"ස්ත්‍රීවාදීන්" ( මාරස සයිබර් රස්තියාදුව)

                       "ස්ත්රීවාදීන්" ( මාරස සයිබර් රස්තියාදුව)


***********
ස්ත්රී වාදීන් නම් ඡායාරූප පිටුවක අමුතු ඡායාරූපයක් දැක ඇස නතරවිය. ඒත් 60 දශකයේ මුළ උපන් අපේ පරපුරටනම් මෙවැනි පිරිමින් හා කාන්තාවන් ගැන විශ්මයක් නැති බවද සැබෑවකි. මේ ඡායාරූපයෙන් විශාල ගැඹුරු කතන්දරයක් කියන්නට ආලෝක දඩයක්කාරයාට උවමනාව තිබෙන්නට ඇත. ඇත්තටහ මේ ආලෝක දඩයක්කාරයා හැප්පෙන්නේ ස්වභාවයා සහ සංස්කෘක ආකල්ප හරහා මහා දේශපාලනයක නිරුවතක් සමගය. වස්තුසංවිධානය දෙස හිතන කළ උපහාසය පෑල දොරින් පැන යනවා සේය. ස්වභාවයා ස්වභාවයා සමග අමනාපයක් ඇතිවන්නේද නැත. නමුදු ස්වභාවයා සම්බන්ධව මහා දාර්ශනික පොරවල් දී ඇති අර්ථකතන ගැන අපුලක් ඇතිවනවා සේය.
අපි ජීවත්වන්නේ ස්වභාවයා සමග නොව මහා තක්කඩි බලවන්තයන්ගේ අර්ථකතන මෙහෙයවන ඊගෝවක් සමක තමාය.
මේවා තහනම් කරනවාද නැතිනම් පහසුකම් සලසනවාද යන ජනප්රිය දේශපාලනයට පිටින් දේශපාලනයක් ගැන නොසිතෙන්නේද? සයිබර් රස්තියාදුවේදී මෙවන් කාරණා අනන්තාප්රමානව ඔබගේද ජීවිත නිම්වලලු පුළුල් කරනවා ඇත. මේ ලිව්වා වූ දේ පසකින් තබා තවත්ත මාණ ගණනාවකින් මේ කාරණය ගැන සිතන්නට ලියන්නට ආලෝක දඩයක්කාරයා වැය කර ඇත්තේ තප්පරයෙන් පංගුවක් පමණි.
ජගත් මාරසිංහ
12 11 2024
https://jagathmarasinghe.wixsite.com/mare




Latest


Powered by Blogger.