"කාන්තාවන් ලස්සනයි"
(සයිබර් රස්තියාදුවේදී වීදි ආලෝක දඩයක්කාර ගැරී විනොග්රෑන්ඩ් ගේ කුටියට යතුරු හිලෙන් එබී බැලූ වගයි)
ගැරී විනොග්රෑන්ඩ් නවීන ජීවිතයේ දෘශ්‍ය ස්වභාවයෝ නිර්දය ලෙස ඡායාරූප ගත කළේය, ඡායාරූපකරණයේ නව යුගයක් නිර්වචනය කිරීමට ඔහුට උපකාරී වූ සංකීර්ණ, ජවසම්පන්න රූප නිර්මාණය කළේය. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ජීවත් වූ සහ වැඩ කළ නිව් යෝර්ක් හි උපත ලැබූ විනෝග්රෑන්ඩ් බොහෝ විට නගර වීදි ඡායාරූප ගත කර තිබේ, මහජන ජීවිතයේ ආතතිය සහ උද්යෝගිමත් බව ඔහු ආලෝකයෙන් දඩයම් කර තිබේ. ඔහුගේ සුප්‍රසිද්ධ කතා මාලාව, පොතක් ලෙස ලියා පලකර තිබේ. "කාන්තාවන් ලස්සනයි"යන ඒ පොත ප්රකෝපකාරී ලෙස විනෝග්රෑන්ඩ් වීදියේදී හමු වූ කාන්තාවන් ඉදිරිපත් ඉදිරිපත් කර ඇති බව ලියවී ඇති බවද විනෝන් ගැන විචාරයන්හි සඳහන්ය. සයිබර් වීදි රස්තියාදුවේදි මාරසට ඇස ගැසුන ඇස හිටි කාන්තා ඡායාරූප නිසා රස්තියාදු මාර්ගය වෙනස්කර විනොග්රෑන්ඩ් ශානරය සොයා මාරස ගමන් කරන සඳ කාන්තාවන් ලස්සන හැබැහින්ටත් වඩා ප්‍රවීණ ආලෝක දඩයක්කාරයෙකුගේ ඇසක් ඔස්සේ රසික ඇස ක්‍රියාත්මක වන කල්හි නොවේදැයි සිතෙන්නට විය. මේ වීදි ඡායාරූපය ඔහුගේ විනෝග්රෑන්ඩ් වීදියකදී කරණ ලද කන්තාවකගේ ලස්සන ඡායාරූපයක් ලෙස අන්තර් ජාලයේද නමක් දිනාගෙන ඇති බව සැබෑවකි.
ගැරී විනොග්රෑන්ඩ් නවීන ජීවිතයේ දෘශ්‍ය ස්වභාවයෝ නිර්දය ලෙස ඡායාරූප ගත කළේය, ඡායාරූපකරණයේ නව යුගයක් නිර්වචනය කිරීමට ඔහුට උපකාරී වූ සංකීර්ණ, ජවසම්පන්න රූප නිර්මාණය කළේය. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ජීවත් වූ සහ වැඩ කළ නිව් යෝර්ක් හි උපත ලැබූ විනෝග්රෑන්ඩ් බොහෝ විට නගර වීදි ඡායාරූප ගත කර තිබේ, මහජන ජීවිතයේ ආතතිය සහ උද්යෝගිමත් බව ඔහු ආලෝකයෙන් දඩයම් කර තිබේ. ඔහුගේ සුප්‍රසිද්ධ කතා මාලාව, පොතක් ලෙස ලියා පලකර තිබේ. "කාන්තාවන් ලස්සනයි"යන ඒ පොත ප්රකෝපකාරී ලෙස විනෝග්රෑන්ඩ් වීදියේදී හමු වූ කාන්තාවන් ඉදිරිපත් ඉදිරිපත් කර ඇති බවද ලියැවී තිබේ. සයිබර් වීදි රස්තියාදුවේදි මාරසට ඇස ගැසුන ඇස හිටි කාන්තා ඡායාරූප කීපයක විශේෂයක් නිසා අන්තර් ජාලයේ රස්තියාදු වෙමිනිසිටි මාර්ගය වෙනස්කර විනොග්රෑන්ඩ් ශානරය සොයා මාරස ගමන් කරන්න්න විය. කාන්තාවන් ලස්සන හැබැහින්ටත් වඩා ප්‍රවීණ ආලෝක දඩයක්කාරයෙකුගේ ඇසක් ඔස්සේ රසික ඇස ක්‍රියාත්මක වන කල්හි නොවේදැයි මාරස සිතාසිටි අයුරු සැබෑවක් බව තවදුරටත් තහවුරු විය. මේ වීදි ඡායාරූපය විනෝග්රෑන්ඩ් වීදියකදී දඩයම් කරන ලද කලු සුදු ආළෝක දඩයමකි.
