වීදි ඡායාරූප ශිල්පියෝ, පැපරාසියෝ සහ සලාද සදාචාරය. සහ වීදුරු ගෙවල්

       වීදි ඡායාරූප ශිල්පියෝ, පැපරාසියෝ සහ සලාද සදාචාර යේ වීදුරු ගෙවල්
               වීදුරු ගෙවල් වල සිට ඇදුම් මාරු නොකරනු කියා සමාජ කතාවක් තිබේ. ඒ කතාව තවත් ලස්සන කර ඇත්තේ වීදුරු ගෙවල්වල සිට ඇඳුම් මාරුකර දකින්නන්ට ගල් ගසන්නට එපා කියන කතාවයි. දියුනු රටවල් කියන රටවලදී නම්  මේ තත්වයට කිසිවෙක් ගල් ගසන්නේ නැත. බොහෝවිට  ආරක්ෂක අංශයෙන් පැමින පළමුව මහත්මා විදිහට අවවාද කරනු ඇත. දෙවනුව තදින් අවවාද කරනු ඇත. තත්ත්වය තවමත් එසේනම් කිසිදු කතාවක් නැත නීතිය ඉදිරියට පමුණවනු ඇත. ඒ අප කියවා ඇති සහ සයිබරයෙන් දැක ඇති තත්ත්වයයි. ‌මීට වඩා ඇස් කිස් කවන ඡායාරූප සයිබර් වීදි සංචාරය කරන්නන්ට හමුවේ. නමුත් ඒවා ඇස් කිතිකවන නමුදු සමාජ ජාලාවල තහනමකට ලක්වීමට මාරස කැමති නැත්තේ මාරස වෙනුවෙන් නොව මාරස පාටකයන්ට මාරස ගාය නිසා ලියන දේ දැකගැනීමට කාලයකට නොහැකි වන නිසාය. මතක තබා ගත යුත්තේ අප වන් රටවලදීනම් වීදුරු ගෙවල් වල සිට ඇඳුම් මාරු කරන්නට ගියොත් අනිවාර්යෙන් ගල් පහරවල් කෑමට සිදුවන්නේමය. ඉස්සර වීදුරු ගෙවල් කියා චිත්‍රපටයක්ද ආවේය. වීදුරු ගෙවල් යනු වික්ටෝරියානු සලාද සදාචාරයෙන් නිපන්  දේව කතාන්දරයක්ද වන්නේය. ‌බයිබලයේ සොදොම් සහ ගොමාරා නුවරවල්ද සිහි නොවනවා නොවේ. සොදොම් සහ ගොමාරා නුවරවල් නැවත අපේ කලාපයේ ජීවමාන වනවාද නොදන්නවා නොවේ. ‌සටහනට අනුව ලොකුම ගැටලුව වන්නේ  වීදි ඡායාරූප ශිල්පයේ සදාචාරයට මේ වන් ‌දේ අයිතිද නැතිද යන උභතෝකෝටිකය බව දැනේ.
                සැබෑවටම සදාචාරයදෙස සරලව පැති දෙකකින් බැලිය හැක. එකක් වනනේ සමාජ සදාචාරයයි. ඒ රටේ නීතියටද යටත්ය. දෙවැන්න වන්නේ මෙවන් දඩයමක් කරගැනීමට හැකි වුවද මේ දානවාද නැතිද යනු ශිල්පියාගෙ පුද්ගලික සදාචාර ආත්මීය හැඟීමයි.
 මේ වීදියක් අසලය. අහම්භීය ආලෝක දඩයමකි. වීදි ඡායාරූප ප්‍රමිති කරනය සමග කිසිදු ගැටලුවක් නැත. සමාජ සදාචාරයටද ගැටලුවක් නැත්තේ මේ වීදුරු ගෙයක සිට සලාද වික්ටෝරියන් සදාචාරයට පිටුපා කරන දේවල් නිසාය. මේ බොඳකර තිබෙන්නේද ඒ සමාජ සදාචාරය නිසා බව දනිමු. ඉතින් මතවාද, සංවාද විසංවාද ‌කෙසේ නමුදු පවතින සදාචාර නීති පැත්තකින් තිබ්බත් මිනිසුන් අද සිරවී සිටින මානවීය ශිෂ්ටාචාරය වැරදි හෝ හරි වරතමාන දෙබිඩි මිනිසා මේවා අනුමත කරන්නේ නැත. ඒ මාරය. ඒවා දේශපාලනිකව යුගයක දේශපාලනික අරගලයකින් විසඳා ගත යුුුතු කාරණාය.
