වම දකුණ නැති බණ්ඩාරණායක අවකාශයකට විජේලා,,,,,,,,,,,,,,,,,,,,,,,,,!!!

වම දකුණ නැති බණ්ඩාරණායක අවකාශයකට විජේලා,,,,,,,,,,,,,,,,,,,,,,,,,!!!


මේ පොටෝව 2021 ඊ පවුරට දමන ලද කතන්දරයක පොස්ටුවක කොපියකි. අද ඒ සැබෑවක් වී අවසානය. ඒ කියන ලද්දේ දයලෙක්තික හෝ පශ්චාත් නූතන තත්වයන්ගේද ‌නැන පමණින් දේශපාලනිකවම නොවන්නේය. ඊට එහා ගිය අහසෙන්ද කියා සිතුවාට කාරියක්සේ නැත. සැබෑවට කාරණාව සැබෑවක් වී තිබේ. නමුත් මාරස වැඩි ලකුණු දෙන්නේ අහස මගින් අපේ සිතුවීලි වෙනම කෝණයකින් ශාක්ශාත් කිරීම මාර කියාය. කාලෝ පොන්සේකාගේ හේතුවාදී සංගමයේ කළ අවසාන වගේ කතාවත් මාරසට මතකය. සිළුමින පත්තරයේ ඒ ලිපියක් තවම මාරස සතු නැති වුනත් ආසියාවේ මාර මාධ්ය පුස්ථකාලය කියන ලේක්හවුස් පුස්ථකාලයේ තිබෙනවා නියතය. ඒවා අරපරස්සම් වීමට නකත් හැදූ මාපල ගම විපුල සාර හිමියන්ගෙන් පටන් ගෙන අයිවෝ ජෙනිස් හරහා රනිල්ගේ මාමංඩිය වූ ඩී ආර් විජේවර්ධනයන් තවම ලේක්හවුසියේ ඉන්නවා කියන අවතාර කාරණාද රනිල්ලාගේ පරපුරට අයිති ඇඩිෂන් බංගාවේ සිට බණ්ඩාරණායක ගාතනය සිදුවූ නිසාම ඒ දේපල කතෝලික පල්ලියක් විසින් මාර පශ්චාත් නූතන දේශපාලනික ප්‍රාග්ධන වගා ආගමික ව්‍යාපාරක් කරගෙන යනවා බවත්, ඒ පුරා වස්තු බලන්නට සාමාන්‍යය ජනතාවට ඇත්තේ ඒ ආගමික කස්ටිය විසින් නියම කරණ ප්රදේශයක් බවත් මාරස විතරක් දන්නවාදැයි සැක සිතෙන්නේ කිසිදු හැදෑරීමකින් තොරව ලියන ලිපි ලේඛන සහ ගොඩ නගන න්‍යායන් නිසාම වන්නේය.

ඒ කතා මාරය. ජාතික වාදී දැනුමැත්තෝ මුස්ලිම් රොහාන් හරහා මළගෙදර ගෙදර ගැන කතා කරණ ලද දේ හැම්ලට් නාටකය සිහිකරනවා වැනිය. හැම්ලට් අද හැම්ලට් නොව හැම්ලට් සංඛීර්ණයකි.
