ඩෝග් සෙක්ස් සහ සෙනසුරු

                                                     ඩෝග් සෙක්ස් සහ සෙනසුරු

 
        ජුලියස් සීසර් නම් අධිරාජ්‍ය වීරයා උත්තුංග හඬකින් කීවේ අධාරාජ්‍යයෙක් වශයෙන් සිය ඇමතියන් දහසක් ප්‍රතිවිරෝධී ගැටළු පවසන කළ කියා ඇත්තේ මා ඒක ඒ වෙලාවකට බලා ගන්නවා කියා ලියැවී තිබෙනවා මාරස දැක බලා කියවා සිතට ගෙන ඇත. නමුත් සීසර්ගේ වීරත්වයත් දෙවියන් ලෙස බලකාමයක් කරගත් බල කාමිකයනි. පුටින්,  හිට්ලර්ද නැතිනම් ලෙනින්ගේ හෝ ස්ටාලින්ගේ අවතාරයක්ද යන්න මාරසට අදාල නැත. නමුත් මේ වන විට පුටින් විසින් මරාදමනලද මිනිසුන් ගැන වග නොකියන්නේ නේටෝවේ මරණ සහ පුටින්ගේ මරණ ගැන සැබෑ සංඛ්‍යාලේඛන නැති බැවිනි. පත්තර කියෙව්වාට මාධ්‍ය යනු අද ජනතා විරෝධී විකාරයකි. ඒ ගැන කියාදෙන්නට කිසිදු වමේ පක්ෂයක් මේ වනතෙක් නැත. එක් කණ්ඩායමක් ඒ ගැන කතා කළ නමුදු පසුව උනුන්ද ඒකලාගේම ගොදුරු බවට පත්විය. සංඛ්‍යාලේඛන වනාහී තනිකරම දේශපාලනික මාධ්‍ය ගේමකි.
     වරක් පෙර දවසක සමහර විට මාධ්‍ය විසින් විකටයකු බවට පත් කරන්න හැදුවත් ජේ ආර් පී සූර්යප්පෙරුම දේශපාලන විද්වතා මැතිවරණ පරාජයට වාර්ථා පිහිටුවෙක් වූවත් ජවිපේ දේශපාලන ආරම්භයට මාර පොතක් ලියා එයාම විනාශකළ කතාවත් මාරස නොදන්නවා නොවේ. දුක වන්නේ ඒ කිසිත් නොදැන ‌නොව දැනගන්නට  නොසොයා මේවා ලියන දුහුනන්ගේ කම්මැලිකම ගැනය.
      වරක් ජේ ආර් පී සූරුයප්පෙරුම කීවේ සංඛ්‍යා ලේඛන මා පිලිනොගන්නා බවය. සංඛ්‍යාලේඛන වනාහී අමු පට්ටපල් බොරු බව කීවේය. මාරස ඊට අත් දෙකම උස්සමි. සංඛ්‍යා ලේඛන වනාහි පට්ටම පට්ටපල් බොරුය. සංඛ්‍යානය විෂය පාසැල් පද්ධතියට විද්‍යාත්මකව එකතු වූයේ අප 1975 ජාතික අධ්‍යාපන පොදුසහතික පත්‍ර  නව නිර්දේශ විභාගය කරන කාලයේදීය. අපේ අයියලා වන් අය කැම්පස් වල කළ සටනින් අපද බැට කෑවේය. මතකයේ විදිහට විද්‍යාගාර කඩා අපද ඇසිඩ් බෝතල් සෙව්වේය. අනේ මන්දා ගාමිනී පොන්සේකා සාගරයක් මැද කර ආන්ඩු මාරු වී සාගරයක් මැද මාර විය. ඒ ගැන කතා කරන සිනමා විචාරයකන්ව තලුමැරීමට වරකා ගස් ඇති මුත් තවම වැල ගසක් හමුවූයේ නැත. නැති නම්ර ඇවැසි වන්නේ දිය ලුණු පොල්කට්ටක් පමණි.
        සංඛ්‍යානය සහ සම්භාවිතාව යනු මාර විෂයක් කියා අපට ඒ පාසැල් නව විෂයක් වශයෙන් ඉගැන්වූ හැටි මරුය. විෂයක් වශයෙන් ඒ මාරය. නමුදු ලෝකයේ සංඛ්‍යා ලේඛන වනාහී අර සූරියප්පෙරුම මහතා මෙන්ම නලින්ද සිලිවා කියනවා මෙන්ම අමු පට්ට පල් බොරුය යන්නද සැබෑවකි.
