ආදරය කොතනද එතන ජනක ජයසිංහයා ඉන්නවාමය

ආදරය කොතනද එතන ජනක ජයසිංහයා ඉන්නවාමය
කවුරුන් කෙසේ කතා කරත් මේ ජනක ජයසිංහයා කියන්නේ සැබෑවක්ය. මේ මුඩුක්කු ජීවිතවල ඇත්තේ සැබෑ මාක්ස්වාදටයටත් වැඩි දෙයක් කියා ඒකා එදා සිටම කීව්වේය. ‌දීප්ති කුමාර ගුණරත්න, කේ කේ සමන් කුමාර මනුබන්දු විද්‍යාපති අර අද ඉන්න නීතිවේදියෙක් වූ  මංජුල පතිරාජවත් මට සිහිවේ. අහලින් පහලින් නවරත්න ගමගේ ගේ සංගීත ස්වරද ඇසෙවා සේය. ඒ ඇයිදැයි ඒ ස්වරවල රිද්මයෙන්ම අසා දැන ගත යුතු සේය.
මාවද සන්නා මෙවන් සාකච්ජාවකට ගත්තා මතකය. කෙලින්ම කතා කරන්නට අවස්ථාව දුන්නා මතකය. ඒකට පින් සන්නා. මේ කතා කරන්නේ පිස්සු හැදෙන පොරක්. මේ කතන්දරය අහන් ඉන්න. දේශපාලනයේ ඇති මධ්‍යගතවාදයේ විහිලුව තොපට තේරිවි. මුඩුක්කු සංස්කෘතියේ වටිනාකම තොපට තේරේවි. සන්නා. තෝ කළ ලස්සන නොවේ වැදගත්ම දේ මේක ‌‌දෝ කියලා මට හිතෙනවා. මේ මේකේ අඩුවක් තියනවා. සයිමන්ව ජීවත් කළේ මේකා බව මම දන්නවා. ඒ කියන්නේ ජීවිතයක් වශයෙන්ද නාටක වශයෙන්ද එතන හිටපු නම්බුලත් ඒක දන්නවා කියලා දන්නවා. නමුත් මේ ටික එක්කාසු විය යුතුමයි. මක්නිසාද සයිමන් සර් පසුව පොත් පත් ලිව්වෙත් මේකාගේ මාර මිත්‍රත්වයෙන් නිසා බව මා දන්නා නිසා. ඒ ගැන කතා නොකළත් මා ‌මෙහි සටහන් කරනවා. මොකද සයිමන් සර් අවසානයේ හැදෑරුවේ මුඩුක්කු සංස්කෘතිය. ඒකේ පිටිපස්සේ හිටියේ තෝ කියලා මාරයාට කියලා තියෙන්නේ සයිමන් මචන්. තොටත් ගහන්න දෙයක් තියනවා. තෝ කැමති වුනා නේද පණ්ඩුකාබය සයිමන් කරනවාට. පල යන්න. ඒ වුනාට මේ සාකච්ඡාව මරු යකෝ. මේක තමා මේ ලාංකේය සමාජය මාක්ස් ලෙනින් බුදුනුවන් නැවත ඉපදිලා වගේ කියන සැබෑ සාකච්ඡාව. ආදරෙයි මචන්. මේ පහත ටිකත් නැවත දානවා ආදරය නිසාම.
"සාමාන්යයෙන් මාරයා මේවාට ලියන්නේ නැතිය. ජනක ජයසිංහයාගේ මුහුණ දැක් විට නොලියා සිටින්නටද බැරිය. අර සර්පයා මට හඳුන්වා දිමට මුල් වූ බව සැබෑවක්ය. නමුුුත් ඊට වඩා ප්රධාන වූයේ සයිමන් නවගත්තේගමය. ඒකා ජනකට ගොඩක් ආදරයේය. ඒත් සයිමන් යනු සයිමන්මය. දවසක ජනක ජයසිංහයාගේ විවාහයට අත්සන් කරන්නට සයිමන් එනතුරු ඒකා බලා සිටියා කියා මට සර්පයා කියා ඇත. නමුත් සයිමන් ආවේ නැත. සයිමන් තවත් මිතුරෙකු මගින් ලිපියක් එවා තිබේ. මචන් ජනක. මට මේකා අතේ රු 200/ ක්ද කොහෙද එවපන් කියා. නමුත් ජනක ජයසිංහ කියන්නේ මුඩුක්කු සංස්කෘතිය ගැන මහා පොතක් ලියපු ඒක පල කරන්නේ නැතිව ඉන්න අපතයෙක් කියලත් කියන්න හැකියි. ඒ සම්බන්ධව දන්නේ ඒකා. සයිමන් මාරයාටනම් කියලා තියෙන්නේ ඒකා මාර අවංක පොරක් කියලයි. සයිමන්ගේ පණ්ඩුකාභය නාටකය ‌ප්රේමදාස වෙනුවෙන් ලිව්වා කියලා විකාර වෙද්දි ජනකයා ඒක සම්බන්ධව පෙනී සිටියා. නමුත් සයිමන් සම්බන්ධව ජීවිතය අවසාන වෙනකන් පෙනී සිටපු මාර පොරක් තමා ජනකයා කියන්නේ. දැන් ඒකාට ගොඩක් උපාධි තියන බව දන්නවා. සියල්ලන්ට වඩා මරුම උපාධිය මනුෂ්යත්වය තියන බව දන්නවා. සයිමන්ගේ ජීවිතය සම්බන්ධව මගෙන් සමහර අය අහනකොට මම කියන්නෙත් කරුණාකර ජනක ජයසිංහව හමුවෙන්න කියා. ආදරෙයි මචන්. සයිමන්ගේ ලස්සන කතාවකින් මේ සටහන අවසාන කරන්නම්." නිදිමතේ පුළුවන්ද යකෝ රටක් පාලනය කරන්න" ආදරයේ මචන්. "
https://youtu.be/VpROdJ8x-eU


ජගත් මාරසිංහ
06 05 2023
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.