හැම්ලට්ගේ පියාගේ දේහය පිලිසෙන්නටත් ප්‍රථම තම අම්මා බාප්පා සමග නිදාගන්නවා හැම්ලට් දැක්ක බව සැබෑවක්ය. මේ සිදුවීමද ඊට අනුව ගත්කළ සිංහළයේ පිරිහීමක් මෙන් සිතීමට තර්ක ගොඩක් ඇති බව දනිමි. නමුත ජීවිතය වන්නේ තර්ක නොව ස්වභාවයයි. කවුරුන් මොක කීවත් අපේ පරපුරේ කොල්ලන් කෙල්ලන් සහ පසුපරපුරේද කස්ටිය රොහාන් යනු මුස්ලිම් බව දැන සිටියේය. හය මාසයක් ලියවී තිබුණත් තුන් මාසයකට සැරයක් රොහාන් අම්මාව බලන්නට ගිය බව ඒ සංවිධානයේ සිටි ඇත්තෝ දන්නා බව මාරස දන්නවාය. මා නම් දන්නේ සර්පයා රොහාන් ගැන හඳුන්වා දුන් දවසේ සිටය. ඒ මාගේ දුර්වල කමක් යැයි කවුරුන් කීවද සමාජ දේශපාලනය සම්බන්ධව අන්කොන් වටහා ගැනීමට මාරස ජාතිය කුලය ගැන අවභෝධයක් ගන්නට තැත් කරන නිසා වන්නට හැකිය. තව අයගේ ජාතකය ගැන කතා නොකරන නන්දන සමග ඈත් වූයේත් ‌‌‌‌‌ පුද්ගලික හේතු නිසා නොවේමය. කුළ වාදය සහ ජාති වාදයේ නිහඬ ගැටලු නිසාමය.ඒවා වැඩි දුර නොකියන්නේ කියවා දුර ගියොත් අහෝ ඛේදයක් වන නිසාය. රොහාන්ගේ පන්ති ගිය ගැහැනුන් සමහර අවස්ථාවල මාරස සමගද හැප්පෙන්නට අතින් පයින් ආවා මතකය. නිහඬව පිටවූවේ ඒ ඒකාලයේ නලියන ‌අර රොහාන් කියනවා මෙන් ජෙන්ඩ අවුල නිසා වන්නට හැකිය. තවමත් උන්ට ජෙන්ඩ අවුල තමාය. ස්ත්‍රී පුරුෂ විභවය ගැන කතා කරන්නට මේ සටහන ඉඩ මදි වන්නේ ‌ඒ රොහාන්ගේ අවකාශ කාලය නිසාය. මුන්ට ඉඩ මදි වන්නේ මුන්ට ග්‍රහණය කරගැනීමේ ප්‍රශ්නයක් හෝ මාරසට ග්‍රහණය කර ගැනීමේ ගැටලුවක් නිසා වන්නට හැකිය. රොහාන් ගැන ලියන්නට දෙයක් නැත ඒකා පොරකි. පොරක් නිර්මිත වන්නේ යම් කාල අවකාශයකට සාපේක්ෂකව තමාය. නමුත් රොහාන් ගාවට ගොස් පන්ති හදාරා දැන් ප්‍රාග්ධන මානසික විද්‍යාවන් සමග දොඩන ඇත්තන් සහ ඇත්තියන් ගැන මාරසට කතා කරන්නට නොහැක. මන්ද මාරස චාලි චැප්ලින් හෝ අඩුම කාලේ මිස්ට බීන්ටවත් වගේ පරිචයක් නැති නිසා වන්නට හැකිය. මේ සම්බන්ධව අහිංසක ලෙස ලියන්නට නොහැක්කේ අහිංසක යන්නත් වෙනම මානයක් නිසාය.

කිසිවෙකුට නැහැයි කියන්නට බැහැය. මේ අවස්ථාවේ කෙනෙක් ඇසුවොත් මගේ අම්මා තාත්තා දෙමල ජාතිවාදීන්ය. මා සිංහල නොවුනත් ඒ කල්ට් එක මට සිත් ගත්තේය. ඒ නිසා මා ඒ ගැන දේවල් සිතමින් ලියමි කියා දැනට මහදැන මුත්තන් ‌මෙන් පෙනී සිටින පශ්චාත් නූතන මහා පිතා මහ ලාට කිව යුත්තේය. දයලෙක්තික වම හෝ ජාතික වාදී ඉසව්වෙන් වෙඩි තියන සැබෑව හරි නමුත් විහිලුව වන්නේ අද ජීවත්වන ජනතාවට ඒවා කිසිත් අදාල නොවීමය. උන් ඩී ආර්ගේ විජේවර්ධනගේ සිට නලින්ද සිල්වා දක්වා ප්‍රභූවරුන්ට ආදරේය. මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදයේදී උන්ට ඒ ගරුකිරීම පමණක් තියාගෙන ඇවැසි උවහොත් උනට තේ පැන් සංග්රහයක් කිරිබතුත් සමග සපුරණු ඇත. අර ඇන් ඇම් පෙරේරා සිරිමාවෝ මැතිනියගේ ගෙදරදී බොන තේ කෝප්පයේ ඡායාරූපය මාරය. මාරස ඒ ශිල්පියාගේ දක්ෂකම් ගැන කල් දාන්නේ ඒ කාලයේ එවැනි ඡායාරූප කළ ශිල්පියෝ මාර පොරවල් විදිහට දේශපාලන බලයද පිළිගත් නිසාය. ලයනල් වෙන්ට්ගේ සිට සෑම ඡායාරූපයක්ම මාරය. කොටින්ම හතලිස් තුන කණ්ඩායමට තිබ්බේ යුරෝපියන්ම මළ විකාර වගේය.
