මාරසටත් නත්තල් (ii) සුගතපාලද සිල්වා සමග අන්තිම භෝජන සංග්‍රහය

                      මාරසටත් නත්තල් (ii)

               සුගතපාලද සිල්වා සමග අන්තිම භෝජන සංග්‍රහය

‌ෙ

දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාළ මී ගමුවේ
මුවෙක් පැන්නයි
සබරගමුවේ...

අනේ දුන්න දුනුගමුවේ කියන කතන්දරයවත් දන්නේ නැති කාලයක් වූ මාරසට සාපේක්ෂකව අක්කලා අයියලා සුගතපාලදයන්ද සේකරයන්ද උඩ තබා අදහන කාලයක මාරයා නොහොත් මාරසද ජීවත් වී තිබේ. මතකයේ විදිහට සෝවියට් සංස්කෘතික මන්දිරයේ මීර් ශාලාවේ තිබි රංජිත් ධර්මකීර්තිගේ නාට්‍ය වැඩ මුලුවකට මාව තෝරා ගත්තේය. නමුත් එදා සරත්චන්ද්‍රයන්ලා සහ සුගතපාලද සිල්වා දක්වා ප්‍රවීන නාට්‍ය වේදීන්ගෙන් අපට දුන් ජවය කාට අමතක වී තිබ්බත් මාරයා මෙන්ම ඉන් නොනැවතුන විශේෂිතව ජීවිතය රංගනය කරගත් කිසිවෙකුට අමතක වී තිබේනම් උන් ජීවතුන් අතර මැරිලා විතරයි කියා කිව යුත්තේය.

              එදා සිට සුගතපාලද සිල්වාගේ නාටක නොව ඒ කාගේ රංග වින්‍යාෂය සොයන්නට පිස්සුවක් නොතිබුනො නොවන්නේය. ඉතින් මීර් හෝල් ඒකේදී නාට්‍ය අධ්‍යක්ෂනය සම්බන්ධව සුගත් අයියා නොව මට අනුව සර් දේශනයක් කරන ලද්දේ සොඳුරු සොඳුරු ආඤ්ඤාදායකයා ලියන්නටත් කලින්ය. අනේ එදා මටනම් වයස මතක නැත. ඒ කොල්ලා කාලයේය. 20ක් විතරයි කියන්නේ මගේ අරහත් බාවයට නොව කාලය පාටකයාට තේරුම් ගැනීම සඳහා වන්නේය.

නමුත් සුගත් සර් දින දෙකක් පැය දෙකහමාරක් හේ තුනක් පමණ කළ වේදිකාව හැසිරවීම ගැන ඒ මොහොතට වැදගත් වන චරිතය දෙබන් කියන චරිතය සහ රංග ත්‍රීකෝණය සම්බන්ධව මාර දේවල් කිව්වා නොව් අපට සොයාගන්නට අත්වැලක් සැපයූවා සේය. එක් අවස්ථාවක සියල්ලන්ටම නිදාගන්න කියා එක් කෙනෙකුට නැගිටින්න කියා නැගිට සිටින පුද්ගලයාගේ කැපී පෙනෙන වේදිකා පරිපාලනයත් ඉගැන්වූවා කියා මාරස කියන්නේ නැත. සුගත් සර් නැතිනම් සුගත් අයියා කිසිදාක උගන්වා තිබේද යන්න අප විසින්ම සිතිය යුතුය. ඒනම් ඉගැන්විය යුත්ත තමා විසින්ම කරගත යුතු බව කියන වෙනම භාවනාත්මක විශේෂිතයක් පමණි

කාලයක් යන විට මාරසට වඩා බෙහෙවින් බාල චමත් මිතුරා සමග මාරස සුගතපාලද සිල්වා හමුවුනේය. නමුත් ඊට පසුවද මා ඔහුගෙන් ඇසුවේ වේදිකාවක හෝ චිත්‍රයක හෝ සිනමා තිරයක චරිත වැදගත් කරන ශීල්පීය දේ සම්බන්ධවය. ඒ කාලයේ සුගතපාලද සිල්වානන්ද අපද හිටි තත්ත්වයන් සහ ඒ හඬට කන්දුන් පාලිත තේනුවරද නොදන්නවා නොවේ බව මාරසනම් දන්නේය.

එදා මාරසට  ඒ සම්බන්ධව දුන් එක පිළිතුරක් වන්නේ ඒ බැරි බැරි ගාතේ පොතක් සොයාගෙන මාරසට පෙන්වූ අන්තිම භෝජන සංග්‍රහයම වන්නේය. ඒ පොත තාම ඒ පුස්තකාලයේ තියනවා ඇත. රංග ත්‍රිකෝණයද නිකන් ත්‍රිකෝණයක් නොවන පරිදි වැදගත්ම චරිතය වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මැදට තියා ඒ සතුරනු සහ පවාදෙන්නන් පසෙකට තබා ඒ චරිතයක් වැදගත් ලෙස හුවා දැක්වීමේ නාට්‍යමය තත්වයන්ද චිත්‍රශිල්පයේ පමණක් නොව සියල්ලේම සාමාන්‍යයත් නිකන් දරදඬු විදිහට රංග ත්‍රිකෝණ හෝ චතුරශ්‍ර  කිසිසේත්ම නොයෙදිය යුතු බවත් ඒ රත්මලානේ ගෙදරදී මාරසනම් දැන ගත්තේ ලියනාඩෝ  ඩාවිංචිගේ  අනර්ගම වූ චිත්‍රය සමග වෙනම ආදරයකින්ද යුතුවය. මේ චරිත වැදගත් කිරීම සහ ඒ සම්බන්ධව කිසිත් මාරස නොකියමි. ඒවා බලා සොයා දැනෙන දේවල් පඹණි. මේ සම්බන්ධව වේදිකාව හැසිරවීමනම් සුගතපාල සිල්වා විසින් මාරාසාද් හි කරණ ලද්දේය. අද යූ ටියුබ් විදෙස් රටවල මාරාසාද් නරඹනකොටත් සුගත්ව කැපී පෙනෙන්නේ ඒ සැබෑ මිනිසුන්ගේ ‍‍‍‍‍ ඇස  සහ අනුන්ගේ ඇස ඒක කේන්ර්‍දිය වන වෙනම කෝණමාණී කලාත්මක කෝණීය භාවනාවක්දැය සැක හිතේ. ඉතින් අන්තිම භෝජන සංග්‍රය අයිති වන්නේ ලියනාඩෝ  ඩාවිංචිගේ ඇසට නොවන්නේය.  ඒ පෙල ගැස්ම අනුව සිතන්නට පෙළඹුනු අයට හෝ චිත්‍රපට මහා නායකයන්ට නොවන්නේය. සුගතපාලද සිල්වා නොහොත් සුගත් අයියා කිවූ පරිදි ඒ වචනයට මාරස ආදරේය.

"ඒ සැපත දන්නේ රසිකයා පමණි මා‌රේ"

ආදරේයි සුගත් අයියේ. සුගත් සර්.................!

ජගත් මාරසිංහ

14 12 2024

https://jagathmarasinghe.wixsite.com/mare


Latest


Powered by Blogger.