දන්නවාද මේ ඡායාරූපයේ ඉන්නේ පී බී සහෝදරයා. මගේ නාමයෙන් පීබී අයියා කිව්වට සැබෑ සහෝදරයෙක් බව මාරස නොදන්නවා නොවේ. අපි සාහිත්‍ය කලාව හොයන් ගියා. විජේවීඍගේ කාලේ ඉඳන්ම වැඩ කළා. කවදාවත් ඒවා කියන්නෙත් නැහැ මහා දුක්විඳලා තාම ජවිපේම නැත්නම් පෙරටුගාමින්ගේද කියන්න මාරස පෝස්ට් ඒකකට දිග පළල මදි බව මම දන්නවා. කෝම හරි කිව්වත් නොකිව්වත් මේ හැත්තෑ ඒකේ පීබී සහෝදර අයියා අනිවා මධ්‍යම කාරක සභාවේ කිව්වත් කොහෙද හිටියේ කියන කතාව මෙතන්ට අදාල නැහැ. නමුත් ඒ මනුෂ්‍යත්වය සම්බන්ධව මාරසට දැනෙන්නේ නම් මේ වගේ අය කියන්නේ බුදුවරුද කියලා.
මාව ඒ කාලේ එයා හඳුනන්නේ නැහැ. 1985 නාටක නටන්න ගිහින් හිරගෙදරදී හමුවෙනවා. ඒ වගේම 71 කීප දෙනෙක්. නමුත් පීබී අයියා සහෝදරයා තමා ඒ කාලේ කෙලින්ම ජවිපෙන් මාරයාට කිව්වේ ආදරයේ පදනම ලිංගිකත්වය කියලා. ඉතින් මාරයාට මේ පුංචි බබාට බත්කවන දවසේ අපි දෙන්නා අතර දුරකතන සංවාදයක් ගියා. අපි තාම මැගසිමෙන් ආවට පස්සේ දැකලාවත් නැහැ. නමුත් දුරකතන සංනිවේදනය ආවට පස්සේ දවසකට පැයක්වත් කතා කරනවා. මගේ වයස 84 ලබන්නේ. පීබී සහෝදර අයියාගේ වයස 75 ලබන්නේ.
නමුත් මේක දැන් කවියෙක් වෙලා. පිස්සු හැදෙන කවි ලියනවා. මම මේ දරුවාට ඉඳුල් කට ගාන්න යනවිට මගේ ගැටලුව දයලෙක්තික් ගත්ත හැටි කිව්වේ මාර විදිහට අපේ උත්සව අහසත් සමග ගැටගැසී තිබෙන ආකාරයෙන්.
මම පීබි සහෝදරයාගෙන් ඇහැව්වා ඉඳුල් කට ගානවා කියන්නේ තොට කැව්ව ඉවරයි දැන් අපි කන විදිහට කාපන් කියන දයලෙක්තිකය නේද කියලා. අම්බෝ ඒ කතාව සත්‍ය කරමින් තාම මැගසිමේ හමුවීමෙන් පසු හමු නොවූ මේකා කවියක් ලියලා.
ඒකේ වටිනාකමමාරස කුමට කියම්ද?
බලන්න/
හැබැයි මේකත් කියලයි අවසන් කරන්න වෙන්නේ. අපේ කාලයේ අපට හමුවුන වමේ මිනිස්සු. තාම හමුවුනේ නැති උනත් යනකන් මා දන්න තාක්ෂණයෙන් නිර්මානය කරන්න බැරි අබ්බගාතයෝ නෙවේනේ බන් මාරෙපා. බලන්නකෝ ඒ කාගේ හබුන් කටක දයලෙක්තිකය අර්ථගන්වමින් ලියලා තියන ඒ කවිය.
.ඉඳුල් කටගා
**************
තනේ එල්ලි මදැයි හිටියා
ගනින් අහකට තනෙන් කට දැන්
අපිවගේමයි උඹත් කාපන්
ගුලිය දෙනවිට කටත් අයපන්
ජීවිතේ මෙි තවත් පිටුවකි
එයත් යන්නට අඩිය තියපන්
ලොකු මහත් වි වැඩී නැගියන්
වෙනස් මිනිහෙකු වෙන්න බලපන්
ඉඳුල් කටගා
jagathmarasinghe.wixsite.com/mare
27 01 2025