නලින්ද සිල්වා හතලිස් තුන ගැන එහෙන් මෙහෙන් කියන කතන්දර නවත්වා කෙලින්ම ගැහුවානම් මරුය. ගහන්නට හැකිදැයි මම නොදනිමි. වහෙන්හොරෝ ඇවැසි නැත 43 කණ්ඩායම ගැන කෙලින්කතා කලානම් මේ බටහිර පිස්සු මගුල නවතිනු නොව වෙනත් පීල්ලකට පනිනු ඇත. මේ සම්බන්ධව කතා කිරීමේදී කුලවාදය පෙරමුණ ගන්නා බව සැබෑවක්ය. පොඩි තගක්ද දැමීමට සිතුනා වෙන්නට හැකිය. අමර දේවලා, පනීභාර්තලා, චිත්‍රසේනලා, සෝම බන්දුලා එක කුලයේ කස්ටියකි. නමුත් කොළඹ විහාරමහා දේවිය අසල මහා ඉන්ගිරිසි මාවත් වල නැවතුන අය මහා වංශිකයන් වූයේ කෙසේද? ගොයිගමයන් සහ කරව් දුරව් මහා බලයය. අදටද එසේ බව කිව් කාරණා වලට නන්දනටද අයිවන්ටද තුති කියන්නේ අන් කවුරුත් මිනිසුන්ට දැනෙන්නට කිව් නැති නිසාය. නමුත් ඒකලාද ඒක දේශපාලනයක් නොව ජීවත් වීමේ මගක් කරගත් නිසා දේශපාලනයක් වූවා සේ සිතන්නටද කාරණා ඇත.
නමුත් ශ්රී ලංකා සමසමාජයේ හෝ පසුව බිඳී විජේවීරගේ ඛණ්ඩනයට අනුව ඒවා පැරණි වාමාංශික කීවත් අද වයස්ගතව පින හෝ දේශපාලන අර්තයකින් හෝ චන්ද්රිකා කුමාරණතුංග හිටපු ජනපතිනියගේත් බලය ඒ අරගලය කළ ගෝල්පේසයේ ඉදිරි පිට ඇති බණ්ඩාරණායකයි කියන සිමෙන්ති කන්ද නොවන්නේය. ඒ වනාහී ගොඩනගන ලද හෝ කුමන මාර්ගයකින් හෝ ගොඩ නැගෙන ලද ලාංකේය දේශපාලනික හෘර්දශාක්ෂියේ නොව ප්‍රගති ශීලී මිනිසුන්ගේ මහා පැල්මක්ම වන්නේය. මේ ලාංකේය ප්රධාන සංකේන්ද්‍රණීය පක්ෂයක් වූ වමට බලය දුන් සහ පැරණියයි කී වමේ පියෙකු විසින්ම උපන් විජේවීරයන්ද නොසලකා විජේදාස රාජපක්ෂ සටන් කරන්නේ හෝ අහසින් කඩා වැටෙන්නේ නිකම්ම නොව කියා මාක්ස් වාදීන්ට නිවැරදි විග්රහයක් දීමට නොහැකි වී තිබෙන්නේ මන්ද?
