කෑමරාව පින්සලක් වූ විට වර්ණයන්ගේ ආදරය!

                                   කෑමරාව පින්සලක් වූ විට වර්ණයන්ගේ ආදරය!

       ඒ කාලේ කැමරා අතේ තියන් අපත් නොයෙක් නොයෙක් පර්යේෂන කරනවා. ඒවා අතිශයින් හිතුවක්කාර වෙන්න ඇති. මේ කාලයේ මාරසට තිබුනේ යසිකා එප් එක්ස් 7 කැමරාවකුයි යාලුවෙක් දීපු රිකෝ කියන කැමරාවකුයි. වන්ටෙන් කැමරාවකුයි විතරයි. නමුත් යසිකා තමා අපේ ඒ යුගයේ ගොඩ දෙනෙකුගේ යසිකාවිය වුනේ.
       ඉතින් කැමරා කෝස් කරපු සර්ලයි ඉතා අමාරුවෙන් ශබ්ධ කෝෂ කියව කියව ඡායාරූප ශිල්පය ගැන දේවල් හොය හොයා දේශපාලන භීෂණ මැද්දෙත් අපි කැමරාව පින්සලයක් කරගැනීමේ සතත අභ්‍යාසයේ යෙදුනා තමා. නමුත් ඒ කරපුවා සියල්ලම නොවුනත් අදාලම දේවල් ආලෝකයේ අධොරක්ත සංවේදී කිරණ පරයා කාවන් විසින්ම නොවේ අපේ ඒ යුගයේ ඒවා ආරක්ෂා කරගැනීමට මානසිකත්වයක් නොතිබීමේ පසුබිම නිසාම වායුගෝලයට ජලවාශ්ප විදිහට එකතුවෙලා නොපෙනී යන්න ඇත. නමුත් ඒ වැඩ කරපු කාලයේ මේ ඡායාරූපය ඉතිරි වෙලා තියනවා. මම කෙලින්ම ඉන්ද්‍රනාත සමග කතා කරනවා. කැමරාව පින්සලයක් කරගැනීමේ  තාක්ෂණය සමග සම්මානනීය වුන අපේ කාලයේ ඒකාට ආලෝක ආදරයක් මාරස තියන බව හංගන්න දෙයක් නැහැ. මම මේ ගැන ඒකා සමග කතා කරනවා. ආලෝක දඩයම් වල තාක්ෂණික භාවිතාව ගැන විශ්වකෝෂයක් වන් ඉන්ද්‍රනාත මේකට සැබෑ තාක්ෂණික අරුතක් එක්කරනවා. **Light drawing technik Slow shutter / motion blur** කියලා. 
          ඔව් මන්දගාමී ද්වාර පාලක සැකසීම් අතර චලනය බොඳකරමින් තාක්ෂණිකව කැමරාව පින්සලක් වගේ කියන දිග කතන්දරයක්. මේ ඡායාරූප ශානරය වචන වලට නගනවා කියන්නේ අර කුරුල්ලෙක් කෑගහනවා විඳලා ඒකේ තේරුම මහාප්‍රාණ භාෂාවලින් කියන්න යනවා වගේ වැඩක්. මේවගේ ඡායාරූප දඩයම් කරන කලාවත් විඳින කලාවත් දැනෙන දෙයක්ම වෙලා තියන කතාන්දරය එක පැත්තකින් වාසනාවක්. කොහොම උනත් කමක්නැහැ. අහම්බෙන් හරි ඒ කාලේ අපේ කැමරාව පිංසලක් කරගන්න ගිය දඩයමක් ඉතිරිවෙලා තිබ්බ එක නැවත ජීවිතයට ආලෝකයක් දෙන්න සමත් වුන නිසා බ්ලොගයට දාල දාන්න හිතුනා. ආදරෙයි. කැමරාව කියන තාක්ෂණික පින්සලයට. කැමරාව කියන්නේ විශ්මිත තාක්ෂණික පින්සලයක්. අපෝ තව කොච්චර ඉසව් ඒ හරහා නිර්මාණය වෙලා තියනවාද? වර්ණ කියන්නෙත් කලු සුදු කියන්නෙත් වෙනම කතාවක්. ඒක සැබෑවටම ප්‍රඥ්ඥාවේ ආලෝකයේ භාවනාවකටත් වඩා ජීවිතයේ භාවනාවක ආලෝකය පවතින්නේ අඳුරේම කියනවා වගේ කතන්දරයක්. ආදරයත් ඒ වගේම තමා. ඉතින් මිය ගිය ආලෝක දහරා වලටත් ආදරෙයි කියමින් සටහන කෙටියෙන් අවසාන කරන්නම්. ආලෝකය ගැන ගොඩක් ‌දේවල් ලියන්නත් පියවරක් තිබ්බ වගේ දැනෙනවා. 
https://youtu.be/IwfZvRuE7s8
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.