     ඒ විසංයෝග පැත්තකින් තබා මාරස අහසින් කියවමි. 2020 ජනවාරි මාසයේ මැද භාගයේ කියන්නේ නිශ්චිත දින එක එක පංචාංග ගැනීමේ වෙළඳ දින දර්ශනවල ඇති වෙනස නිසාය. කෙසේ නමුත් ඒ ආසන්නයේ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇවිලිනි. කොරෝනා රෝගය පැතිරෙන්නට ආරම්භ විය. ජනවාරි 26 වන විට ලංකාවද හෙල්ලුම් කෑවේ ‌කොරෝනාවෙන් වුවත් දේශපාලන කොරෝනාව ඊට බලවත් විය. සෙනසුරා මකරයට පැමිණි ජනවාරි සිට මාරස වාර්ථා මාරසේ සහ ඊ පවුරේ ඇත. හේතුවාදී මාක්ස්වාදීන් තියා මාක්ස්වාදී හෝ හේතුවාදී සංස්කෘතියේ සිටින එකෙකුවත් ඒ ගැන කතා කළේ නැත. සූර්යග්‍රහණ කීපයකට මැදිව සෙනසුරු මාරුව ගැන පළමුව කීවේ මාරසයි කීමට තරම් මහාමානයක් නොව හීනමානයක් මාරසට තිබිය නොහැක. මා කෙසේ වුවද රස කියන වචනයට මානයක් නැත. ඒ තමන්ගේ මානයම වන්නේය. කෙසේ නමුත් කිවූ දේ නිවැරදිය. කොරෝනා මෙන්ම ගිනිගත් නැව් ගිනි ගත් දේ සම්බන්ධවත් අරගලය සම්බන්ධවත් මාරස ලියා ඇත්තේ අහසින් ඊට පෙරය. අවසානයේ සීගිරිය සහ සිරීපාදය පෙරලා දැමීමට නොහැකි වුවත් ඊටත් වඩා බලවත් බව මිනිසුන් සිතූ මහා පතාග දේශපාලන නායකන්ට පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින්ද පැනගොස් නැවත සන්සුන් ලෙස වැඩ අරඹන්නට සිදුවිය. මාධ්‍ය සංස්කෘතියේ ජ්‍යෝතිෂ පත්‍රවලද අග තැන්පත් හේතුවාදී වාම පොරවල් මේ බව මහා දේශපාලනික ප්‍රබුද්ධයන්ටම බාරදුන්නා බව නොදන්නේ ඒ ගැන අවධියෙන් නැති අය පමණක් බව දන්නා බව දනිමි. නමුදු එහිද සැබෑවක් තිබේ. ‌බොහෝ ජ්‍යෝතිෂය ලියන්නෝ වනාහී තක්කඩියෝය. ඒ ගැන මාරස කතා කරන්නට කැමති නැත. පාලු වේලාවක භාගෙක ශක්තියෙන් කතාකරනවා විනා නිමී යන තාරකාවන් සමග කතාකළ යුත්තේ නාසා ආයතනය වැනි අහසේ පැන්ටසි හොයන විද්‍යාත්මක ආයතන සමග විනා ජීවත්වන මිනිසුන් සමග නොවන්නේමය.
      කිව යුත්ත කෙටියෙන් කියමි. 2023 සෙනසුරු මාරු වන්නේ කුම්භයටය. අවශේෂ මිනිසා විසින් ග්‍රහන්ට දී ආපසු ගන්නා ප්‍රත්‍යක්ෂ ශක්තීන් පසක තබමින් 2025 අප්‍රියල් මැද භාගය වනතුරු මහා යහපතක් අහසින් කියවා ගත නොහැකි බව දැනේ. මහබැංකු වාර්ථාවලින් හෝ ලෝක ආර්ථික අවපාතයන්හෝ කිසිත් නිසා නොහැකිය. එකම සාධකය වන්නේ එදා හිට්ලර් වන් සමහර වමේ හිටපු උන් පවා කියන පුටින් නිසාදැයි අහසින් කියන්නට පුටින්ගේ උපන්වේලාවක් උපන්තැනක් නිවැරදිව කොහේවත් අන්තර්ජාලයේ සඳහන් නැත. සඳහන් වී ඇතත් වගකීමකින් සඳහන් නැත. නමුත් පුටින් මොකා වුවද ශුවිශේෂ පුද්ගලයෙකි. ඒකා ශුවිශේෂ නොකියන සැම දෙනාගේ ජීවිත අහසින් නොව පොළවින් කියවිය යුතුය. මක්නිසාද? වාමාංශික රැල්ලකින් නිපන් දිය බිඳුවක් ඒ රැල්ලේ නිපන් දිය බිඳුවකි. නැවත මුහුදට ගසා ගිය දිය රැලි කිසිවෙකුට ඒ බුබුල සම්බන්ධව කිසිත් කිව නොහැක. ඒකලා ආපසු ගොස් හමාරය. 
    විශේෂිත ප්‍රශ්නය වන්නේ පුටින් නැමති ශුවිශේෂ දේශපාලනය පැරණි රුසියාවට බයෙන් හෝ අතහැර ලාංකේය දේශපාලනයේ මේ වැටුන වලේ හොරුන් ඇල්ලුවේද නැත. ආර්ථික බිඳ වැටීමට දුන් සියලු උත්තර පත්තර සාතන්ගේ ලියවිලි වලට හපන්ය. නමුදු ඒවා තව දස වසරක් යන්නටත් පෙර විශ්ව විද්‍යාල ප්‍රවේශවල පරිශීලන ලිපි ග්‍රන්ථ බවට පත්වනු ඇත. පෙර කළ සිදුවූයේද එලෙසමය. ඒ වෙනස් වීමට තරම් දෙයක් සෙනසුරා බුද්ධිමය සමාජයේ ප්‍රභූන්ට බලපෑමක් කර නැතිවා නොව සෙනසුරාවද පාලනය කරන්නේ මාධ්‍ය මිත්‍යාංධකාරයමය.