එක්කෝ රොහාන් පෙරේරා වන් අයගේ දර්ශනයේ පැටලුනාද? නැතිනම් මාතලන් නමින් වීරයෙකුගේ නමින් පෙනී සිටින හිතන ක්රමයට සපුරා වෙනස් මාතලන්ගේ බ්ලොග් ලිපි වලින් කෙලෝගත්තාද කියා සිතෙයි. මාරසට ඇවැසිනම් විජයදාස රාජපක්ෂව අධ්යාපන අමාත්යංශයේ සිටම ඔහුගේ රංගනය ස්ටැනිස් ලාව්ස්කි නම් රංගනය විද්‍යාත්මක කළ විද්වතුවතුන්ව ඉක්ම ගොස්රඟ පෑවා සේය. මාතලන් රොහාන්ට නැට්ට කැඩෙන්න ගැසුවත් මාතලන් කියන්නේත් අමුතුම භූගත චරිතයක්මක්ම වන්නේය. පලමුව මාරස බ්ලොගය පටන් ගන්නා විට මාතලන් මට බාල මුත් බ්ලොග් වල මාර පොරවන්ය. අජිත් පැරකුම්ද එසේය. නමුත් මාතලන්ට අංජනම් බැලීමේ හනුමා ආවේශ වී තිබුනා මතකය. ඒකා මම හිතුවේ නිකන් කෙට්ටුම කිට්ටු ගැහැනියෙක් දරුවන් නැති වලත්තයෙක් කියාය. පසුව නම දැන ගත්තෙමි. මම ඡායාරූපයක් ඉල්ලුවා මතකය. ඒකා අමුතුම ජාතියේ පොරකි. ඒකා කතා නොකර පෙනී සිටින්නේ වමට විරුද්ධව නොව වමේ කැත වැඩ ගැන බව දන්නෝ දන්නවාය. මාතලන් නමින් සිටින ජනක ප්‍රියන්ත හේවගේ වනාහී සැබෑ වමෙක්ය. ඒකාට ඒ නිසාම වමේ මායිම් සහ විකාර පෙනේ. ඒකා තරම් රොහාන්ට පක්ෂක කතා කළ‌ කෙනෙක් පසුගිය රොහාන් නැතිවූ නිමේෂයේ නැත. ඒ සම්බන්ධව කතා කිරීමට රොහාන්ට සංවිධානාත්මක තත්ත්වයක් නැති බව ජනක ප්‍රියන්ත මාතලන් නමින් කෙලින්ම තනියම එලිදරව් කරන ලදී. මේ නිමේෂයේ ජනක ප්‍රියන්ත මාතලන්ද රොහාන්ටත් වඩා භූගත තමාය. රොහාන් භූගත වූයේ ශරීරයෙනි. නමුත් ශරීරයෙන්ද දර්ශනයෙන්ද භූගත නොවී රජ්‍යයට නොව ආණ්ඩුවට භූගත වී ඒකා මාර විදිහට මාධ්‍ය වල පෙනී සිටින්නේය. වරෙක මිනිසුන් කියන්නේ ඒකා ගෝටාට කඩේ යනවා කියලාය. වරෙක නිකන‍ රනිල්ට කඩේ යනවා නොව රිංගනවා කියලාය. වරෙක ඒකා නිකන් පොරක් වීමට තතනවා කියාය. නමුත් ඒකාගෙ ව්‍යායාමය තිබෙන්නේ වම නිවැරදි මාවතකට ගැනීමේ ඒක පුද්ගල සත්‍යක්ම වන්නේයැයි මාරසට සිතේ. ඒ කළ නොහැකි දෙයක් වුනද ඒකාගේ ශරීරය සහ දරුවන් සහ මේ ලඟකදී අර සිංහල ජාතිවාදී පොරක් යැයි යයි සම්මත පොරක් සමග යූටියුබයේදී මේකා හීන් සීරරුවේ තමන්ගේ වැඩේ කෙරුවා දැක්කාය. ඒවාට කියන්න තියෙන්නේ අනේ යකෝ කියලාය. නුඹේ දේශපාලනක ගමනක අවසානය මහා මාත්‍යකම් වලින් නොනවතින බව කියන්නේ තොප උපන් මොහොතේ අහස දන්නා වූ මාරසය. නමුත් අතර මගදී අඩුම වශයෙන් ලේක්හවුස් පත්තර කන්තෝරුවේ පොරවල්ට බලපෑමක් කිරීමට හැකි වුවොත් මාරය. මාරස පසුව ඒවා ලියනු නියතය.
වාම ගැටලුව නොව වම ජීවයක් ලැබ ප්රජාතන්ත්රවාදය කරා ශ්රී ලංකා සමාජ වාදී ප්රජාතන්ත්රවාදී ජනරජයක් යන කාරණා ඔස්සේ විජය දාස රාජපක්ෂ ගැන සැබෑ විද්යාත්මක හෝ දයලෙක්තිකව හෝ නැතිනම් කුණුහරුපයෙන් හෝ සැබෑව උලුප්පා කතාකරන්නට ලියන්නට වම දුප්පත් වෙලාද කියලා ප්‍රශ්නයක් හිතන මිනිසුන්ට පැන නැගී තිබෙන්නේය.
