මතකයෝ විනිවිදිත් උන්

මතකයෝ විනිවිදිත් උන්
     1978 අපේ අම්මා සහ සහෝදර සහෝදරියෝ මිනුවන්ගොඩ ගමෙන් සමුඅරන් මොරටුව ද සොයිසා මහල්නිවාස වෙත පදිංචියට යනවා. ගෙදර බාලයා මාරයා උසස්පෙලට තේරුන යුගය. මාරේ කැමති වෙන්නේ නැහැ පාසැල මාරු කරන්න. ඒ මිතුරන් හින්දා තමයි. ඊට පස්සේ 1979 පාසැලෙන් සමුඅරන් මාරසත් මොරටු යනවා පදිංචියට. ඒත් මිනුවන්ගොඩ වෑලියේ හිටපු සුදත් කුමාරසිරි කියන මිතුරගේ පොඩි කාලේ සිට තිබ්බ බැඳීමනතර කරන්න අමාරු වෙනවා. අන්තිමට මට ඒ නිමේශයේ වෑලිය සංසාරික ගමක් බවට පත් වෙනවා. මොරටුවේ ගුරුවෘත්තිය කළත් වැඩි කාලයක් මාරේ ගත කළේ මිනුවන්ගොඩ. අන්වර්ථනාමයකින් කියනවානම් චූටි කියන ආදරය බලන්නත් සුදත් සමග ඡායාරූප, නාට්‍ය, චිත්‍රපට, යන කලාව සම්බන්ධව සංවාද කරන්නත් ඒ කාලේ මාරේ මිනුවන්ගොඩ විශේෂයෙන් වෑලියේ නැති දවසක් නැහැ වගේ තමා. කෙසේ හෝ මාරස පරවේණි නාටකය පටන් ගන්නවා. වේදිකා පාලක විදිහට සුදත් වැඩ පටන් ගන්නවා. අපි කොළඹ ජනකලා එකේ පුහුණුවීම් කළත් වැඩිහරියක් නාටකය කළේ වෑලිය ගමේ කිව්වත් නිවැරදියි. අන්තිමට පරවේණියත් සමගම ජේ වී පීයත් පදිංචියට වෑලියට ආව වගේ තමා උනේ. පරවේණි නාට්‍ය කණ්ඩායමේ ගොඩක් වෑලියේ අයත් හිටියා. අන්තිමට වෑලියේ මම නැති දවසකට මිනුවන්ගොඩ කස්ටියක් මොරටුවේ. මොරටුවේ නැත්නම් මම වෑලියේ උනා. එහෙත් නැත්නම් කොහේ හරි නාටකයක් හෝ චිත්‍රපටයක් පෙන්වන තැනක. පාරේ ජීවත්වුන තැන් ගොඩයි. නමුත් වෙනසක් තිබ්බා. මාරෙනම් ගොඩක් වෙලාවට හිටියේ මධුලෝලත්වයේ සුන්දර අවකාශයක. ඒ උනාට අපි ගාව රහස් පොලීසියත් ඉඳල තියනවා කියලා දන්නේ ජීවිත වලින්ම වන්දිගෙව්වට පස්සේ. අපිත් තාම ජීවත්වෙනවා තමා. නමුත් ජීවිතෙන් පැත්තක් මරල දාලා නේද කියලා හොඳටම තේරෙන්න හැට පනින්න සිද්ධ වුනා.
     කෙසේ හෝ භීෂණය එනවා. ජේ ආර්ගේ ආරාධනයෙන් මාරේට මැගසින් බන්ධනාගාරයේ වසර දෙකකට බෝඩින් වෙන්න සිද්ධ වෙනවා. එතනත් අපි හිරගෙදර නාට්‍ය ශාලාවක් බවට පත් කරනවා. ඇතුලෙදි මාරෙට මිනුවන්ගොඩ වෑලියේ ගමන් සගයෝ ගැන ඉතා නපුරු දේවල් ආරංචි වෙනවා. අන්තිමට බෝනස් එකකට මාරස නිදහස් වෙනවා. සුදත්ව අන්තිම වරට හමුවුනේ දෙහිවල කැමරා පංතිය ඉදිරිපිටදි බස්නැවතුමක අහම්බෙන්. අපි දෙන්න අහක බලාගෙන කතා කළා මතකයි. මා පස්සෙන් අරුන් එනවා මචන් කොයිවෙලේද දන්නේ නැහැ කියලා දුවල ගිහින් කිරිබත්ගොඩ යන බස් එකක එල්ලුනා. ඒ තමා සුදත්ව මාරේ අන්තිම දැකීම. ඊට පස්සේ ක්‍රමයෙන් සුදත් ඉතිහාසයෙන් මැකී ගියා. 2018 විතර එයාගේ තාත්තගේ මළ ගෙදරට ගිය මම ඒ ගැන තරහින් හිටියත් මතකයි. සුදත් ගැන මතකය මට විතරද තියෙන්නේ කියලා හිතුවත් මතකයි. නමුත් සුදත්ගේ තවත් අතිජාත මිත්‍රයෙක් වුන පද්මසිරිත් කිසිදු අවස්ථාවක දේශපාලනය අත් හැරියේ නැහැ. ඒ වගේම මිත්‍රකම් අත් හැරියෙත් නැහැ. තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ අයගේ මිත්‍රකම් අහවර කළෙත් නැහැ. සුදත්ව සිහිවෙන්න පද්මසිරි ස්වභාවයා ඉතිරි කළාද දන්නෙත් නැහැ.

    නමුත් ඉතිහාසයෙන් මැකී ගිය සුදත්ල ගැන මේ ඡායාරූප මට එවල තියෙන්නේ ඒ කාලේ පොඩිම පොඩි කොල්ලෙක්. රටක් වෙන පැත්තකින් වෙනස්වෙච්ච වෙලාවක උන්ට සුදත්ව මතක් වෙලා. ඒ මරණවලට මුහුණ දුන් අය අද ජීවතුන් අතර හිටියනම් කුමන දේශපාලන මතයක් දරාවිද කියන කතන්දරය මාරස දන්නේ නැහැ. නමුත් එදා හිටපු පොඩි කොල්ලන් දැන් උස් මහත්වෙලා කසාදත් බැඳලා. ඒ අයට අද එදා අපේ කාලය පුරාවෘතයක් වෙලා. කොහොම උනත් අපි දැන් වයසයි තමා. ඔයගොල්ලන්ගේ කැමැත්තක් කිව්වත් ගමේ සුදත්ගේ වයසක මිතුරන් ටිකත් සමගත් එකතුවෙලා මේ වගේ දෙයක් කරලා මාරසටත් දැන්වීම ගැන තුති කුමට. කඳුලක් හොඳටම ප්‍රමාණවත්.
    මේ බැනරය ගහන තැනට ඇවිත් ඒ අයගෙන් සමහරු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද කියලා ඇහැව්වලු. මාරෙත් මාරසගෙන් ඒ ප්‍රශ්නෙම හොරෙන් අහපු හැටි මතක්වෙලා ලැජ්ජාවක් නම් ඇති වුනේ නැහැ. තාම පුනරුත්තාපන කෑලි බෑලි ඔළු කටු අස්සේ තියනවා නේද කියන සැබෑවනම් සිහි වුනා.

මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති (සැළලිහිණිය)
ජගත් මාරසිංහ
2014 11 17

Related Posts


Powered by Blogger.