මේ අපේ නවාගේ සප්ත ස්වරයේ ආදරයයි

                        මේ අපේ නවාගේ සප්ත ස්වරයේ ආදරයයි



   මාරස  වෙබ් විරිතේ සටහනක්  ලියන්න බලාගෙන ඉන්නවා තවත් මාරසට සාපේක්ෂකව යම් දෙයක් ලාංකේය ශබ්දයට කළ පොඩි කොල්ලෙකුට. නමුත් ඒකා ඒ පැත්තේන් දැන් වානිජව නුග රුකකටත් වඩා දළු දාලා නැගෙන්න ඇති කියලා රසිකයන් හිතනවා ඇති. මාරස ඒකා ගැන දන්න නිසා දන්නවා හරියට කනවාදත් සැකයි කියන කාරණය. අනුන්ටම උපකාර කර කර ඇති. කතාවට ගියොත් අර දියුනුව මේ දියුනුව කියලා මාධ්‍ය මිත්‍යාංධාරකාර අවකාශය ගොඩක් දේ කියාවි. මාරස ඒවා දැනගෙනයි ලියන්නේ . 

නවරත්න ගමගේගේ අයියා කෙනෙක් එකල මාරසගේ දේශපාලන සගයෙක්. කොච්චර සගයෙක්ද කියනවානම් නවා මට හමුවූ දවසෙන් පසු මට ඒකාව හමුවුනේ නැහැ නෙවේ කවදාවත්ම  හමුවෙන්නේ නැහැමයි. අතුරුදහන් කියන්නේ ඒකට තමා. මතක තියාගන්න ලංකාවේ අතුරු දහන් වුනා කියන කතාව දේශපාලනිකයි කියන ආදරය. අසූව දශකයේ සැබෑ ආදරවන්තයන් ජීවත් වන්නන්ටත් වඩා වැඩි ඇති  අනිවාර්යෙන්ම අතුරුදහන් වුන සහෝදරයෝ සහ සහෝදරියෝ. ඊටත් වඩා වැඩිිියි ජීවිතුන් අතර සිටින සැබෑවෙන් මළ මිනිසුන්.

 අපි පරවේණි නාටයක කරද්දි නවා පොඩි කොල්ලෙක්. මාරසට අඳුන්වා දුන්නා ඒ අතුරුදහන් වුන අයියා. නම් ඇවැසි නැහැනේ. නමුත් නාට්‍ය කලාව පැත්තෙන් එදා තිරිමාදුරලාට උදව්කළා වගේ සංගීතය පැත්තෙන් උදව්වක් තියා කිසිදෙයක් ගැන හිතන්නවත් මාරසට බැහැ. පරවේනියට සංගීතයට ගත්තේ කළනි පෙරේරාව. තිස්ස සිරි සහ එච් එම් ජයවර්ධනත් තව ගුවන්විදුලි කට්ටියකුත් ආවා. නමුතු මේ එන්නේ දහම් පාසැල් යන පොඩි කොල්ලෙක්. මා මොනවා කරන්නද කියලා නිහඬ වෙන්න ඇති නෙවේ උනා තමා.