කෙසේ වුවද මාරසට විජේදාසයන්ව නග්ගන්නට ඇවැසිනම් බොහෝ කාරණා නැත. එක් කාරණයකින් ඉනිමග පඩිපෙලක් කළහැකි කාරණාවක්වත් අනිවා තිබෙනවාය. එසේ කිරීමට අවශ්‍යතාවක් මාරසට නැත්තේ පුද්ගලික වාසියක් නැති නිසා නොවන බව මාරස ගැන දන්නෝ දන්නවාය. මාරස හිඟා කන්නට ලෑස්තිය. නමුත් ගසා කන්නට හෝ තැරැව් ගන්නට අකමැති නොව ඒවා පිළිකෙව් කරන්නේය. ඇසුවේ වෙන දෙයක් නොව මිනිසුන්ගේ ආදරයේ දෙයක්ම වන්නේය. පිළිතුරු කිසිවෙක් දෙන්නට මේ මොහොතේ ඉදිරි පත් වන්නේ නැත. දර්ශනයට වඩා අද අප රට ඉදිරියෙන් තියෙන්නේ ඊර්ෂියාවට සහ තමන් බලයක් ලබා පොරවීමටදැයි සැකයකි. ‌ලෝකයේම සෙක්ස් වලට ගූගල් වලින් මුල් තැනයයි ගූගල් කියන්නේය. කවුරුන් නොකළද ගූගල්ව මාරසට හමුවුනොත් ඒ සොයාගෑනීමට මල්මාලා දමනවාය. අපේ අන්තිම රජතුමාද ගැහැනියක නිසා වාසගම් වල ගැටලුවක් ඇතිවිය. රට ඉඳි ඇටය ලංකාවට ලැබීම සම්බන්ධවද අපේ ගර්ම කලාපීය පිරිමි සහ ගැහැනුන්ගේ මාර දෙයක් වන්නේය. ‌ඒ ගර්මකලාපීය රටක සූර්යාගේ චලිතය සහ උශ්නත්වය සමග‌ බෙදා හද ගත හැකි දේවල්ය. මේසම්බන්ධව වඩාත්මකතා බහ කළ හැකි චරිතයක් වන්නේ ඇඩ්වටයිසින් පීල්ඩ් එකේ සිට සෙක්ස් ගැන මාර කතා කියන චින්තන ධර්ම දාසය. ඉතිහාසයේ සඳහන් වන්නේ හාතාවාරිය, අමුක්කරා අළ, කෝමාරිකා, වැල්පෙනෙල ශාකා වන් තවත් බොහෝදේ වාජී කරණ වශයෙනි. නමුත් පශ්චාත් මාක්ස්වාදී අවධියේ මේ විවෘත ආර්ථිකය යටතේ අනිවාර්යෙන්ම චින්තා කාමේශ්වරී මේහය කියා ‌සිංහලෙන් නොව ඉන්ග්‍රීසියෙන් බෙහෙත් නිර්මාණය වෙනවා ඇත ඒවා බොන ගැහැනුන් මිනිසුන්ට කිසිත් පල නැති වුවද පත්තර සහ ඇඩ්ඩටයිසන් වලින් ඒකලා මාර සෙක්ස් පාරමිතාවකට වැටී ඇති බවට පත්තර පොත් නිර්මාණ බිහිවෙනවා ඇත. අවසානයේ ඒවාට වෙනම පන්සල් නොව තිබෙන පංසල්වලින්ද කෑල්ලක් නිර්මාණය වෙනවා ඇත. ඒ පන්සලේ නඩත්තුවට ඇඩ් චින්තා මොඩල් සංවර්ධනය වී මාර දෙයක් කරනවා ඇත. ලස්සන වන්නේ ඒ වායේ සේවකයින්ට මේ චින්තා වෘත්තීය සමිතියක් පටන් ගනින් නැත්නම් ඡා කියා කියනවා ඇත. මේ සියල්ල කරන්නේ චින්තාය. චින්තත ධර්මදාස වනාහී අනාගත ඇඩ්වටයිසින් දේශපාලන කල්ට් යථ ප්‍රභන්ධයේ නිර්මාතෘෘ කෙනෙක් වන්නට දෙයක් නැත. වී හමාරය. ඒ ගැන වම ගහනවා විනා හදාරන්නේ නැත. හැදෑරා උත්තර සැපයුවානම් සියලු කල්ට් පිස්සු වී කෙලෙවෙනවා නියතයි කියන්නේ අතීත කාමයක් නිසා නොවේමය. වමට කිසිදා එසේ හැකියාවක් උදා වන්නේ නැත. වෙනවානම් දැන් සියවස් දෙකක් ගෙවී හමාරය. තවත් බලා සිටින්න්නේ මොක්කුන්දැයි මාරසනම් නොදනී. ඒත් මාරස මොඩකමට හෝ තවමත් එසේ බලාසිටින්නේය. ඒ නොස්ටැලිජියාව නොව ආදරයේ පැල්මක්ම වන්නේය. සිරි ලංකා නිදහස් පක්ෂයට පමනක්දැයි සොයා බැලය යුතුය. නව සංස්කෘතියක් තිබෙනවා කියන අය ඒ ගැන හොයා බැලිය යුත්තේ ඒ ගැන රොහාන් සහෘදයා කුමක් කියා ඇතිද යන්නය. මා එසේ කියන්නේ රොහානියානු පොත පත අනාගතයේ පාසල් සහ විශ්වවිදයාල වල පරිශීලන ග්‍රන්ත බවට පත්වෙන ආකාරයට තරුණයන් පමණක් නොව වයස් ගත අයදටද දිෂ්ටියක් වන් ආවේශයක් ඇති වූ නිසාය.
මතකයේ ආකාරයට චින්තන ධර්ම දාස සයිමන්ගෙන් ගොඩයාමට කියා මාරස නොකියන්නේ ඒවා ඒකාලාගේ පොත් වලින්ම එලිදරව් වීමට හෝ නොවීමට ඉඩ ඇති නිසාය.
සයිමන්ගේ ප්‍රනාම උලෙලක් බී ඇම් සී ඇච් කියන බණ්ඩාරණයකවලුන්ට අයත් පරිශ්‍රයේ පැවැතිවුනි. සයිමන් එදා ආවේ සිය පුතෙක් සමගය. නමුත් අමුතුම අඳුමක් අන්දවාගෙනය. අනර්ගය.එහෙන් පටිය.‌ මෙහෙන් පටිය. ඇඳුම සුදු වූවාට පටි දිදුලන්නේය. මයිකල් ජැක්ෂන්ගේ වාගේය. නමුත් මේ දේ සයිමන්ට ළබැඳි අපට දැනුනේ නැත.
මම මනුබන්දු විද්‍යාපති සහ අරවින්ද සමග බම්බලපිටියේ ටිකක් රත් වීමට අවන් හලකට ගිය සඳ ඩබ්ලිව් ජයසිරිද ඒ මේසයට ආවේය. ඒ ඒකාගේ හැටිය. ඒකට කවුරුත් අවහිර නොකරන්නේ ඒකා කලාවට රංගනයෙන් හෝ යම් වැඩක් කර තිබෙන නිසාය. ඒකා කෙලින්මකීවේ මොකක්ද බන් ඒ සයිමන්ට අන්දන් ආපු ඇඳුම කියාය. හරියට රිලා නටවන්නට සයිමන් ගෙනාවා වගේ කියාය. කර පටියක් විතරක් අඩු කියලාය. මේ කතාව එ නිමේෂයේ එතැන සිටි අය දන්නවාය. මාරසේ කට හොඳනෑ කීයා කීවේ දවසක් දීප්තිය. නමුත් ‌මේවා දේශපාලනික සැබෑ දේ නොව විකාරයන් ඔස්සේ සමාජයේ ඇත්ත කාරණයාය. මේවා කිව යුතුව තිබේ. ‍ රොහානියානු වේශනිර්මානීය පශ්චාත් නූතන ඒ අවස්තාව මේ මොහොතේ සඳහන් නොකළහොත් ඒ ඉතිහාසයේ අඩුවක් වන්නේය. ඒ අවස්ථාවේ හිටි පොඩි කොල්ලන් අද මහා පොරවල්ය. මේ කටයුත්තේ මහා