සත්‍ය සහ අසත්‍ය කිසිදා පරවෙන්නේ නැත

                   සත්‍ය සහ අසත්‍ය කිසිදා පරවෙන්නේ නැත

        අනිත්‍ය නියමයත් ඒ සමග බැඳී පවතින ව්‍යුහවාදීව මාර වෙන අෂ්ටලෝක ධර්මයත් මාරය. සියල්ල අනිත්‍යට යටත්ය. මාක්නම් කීවේ වෙනස් වීම හෙවත් චලිතය කියලාය. නමුත් බුදුනුවන් සහ මාක්ගේ අදහස් අහසයි පොලවයි වාගේය. අහසයි පොළවයි කිසිදා එක් කළ නොහැක. එක් වී ඇති දෙයක් වෙන් කළද නොහැක. වෙන් කරන්නටත් බැරි වන්නේ ඒ නිසාය. මේ ධර්ම දාර්ශනික ප්‍රවනතා ගැන ලාංකේය මහා මාක්ස් වාදියෝද මාර පොත් ලිව්වෝය. නමුත් ඒවා ජනතාව තබා ජනතාවාදී ගීතරචකයෝවත් බාරගත්තේ නැත නොව ඒවා උනට රුස්සන්නේ නැත. ව්‍යයසායකයන්ගේ කල් ඉකුත්වන භාණ්ඩ බවට සියලු කලාකාරයිද පත්වන ආර්තිකය පමණක් හිතමින් තමන් පෝෂිත වන අවධියක යම් සාධනීය දැනුමකින් යමක් ලියන්නට නව නම යොදා නව ලංකා කියා සමාජවාදය යොදා කීවත් ඒවා තේරුන් ගත්තත් රැල්ල ගොඩ ගහන්නේ නැත. ඒ සියලු රැලි ආපසු යන්නේ  සැබෑවේ මහා සාගරයෙන් ගෙනා වැලි කැටයක්වත් ගොඩ බිමේ නොතියාය. ඉතින් මාක්ස්වාදය හෝ වම කෑලි කෑලි වලට වෙන්වුවත් උන්ගේ සුසුම බොහෝ වටිනේය. කොටින්ම ජාතික ව්‍යාපාරයේ සැබෑව සොයන්නේද ඒ හරහා පැමිනි පෙරදිග සුලන් වන් මහා බෞතික වාදය ගැනත් දන්නා ‌කීප දෙනෙක් නොව එකෙකු බවද සැබෑවක්ය. නමුත් ඒ අයට උරුම වී ඇත්තේ තනි පුටුවක් පමණි යන්න දැන් සැබෑවක් වී ඇති බව අළුත් කොල්ලන් හිතන්නේය. ඒවට කියන්න තියෙන්නේ රෙද්දේ කතා කියාය. අපත් කවුරුත් තරුණ කාලයේ සිතුවේ වෙනත් තාරුණ්‍යයට ගැලපෙන විකාර පමණි. කාලයක් ගතවන විට මේ හිස් පුටු පුරවන්නේ මේ නාකීන්ගෙන් බැනුන් අහන කොල්ලන්ම වෙනවා නියතය. සමහර විට පියදාස සිරිසේනයන් හරහා උන් පසු පරපුර කියන්නටද ඉඩ ඇති බවට සාධක බොහෝය. නොස්තැලිජියා යුරෝපියන් සංකල්පයන් කුමක් හෝ වේවා නොස්තැලිජියා හෙවත් අතීත කාමය ගැන කතා කරන ඈයෝ මාර අතීත කාමියෝය. මේවා ගැන කියන්නට මාරසට වඩා අනර්ග වන්නේ බයිලා චක්‍රවර්තිලාම වන්නේය. මොකද උනට තරම් කෙටියෙන් අනෙකාගේ හොම්බ සමතලා වෙන්නට කියන්නට අනෙකුන්ට නොහැක. පෘතුග්‍රීසි කාරයාගෙන්ම නිපන් ලාංකේය බයිලා හඬ ලොරෙන්සෝද අල්මේදලාගේ යුරෝපියන් සීනු හඬමය

