අමාරු චරිතයක් උන දුමින්ද රණසිංහ. මට මතකයි සයිකල් සවාරියක් ගිහින් දුමින්ද මගදි අපහු ගිහින්. වගකීමක්. මම මේකට බැනලා බයිසිකලේම ආපසු ඇරියා. නමුත් මගදි බස්එකක ගිහින් අතරමං උන නෙවේ අපව අතරමං කරපු මේකාව හොයාගෙන ආවා. අනේ කඳවුරු ජීවිතය නැමති පළමු සඟරාව ගහන්න ප්‍රින්ටින් සහය දුන්නෙත් උදිත.
මම යාලුවන්ට කියන්නේ මචන් පුතා හුත්තා වගේ දේ. නමුත් මේකාගේ ජීවිතේ අපි බාලදක්ෂ කණ්ඩායම කරණකොට මුලු සොයිසා පුරයම තාම අපේ තමා. නමුත් මේ ගෝලීය තත්ත්වයන් සමග මේ මලගම මට ආරංචි උනේ පෙරේදා විතර. කාරි නැහැ මචන්. ශුවිශේෂ කඳවුරු පවත්තන් යන විටත් නුඹේ හදවතේ වේදනාව පහකරන්න කඳවුරම මායාට බාර දීලා මීරිගම කානිවල් එකකට ගොස් නුඹේ හිත හදා ඉවර වෙලා තමා මාරයා කොළඹ පාසැල් වල ඉන්න තාත්තලාටත් හපන් දරුවන්ගේ වග කීම බාරගන්න ආවේ.
මචන් අපේ බාලදක්ෂ ආදරය නැති වුනේ නැහැ. අර දක්ෂ මේ දක්ෂ මගුලක් නැහැ ආදරය කියන්නේ ආදරය. නමුත් නුඹ මගෙන් වෙන් වුනේ මේ නුඹේ මරණයට පෙරයි මචන්.
ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ කියමින් මා ජවිපේ කිය මැගසිමේ සිට වසර දෙකකින් පමණ ගෙදර අවට පස්සේ නුඹ කතා කළේ මට ඈතින් සිට තමා. මාත් න්‍යායිකව තේරුන් ගත්තේ නුඹ මට මැරුනේ එදා කියලයි.
නැහැ මචන්. උදිත ඒ සියල්ල පරදා මේක ලියනකොටත් කඳුලු වැක්කෙරෙනවා. හිත හදා ගන්නවා නෙවේ. ද සොයිසා පුරයේ අද වැජබෙන වැඩිහිටි පරම්පරාව දන්නවා අනිවා අටවන මොරටුව සුභෝධ කණ්ඩායම කරපු සේවය කුමක්ද කියලා.
ඉතින් උදිත මල්ලියෝ, ගෝලයෝ, හිත හොඳ මිනිහෝ. මම නුඹට කළ සේවයටත් වඩා නුඹයි මමයි ස්කව්ටින් නාමයෙන් ලෝකයට කළ සේවයටත් වඩා නුම මට කළ මනුෂ්‍යත්වයේ උදව් මට තාම මතකයි මචන්. ඒ ටික අමතක වන්නේ මා මළදාට පමණයි.
ආදරෙයි මචන්.
ඉතින් අපි දෙන්නා හැමදාම කඳවුරක ගිණිමැලයේ ගිනිදලු නැග ඒතී සින්දුවට ආසයි නේද?
https://youtu.be/N4hVouXrHTo

ජගත් මාරසිංහ
06 03 2025






Latest


Powered by Blogger.