පොර චින්තා මේ සියල්ල කටකොනකින් බලා සිනාසෙන්නෙක්ම වන්නේය. අද බුද්ධා වී තිබෙන්නේ රොහාන් නොව චින්තාය. පශ්චාත් නූතන වාදී විසංයෝජනය ගැන මහා බර විදිහට සිතන විට ඒ මාරය. ඇත්තටම ඒ මාරය. ඒ මාර දේවල් ලංකාවට පත්තියන් වූයේ මාර මාර විදිහටය. ඇකඩමික් අධ්‍යාපනයේ මහා පොරවල් ගඟේ ගියේය. නමුත් ඇකඩමික් නොවන කෘති ඒකුන්ට හදාරන්නට වී තිබේ. ඒ දේශපාලනනිකව ප්‍රතිබිම්බ ගත කිරීමට කිසිදා නොහැක. කොටින්ම ඇකඩමික් නොවන සැබෑ දේකට ඇකඩමික් අදාලම නැත. ඇකඩමික් කියන්නේ අම්මා තාත්තා මෙන් අපද මිෂනාරී විදිහට සසගේ යෙදිය යුතුයි කියන කතාවම සැමට ඉල්ලක්ක කර කතා කර ජීවිතයද ඊට හැරවීමය. ඒ අර්ථයෙන් ගත් කල ජාතික වාදීන්ද කපෝතිය. නමුත් උන් ගාව තුරුම්පු කීපයක් තිබේ. උන් දන්නේ නැත්ත් තුන්සිය හතර සෙල්ලම් කරන විට උන්දෙන්නා ගාව නවයේ කොළ සමානව තිබෙන විට ප්‍රති වාදීන් අතටද ආසීන් ගොස් තිබෙන බවය. ජාතික වාදී මහත්තරුන් පිළිතුරු සැපයිය යුත්තේ බුදුනුවන්ගේ වෙනස් වීම යටතේ මාක්ස් වාදයද වෙනස් වන්නේනම් ජාතික වාදය එසේ නොවන්නේ කිනම් බලයකින්ද කියාය.
මෙවන් කාරණා නොව සත්‍ය සිදුවීම් තව බොහෝ තිබේ. රොහාන් පෙරේරා සම්බන්ධව කියන්න බොහෝ දෙයක් ඇති වුවද නැත්තා වන්නේ ඒකාගේ ගෝලයන්ටත් වඩා ජෙන්ඩ කියන්නට බැරි ‌නිසා ගෝලියන් කියමි. ඒ කියන්ගේ කතා හරි මහා ජරාය. නම් කියන්නට නොහැක. නීතිමය ගැටලු වලට යන්නේ උන් රොහාන් කරණයෙන්ම්යා නොව පරන වාමංශික ‌පිරිමි ආත්මීය දැනුම සමගය. සර්පයන් ගැන කිසිත් මාරස නොලියමි. මන්ද සර්පයන්ගේ ස්පර්ශ ශක්තිය ලියා ඇති නිසාය. රොෂාන් සමග බැඳුන දේශපාලන කණ්ඩායම් මාරසට කම් කිම්. සැබෑවට සියලු දේශපාලනය දන නැමෙන්නේ රොහානියානු ආදරය නිසා නොවන්නේමය. ඒ ලෝක මිනිසුන්ගේ කල්ට් වල ලාලිත්‍යම වන්නේය. නමුදු රොහාන්ගේ හිතලු වුවත් ඉන වූ ‌දෙයක් නැතැයි ස්වභාවයාට එකඟ කිසිවෙකුට කිව නොහැක. නමුත් හැදෑරූ දේශපාලන සංවිධානයකට කිව හැක. ඒ දේ ප්‍රකාශ කර රොහාන්වද විසංයෝජනය කර රොහාන්ගේ මලගම සලකුනු කරන්නට ගිය කල ඒ විසංයෝජනය වූවේ මුස්ලිම් ආගමෙන් යයි මහා මොක්කුන් හෝ කියනවා දැක්කේය.
නමුත් විය යුත්ත විය යුතු විදිහට සිදුවී හමාරය.
