දේශපාලනිකවද පව් දුරු නොවේ. දුරු කර ගත යුතුය.

                දේශපාලනිකවද පව් දුරු නොවේ. දුරු කර ගත යුතුය.



      දන්නවාද ඊයේ ඇසල පෝය. පෝයවල් දෙකක් තිබ්බේ ඒක් ඒක් පැති කඩ  වලින්. නමුත් ඊයේ ඉඳන් වස් ආරාධනා කරනවා. සන්නා කිව්වනම් මාරයි. වස්සාන කාලය.

         අනේ මම නම් සිල් ගත්තා. මා දකින්නේනම්  රෝහිත භාෂණ සහ සනත් බාලසූරිය වගේම මංජුල වෙඩිවර්ධනත් රටින් පැන ගිය එක සාධාරණයි එසේ විය යුතු කියලයි. මම දන්නේ නැහැ උන්ට තියන දේශපාලන විරෝධය. නැහැ කියලා වගේ හිටියට මේ ධනේශ්වරය අර ඉතාම අහිංසක පෝද්දල ජයන්තට ‌වුන දේ මාරස දන්නවා. ඒ අවස්ථාවේ තවත් වතුර ටැංකි වලට ගොඩ වී උද්ගෝෂණය කළ රංජන්  අමරරත්නවත් අමතක නැහැ. මුන් ටිකට ඉස්සර තිබ්බේ පුදුම දේශපාලන අමාරුවක්. දැන්නම් රංජාට අසනීපයිලු. ඒකාගේ ලස්සනම වචනය තමා ඒකාගේ ඉස්කෝලේ. ‌තෝලන්ගමුව. කරන්න දෙයක් නැහැ නුඹත් අනිත් උනුත් දේශපාලන මතවාද සමග ගැටුන මේ ලියන මගේ පරපුරෙන් පසු ආදරය සහ වෛරය විසඳා ගන්න ගිය කස්ටියක්. කොච්චර විසංවාද තිබ්බත් නුඹලා ගැන ලංකාවට ආවොත් කොන්ඩ කපන්න තරම් තත්ත්වයක් නැහැ කියලා මාරසට කියන්න හැකියාවක් නැහැ. නමුත් මට ඒ වේදනාව කියන්න අයිතියක් තියනවා. මම මචන් මේ සියල්ලෙන් වෙන් වෙලා නිවන නොවේ මම දන්නෙත් නැති දෙයක් නොවේ සියලු නච්චගීත වාදනයන්ගෙන් අයින් වී කැලනි පන්සලට ගියා වස් ආරාධනා කරන පිංකමට. කිසිවෙක් මාරයාට ආදරය නැහැ. නමුත් සැබෑ මාරයත් ආදරෙයි ජීවිත වලට. මම මොකක්ද හොයාගෙන යන්න ඇති. මරු බන්. ආදරය දෙපිටින් ගලා ගියා ඒ අහිංසක නොවේ ජීවිතයක් තියන මිනිස්සු දැකලා. නමුත් නුඹලාව සිහි වුන නිසා කැලණියේ නයි බයි නොවේ අපේ කැලනිය නාමෙන් මේ ගීතය දානවා

https://youtu.be/TEqml5ZXjrI

ජගත් මාරසිංහ

02 08 2023


Powered by Blogger.