         මාරස සයිබර් රස්තියාදුවේ යන බවත් කොහොමත් මාරස රස්තියාදුකාරයෙකු බවත් දන්නෝ දනිති. ඒ නොදන්නා අය ගැන කියන්න තියෙන්නේද ඒනුව්ස එකසිය අසූවෙන්ම රස්තියාදු කාරයෝ කියාමය. මේ ලියන අවස්ථාවේ පාලිත තේවප්පෙරුම සහෘදයා මිය ගොස් ඇත. ඒ මරණයෙන් ගම්‍යය වූයේ ලාංකේය ජනතාවට ඇවැසි සූර සරදියල්ලා මෙන් අය කියා බවත් කිව හැකිය. ඒ මාර ස්ථානගත ලක්ෂ්‍යක්ම වේ. අවංකත්වය සහ අනෙකාට ආදරය යනුන විවිධ ආකාරයෙන් හැඟවුම් කරණය වෙයි. නමුත් සරදියල්ලාගේ දර්ශන තිබ්බේ නැත. උගතෙක් සරදියෙල් වුනොත් ඒ විප්ලව  වාදීන්ය. ඒ නම දී ඇත්තේද වමය. පවතින්නේ වමට විරුද්ධ ආණ්ඩුවක්නම් උන්ට මරුය. මොකද ඒ ලේබල් සමගම රොත්ත බුරුත්ත පිටින් ඉස්සර විදිහට නොව සකාබර්ලාගෙන්ද තොරතුරු ගෙන පශ්චාත් නූතන වාදීනිගේ ප්‍රංශ රැල්ලේද දැණුම අනුව පවතින ආණ්ඩුවට නොව රාජ්‍යය ආරක්ෂා කර ගැනීම උන්ගේ ඉතිහාසයෙන්ම උන්ගේ මොළයට කා  වද්දා තිබේ. මේ කතාවෙන් පසු අනෙකුන්ගේ කතා මාරසට අදාල නැත. දැනට මොහොතකට කලින් කළ යුත්තේ කුමක්ද කියා අසා ඒ දැනගැනීමට මා ඉතිහාසය කියවන විට ආවේ ඒ කාලයේනම් දුකක්ය. දැන්නම් දුකක් නොව සැබෑවටම වයසක පොරවල් වලගේ විගඩම්ය. මාරසද වයසකය. සමහර විට මාරසද විගඩම් කාරයෙක්ද කියා තනියම බිය සිතෙන අවස්ථාද තිබේ. ඒ අවස්ථාවලදිනම් මාරස තමන්ගේ  පරම්පරාවටත් තමන්ට ඉහල පරම්පරාවටත් අර රැපියල්ගේ තෙන්නකෝණයන්ගේ  කුකුල් හැවිල්ලේ මෙන් තව ඒක බුධ දිනක් තබා, ඉන්නට ඉඩ නොදී මකා. බලා එල්ල හෙළුව හෙල්ල  මුලැම බෙල්ල මරුතැනේ කියන කතන්දරද සිහිවන්නේය.

දැන් කතන්දරයට මාරස කතන්දරයට පා තබන්නේය. මාරසද මාරස දැක ඇති හැම පැත්තෙන්ම සිතනවා තමාය. නමුත් ග්‍රහචාරය ඔස්සේ හිතන කතන්දරය මාර වෙන්නේ ලාංකේය අද්භූත දාර්ශනික මිනිසුන්ට ග්‍රහයෝ මොනවා නොකිව්වත් උන්ද තවම නමක් නැති ග්‍රහචාර අවකාශයක චලිත වන නිසාය. ‌මේ සම්බන්ධව හේතුවාදීන් ඉදිරිපිට කියන ලද කාලෝගේ අවසාන කතාව ගලපා ලකුණු ගැනීමට මාරසට කිසිදු අවශ්‍ය තාවක් නැත. ඒවා ගැන කතා  කළ යුත්තේ ඒ අයම වන්නේය. මාරස වන් තනිපුද්ගලයෙකුට ඒ අය ගසන්නට බනින්නට ඒන්නේ නැත්තේ මගේද පැත්තක් ඒ අයට විවෘත බව ඒකුන්  දන්නා නිසාය. නමුත් අහස සහ කොටින්ම පාරභෞතික වාදය සම්බන්ධව කාරණා ලියන මාරස හේතු වාදී සංගමයේ ඉදිරි ගමනට අතිශයින් විරුද්ධය. දැන් මහා උගතුන් පාරභෞතික වාදීව නොව කෙලින්ම බිස්නස් එකටම ජනතාවට කෙලින්නට පටන් ගෙන තිබේ. ඒ සම්බන්ධව ඒ අයගේ සැබෑව හේතුවාදී පැරණි දාර්ශනික පද්ධතිය ඉක්මවා නව විද්‍යාත්මක සොයා ගැනීම් පමණක් නොව නව දර්ශන හරහාද ඒ අයගේ රෝග සුව කිරීමට ඉදිරිපත් විය යුතුය. මේ කඩයිමේ ඒ මාර දෙයක් වන්නේය.
********************************************************

පරවුණු මල් වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ 
දුවගෙ මුවින් එන කැකුළු සිනාවේ 
එළිය මැදින් හෙට දවස උදාවේ 

අතට වළලු මම කොහෙන් සොයම් දෝ 
පයට ගිගිරි මම කොහෙන් සොයම් දෝ 
ඉණට හවඩි මම කොහෙන් සොයම්​ දෝ 
දුවට මවක මිස පියකු කොයින් දෝ 

දාවල ගෙවිලා අඳුර ගලනවා 
ඈත ලොවට නිදි දෑස පියෙනවා 
හීතල පාළුව හියුඩු පිපෙනවා 
ඒ අතරින් දුව දොරට වඩිනවා 

https://youtu.be/939egMmmdwc

ජගත් මාරසිංහ
21 04 2021
https://jagathmarasinghe.wixsite.com/mare





Powered by Blogger.