අම්මාගේ උකුලේ මාරයා

                                                                  අම්මාගේ උකුලේ මාරයා



      මා කිසිත් නොදනිමි. මා දන්නේ එක එකා කියන කතන්දරය. නමුතු මේ ඡායාරූපය ගන්නා ලෙස අණ කරන ලද්දේ ඉන්ගිරිසි අධ්‍යාපනය ලත් මගේ තාත්තාය. ඒකාලයේ මා කියා නැති මුත් මගේ අක්කලා අයියලා කියන ලද්දේ පප්පා කියාය. මා ජවිපේ කියා ගෙනයන විට අපේ අම්මා පොලීසියට කීවේ මගේ මහත්තයාද කාකි කෝට් ඇඳ ඇති නිසා වරදක් කර ඇතිනම් දඬුවම් දෙන්න. නිකරුනේ පහරක්වත් අත නොතබන ලෙසය. වසර දෙකක් මැගසිමේ රැඳවියකු වශයෙන් සිටියත් මට පහර දීමට නොව තදින් කිසිවෙක් කතා නොකරන ලද්දේ ඒ ආශීර්වාදය නිසාදැයි නොදනිමි. මගේ අම්මා මට කියා ඇති කරුණක් මතකය. උසස් වීමක් බාලඅපරාධ අංශයට දුන්විට මගේ ළමයින් කෝටුමස් කරනවා වගේ දේ කරන්නට රස්සාවට යනවානම් මා නුඹෙන් සමුගන්නා බවය. තාත්තා නැතිනම් එකල සම්මත භාෂාවෙන් තාත්තා එහි ගොස් නැත. මා ඉපදුන විට එයා එයාගේ ගමන යන්නට ගියේය. තනිවූයේ කිසිවෙක් නොව මාය.

     ආදර තාත්තේ. මට අද ඇත්තේ පොත් දහසක්ද පමණදෝ කොහෙද පමණි. නොබියව එකක් කියමි

     මගේ මනුෂ්‍යත්වය කිසිදා කිසිදු නීතියකට යටත්ව අත් නොහැර මරණය තෝරගමි . මා දැක නැති නමුත් නුඹ මාව ඔඩොක්කුවේ තියාගෙන පාසැල ඇරී ගෙදර යන ළමයන්ට ටොපි බෙද්දා කියන කතාව දනිමි. අපේ අම්මාට සුදෝ කියන කතාවද දනිමි. ඔබ දිනක කඩු ඇඳපොලු වලට දමා මේවා විකාර මැනිකේ කියමින් ඒවා ආපසු දුන් බවද දනිමි. වල්පොල වෙද මහතාගේ උපදෙස් නොතකා ත්‍රොම්බෝසිස් නැතිනම් ඒ කාලයේ භාෂාවෙන් ලේ කැටියක් හිරවී මළ බවද මම දනිමි. මේ ඡායාරූපය මා සතුව නොපැවතින. මේ දුන්නේ ඔබගේ පුංචි මල්ලී වූ මගේ වින්සන් බාප්පාගේ දුවය.

    නුඹ වන් පියෙක් අද සිටියානම් මම රජෙකි. පියෙකුගේ වටිනාකම දැනෙන්නේ පියා මිය ගියපසු කී විට විවිධ දාර්ශනිකයෝ විවිධ තර්ක දාන්නට හැකිය. මාක්ස්වාදයෙන් පටන්ගෙන පශ්චාත්නූතන වාදී තර්ක විතර්ක වලට මම කැමතිය. නමුත් ජීවිතය විදින්නට අඬන්නට මට තර්ක ඇවැසි නැත