මේවා ඉතිහාසයට එක් විය යුතු කතාය. සිංහලයේ කැලෑව මැද ශිෂ්ටාචාරය ගැන මාර පොරක් රොහානියන් කල්ට් එකේ එකල සයිමන් නවගත්තේගමලාත් රිලා නැටුමට ඇන්දවූ ආකාරය සම්බන්ධව සර්පයාට ලියන්නට සිදුවන්නේමය. මන්ද රොහාන්ගේ එක් පොතක් ඒකා මළදවසට ගහනවා කියා කිවූ සර්පයාට දැන් කරන්නට ඇත්තේ ඒ පොත මුද්‍රණය කිරීම පමණක් නොව රොහාන්ගේ දර්ශනය යටතේ සිය ගරු බුහුමන් ජාතියේ පියානන්ලාව රිලා නැටුමක් බවට පුතුන් විසින් පත්කිරීමේ න්‍යායාත්මක නූතන වාදය කුමක්ද කියලාය. තමන්ගේ පිතා මහ කියන්නේ තාත්තගේ තාත්තාය. නැතිනම් මුත්තාය. ඒ දෙන්නාම කේ කේ සමන්ට නැත. අනික් අර්ථය වන්නේ මහා බ්‍රහ්මයාය. දැන් ඉතින් මග නතර කොට දීප්ති ගැනද රොහාන් ගැනද රිලා නැටුම් ගැන සන්දර්බ හරහා ඔබ ලිවිය යුතුය.
කිසිදා කේකේ නුඹ නොලියනවා බව මාරස දන්නවාය. ලියන්නට හෝ නොලියන්නට නුඹ ආණ්ඩුවෙන් නොව රජයේ සාහිත්‍ය වේදයෛන් බලයක් හදාගෙන අවසානය. නමුත් කලක් නුඹගේ කෘති වලට විචාර විවිධ වේශයන්ගෙන් කොටින්ම ජ්‍යෝතිෂය වේශයන්ගෙන්ද ලිපි ලිවූ මා නුඹගෙන් සමුගන්නේ නැත. නුඹ ගැන එදා විචාර කරන ලද්දේ ජ්‍යෝතිෂයේ චන්ද්‍රයා ලඟ තියාගෙනය. ඒ පිනිබින්දු වන් වාශ්ප වීමට නියමිත අහිංසක කඳූලු අපවද ‌කම්පනය කළ නිසාය. නමුතු නුඹ සාහිත්‍යයෙන් දැන් නැගෙන ඒ යුග මෙහෙසියට හමු විය යුත්තේ නුඹ නොවන්නේය. අනි වාර්යෙන්ම හිට්ලර් විය යුතුය. සාහිත්‍ය කෘතියක් ගැන කතා කරනවා විනා මා කේ කේ ගැන කතා කරනවා නොවේ. කෙසේ හෝ නුඹ නිදා ගන්නා තැන උඩින් යථාවෙන්ම මතුවෙන ඒ ලේනා නුඹ කුසට පනිනු ඇත. ඒකා ඒකීවී අනිමිස ලෝචන ප්‍රාර්තනයකින් සදහටම නිවී යනු ඇත
ගොඩ දිය ඇදගෙන නා කුණාටු මැද්දෙන් මේ ලිපිය ගෙනාවේ අද මාක්ස් වාදය වනාහී තෙවරප්පෙලුමලාට මිනිසුන් ආදරය කරන්නේ ඇයි කියන්නටය. හැමදාම අප්‍රියල් මාසයේ දහතුන ශකරාජ වර්ෂ ලබනවාත් සමග මරණ රැල්ලක් ඇතිවේ. ඒ 1971ට සීමා නොවේ. මෙවර ඇති වූ ජනතාව දන්නා රැල්ල මාරය. ඒ ජවිපේ අමිලා විමානිය. ප්‍රහෙලිකාවකි. නමුත් ‌ජනප්‍රියය. අනෙකා රොහාන් පෙරේරාය. මුස්ලිම් නම නොකියන්නේ ඇයි දැයි ‌මාරසින් ඇසුවොත් පිළිතුරු දෙනවා ඇත. තෙවැනියා තෙවරප් පෙරුමය. එයාද අමුතුය. මරණයෙන් පසුවද ජීවත් වී ඇත. නමුත් ඒ ‌දැනගෙන මෙන් මරණය සංවිධානය කිරීම සම්භන්ධව භෞතික වාදයට පිටින් බොහෝ පැසුන කතනදර තව තිබේ. මේවාට කියන්නේ මරණ රැලි කියාය. තවත් මේ වගේ දෙදෙනෙක්වත් මේ රැල්ලට ඉතා නුදුරුව අසු වීමට නියමිත බව ඉතිහාස දක්ත කියයි.
ඉතින් මේ ලිපිය අවසන් කරන්නට මාරසට ගීතයක් නොමැත.
නමුත් ඇත
ජගත් මාරසිංහ
18 04 2024



Powered by Blogger.