        නමුත් පුටින්. නුඹගේ බල ලෝබයට අහස කැමැක්තක් නැහැ. ඒ එක පැත්තකින්. තවත් පැති  වලින් කැමති නැති උනත් කරන්න දෙයක් නැහැ. ඒ තමා පැවැත්මේ හැටි වගේ අහසේ හැටි. මිනිසුන් මැරෙන සහ මරණ එකටත් කිසිසේත්ම අහස කැමති නැහැ. අහසේ වෙනස් වන අංශු මාත්‍රයක් වන් මිනිසාට අහස කවදත් ආදරෙයි. ඒත් නේටෝව නොව බටහිර චින්තනයත් නොව ඒකලා විසින් කරන මේ ජරා සෙල්ලම දඩමීමා කරගෙන ලාංකේය පොරවල් වාම නාමයෙන් කරන පාදඩ තක්කඩිකම් ගැන මිනිසුන්ගේ ඇස් අවධියෙන්. රුසියාවට ගොස් වියට්නාමයට ගොස් කියුබාවට ගොස් චීනය නොව මාක්ගේ ගෙදරට ගොස් ඉගෙන ආවත් ඒ වපසරියේ කුහකත්වය නොදන්නේ නොදන්නන් නොව ඒ ගැන දැන ඉන්ම ගොඩවෙන්නට පහුරු තනන උන්ම විය හැක.
     ඉතින් සෙනසුරු දිව්‍ය රාජයානෙනි. 2023 ජනවාරි 17න් පසු ඔබ වහන්සේ කුම්භයට ගොස් කෙලවන්නේ පොදු මහජන කියා පෙනී සිටින මහා සංවිධාන වලට බව දනිමි. දේශපාලනයෙන් විරුද්ධ වුවද නුඹ කුහක හැත්ත සම්බන්ධව ක්‍රියාත්මක වන කාලය ගැන මාරස අවධියෙන්. මේ ලිපියේ අනු කොටස් අර මාරස මකරයට මාරුවීමෙන් ගින්දර සහ නායකයන්ට කෙලවීම වගේ නොව නම් වශයෙන් ලියනවා තක්කඩි වාම බුද්ධිමතුන්ගේ තට්ටමට වදිනු ඇත. කිස් ගා වදින හැම ශබ්දයක්ම ශෙක්ස් නොව පිස් හෙවත් පිසදමනා වූ ශබ්දයක්ම වන්නේය. සෙනසුරු මාරුවට භාවමය වශයෙන්  ආසන්නයේදීම එක බුද්ධිමතුකු අවසන් වූයේ බල්ලෙක් සහ සෙක්ස් නිසාය. ඒකා පව්ය. මක්නිසාද ඒ අන්තර්ජාල තක්කඩියන්ගේ තක්කඩි රාජකාරියක විකාරයක් වන් දෙයක්ද ඇති නිසාය. නමුදු කරන්නට දෙයක් තිබ්බේ ඒකාට පමණි. සමාජජාලා වල පෙනී සිටින්නටත් තක්කඩිකම ඇවැසිය. සැබෑ තක්කඩි බුද්ධිමතුන්ට පිළිතුරු දෙන්නේනම් ඊටත් වඩා වැඩි රසයක් ඇති පොටෝ දමා දැන් ‌තොපට සනීපදැයි අසනු ඇත.
      ජේ ආර් ජයවර්ධන සිහිවේ. අර දකුනේ දේශපාලනය කරන අවධියේ යම් අපේක්ෂකයෙකුට ගංජාකාරයා කියා ‌ජයවර්ධන ඒ අපේක්ෂකයා ඉවත් කළේ නැත. ගංජා හුටන් අපට හොඳා කියමින් පෙළපාලි ගොස් ඒකාව ජයග්‍රනය කරගත්තේය. මේ ඉල්ලා අස්වීම් පිටුපස ඇත්තේ සෙනසුරු මාරුවටත් වඩා වෙනත් මාරුවක්ය.
මෙවන් සරල කාරනා වලට ඉල්ලා අස්වීම සහ ඉල්ලා අස්වීමට අන දෙන්නේ දේශපාලනයේ අතීතය නොදන්නා වුන්ම බව සෙනසුරා රහසින් කියමින් කුම්භයට මාරුවීම 2017 ජනවාරි 17ට අහසින් නියම වන්නේය. මතුවට  තවත් අධෝ ලිපි ලියවෙනු ඇත. 
https://jagathmarasinghe.wixsite.com/mare
27 12 2022

     


Powered by Blogger.