විද්‍යාවේ වානිජ පිස්සු අර්ධයට හේතුවාදයෙන්ම පිළිතුරු නැත්තාම නොවන්නේය

විද්‍යාවේ වානිජ පිස්සු අර්ධයට හේතුවාදයෙන්ම පිළිතුරු නැත්තාම නොවන්නේය


මම මගේ මිතුරියකගේ පියා වෙනුවෙන් මා මගේ නම යෝජනා කළෙමි. දැන් ලොකු ප්‍රශ්නයක් නැත. ජනක ජයසිංහයා කීවේ සයිමන් නවගත්තේගමයන්ගේ නම දරරුවන්ට දුන් අවස්ථා බොහෝ කියාය. කිසිවෙක් අවජාතක විය යුතු නැත. සැබෑවටම මා නම දුන්නේනම් ඒ ආදරය නිසාමය. ආදරයේ දිග පළළ සෙවීමට විද්‍යාත්මක මිනුම් දඬු නැත. ජාන තාක්ෂණයත් පවතින්නේ තාම ළදරු අවධියකය. නැතිනම් සියලු දරුවන් තමන්ගේ ලේ තාත්තා සොයනු නියතය. නමුත් සොයන්නෙ නැත්තේ විද්‍යාවට තවම සම්ප්‍රධාය එකඟ නැති බැවින්ය.
 1985 වගේ කාලයක මා පරවේණිය නටා කාලෝ පොන්සේකාට ලිපියක් දැමුවේ කොවුර් සම්බන්ධව නාටයක් කිරීමට මට ඇවැසි බව කියාය. ඒ ි ලිපි තවමත් මාරයා සතුව තිබේ. කාලෝ මට ලිපියක් එව්වේය. එහි තිබුණේ අහවල් දවසේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේදී අහවල් වේලාවේ හමුවිය හැකි බවය.මම ගියෙමි. එහි ඇතුලට රිංගන්නට බලා සිටි කේකේ සමන් හෙවත් සර්පයා සමග තවත් පිරිසක් එලියේ සිටියා මතකය. ඒ සර්පයාට නිසිලෙස මතක ඇති බව දනිම්.
කෙසේ හෝ අද මා දකින දර්ශනික කාරණා සහ ධර්ම කාරණා සමග කාලෝ සහ කොවූර් සමග ගැටුම් බොහෝය. නමුදු, එයාලාද යුග මෙහෙවරකට උර දුන් නිර්මාණාත්මක හෝ නොවන නමුත් සමූහයක් වෙනස් කළ මිනිසුන්ම වන්නේය. එදා කොවූර් ගැන කතා කරන විට කාලෝ පොන්සේකා තමන්ගේ මහාචාර්ය පුටුවටද නැග්ගේය. මේසයටද නොනැග්ගා නොවේ. 
අද මින් මතු කරන්නේ එක් කාරණයක් පමණි. අක්කා කොවුර් වනාහී කොවුර්ගේ බිරිඳය. නමුත් යාපනය මධ්‍ය විද්‍යාලයක දේශනයකට කොවුර්ටත් කාලෝටත් නියමිතව තිබිනි. යන්නේ ගුවන් යානයකිනි. මෙහිදී කාලෝ කොවුර්ට කිව ඇත්තේ අක්කා කොවුර් කොළඹ මහ රෝහලේ නිසා මේ ගමන කල් දමමු කියාය. එවිට කොවූර් කියා ඇත්තේ මම වෛද්‍ය වරයෙක් නොවේ. මම හෙදකම් ගැනද එතරම් දන්නේ නැත . නමුත් ආදරය ගැන දනිමි. ඒ බව අක්කා කොවුර්ද දන්නා බව දනිමි. ඇයගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව උසස්ම මිනිසුන් සමග ඇය සිටින්නීය. ප්‍රතිකාරද එසේය. අපි කිසිදු බයක් නැතිව යාපනය විශ්ව විද්‍යාලයේ ඒ කටයුත්ත කරමු කියාය. ඒවානම් හේතු වාදය නොව වෙනත් මොනවාදෝ තව සැඟවී ඇති කතාය. කෙසේ හෝ ඒ ගමනේ තව කතන්දර බොහෝය මේ සටහනට ඒවා ලිවීම මග හරිමි.
මා නම්දුන් දරුවෙකු වෙතොත් ඒ මගේ දරුවාද නැතිද කියා තිරණ්‍ය කිරීමට ජාන තාක්ෂණයද ප්‍රමාණවත් නැත. ඊට ප්‍රධාන වන්නේ දරුවාගේ අම්මාගේ කට වචනය පමණි. නමුත් මට මීගමුව මහ රෝහලෙන් ඇරයුමක් ලැබුනේ එයාලාව හමුවෙන ලෙසය. මේවානම් බයිලාය. කුමණ කුණුහරුප කතාකරන්නට වේදැයි මාරස දන්නේ නැත. මාරස යමි නොව යමු. මානසික වෛද්‍ය ප්‍රශ්න වලට අහන්නේ එක වදනක් පමණි. ඔයාලා මානසික වෛද්‍ය ක්‍රමයෙන් වෙදකම් කර ඒ බෙහෙත් පත්තියම් වූ සහ නොවූ අයගේ සංඛ්‍යා ලේඛන තිබේද කියා පමණි.  
සියලු වෛද්‍ය වරුන්ට පවසන්නට ඇත්තේ බොහෝ පරිස්සමින් වැඩ කරන්නට කියාය. මානව අයිතිවාසිකම් යටතේ බෙහෙත් ගැනීම ප්‍රතික්ෂේප කළ හැක. මේ පිස්සු විකාර වලට මග වියදම් ආණ්ඩුවෙන් ගෙවන්නේද නැත. ආතල් එකට මාරස කවදත් කැමතිය. නඩු යනු තවත් ආතල් වැඩකි. ගැටලුවක් ඉන් කෙලවල් වන්නේනම් මාරය. 
කාලේ සහ කොවුර් සමග යම් යම් ගැටලු ඇතත් තොපත් එක් යුගයක මාර පොරවල්ය. ඉන් හානියක් උනද නැතිද සිතීමේ කලාවේ යම් මාගලක් තොප දෙදෙනාද දිග හැරි බව සැබෑවක්ය. 
ආදරය කියමින් නවතින්නේ නුතන දොස්තරලා සහ හෙද හෙදියන්ටද පරිස්සමින් කියමිනි. මන්ද තොපලාගේ තිරණ වලටද විරුද්ධ යා හැකි මං පෙත් සරළව හෝ අද දිග හැරී තිබෙන බැවින.
ජගත් මාරසිංහ
06 01 2024

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.