එවිට ප්‍රශ්නය වන්නේ වීදි ඡායාරූප ශිල්පියාට ඇති ප්‍රමිතීන් අනුව එක් පැත්තකින් මේ සාධාරණ නමුතු වීදි ඡායාරූප ශිල්පියා පැපරාසියෙක් නොවේමය. පැපරාසියෝ කරන්නේ යතුරුහිලෙන් බලා කෙනෙකුගේ චරිතය ගාතනය කිරීමට ඩීල් ඇතිව හෝ නැතිව නැතිනම් පසුව ඩීල් දැමීමට මාන බැලීමය.
මාරසට රහස් පරීක්ෂක සේවය සහ රහස් ඔත්තු සේවය සිහිවේ. රහස් පරීක්ෂක සේවය කරන්නේ සිදුවූ අපරාධයක් හෝ යම් සිදුවීමක් සම්බන්ධව අලගිය තැන් මුල ගිය තැන් වැල ගිය තැන් ගැන විච්චේදනය කර අන්වීක්ෂ ඇසකින් බලා සිද්ධීන් තේරුම් ගෙන දෙයක් විචාරීමය. නමුදු රහස් ඔත්තු සේවය කරන්නේ ‌පවතින තත්වයන් මත අනාගතයේදී සිදුවන දේ ගැන විද්‍යාත්මක දාර්ශනික දෘෂ්ටි කෝණයකින් දෙයක් සොයා ස්ථිර කිරීමය. එලෙසම පැපරාසියා කරන්නේනේද සිදුවන දේ වාර්ථාකර රහස් සෙවීමය. නමුදු වීදි ඡායාරූප ශිල්පියාගේ ආලෝක දඩයම් වනාහී පවතින අභිනයන් ආලෝකයෙන් දඩයම් කර සමාජ දේශපාලනික සජීවීව කලාත්මක මිනිස් මනසේ කැටයම් කිරීමය. ඒ මිනිසාගේ දේශපාලනික ආධ්‍යාත්මයේ නිම් වලලු පුළුලු කරන්නේමය. පැපරාසියාගේ සහ වීදි ඡායාරූප ශිල්පියාගේ දඩයම් අහසටත් පොළවටත් හපන්ය. නමුදු අහස සහ පොළව වෙන් කළ නොහැක යන දාර්ශනික කතාවද ගත් කල මේ උභතෝකෝටිකයක්ම වන්නේය. ඒවා හොඳින් හිතා බලා වීදි ඡායාරූප ශිල්පියෝ සමාජ සදාචාරය මත යැපෙන නීතිමය රාමුවට කොටුවී ‌දේවල් සංස්කරණය කරනවාටත් වඩා තමා විසින් සිතා බලා දේවල් කපා හැර දමා තම නිර්මාන ආනන්දයට පමණක් නොව සැබෑවේ දේශපාලනය හරහා මිනිස් සිත විකසිත කරන්නේය.
       නමුදු පැපරාසි අමු ආලෝක පරාවර්තන ඇසට වඩා වීදි ඡායාරූප ශිල්පීන්ගේ සංවේදී කලාත්මක ඇස බලවත්ම වන්නේය. මෙවන් අවස්ථාවලට මුහුන දී අවසානයේ වීදි ඡායාරූප ශිල්පීන්ට දොස් කීමෙන් පලක් නොවනු ඇත වික්ටෝරියන් සලාද සදාචාරයේදී වීදුරු ගෙවල් වල සිට ඇඳුම් මාරු කිරීමට දේශපාලන හේතූන් කුමක් වුවද ඔබට ගල් වදිනු ඇත ඊට පොදුවේ වීදි ඡායාරූප ශිල්පීන්වද ‌වෛරක්කාරයන් මෙන් මේවාට මුහුණ දෙන මිනිසුන්ට ‌දැනෙනු ඇත. සදාචාරය වෙනස් කළ හැක්කේ ‌සැබෑ දේශපාලනික අරගලයකින් පමණක් බව අපට ඉතිහාසය උගන්වා හමාරය. එසේනම් මේ මොහොතේ අප කවුරු කවුරුත් කළ යුත්තේ ඒ අරගලයක පක්ෂ විපක්ෂ නොව සැබෑ දේශපාලන අරගලයකින් සලාද සදාචාර ගැටලුව විසඳගන්නා තුරු අර පැරණි කතාන්දරය අනුදැන පැවැත්මේ ජීවත් වීමද?  නැතිනම් අනුගත වීමද? ප්‍රශ්නයද ඔබේය. උත්තරයද ඔබ අතේය. මේ කඩයීම් ප්‍රශ්නයක් බැවින් පිළිතුර අපට නොව ඔබටම සොයා ගැනීමට දී මාරස මේ සටහන අවසාන කරමි.
https://jagathmarasinghe.wixsite.com/mare
24 12 2022

1 comments:

විදුරු ගෙවල් කියා කියන්න මොනවද? පිදුරු ගෙවල් වෙන්න ඕනි නේද?


Powered by Blogger.