    කාලයක් ගෙවී යද්දි නවරත්න ගමගේ පොරක් වෙනවා. මාරස දුටුවේ දීප්ති කුමාර ගුනරත්නගේ "නිරුවත" නාටකය  පශ්චාත් නූතනත්වය මේකයි කියන කතාව ලයලනල් වෙන්ට්හි භූමිකාගත වෙද්දි මේ පොඩි දහම් පාසැල් කොල්ලෙක් වගේ හිටපු හිතුවක්කාර ශබ්ද ලාලිත පෙරලි කාරයා  යකඩ පොල්කටු  වයමින්  දීප්ති කියන අහිංස විදිහට ඉන්න යකඩයාගේ "නිරුවත" නාටකයට සංගීතය දෙනවා. පස්සේ ඉතින් යුගයේ විදිහට මාරයා හිරේ යන්න ඇති. සියල්ල වසර දෙකකට මාරයාගේ සිතින් නොවේ රාජ්‍ය අගුලු දැමීමෙන් අහිමි වෙන්න ඇති කියා උන් හිතුවත් එසේ වුනේ නැහැ. පස්සේ බලනකොට මේකාත් ලාංකේය සංගීතයේ මාර පොරක් වෙලා. මට අදාල නැහැ ඒ සංගීතයේ තියන වානිජ කතන්දරය. නමුත් ඒකත් අවැසියි. සංගීතයට වානිජද සම්භාව්‍යද පීචන්ද කියන කතාව විසඳගත්තේ අසූවේ අග කියලා පපුවෙන්ම මාරසත් දන්නවා. නමුත් නවාගේ  ගීත වල ආදර කොටසට වයස හැට පැන්නත් මගේ හදවතේ මොකක්ද තන්තුවක් සුසර කරනවා වගේ දැනෙනවා. ඒක ගිටාරයක් වයලීනයක් ස්ට්‍රාජයක් හෝ වීනා තන්තුවක සුසරත්වයක් නොවේ. කෙලින්ම හදවතේ තන්තුවක ආදර සුසරත්වයක්. 

    අර කාලිදාස කියනවා වගේ නැතිනම් අර සත්‍යජිත් රායි සමින්දාර් වරුන්ගේ හදවතේ සංගීතය ගැන කතා කරන්න "ජල් සගාර්" චිත්‍රපටයෙන් අප හදවතට දැනවූවා සේ කෙලින්ම හදවතේ තන්තුවක් සුසර කරනවා. මම අද ‌නවාගේ සංගීතය සම්බන්ධව කතා කළ වෙලාවක  සුපුරුදු ඇමතුමක් අරන් අහන්නේ ඒ ඇයි කියා නොවේ. උඹ මචන් නවා, උඹ  සංගීතයට එන්න පෙර වගේ කාලේ ආදරය සම්බන්ධව ආදරය කළ ගීතය මොකක්ද කියල.

   පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන්නේ නැහැ. ඉතා අවංකව කියනවා සනත් නන්දසිරිගේ නීල සසල ඔබේ දෑස කියන සින්දුව මචන් කියලා. අද ඒ පද ඒ හැම දෙයක්ම ඉක්මවාලා පශ්චාත් වෙළඳපොළ මත යැපුනත් සැබෑව පසක තබා ඒකා සංගීතයට කරන ආදරය මාරයි. ජය වේවා මචන්. තාම අපේ ජීවිත ඉවර නැහැනේ. ඉවර උනත් ජීවිත කියන දේ ඉවර වෙන්නේ නැහැ. 

නීල සසල ඔබේ දෑස
කාවද මේ හොයන්නේ
කාවද මේ හොයන්නේ
නිසංසලේ කදුළුවලින්
මොනවද ඔබ කියන්නේ
මොනවද ඔබ කියන්නේ

එයා ඈත ගියා නේද තනිවූයේ ඔයා නේද ...// සුසුම් වලින් පැතුම් වලින් යැවු පණිවිඩ ගියා මිසක් යළි ආවද? යළි ආවද? නීල සසල ඔබේ දෑස කාවද මේ හොයන්නේ කාවද මේ හොයන්නේ නිසංසලේ කදුළුවලින් මොනවද ඔබ කියන්නේ මොනවද ඔබ කියන්නේ එයා ඈත ගියා නේද තනිවූයේ ඔයා නේද ...// සුසුම් වලින් පැතුම් වලින් යැවු පණිවිඩ ගියා මිසක් යළි ආවද? යළි ආවද? නීල සසල ඔබේ දෑස කාවද මේ හොයන්නේ කාවද මේ හොයන්නේ නිසංසලේ කදුළුවලින් මොනවද ඔබ කියන්නේ මොනවද ඔබ කියන්නේ ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි පද රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

https://youtu.be/Q0VwqFXQyuU

https://jagathmarasinghe.wixsite.com/mare

09 12 2022


Powered by Blogger.