නීට්ෂේ මේ කොදෙව්වේ නැවත උපත ලැබුවා!

                       නීට්ෂේ මේ කොදෙව්වේ නැවත උපත ලැබුවා!

දුන්න දුනු ගමුවේ

ඊතල කිතල ගමුවේ
රාළ මී ගමුවේ
මුවෙක් පැන්නයි
සබරගමුවේ...
**************************
දෙවියන් මියගියා
උත්තර මිනිසා සෙව්වා
කලාව මරු බව පෙනුනා
අපේ උන් උත්තර මිනිහටත් කෙලියා
නීට්ෂේ ගැන ලිව්වා
නමුත් නීට්ෂේ යට ගියා
කාල් මාක්ස් දිනුවා
නීට්ෂේ මේ කොදෙව්වේ නැවත උපත ලැබුවා!
****************************************
රුසියාවේ පුස්කින් කිව්වලු අපි ඔක්කොම රුසියානු සාහිත්ය කාරයෝ ගොගොල්ගෙන් ආපු කස්ටියක් තමා කියලා. නමුත් සියල්ලෝම කිව්වලු අපේ පියා වනාහී ලියෝ ටොලොස්ටෝයි තමා කියලා. අර හින්දි චිත්රපට අපේ කොදෙව්වේ සමහරුන්ට දිරවනවා වගේ ඒ වගේම හින්දි අංග චලිතයන් වාව් වාව් කිය කියා අපේ රටේ පශ්චාත් නූතන සිනමා ශිල්පියනුත් තිරයට යටින් මතුකරනවා වගේ නොවේ ඊ‌ටත් වඩා වැඩි පැත්තකින් ටොලොස්ටෝයි අපේ කොදෙව් කඳවුරේ පොරක්. නමුත් සිංහල බෞද්ධ හෝ නැතිනම් එසේ නොවන කිසිවක් ටොලොස්‌ටෝයිට ලියන්න කියන්න කාටත් බැහැ. ඒ ඇස් භෞතිකව නැති නිසා නොවේ. ටොලොස්ටෝයි ගැන ලියන්න සංස්කෘතික ඇස් ඇවැසිමයි. සංස්කෘතියක් නැහැ කියන්නේ පුරවැසියෙක් නැති රටකට. පුර වැසියෙක් නැති රටක සිදුවෙන දේවල් පැත්තකින් චැප්ලින් කියනවා වගේ කොමඩියක්. තවත් පැත්තකින් ‌කේෂ්පියර් කියනවා වගේ ‌ඛේදවාචයක්. ට්රැජඩි කොමඩි පැත්තකින් තියලා කතා කරණ ලද ටොලොස්ටෝයිව හරියටම අහුවෙන්නේ ප්රෙඩ්රික් නීටිෂේටට මාරස දන්නේ නැහැ. මොකද අපට මහමගදි අපට මුණ ගැහෙන ‌අපි සමග අතීත කාමයෙන් බැඳී සිටි අය දැන් ‌ගමන පටන් අරන්. ගමණ පටන් ගත්ත ගමන් මොකක්ද දෙයක් එයාලට වෙලා.
ඔව් සමහර නළුවෝ නසූර්දින් ෂාලට පමණක් නොවේ චාලි චැප්ලින්වත් ඉක්මවලා ගිහින්. අපි දිහ බලන්නෙත් ඒ වගේ නොවේ නොදැක්කා වගේ ඉන්නවා. සමහර සංගීතඥයෝ සහ ගායකයෝ මේ හද්ද පතුරු අතීත යුරෝපියන් අතීත කාමයේ කුණුහරුප කියමින් නව ප්රවනතාවක් හදා ගනිමින් කරන කතන්දරය මාරයි. ඔව්. එහෙම දේවලුත් තිබිය යුතුයි. කැලේ පරිසරය ආරක්ෂා කරන අහිංසක සත්තු පමණක් නොවේ රෞද්ර සතුන් පමනක් නොවේ නරි පමණකුත් නොවේ කල් ඉකුත්වී ගිය නරින්ද සිටිය යුතුයි. ඒකලාව අමතක කර දේශන දෙන යුරෝපියන් නාකි සිංහයන් වේශයෙන් පෙනී සිටින පරංගි පොරවල්ද විචිරකයෝ විය යුතුයි.
ලස්සනයි කලාව. මාරයි. හිතාගෙන ඇති මිනිස්සු චිත්රපට සංස්ථාවට දේශන අහන්න දැනුත් එනවා කියලා.
වුනේ එක දෙයයි. ජයවිලාල් විලේගොඩලාා පෙර සිටි සහ ඔවුන්ගෙන් කාලෙත් විචාරකයන් විසින් රසිකයන්ව පෝෂිත අවකාශයක රඳවා සිනමාව සුපිෂ්පිත කළා. පසුව පිහි වූ මිහිඳු කුලලාගේ සහ ගුණසිරි සිල්වාගේ කුලකයෙන් මේ ගැන කතා කළ යුතු ගුණසිරි ශිල්වාද කවදා කතා කරාවිද කියලා කිසිවෙක් දන්නේ නැහැ. මේ අතර කාලයේ ජයදේව උයන්ගොඩලා සහ තවත් කිසිදා නම් නොකියන සිනමා චක්රවර්තීලා ගැන කියන්න කැමති නැහැ. නුවන් නයනජිත් සහෘදයාට මේවා ඉතා හොඳින් තේරෙන බව මාරස දන්නවා. එකා කට අරින දවසක් එනවා. ඒ ගැන දැන්ම කියනු කුමට.
කැලණි කැම්පසයේ සිනමා වේදීන් ‌ගුරුවරු ගොඩක් දන්නේ කතෝලික පිළිරූ ගැන වාද කර පණ්ඩිත කම් කියන්න විතරයි කියලා මාරස අනාගතයේ ලියන්න ඇවැසි අවස්ථාවේ ලියාවි. තවත් පැත්තකින් අද අපේ සමහරු ටොලොස්ටෝයිලා වෙලා තියෙන්නේ සිහින කල්පිත සාහිත්යයෙන්ද? මේ දෙබරයකට කැටපෝලයකින් ගලක් විදීමක් නොවේ. නිකන් කැටපලයකින් ගලක් ඒ අසලට විද්දා පමණයි. අර බස් රථයක කොන්දොස්තර හෙවත් ‌ජන භාෂාවෙන් කොන්දා ලොක්කා වී කවුරුත් බසටය නගින්න එපා කීවිට සියල්ල පොර කකා නගිනවා මෙන් මෙවන් ඉලක්කයට අහල අවකාශයේ යන කැටපල් ගල් දැක සැබෑ ජනතාව විදින්න ඇවැසි තැන් වලට විදී.
ජගත් මාරසිංහ
10 04 2024


Powered by Blogger.