උත්තරේ මෙච්චරයි!!!

 උත්තරේ මෙච්චරයි!!!

මාරස  ප්‍රධාන කොලමේ නාමය වන්නේ ව්‍යාධ දේව යන්නයි. ව්‍යාධ දේව යනු ඉතිහාසයේ ප්‍රාග් බෞද්ධ යුගයේ ව්‍යාධිවලට සහ දඩයමට අදිපති දේවතාවා ලෙස මාරස නම් කරණ ලද්දේ 1992 වන් කාලයේදීය. 

ඉතින් ඊයේ රෑ කීයක්හරි මිතුරෙකුගෙන් හමුවී හොඳට පදම් වී නිදාගත්තා තමා. නමුත් සිහින සම්බන්ධව ප්‍රොයිඩි කියනා කතන්දරවලටත් වඩා ත්‍රාන්ත්‍රිකයන් කියන කතන්දර වලටත් වඩා නීට්ෂේගේ සිංහල පරිවර්තත  කවි වලට මාරස ආසා බව ව්‍යාධ දේව දන්නවා.

පදමට බිව්වාටත් පදමින් තොරව ඇල්කොහොල් ගත්තාත් මේ ලෝකයේ සියලු අර්ථකතන පිස්සුවක් මෙන් මට දැනෙනා බව ප්‍රාග් අයිතිහාසික ව්‍යාධයෝ නොදන්නවා නොවේ.

උන් වහන්සේ ආවේත් වෙනදා වගේම බුලත් විටක් හපාගෙන මගේ පැරණි ජවිපේ පුල්ටයිමස් කෙනෙක් ගෙට එනවා වගේ තමා. මොනවා උනත් උන්ට කරගන්න දෙයක් නැති වුනත් ඇතත් ජනතාවාදීන්ගේ ලක්ෂණයක් වූ අවංකකම තිබෙනා බව දන්නා නිසා ව්‍යාධදේවට මාරස ඇහුන් කන් දුන්නේද අවංකව.

උන් වහන්සේ මගෙන් ඇසුවේ එක ප්‍රශ්නයක් පමණි.

" උඹද මේ දේශපාලනයට මිනිසුන් අවුස්සන ලද අතීතයේ එකෙකි. නුඹ පූර්ණ කාලිනයෙකු නොවුනාත් නුඹද මොනවාදෝ දේවල් මගින් මිනිසුන්ව අවුස්සන ලද්දේය. දැන් මාරස මේ ආණ්ඩුව ගැන කිසිත් නොකියන්නේ කවර දේතුවක් පදනම් කරගෙනද?

මාරස මගේ ව්‍යාධිපති වලට අධිපති ප්‍රාග් බෞද්ධ දෙවියන්ට නොපැකිල මේ කීහ.

" නැවක් දිව්‍ය විමාණයක් බවට පත්කරගන්නේද නිරයක් බවට පත්කරගන්නේද ඒ නැවේ ගමන් ගන්නා නාවිකයන් විසින්මය"  කියන සාධාරණ කතාව ඔබ දන්නේය. නමුදු මේ මැතිවරණයෙන් සිදුවූයේ ඒ දිව්‍ය විමානයක් බවට හෝ නිරයක් බවට පත්කර ගන්නේද කියන කාරණයේ බර මගියන් අතට ගැනීමය. ඔබ වහන්සේ මොනවා කීවත් දැන් නැව ගෙනියන්නේ මාලිමාව ගැන දැනුවත් නැවේ කාර්ය මංඩලයද මගියන්ද කියා මාරසට ගැටලුවකි. නමුත් මගියන් විසින් නැව ඉලක්කය කරා යාවිද  නොදන්නා පලාතක යාවිද කොහේ හෝ අනතුරක් කරගනීද කියන දේ සම්බන්ධව මාරසට හිතන්නටනම් ප්‍රායෝගික බුද්ධියක් නැත. ඉතින් වෙබ්විරිතට ස්වයංව දේශපාලනය ගැන ලිවීම් නතර කර දැම්මේ මගේ පැරණි පෙම්වතියට අපහාස උපහාස කිරීමට තරම් මාරස දීන නැති නිසාමය.

අනෙක මේ අළුත්ම අළුත් අත්දැකීමකි. දැන් මගියන්ටද නැව මුහුදේ මැද අතරමංකර යා නොහැකිය. ඉතින් ජනතාවාදය ගැන මාරසද මැනවින් කියවා තිබේ. ආදරය දුක කඳුල සහ අර වයසේ අන්තයේ විශ්‍රාමික ජීවිතයක් ගත කරන මම ව්‍යාධ දේව යන ප්‍රාග් බෞද්ධ සහ ව්‍යාධි වලට අදිපති තොපෙන් මම මෙසේ අසමි.

ව්‍යාධ දේවයෝ කිසිවක් නොකියා අතුරුදහන් වූයේ ඒකාගේ ඉනේ තිබි බුලත් මල්ල මට දීගනය. හැබැයි තිබුනේ රට දුංකල නොව සිංහල දුංකලය. ඒ මාරය. ඒ මත්වීම එසේ මෙසේ මත්වීමක් නොවන්නේමය. මම විටක් කෑවෙමි. මම ඒ අයි තාක්ෂණය පැත්තේ ඇඳුම් ඉවත් කරන තාක්ෂණයට ගියෙමි. අදනම් මා ඇඳුම් ඉවත්කර ඇඳුම් අන්දන්නේ කාන්තාවන්ගේ නොව පිරිමින්ගේය. නමුත් පිරිමින්ගේ ඇඳුම් ඉවත් කළ විට ඒ තාක්ෂණයට දී ඇත්තේ කාන්තාවන්ගේ දත්තයන් නිසා උන්ද ගැහැනුන් තමාය. ඒ පිරිමි දේශපාලනයේ නිරුවතය. 

ව්‍යාධයෝ නැවත හමුවූ විට මාරස උන්වහන්සේගෙන් මෙසේ උන්වහන්සේගෙන් විමසන්නට සනිටුහන් කරගත්තො සේය.

හේනේ පැළේ මා විඳිනා සුරුක්කන්

ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්

වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්

අපොයි මගෙ කිරි වදිනා කුරක්කන්

*සිංහල ජන කවි

Jagath Marasinghe

11 01 2025

https://jagathmarasinghe.wixsite.com/mare

Latest


Powered by Blogger.