     ආදර තාත්තේ ඔබ කොහේවත් තවම ඉන්නවාද යන තර්ක වලත් නැතැයි යන තර්ක වලත් මම තාම නැත. නමුත් මගේ හදවතේ තාත්තා ජීවත්වේ. ඔබ පැතුවේ නිවන් සැපද ,නැතිනම් බුදුබවද කිසිවක් මා නොදනිමි. නමුත් මගේ මනසේ තාත්තා කියා නුඹ මා සමග මාර ජීවිතයක් ගතකරන බව පමණක් දනිමි. ඒ සම්බන්ධව මනෝවිශ්ලේෂණ න්‍යායන්ද නොදන්නවා නොවේ. ඒවායේ මගඩි නැති තැන් මාරය. කෙසේ නමුත් නුඹට නිවන් සැප ලැබේවා හෝ කියා මා දාන මාන කරමි. නමුත් ඇත්තෙන්ම මගේ ආදර යුතුකම ඉටුකරණවා විනා අන් කිසිවක් මා බලාපොරොත්තු නොවෙමි. මන්ද මා කිසිම විෂයක විද්වතෙක් බව කවුරු පිළිගත්තද මා කිසිත් නොදන්නා නිසාය.

      ඒ නිසාම අවසාන ඉල්ලීමක් කරමි පප්පේ. දවසක එන්න මාව ඔඩොක්කුවේ තියන් පාරේ යන ළමයන්ට ටොපි බෙදන්න. එතකන් ඔයාටත් මේ පොටෝවේ මළ ඔයාගේ මැනිකේටත් ‌‌‌ලොකු පුතා මානෙල්ටත් අවසාන දානය දුන්නේ දූනගහ වැඩිහිටි නිවාසයටය.කිසිවෙක් මිය ගොස් නැත තවම ජීවත්වේ පප්පේ. 

     කවුරුන් මොනවා කිව්වත් පප්පා නැත්නම් තාත්තාමෙන් මම මට පැහැදිලි විදිහට හිරේ ගියත් මරා දැම්මත් සාධාරණ මතයේ ජීවත් වෙමි. පප්පා මැරුණාට පසු ඔයාගේ පැන්ෂන් එකෙන් අද අම්මාට පසු ලොකුදුවත් ජීවත් වෙනවා. හැමදාම හීනෙන් පේනවා. නියුරෝසියාව ගැන කතා කරන්න ආවොත් උත්තර මා සතුව තියනවා. මේ කතා කරන්නේ අර වාදයෙන්ද මේ වාදයෙන්ද ආවොත් උත්තර පත්තර තියනවා.

     තාත්තේ, පප්පේ. අම්මත් එක්ක ජගත් මාරසිංහ චූටි පුතා බලලා යන්න එන්න. තොත්තුවක් දෙන්න ආසයි. මට කළ හැකි එකම දේ අවංක වීම පමණයි. මහපාරේ ජීවත් වුනත් ඒ දේ රකිනවා. සමාජවාදයට ආදරය කළ ඒ උරුමයත් රකිනවා. 

     කිසිදා නැවත හමුවෙන්නේ නැති බව දන්නවා. මොකද හමුවෙන්නට වෙන් විය යුතුයි පප්පේ. අපි අම්මා අයියා කිසිවෙක් වෙන්වෙලා නැහැ. වෙලාවක මාව බලන්න එන්න. හීන මට දවල්ටත් පේනවා. තොප්පියට මම කැමති නැහැ. පොලීසියෙන්ද කියලා බය හිතෙනවා. නිකන් ඇවිත් යන්න එන්න.

     වෙන කිසිදෙයක් එපා උඹගේ කෙලින් තීරණ වලට සහ අවංකකමට ආදරෙයි කියන්න. කියන්න දේකුතු නැහැ තාත්තේ. අම්මගේ උකුලේ සැතපුන මම තාම ජීවතුන් අතර. නුඹගේ පරම්පරාව ගෙනියන ‌කතා මට අදාල නැහැ. නමුත් නුඹ පප්පේ මට මතක නැති පියෙක් . පිය මාරකයක් සමග ඉපදුන දරුවෙකුට කියන්න තියෙන්නේ නුඹත් ආශා කළ ගීතයක් විය හැකියි. ඒක මට ඉස්කෝලේ ඇන්ටී කිව්වා.

