-පොල් කට්ටයන්ගේ දර්ශනය-

                                                                        -පොල්  කට්ටයන්ගේ   දර්ශනය-

මම ඉස්කෝලෙ යන කාලෙ සිට පිස්සෙක්ව දන්නවා මා කැතකතුන්ගේ පතිවත පොතේ ගණිතයා කියා නම දමා කී කතාව ලිව්වේ ඒ පොල්කට්ටා  කියන මානසික  රෝගියා ගැනය.

ඒකා බස්රතවල පිටුපස දූවිලි  බැදුන තහඩුවේ දබරඟිලෙන් සයින්
 කෝස් ටෑන් පමනක් නොවේ ඒවා ලියා කවියකුත් කෑගහලා කියවනවා.

ඒ අවසාන පදය මාරයාට හොඳින් මතකයි.

"පොල් කට්ටා කවි කීවේ ජීවිතය ගැන

කවි මඩුවේ තිරය මෙතනින් වැසෙනු අත"

මා ඒ සිහිකර මෙසේ ලියන්නම්.

" දන්නා දේ ලියමි ජීවිතය ඇත

කවිමඩුවේ තිරය නැවතත් ඇරෙනු  ඇත‍‍‍‍

මෙරුන් වර්ණ  තිරයක් හැම විට ඇරෙන කල

මාරම මාර නාටකයන් දිලෙනු ඇත."

ජීවිතයේ ලස්සනම ලස්සන කතා තියෙන්නේ පිස්සෝ ගාව කියලා කතා තියනවා. හරිම සරලයි. ඒ උනාට හරිම ගැඹරුයි. ගැඹුරේ තමා මැණික් තියෙන්නේ කියලා කතාවකුත් තියනවා.

ජගත් මාරසිංහ

26 08 2023


Powered by Blogger.