ආකල්ප අරුබුදයක දේශපාලනය

                                             ආකල්ප අරුබුදයක දේශපාලනය



කොස්, දෙල්, බතල වැනි පලාවර්ග ගමේ ‌ගොඩේ නිකන් කැලේ පිපී කැලේම පරවෙන මල් මෙන් වැඩි කොටසක් අපතේ යන කතාවද ඇත්තය. මක්නිසාද යත් නිසි වෙළදපොළ යාන්ත්රනයක් සකස් කිරීමත් නිසි මිළක් සහ පාරිභෝගිකයා ට සාධාරණ මිළකට ලබාගත හැකි අයුරින් ඉක්මනින් අතරමැදියන් අවම කරගනිමින් අදාල පලාතේ සිට පාරිභෝගිකයා වෙත ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කිරීමත් ඉතා දුර්වල මට්ටමක පවතින නිසාය. සුපිරිවෙළදසැල් ආර්ථික මධ්යස්ථාන යොදා ගනිමින් පහසුවෙන් සිදු කළ හැකි යාන්ත්රණයක් තවම සකස් වී නැත. ‌ප්රධාන නගර ආශ්රිත සමහරක් දැන උගත් පිරිසක් මේවාට ලොල් කමක් දැක්වුද බොහෝ විට පොදුවේ වෙළඳ පොළ තරඟයක්ද තවමත් නිර්මාණය වී ඇතැයි කිව නොහැක. ඒවායේ ගුණාත්මක බාවය ගැන බොහෝ දෙනෙකු කතා බහ කරන්නේ වචන වලින් පමණි. ඒකත් අර කාබනික පෙපොහොර වල ගුණ කිව්වා වූ කතන්දරය වැනිමය. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට අතීත කතා කියන්නට සමහරු උත්සහා කරන්නේ වත් නැත. එවිට ජාතික වෙන නිසාය. වෙළඳපොළ ආකල්ප වෙනස් කිරීමද ලෙහෙසියෙන් කළ හැකි නොවේ. ගෙවතු වවනවාට ගොවිතැන් කරනවාට වඩා සෙකුරියුටි රස්සාක් හෝ ත්රී වීලයක් ගැනීම ජවසම්න්න තරුණයන්ට වඩා ලේසියෙන් මාස්ටර් පෝනයක් සාක්කුවේ දමාගෙන ආතල් ගැනීමට පහසුවිය. දැන් කරන්නට ඇති දේවල්ද ඔය සිතන තරම් ලේසියෙන් කිරීමට නොහැකි වනු ඇත. පත්තරයේ රූපවාහිනියේ සහ අන්තර් ජාලයේ වගා කළ නොහැක. නමුත් ආකල්ප වෙනස් කළ හැක. එසේ කිරීමට හැකි ජනමාධ්ය ආයතනද ඒවා සිදුනෛාකළ බවද නොරහසකි. තවමද අඹ රඹුටන් ජම්බු ඉදෙන රටක් වූවාට ආකල්ප කුණුවී හමාරය. කොටින්ම කටුආතා ගෙඩියක්වත් මිලදී ගන්නේ වකුගඩු නරක් වූවාට පසු පමණක් වූවා සේය.ඇපල් ආතල්ය. වරකා අප්සෙට්ය.
ධනේශ්වර පසුගාමී පරිභෝජන සමාජයක ආකල්ප එසේය. කොස් කොම්පැනි තරඟයක් ඇති වුවහොත්නම් තත්ත්වය වෙනස් වනු ඇත. ඒ එසේ කිසිදා ඒ එසේ වන්නේද නැත. වෙනස් වෙනවා නොව වෙනස් කල යුතු බව සැබෑවකි. සැලසුම් සහගත දේශපාලන වැඩපිලිවෙලකින් සහ කැප කිරීම් වලින් තොරව ඒවා සිදුවෙන්නේද නැත. මාක්ස්ලාව සිහිවන්නේ එවන් තත්ත්වයන් නිසාය. බොහෝ සිංහල පාරම්පරික බෙහෙත්හේත් පවා තවම ගෙන්වන්නේ ඉන්දියාවෙන්ය.
මේ අවස්ථාවේ රැල්ලට කෑගසනවා විනා වගා සංග්රාම කතා දේහ පාලකයන්ගේ තවත් පැන්ටසියක් පමණක් බව මාරස නොදන්නවා නොවේ. මේවා මෙතරම් ලේසි වූවානම් පරපුරකට දෙකකට ජීවිත පූජා කරන්නට සිදුවන්නේද නැත. තවත් පරපුරකට දිවි ගෙවීමට ගාලුමුවදොර පිටියේ දුක් විඳින්නට සිදුවන්නේද නැත? එහෙත් ලංකාව තවමත් ඇහැල මලින් මල් පිපිලා බලන්න හරි ලස්සයි වගේය. වම සිහිවන විට තදවන්නේ නිකන්ම නොවේය.
ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයී
අඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි
ඇහැළ මලින්..
දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි
වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි
ඇහැළ මලින්..
ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි
( දයානන්ද ගුණවර්ධනයන්ගේ නරි බෑනා නාටකයේ ගීතයකි)
01 06 2022


Powered by Blogger.