මට සිංහබාහු නැවත රගපාන්න ඕන නැහැ

                    මට සිංහබාහු නැවත රගපාන්න ඕන නැහැ


     මගේ පුතා මගෙන් ගේමක් ඉල්ලුවා. මට මතක් වුනේ තන්ත්‍රයානයේ කතාවක්. ගොවියෙක් බලන් ඉන්නවා. රහතුන් වහන්සේ කෙනෙක් නියරක යනවා. ගොවියා බලන් ඉන්නේ කවුරු දිනයිද කියලා. චන්ඩියා හාමුදුරුවන්ගේ හොම්බට ගහලා වෙලට වීසි කර දානවා.

   ගොවියා ගිහින් හාමුදුරුවන්ව නහවා බේත් හේත් දී සුව කරනවා. කිසිත් කතා නොකරන හාමුදුරුවෝ සුව වුනාට පස්සේ එයාගේ ගමන යනවා. ගොවියාට තද වෙනවා. මමයි බේත් කළේ මමයි සුවපත් කළේ දැන් නොකියම යන්න යනවා  කියලා චෝදනා කරනවා. 

    හාමුදුරුවනුගේ වචන හරිම කෙටියි. ඒ තමයි රහත්.

    උඹ කරපු දේ උඹ ගෙනියයි. චන්ඩියා කළ දේ එයා ගෙනියයි. මම කරපු දේ මම ගෙනියයි.

  කියලා හාමුදුරුවො උන්වහන්සේගේ ගමන යනවා.  

    නමුත්  මෙතන නොකියන කතාවක් තියනවා. ඉන් පසු ඒ ගොවියාත් ජීවිතය  ත්‍රන්න්‍රයානේ දැක්ක බුදු වරයෙක්ම තමා. මේ මොහොතේ මගේ පුතුටත් කියාදෙන්න තියෙන්නේ මේ කතාවම තමා. ගහන්න. මැරෙන්න. දැන් මාව මරන්න අමාරුයි දරුවනේ. මම ඉන්නේ වෙනම තැන

   මට සිංහභාහු නැවත රගපාන්න ඇවැසි නැහැ. නමුත් මට උඹ මඩ ගහන එකට මම ආසයි. මට මතක්වෙන්නේ සිංහභාහු වලට වඩා සරළ ගීතයක්. ඒ මවකගේ උනුසුම මම අරගෙන වසර 17ක් නුඹ සනසපු ගීතයක්. මදුරුවෙක්වත් කන්න නොදී. බඩ ගින්නේ නොතියා.

ජගත් මාරසිංහ

24 08 2023

මඩ ගහන්න නමුත්  කිසිම ගැහැනියකට මඩ ගහන්න එපා. යසෝධරාව සිහිපත් කර මින් මතු ඒ දේ නොකරන්න. බුදුන් වහන්සේ  පමනක් නොවේ මාක්ස්වත් කිසිවෙක් ගැහැකණියකට මඩ ගහලා නැහැ . පව් පුතේ. ආයේ කරන්න එපා. ගැහැණියන්ට  ගරු කරන  පිරිමියෙක් වන්න  ඉගෙන ගන්න

(උඹට අතීතය අමතක වුනාට මට ඉතාහොඳින් මතකයි. ඉතිං මම මේ සිංදුවට ආසයි මමඅංගොඩ මානසික රෝහලේ ආදරය හොයපු මිනිහෙක් )


Powered by Blogger.