පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා

                                      පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා

කලු සුදු ආදරයේ විශේෂිත ගොදුරක් නිසාම මාරස හිතුවක්කාර සයිබර් වීදි සංචාරයේදී පෘතුගාලයේ ඇස සිටින්නට ඇති. අපේ මිනිසුන් බොහෝ දෙනෙක් සුද්දා කියා එංගලන්තකාරයා ගැන කතන්දර ඉතිහාසය හරහා සිහින දැක්කත් අප කොදෙව්වේ සංස්කෘතියට බලවත් බලපෑමක් කරන ලද්දේ පෘතුග්‍රීසිකාරයන්ම බව දන්නෝ දනිත්. විශේෂයෙන් ආගමික වශයෙන් කොතරම් බලපෑමක් පරංගියන් කර තිබෙනවාද යන්න ලබන නත්තල් දවසේ  පෞරාණික කතන්දර ලියන බ්ලොග් ලිපි කියවීම ප්‍රමාණවත් බව කාට කාටත් වටහාගත හැකි වනු ඇත.
         මාරස බලන පිරිස වැඩි නමුදු ඒ ගැන දොඩන පිරිස අඩුවීමට මූලික හේතුව වන්නේද මාරස මාක්ස්වාදී යම් වමේ ප්‍රවනතාවක් හැඳින්වීමට පරංගි වම කියා ව්‍යාහාර කිරීම බව මාරස නොදන්නවා නොවේ. නමුත් ඒ ඉල්ලා අස්කරගැනීමට මාරස කිසිසේත් එකඟ නොවනු ඇත. ඒ ප්‍රහාරයක් නොව ඉඟියක් පමණි. ප්‍රහාර එල්ල කරන්නට ගියහොත් තනි හිතුවක්කාරයෙකුට මල්ටි බැරල් දමා ගැසීමේ බලයක් ලැබුනා මෙන් වෙනු ඇත. මාරසට වඩා හොඳින්ස මාරස ප්‍රතිවාදීන් මේ බව දන්නා බව දනිමු . මේ සියල්ලන්ටමත් වඩා ඒකුන් මාරසට ආදරය බවද දනිමු. මාරස නම් ආරූඩ  නාමය පසකින් තබා  මම දනිමි කියා අවසන් කිරීම මාරසට මාර වන්නේ එබැවිනි. 

         මේ පෘතුගාලයේ හොඳම වීදි ඡායාරූප ශිල්පියා ලෙස වර්ග වී  රුයි පල්හා ( Rui Palha )පෘතුගාලයේ ‌විශිෂ්ට වීදි ජායාරූප ශිල්පියෙකු වශයෙන් හඳුන්වයි.
       Rui Palha 1953 අප්‍රේල් මාසයේදී පෘතුගාලයේ උපත ලැබූ අතර ලිස්බන් හි ජීවත් වේ. ඔහු වයස අවුරුදු 14 දී ඡායාරූප ගැනීමට පටන් ගත් අතර දැන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් සහ ගෞරවනීය වීදි ඡායාරූප ශිල්පීන්ගෙන් කෙනෙකි. සැබෑවටම ඔබට ඉතා වේගයෙන් සයිබරය හරහා පෘතුගාලයට ගොස් රුයි පල්හා සොයා ඔහුගේ  ‌නිවස පමණක් නොව ඒකා ගමන්කළ වීදි පවා සොයාගත හැකිවනු ඇත පෘතුග්‍රීසිකාරයෝ  ලෝකයේම හදවත් ස්පර්ශ කිරීමේ හැකියාව රෝමානු කතෝලික සංස්කෘතිය හරහාටත් වඩා අපේ ලෙස්ටර්ගේ සංදේශය චිත්‍රපටයේ එක ගීතයකික් ප්‍රමානවත් වන බව මාරස දනී.  

ඒ  ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ සංදේශය සිනමා පටයයි. ඒ ගීතයේ පෘතුග්‍රීසිකාරයා සමග යටත් වාසීන්ගේ ‌වෛරය  ගී තනුවකින් නිවා සැබෑව හදවතට දනවන්නේ කෙසේද යන විශ්මීතයක් බව සුනිල් ශාන්තයන්  දෙසවනින්ම අපට අවබෝධ කළ නිසාමය. එවන් බරපතල කාරණා පොතකින් නොව පොත් දහසකින්වත් ලිවිය හැකිදැයි අදටද මාරස මාරසෙන්ම ප්‍රශ්න කරමින් සිටිනවා වන්නටද පුළුවන.

