ආයු රඛ්ඛන්තු ආවඩා…..

                                              ආයු රඛ්ඛන්තු ආවඩා…..

      ඒ් 2009  කාලයයි. මගේ ජීවිතයේ විකාරයක් වූ අවධියයි.මට මාර නඩුවක් වැටිනි. ඒ එසේ  මෙසේ  නඩුවක් නොව කෙලින්ම මහා අවනඩුවකි. ඒ සම්බන්ධව මාරස කිසිත් නොකියමි මන්ද නීතිමය තත්ත්වයන් සම්බන්ධව උසාවියෙන් පිට කතා නොකිරීමට මාරස නීති ගරුක නිසාය.

     කෙසේ හො මා අන්ත අසරණ වූ මොහොතකමය එකල ලේක් හවුසියේ රෝහණ හෙට්ටි ආරච්චි මහතා මගිනුත් චම්පිපික රණවක මගිනුත් මට මාර නීතිවේදියෙකු හමුවිය. මාව කාරයේ නංවා කිසිදු නඩු මගක් නැතිව  ප්‍රශ්නය දූරිභූත කර දැම්මේය. සැබෑ නීති වේදීන්ට පොලීසියද බිය බව මම දැන ගත්තේ එදාය. ඒකා කතා කරන ලද්දේ මා සමග නීතිය නොව කලාවය ගීතයය ගීත ගයමින් මගේ ප්‍රශ්නය විසඳා දුන්නේ මහා ප්‍රසන්න ආකාරයකින්මය. පසු දිනක මේකා මා හමුවන්නට පැමිනුනේ සෙල්ලම් බඩුවක් සමග නොවේමය. ඒ අපේ මහා මහිමයක්වන් රත්නශ්‍රී විජේසිංහ සමගය. මම රත්නේ කවිය ගැන රත්නශ්‍රීගෙන් විමසුවා මතකය. ඒ සමගම දුලක්ෂී නැමති නිතිවේදිනිය මා හඳුනා ගත්තේය. ඇය මගේ ආවේගයන් නිකන්ම නිකන් විකාර බව කියා දුන්නා මතකය.

    දවසක් මා සුගත් හඳුන්ගේ සමග මොරටුවට වාහනයෙන් යන විටදී අනතුරක් වෙන්නට ඔන්න මෙන්න අවස්ථාවක් ඇති විය. ඒකා ඒක ‌බේරාගෙන මට කීවේ මාරේ මට නීතියෙන් උත්තර ඇතත් ඒ අවස්ථාවේ මා ජීවිත ‌බේරාගත යුතු බවය. ක්ෂණයක් ගියේ නැත. ඒකාගේ ගායනය පටන් ගත්තා මතකය. ගීත ගයන නීතියද දත් සුදත් හඳුන්ගේගේ ජීවිතයේ අවසානය දේශපාලන ගමනක්ම වන්නේය. කිසිවෙක්‍‍‍‍‍‍‍ට මේච්චල් කළ නොහැකි ඔහු එයාගේ ගමන යනවා නියතය. කෙසේ හෝ  ළබැඳිසබැඳි මගේ මිතුරාට මම ආදරය කරමි. මේකුන් නම් රාජ්‍ය පාලනයේ ලොකු පුවුවල හිඳ ගත යුතු අවංක මිනිසුන් බව මාරස නොබියව කියමු

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා… රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා... චිරන් ජීවතු... චිරන් ජීවතු... ආයු රඛ්ඛන්තු ආවඩා….. පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා.. චිරන් ජීවතු... චිරන් ජීවතු... ආයු රඛ්ඛන්තු ආවඩා….. රට රකින ජීවිත රකින.....

https://youtu.be/SRl1itdQYwg

https://jagathmarasinghe.wixsite.com/mare

ජගත් මාරසිංහ‍

 13 01 2224


Powered by Blogger.