වරක් උපදේශන කතිකාවකට මාරස උපේකාවට පැමිනි සේවා දායකයෙක් මෙම බ්ලොග් කරුට කනස්සල්ලෙන් පැවසුවේ තමන්ගේ ආදර සහකාරිය දැන් ඉස්සර වගේ ලස්සනට ඉන්නේ නැති වගය. මාරස විසින් ඔහුට පෙරලා කීවේ සාමාන්‍යයෙන් ඉන්න විදියේ ලස්සන තමුන්ට දකින්න බැරිනම් කාන්තා දාෂ්‍ය රූප ගැන පරිනතවීදි ආලෝක දඩයක්කාකාරයෙකු ඒ කටයුත්ත පවරන්න කියාය. ඔහුගේ ඡායාරූප දුටු විට අන්තිමට ඔබට ඊර්ෂියා හිතෙයි කියාද කිව්වා මතකයේ තිබේ. ලස්සන තිබෙන්නේ රසික ඇස් වල විනා කාන්තාවකගේ ඇඳුමේ, වයසේ, දේහ ලක්ෂණ වල නොවේ යන්න වීදි ඡායාරූප රස විඳීමෙන් ඔබටත් අවබෝධ කරගත හැකි වනු ඇත. එසේ අවබෝධ කරගෙන ඔබ මහමග යන විට දෘෂ්‍යමය වශයෙන්ව වීදි අවකාශයද අන්තඃපුරයක් මෙන් දැනෙන්නට ගන්නටද ඉඩ තිබේ. භෞතික කාමයෙන් කාන්තාව දැක ඇති මිනිසාට ආධ්‍යාත්මිකව ගැහැනියව දක්නට ලැබීම ලේසි පහසු කටයුත්තක් නොවන්නේය. මෙහි ඇති දේශපාලනික ආධ්‍යාත්මික සංහිඳියාව ලියන්නට මේ බ්ලොග් සටහන තරම් නොවන නිසා එය පසුලිපියකට කල් තබන්නේ සිතකින් නොවේය.
වීදියඡායාරූපකරණයගේ සොයාගැනීම අයිති වන්නේද පැරණි සම්ප්‍රධායික ඡායාරූප කරණයටමය. වීදි ඡායාරූප ශිල්පියෙකුට, වීදිය යනු හැකියාවන්ගෙන් පිරුණු වේදිකාවක් වැනිය, ෂටරය ඔබන තෙක් කස්ටිය නොදනී. එය පහසු බව පෙනේ. බොහෝ අය සිතන්නේ එය දෛනික ජීවිතය ග්‍රහණය කර ගැනීම සඳහා නියම වේලාවට නියමිත ස්ථානයේ සිටීම ප්‍රමාණවත් කියාය. නමුත් මෙය නිසැකවම ප්‍රයෝජනවත් වන තරමට, මෙහි හෝ එහි වාසනාවන්ත වෙඩි තැබීමක් පවා ඔබව විශිෂ්ට වීදි ඡායාරූප ශිල්පියෙකු බවට පත් නොකරනු ඇත. ප්‍රසිද්ධ වීදි ඡායාරූප ශිල්පීන් ඔබේ සාමාන්‍ය ඡායාරූප ශිල්පීන්ගෙන් වෙන් කරන්නේ මෙතනදී බව විනෝග්රෑන්ඩ් ද පවසා තිබේ.
කාන්තාවකගේ ආධ්‍යාත්මය තුළින් පිරිමි ඇසද ඩෑහැගනිමින් ඔහුගේ ආලෝක දඩයක්කාරයන්ගේ ෂටරය ක්‍රියාත්මක වන ආකාරය තප්පරයෙන් පංගුවකින් අපට සිතිය නොහැක. තප්පරයෙන් පංගුවකින් වීදි ඡායාරූප ශිල්පියෙකුගෙන් මතුවන ඒ අසුරුසැන ගැන විඳීය හැකි ආකාර පොතකටද ප්‍රමාණවත් නැත්තා සේය. ජීවිතයටනම් ප්‍රමාණවත් බව දැනේ. ඔබද වීදි ඡායාරූප රසිකයෙක් වෙන්න. ලොකයේ කොතැනක සිටියත් ඔබට ආලෝක දඩයක්කාරයන්ගේ ඇසින් ලෝකය පෙනෙන්නට ආසන්න වෙනවා ඇත. ඔබ නොදැනුවත්ව මහමගද ලෝකයද ඔබට සුන්දර භාවනාවක් සේ දැනෙනවා ඇත.
මෙජගත් මාරසිංහ
25 12 2024
https://jagathmarasinghe.wixsite.com/mare