      ඒ ගීතයේ පද රචනා කළ අරිසෙන් අහුබුදුටත් වඩා මෙහි තනුව නිර්මාණය කළ සුනිල් ශාන්තයවන්ව සිහිවන විට මාරස උඩ ගොස් නැවත බිමට වැටි අවස්ථා අතීතයේ බොහෝ තිබේ. අපට පෘතුග්‍රීසිකාරයා සමගද කැත කෑල්ලක් නොතිබෙනවා නොවේ. ඒ කෑල්ල යම් තරමකට සංසිදුනේ ඊට පසු පැමිනි ලංදේසියා නිසාය. ඒකා පෘතුග්‍රීසිකාරයා මරා දමා බලය ගන්නා විට හැසිරුන ආකාරය මේ ඊයේ පෙරේදා තිබූ පාපන්දු තරඟයේ රසිකයන්ගේ හැසිරීමේ මානසිකත්වය වන් දෙයක් වන්නටද හැකිය. ඉන් පසු පැමිනි එංගන්තකාරයා ඒ සියල්ලන්ගේම නියෝජිතයා වශයෙන් අප කොදෙව් චින්තනයේ කැත කෑල්ල නියෝජනය කරමින් සිටී. අවසානයේ කැත කෑලි වල මහා නියෝජිතයා මහා බ්‍රිතාන්‍යය  වූවා සේය. කොතරම් මිනිසුන් විදෙස් ගත වී මොන විකාරයක් කළත් මේ කලාපයේ ඉපදුන හැදුන සිංහලයාගේ පමණක් නොව දෙමලාගේත් තම්බියාගේත්, තව මොකා හෝ මොකීගේත් අධිරාජ්‍යවාදීන්ට ඇති කැත කෑල්ල ජාන ගතය. කොටින්ම xx-yy වැනි ජාන සූත්‍ර හරහාවත් ‌ෂොක් ට්‍රීට්ස්මන්ට් වලින්වත් ඒ කෑල්ල විසඳිය නොහැකි බව පෙනීයන්නේ ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරන අභිතාත්විකවාදී හෙවත් සිහින කල්පිත සාහිත්‍යයවේදීන් ලියන ලද පොත් පත් කියවන විටය. කෙලින් කියන්නේනම් අජිත් තිලකසේනගේ සිට කේකේ සමන් කුමාර ලේඛනය දක්වා මේ තත්වය ඉතා සිහින් නමුදු හදවතට දැනෙන මහා රේඛාවක් මෙන් මේ අධිරාජ්‍ය වාදීන්ගේ කැත කෑල්ල මැනවින් සටහන් වී ඇති බව දැකීමට කිසිසේත්ම අන්වීක්ෂ ඇවැසි නැත.

      1980 මුලදීම සෝවියට් සංස්කෘතික මන්දිරයේදී ඉවාන්ද ටෙරිබල් නම් චිත්‍රපටයෙන් ඉවාන් රජතුමා ගැන විප්ලවවාදීන් දකින හැටි දැක දෑස් කඳුලින් පිරුනා මතකය. මන්ද සමාජ චලිතයේ සැබෑ දයලෙක්තිකයටවද කිසි වෙකු වරදකාරයන් නැති ඇස් දෙකකින් බලන්නට උපැස් හමුවන නිසාය. මේ ඡායාරූප ශිල්පියා ගැන සොයා බලන අවස්තාවටත් කලින් මේකාගේ එක් ඡායාරූපයක් දුටු සැනින් මේ කැත කෑල්ල මාරසින් අහෝසි වී ගොස් කුරුට්ටක් තිබ්බානම් ඒද හේදී විනාශ වී යන්නටම ඇත. යන්න  ඔබත් පෘතුගාලයට. මේ වන විට උන් අසරණය. අන්ත අසරණය. නමුදු උනගේ විනෝදයෙන් නිපන් කලාව මාර වනු ඇත. වීදි ඡායාරූපද එසේමය. ඒවා කෙලින්ම අප හිස හරහා හදවතට අත දමා ස්පර්ෂ කරනවා සේය. මේ ඡායාරූපය දෙස බලා මාරස එක දෙයක් පමණක් කියමි. 
        රුයි පල්හා කියන්නේ සැබෑවටම වීදි ඡායාරූප විශ්මිත ගුරුවරයෙකි. කැමරාවක ආලෝක දඩයමට අනිවාර්යෙන්ම තාක්ෂණය ගැන අංක එකටම දැන ගත යුතු බව ඔහු මුවින් පවසා ආලෝකයෙන්ද අවබෝධ කර දී තිබේ. අහම්බෙන් හෝ වර්ණ ඡායාරූපයකින් යම් අභිනයක් ගත හැකි වුවත් කලු සුදු ජායාරූප ශානරයෙන්නම් ඊට කිසිදා ඉඩ නොලැබෙනු ඇත. මේ ඡායාරූපයට මාරස මවිත වූයේ ඇයි දැයි කියන්නට යන විට විනෝදයේ පෞරාණික රජවරු වන පරංගියාට මෙවන් දෙයක් කරන්නට බැරිනම් ඇත්තෙන්ම ඒකලා පරංගියන් වී සිටින්නටද නොහැකි වනු ඇත. මේ සටහන අවසානයේ මාරසටද කිව යුත්තක් තිබෙන්නේ කැමරාවට ආදරය කරන සැමටය. කැමරාවෙන් මොක කළද ඒ තාක්ෂණික පැත්ත අංක එක බවය. කොටින්ම කැමරා තාක්ෂණය ගැන නොදන්නා දුහුනන් ලස්සන අභිනයන් දෙස බලා ලෙන්ස් කප් වසා ඡායාරූප ගෙන අවසානයේ අඳුර පමණවක් දකිනනවා මෙන්ය. ආලෝකයෙන් අභිනයන් දකින ලෝකයේ ඒවා දඩයම් කරගැනීමට පෙළඹෙන සියලු දෑස් වලට පමණක් නොව ඒවා විශ්ලේශනාත්මකව විඳින්නට හැකි සියලු දෑස් දිනේවා කියමින් මේ සටහන අවසාන කරමි. ‌ 

පෘතු ග්‍රීසි කාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයාහතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේඅප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේඅප ආ පාරේ පැතිරේ විනෝද මිහිරේ
පැතිරේ විනෝද මිහිරේ පැතිරේ විනෝද මිහිරේවිනෝද මිහිරේ
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයාහතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේකාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ
ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේකාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ
බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේවිනෝද මිහිරේ
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයාහතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නුඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු
කන්න හපන්නු බොන්නත් හරිම හපන්නුඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නු
යුද්දෙට හරිම හපන්නු යුද්දෙට හරිම හපන්නුවිනෝද මිහිරේ
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයාහතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයාහතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා
https://www.youtube.com/watch?v=Z-PPov7YSuQ
https://jagathmarasinghe.wixsite.com/mare
21 12 2022


Powered by Blogger.