      ඒ උනාට තාත්තේ නැත්නම් පප්පේ. මම හම්බකළේ පොත් පත් විතරයි කියලා කිව්වනේ. මට දැන් ඉන්න තැනක්වත් නැහැ. පොත් පත් වලට කිසිදු සැබෑ වටිනාකමක් නැහැ.

      පප්පේ. අයියත් මළා. අම්මත් මළා. දැන් ඉන්නේ ලොකු අක්කයි  චූටි අක්කයි මායි විතරයි. අපිත් ‌ස්වභාවයේ විදිහට නික්ම යයි. ඒක තමා සැබෑව. ඒත් එතකන් කඳුලු සලන්න අපට අයිතියක් තියනවා පප්පේ. පප්පේ ඔයාගේ මාරසිංහ බලගල්ලගේ පරම්පරාවම ඉතා හොඳින් මිනිස්සුන්ට  සේවය කරමින් තම තමන්ගේ ජීවිත යහතින් ගෙන යනවා.

     නමුත් මහප්පගේ පුතා උපාලි අයියා දවසක් මා සමග කීවා පප්පා එයාලගේ ගෙදර ගියාම අසල ලේඛකයකුගෙන් පොත් ඉල්ලා ඇවිත් පොඩි උන්ව ඉන්දවා ඒවායේ කතන්දර කියාදෙනවා කියලා. ඒ වගේම මගේ පුතා ගුරු මාරසිංහව අතට අරන් වෙලාව කිව්වෙත් මහප්පාගේ පුතා උපාලි මාරසිංහයි. මට ආයේ ආසයි උපාලි අයියා සමග කතා බහ කරන්න. නමුත් එයා සහ චාරිකා අක්කා මොකක්ද පලයකට පත්වෙලා. ඒක බෞද්ධ වගේ. මට තේරෙනවා.. තේරෙන දේවල් කතා කරන සිරිතක් බුද්දාගමේ‌ නැහැ.

    කාලේ විදිහට පප්පා කිව්වත් තාත්තා කිව්වත් මොකා කිව්වත් මට විල්මට් මාරසිංහනම් ඔබ දෙවියෙකුටත් වඩා ඉහලයි වගේ. ලියන්න පද නැති නිසා නිහඬත්වයට තිත. ඔබ මළත් ඔබේ පොටෝවට වඳින අපේ අම්මා ආසා ඔබ වගේම සී ටී ට තමා. අම්මාට තරහා ගියාම මායි අයියයි හයියෙන් දාන්නේ මේ සින්දුවයි. ප්ලැට්ස්  වලත් හිටියා. මේක දාපුවාම අපට පොලීසි උසාවි නිකන් කජු විතරයි ආදර පප්පේ හෙවත් තාත්තේ.

(මේ අම්මගේ අතේ ඉන්නා පොඩි එකා ජගත් මාරසිංහ නැමැති එකාය)


මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ

පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ

මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
මා බාල කාලේ

ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා
ඉගෙනීම ඔබගේ ධනයයි සිතා
ඉවසීම කරුණා ගුණදම් ගොතා

දුරලන්න වංචා මද මාන ඊර්ෂ්යාව
මේ වාගෙ මට ඈ අවවාද දුන්නා


මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
මා බාල කාලේ
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ
මේ පුංචි ලංකා ඔබගේ පුතේ
ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ


නංවලා ස්නේහේ රට දෑ කෙරහි
රැකගන්න සැමදා ඇගෙ නාමෙ පුතුනේ
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ
නෑ හීනවූයේ මෑණී මගේ
ඈ දුන් ඔවා මී ගඟුලෙහි නාමි
මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ
මා බාල කාලේ අම්මාගෙ උකුලේ
නැළවුණු තාලේ මට තාම සිහිවේ
මා බාල කාලේ

https://youtu.be/eP9ylDQ_lOc

https://jagathmarasinghe.wixsite.com/mare

07 09 2023

ජගත් මාරසිංහ 


Powered by Blogger.