මොහාන්රාජ් මඩවලගේ "මම මම සහ මම" සයිස් වුන

                      මොහාන්රාජ් මඩවලගේ "මම මම සහ මම" සයිස් වුන 



මොහාන් රාජ්ව සයිස් කිරීමට ගොස් අවසානයේදී ජේ බී දිසානයකද සයිස් පදයට සයිස් විය.

පාදඩ කියලා සම්මත අසම්මත උපසංස්කෘතියත් සමග මා අසුරු කළ කාලයේ අමතක නොවන වචන දෙකක් එයාලා භාවිතා කරන බව වැටහුනා. එකක් “ලප්රි”. අනෙක “සයිස්” මේ එකල මට ඇසුරු කිරීමට ලැබුන උපසස්කෘතියක පුද්ගලන් දෙදෙනෙකුගේ වචන දෙකක්. ඒ වචන දෙකටම තේරුමක් නැහැ. නමුත් මාරයි. නමුත් කතා බහේදී යෙදීම් එක විදිහටමයි එයාලා භාවිතා කළේ. නීතියක් නැහැ. කතාකරන තේරෙන ලප්රියක මොන වචනය සයිස් කළත් මොකෝ කිව්වොත් ඇයි සයිස් අප්සෙට්ද කියලා මට ඔබෙන් සයිස් කරන්න පූලුවන්. මේ වචන දෙක මධුලෝලී යුගයේදී මාද සයිස් කර තිබෙනවා. මතක දෙකක් කියන්නම්.

දිනක් මරදගහමුල ප්‍රදේශයේ මා මිතුරෙක්  ගුවන්විදුලි රූපවාහිනී යන්ත්‍ර අළුත්වැඩියා කරන තැනක් කරගෙන ගියා. ඒකේ තුන්දෙනෙක් වැඩ කරනවා. වැඩත් එනවා.ඒ පලාතේ ගිය විට මමත් ඒකට ගිහින් ඇල්කොහොල් සයිස් කරනවා. දිනක් ඒ තිදෙනාම ආයතනය බාර දී කන්න ගියා. වෙලාවේදී සෙටප් එකක් අලුත්වැඩියා කරගැනීමට කෙනෙක් ආවා. මම කිව්වා කට්ටිය කන්න ගියා ටිකක් වෙලා යයි කියලා. මේකා කරදර කරනව මේක බලලා මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා. බේරෙන්නම බැහැ. මම ඒවා අලුත්වැඩියා කරන්න කිසි දෙයක් දන්නෙ නැහැ. ඇන ගලවලා ඇතුල බලන්න හැකි විදිහට මම සයිස් කළා. පසුව ටෙස්ටරය ගෙන බොරුවක් කරලා ප්‍රශ්න ටිකක් සයිස් කළා. ඒක සයිස් කරන වචන වලින් වචන සයිස් කරන් මම කිව්වා පුතා මේකේ ලප්රිය ගිහින් ඒයාල ඇවිත් හදල දෙයි කියා. මේකගෙන් බේරිල්ලක් නැහැ ගාන අහනවා. මම කිව්වා මල්ලි 800/= විතර යයි කියලා. හවසට එන්න කියා. පසුව යාලුවෝ ආවා. මම විස්තරය කිව්වා. මේකලා හිනාවෙවී ගලවලා බැලුවා. බලපුවාම වයර් එකක් ගැලවිලා. නමුත් ලප්රි වචනය ගැන ඒකලාත් හදාරලා. ඔබටත් මේක හදාරල මිනිසුන්ගේ මානයන් ගැන අදහසක් ගත හැකියි. නිකන් සයිස් කර බලන්න හිතුනොත් පාමසියක් හෝ වෙළඳපොලකට ගොස් ලප්රි තියනවාදැයි අසන්න. දෙන උත්තර වලට ඔබට හිනාව සයිස් වෙන්නේ නැතිනම්.

ඔන්න යට නොගිය දවසක මම මම සහ මම කියන මොහාන් රාජ්මඩවලගේ නිර්මාණ ග්‍රන්තය ගැන සම්මන්ත්‍රණයක් කොළඹදී තිබෙනවා. ඒකේ එක දේශනයක් මහාචාර්ය ජේ බී දිසානායක. අනිකාට ඒකලා සයිස් කරන් තිබ්බේ මාව. සංහිඳෙන් ගහපු පොතක්. ඒ කාලේ සාහිත්‍ය සම්මන්ත්‍රන වලට එන කට්ටිය එන්නේම කතා කරන උන්ව සයිස් කරන්න බලාගෙන. ඉතින් අඩියක් ගහල වැඩේ සයිස් කරන්නත් බැහැ. කොහොම හරි මම ඒ විචාරය උනුසුම් හිනා මැද්දේ සයිස් වචනය සයිස් කරන් සයිස් කරන් ගියා. කොටින්ම මඩවලගේ පොතේ තිබ්බ සෙක්ස් පවා සයිස් කළේ සයිස් කියන වචනේ යොදාගෙන. මට දැන් ලප්රියකුත් තියනවා. මොකද ඊගාවට කතා කරන්නේ සයිස් පොරක්. ජේබී කියන්නේ සිංහල භාෂාව සයිස් කරන් සයිස් කරන් යන්න හැකි පොරක්. මම හිතුවා ඕන ලප්රියක් වුනාවේ ප්‍රශ්න ආවොත් දන්න ලප්රියෙන් ඒවෙලාවට සයිස් කරලා දානවා කියලා.

දැන් සියල්ල සයිස් කර අවසාන වී අත්පොලසන් හඬින් මාද මානයෙන් සයිස් වී ජේ බී දිසානායකට ඉඩ දී සයිස් යන යෙදුමට කුමක් කිම්දෝ සයිස් කරනු සිතා ඉඳගත්තා. නමුත් හිතපු විදිහට නෙවේ ජේ බී වැඩේ සයිස් කරන්න පටන් ගත්තේ.

ඒයා නැගිටපු ගමන් කිව්වා මම කතාවට නැගිටිනකොටම අර දොරෙන් හාමුදුරු වගයක් සයිස් වුනා කියලා. හිනා සාගරයයි. ඉතින් ජේ බීත් සයිස් කරන් සයිස් කරන් ගියා. කොහොම හරි මොහාන් රාජ් මඩවලත් මාර විදිහට සයිස් වුනා. පසුව බම්බල පිටියෙන් බසයෙන් බැස තැබෑරුමට ගොස් මාද හොඳහැටි සයිස්වී ගෙදර ගියා. ගිහින් භාෂාවේ ව්‍යාහාර විදි සයිස් කරමින් ආතල් සයිස් නින්දකට සයිස් වුනා. ඒ කාලයේ අපේ ගෙදර කතාකරන භාෂාවෙන් භාගයක්ම සයිස් කියන පදය සයිස් වුනා.

ජගත් මාරසිංහ
03 06 2022

 


 



Powered by Blogger.