වීදි ගනිකාවක් වන්නේද නොවන්නේය
අසනීප තත්ත්වයන් සහ වෙසක් උත්සවය නිසා පසුගිය දිනවල මාරස සයිබර් රස්තියාදුවට කාලය තිබ්බත් ඉඩක් තිබුනේ නැහැ. අද ඉඩ ලද ගමන් නිකන් ඔහේ රටක් තොටක් නොසොයා අහුවුන සයිබර් වීදියක යන්න පටන් ගත්තා විතරයි. මේ වීදි ඡායාරූපය දැකලා ඒ සමග තියන සටහනට ඇස ගියා. එහි මෙසේ ලියා තිබ්බා.
වීදි ගණිකාව 15: රොන්ඩාගේ ඡායාරූප ගැනීම
"....මම නැවත මා වෙතට පැමිණ, පසුබිමේ වීදිය රාමු කරමින් පසුපසට ගමන් කරමි. නමුත් මෙම පසුබිම තුළ, මෝටර් රථ ගලා යන විට, රොන්ඩා කලබලයට පත්ව සිටින බව පෙනේ, එබැවින් මම තවත් කිහිපයක් පමණක් ගත කරමි. ඉන්පසු අවසානයේ - අවසාන වශයෙන් - මම ඕලන්දයෙන් ආපසු පැමිණ සති දෙකහමාරකට පසු, අපි සැබෑ සම්මුඛ පරීක්ෂණයක් සඳහා ක්‍රිස්ටල් වෙත යමින් සිටිමු .......! "
ඒ ටික කියෝපු ගමන් අදහසක් එනවා මේ ශිල්පියාට කැමරාව විතරක් මදි පෑනකුත් ඕන කරන කෙනෙක් කියලා.
මේ ඡායාරූපයේ අරමුණ ගැන වැඩිදෙයක් කුමට. මිනිසුන් උඩ නගින පහල බහින පඩිපෙලක යටම පඩියේ මහපොළවේ දෙපාතියාගෙන අන්තිම පඩියේ ඉඳගෙන ගිමන් අරිනවා නෙවේද මේ කාන්තාව. සේවා දායකයෙක් එනකන්ද කොහෙද යන හැඟීීම රසිකයට දැනෙන්නේ නාගරික පරිසරයක ප්‍රධාන පාරක් පසුබිම් කරගෙන. මේ වීදි ඡායාරූපයේ පසුබිම මතුකර තිබෙන්නේ ත්‍රිකෝණාකාර දෘෂ්‍ය ජ්‍යාමිතික හැඩේකට. අපි කොටුවෙන කෝණාකාර පසුබිම රසිකයව ආධ්‍යාත්මිකව අගක් මුලක් නැති විවෘත හිරගෙදරක හිරකරගන්න ආලෝක දඩයක්කාරයා සමත්වෙලා තිබෙනවා. ඇය බලන් ඉන්නවා. වෙනින් මොකටවත් නෙවේ ජීවත් වෙන්න කියන කතාවේ තිබෙන අසරණ අහිංසක කම ඒ ක්ෂණික ආලෝක දඩයමින් ඩැහැගෙන තියනවා. අනික ශිල්පියාම අතීතයක් ගැනත් කියනවා. එතන තියෙන්නෙත් නිකම්ම නිකන් වචන පෙලක් නොවන බව ඇත්තක්. වීදි ඡායාරූප ශිල්පියෙකුගේ වගකීමත් ඡායාරූපයේම ගීතයක් වගේ පාවෙනවා වගේ දැනෙනවා. ඒ හින්දම මාරසත් රොන්ඩව හොයාගෙන රස්තියාදුව දිග්ගස්ස ගත්තා. රොන්ඩා කියන්නේ වෙනම චරිතයක්.
ඇය හොඳ පවුලක සහ සාමාන්‍ය අසල්වැසි ප්‍රදේශයක සොඳුරු ගැහැණු ළමයෙක්...දැන් වයස අවුරුදු 26 දී රොන්ඩා, උපක්‍රමශීලී පොලිස් නිලධාරීන් හඹා එන සහ අධික මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වෙනම ලෝකයක ජීවත් වෙන චරිතයක්. ඒ විතරක් නොවේ ඇය මේ ලෝකයේ ඇගේ ජීවිතයට අපට ආරාධනා කරයි කියන සටහනකුත් හමුවුනා. තවදුරටත් බලපුවාම රොන්ඩා හුදෙක් වීදි ඇවිදින්නියක් නෙවේ කියලත් කියනවා. ඇය බොහෝ ආකර්ශනීය චරිතයක්ලු. ඇය සමග සම්බන්ධ වන සෑම කෙනෙක්ම පාහේ ඇයට ආකර්ශනය වෙන බවකුත් තියනවා. මාරස පරිවර්තකයෙක් නොවේ. පරිවර්තකයෙක් ඒ වැඩේට ඒකි ගැන ලියල තියන මේ පොතේ තියන රහස සොයන්නත් මේ ආලෝක දඩයම බලකරනවා වගේ දැනෙනවා. අද සයිබර් රස්තියාදුවේදි අහුලාගත් ඒ පොතේ පිටකවරය පළමු කොමන්ටුවේ දමා තියනවා.
රස්තියාදුව කියන්නේ සුන්දර ජීවිතයක්. සයිබර් රස්තියාදුව කියන්නේ වෙනම ලෝකයක් නෙවේ වෙනම විශ්වයක් වගේ මාරසට දැන් දැන් දැනෙන්නේ.
ජගත් මාරසිංහ
18 05 2025