පශ්චිම රාජිනියෙනි-පත්තිනි මෑනියෙනි- මඩුමෑනියනි. ලාංකේය ජනතාවට යාඥ්ඥා කරන්න කියලා ස්වර්ණ මාලියට කියන්න.අපට ඔයාලා සැවොම එකයි.

 

පශ්චිම රාජිනියෙනි-පත්තිනි මෑනියෙනි- මඩුමෑනියනි. ලාංකේය ජනතාවට යාඥ්ඥා කරන්න කියලා ස්වර්ණ මාලියට කියන්න.අපට ඔයාලා සැවොම එකයි.
***********************************************************************
මාරස නිර්මාණාත්මකව ගෙනෙන ව්යාධ දේව යනු ලියැවී තිබෙන්නේ ව්යාධි වලට සහ දඩයමට අධිපති නායකයා වශයෙනි. මේ ප්රාග් ‌‌‌‌බෞද්ධ යුගයේ කියන කතාවද මාරය. ඒකාලයේ සිටි මහා දේවතාවිය "පශ්චිම රාජිණී" විය. මේ දෙවිවරිය ගැන සොයා යන විට ස්ර්ණමාලියවද සිහිවන්නේ අතීත කාමයෙන්ම නොවන්නේය. විග්රහ කළ යුතු වන්නේ මේවා භෞතිකද නැතිද කියාය. භෞතික නැත්නම් ඒඅයගෙන් ඇසිය යුත්තේ නීටිෂේ ගැන විචාරයක් ලියන්නැත්තේ ඇයි කියාය. නමුත් ඊටත් වඩා පොරවල් දැන්ඉන්නවා අනිවාය. ඉතින් මඩු පල්ලිය වනාහී ඒ පශ්චිම රාජනීයගේ ආධ්යාත්මික අසපුවය කියන පිරිසත් මාරය. පසුව ඒ පත්තිනි අම්මාගේ අසපුව විය, අවසානයේ මැඩෝනා හෙවත් දේවමෑනියන්ගේ අසපුව විය යනදී කතා පුරාවිදයාත්මකව මාරය. ඒවායේ දේශපාලන ඉතිහාසයෙන්නම් මේ සැබෑ ‌භෞතික වාදී මූලාශ්ර්රම සේ පෙනේ කොටින්ම පශ්චිම රාජිනාලා සහ තවත් අයමෙන්ම මඩු මෑනියන්වද සිරිලක් වැසියෝ පිළිගත්තෝය. ඒ නිසා මඩු මෑනියන්ගේ නාමයෙන් නැතිනම් ලාංකේය පොදු ජනයාගේ නාමයෙන් පාස්කු ප්රහාරය ගැන සංවේදී වීමට පෙර ලාංකේය මිනිසුන්ට සිදුවූ අලකලංචි නොව කෙලින්ම භීෂණය නොදැක්කාද කියා අද පල්ලියෙන් මිනිසුන් අසන ආදර ප්රශ්න වලට ආදරයෙන් මඩු මෑනියන් සේ පිළිතුරු දීම සහ නොදීමද දෙවියන්ගේ කැමැත්ත වනු ඇත. එසේ නොවුවහොත් ඒ තර්ක විතර්ක සාධාරණ යුක්ති සහගත මැතිවරණයට කොක්කක් සේ දේශපාලකයෝ පාවිච්චි කරනවා අනිවාය. කොහොමත් ලොක ධනේශ්වරයේ යුක්ති සහගත මැතිවරණ නැති බවද මිනිසුන් දන්නවාය. මේ ලෝක ව්යවසායකයන්ගේ ලෝක මැතිවරණ යුගය බව මිනිසුන් දන්නවාය. කරන්නට දෙයක් නැති නිසා මිනිසුන් නිහඬව ඉන්නවා කියන්නේ ලොකුම හඬ බව නොබෝ කලකින් ලෝකයම තේරුන් ගන්නවා නියතය. දැන් මේ ධනේශ්වරය වදයක් වී ඇත්තේ අපට නොව ඒකලාටය.
ඒවාට දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්නේද නායක පූජකයන්ගෙන් අසන්නට ලාංකේය කිසිදු ජාතියක් නැගී සිටින්නේ නැත. ඒ ආදරය නිසාය. ආදරය භක්තියට සමාන වග තන්ත්ර යනයේ කියවේ. කෙසේ වුවද සර්ධාව යනු භක්තියේ වර්ධනයක් වන්නාසේම නොවන්නේයකියාද සිතිය හැකිය.
නමුත් ඒතත්ත්වය දේශපාලනික මුහුණුවරක් ගෙන තිබීම ගැන මාරසටනම් ඇත්තේ විමතියකි. මන්ද අපගේ ආදරයට විකාරක් වූයේ පාස්කු ප්රහාරයෙන් පමනක් නොවන්නේය.‌ මේතත්ත්වය යටතේ සිදුවන ව්යයසනයක පැත්තක් අජිත් පැරකුම් වැනි සමාජ මාධ්ය වේදියා .අවධාරණය කර තිබෙනවාද දැක්කේය. සියල්ලන්ගේම කඳුළු කඳුලුය. කිසිදු ධනේශ්වර දේශපාලකයෙක් මේ කඳුළු වලට උත්තර දෙන්නේ නැත. නූතන සරදියෙල් වන් තෙවරප්පෙරුම වන් අහම්භයන් මොනවාදෝ කියා කර නිවීයන්නේය. ඒ සර්දියල්ලාගේ මතු ආත්මයලෙස ලියැවිලි ලියවෙනු ඇත.
අවසානයේ නලින්ද සිල්වානන්ගේ ජාතික දේශපාලන කතා සැබෑවක් වෙනවා සේ පෙනේ. ඒ තත්ත්වයන්ගේ අවසානය කුමක්ද? නලින්ගේකතා ජාතක වාදී හෝ මොන වාදී වුවත් අප විරුද්ද වුවද මාරය. නලින්ව දයලෙක්තිකයෙන් නැතිනම් මොන මගුලකින් හෝ බැහැර කළ හැක.එහෙතු ඉතිහාසික භෞතික වාදයෙන් ඒ කළහැක්කේ කේසේදැයි බොහෝ අය බලා සිටිනවානියතය.
හැබැයි ඔරුව යන්නේ සාධාරණ පැත්තකට පැත්තකට නොව සිංහල බෞද්ධ විරෝධයකටයැයි ජනගත වුවහොත් කුමක් වේවිද කියා සිතිය යුත්තේ කාඩිනල් තුමා නොව එයාගේද නායකයන්ය. ඒගොල්ලන්ගේ ආශාව ඒකනම් .........!දයාබර ආධ්යාත්මික නායිකාවක් වන් මඩු මෑනියන්ට අප යාඥා කරමු. මාරසද මේ ලඟකදී මීගමුව රෝහලේ ඇති දේව මෑනියන්ගේ චූටි ලස්සන පල්ලියට ගියෙමු. අපට කොයි පල්ලියට ගියත් කෝවිලට ගියත් පන්සලකට ගියත් බුදුනුවන් දෙසන ලද ආධ්යාත්මිකත්වයේ ඉව දැනෙන්නේය. ‌ඉඩක්ද තියනවා තමාය.

ජගත් මාරසිංහ
22 04 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.