ආදරය සහ ලිංගිකත්වයේ "දුටු දුටු දන මන නන්ද.....!"

  ආදරය සහ ලිංගිකත්වයේ "දුටු දුටු දන මන නන්ද.....!"

           අපිත් ගැටයා සන්දියේ සිට ආදරය හෙව්වා. වයස 30 -35 වෙද්දි දැන ගන්නවා ආදරය කියන්නේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච දෙයක් කියලා. පස්සේ ගැටලුවක් එනවා. ඒ කියන්නේ සෙක්ස් අර ආගමේ මේ ආගමේ නොවේ සිංහල බෞද්ධ දෙමල, සිංහල බෞද්ධ සිංහල, සිංහල බෞද්ධ ලන්සි හෝ තව බොහෝ ගනනක නැතිද කියලා. මාරස ඒ කාලේ දින කීපයක් දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත නාටකය බලනවා. හොයාගෙන ගිහින් මහාපාරවල්  අයිනෙත් දයානන්දයන් සමග මේ ගැන කතා කරලා තියනවා.
          හැබැයි සිහින ලෝකයකට මාරස ගියේ නැහැ කියලයි හිතන්නේ. සිංහල බෞද්ධ කියලා අප හිතන් හිටපු අතීත ලෝකයක ආදරය සහ ලිංගිකත්වය තිබ්බේ නැතිනම් සෙක්ස් තිබ්බේ මෙහෙමයි කියලා දයානන්ද අප රටේ අතීතය ගායනා කරන්න ගන්නවා. ඒ නිසාම ආදරය තිබ්බේ ඒ කාලේ මෙහෙමයි කියලා දැනෙනවා. ජීවිතය කියන්නේ ජීවිතය. බලන්න කිසිවෙක් අඩනිරුවත්වත් කරන්නැතිව ආදර සහ ලිංගික හැඟීම් ප්‍රේක්ෂකයන්ගේ වල්මත් කරලා දාන දයානන්ද ගුණවර්ධනයන්ගේ  ලස්සන රචනය සහ නිෂ්පාදනය. එයාට හැකිවුනා හැම දෙයක්ම සිංහල‌‌ දෙමල හැම කෙනෙක්ම පැත්තකින් තියලා සිංහලෙන් දයානන්ද කතා කළ තැන් බොහෝමයි. නමුත් "ගජමන් පුවත" මාරසට ඒ කාලේ විශේෂයි. ඒ අන් දෙයක් නොවේ ලෝකේ හැමදාම ආදරය මෙහෙම තමා කියලා කාවවත් තරහා කරගන්නැතිව කලාවෙන්ම නිර්මාණය කරන හින්ද වගේම ඒක අපේ පපුවටම කියන නිසා. ආදරය කියන්නේ අර ආදරයයි වෛරයයි දෙකම එකක් වගේ කාටත් මාර දෙයක්. අපව ජීවත්කරවන්නේ අර සයිමන් කියනවා වගේ බලාපොරොත්තු තමා. ඒ හැම බලාපොරොත්තුවක්ම ආදරයෙන් පිරිලාත් තමා. 

"දුටු දුටු දන මන නන්ද
වඩන සුපිපි කුසුමන්ද
ඇඹුල උපුල අරවින්ද
වන සුරැසා.
මද මද එන පවනින්ද
දස දිග විහිදි සුගන්ද
ගෙනයති බිඟු මකරන්ද
නද සලසා................."
https://youtu.be/WQXtwBKnXV0
ජගත් මාරසිංහ
09 08 2023
https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.