සත්ව ආදරයේ සංනිවේදනය

                                           සත්ව ආදරයේ සංනිවේදනය!!!


     සෞම්‍ය ශංකර් ගෝසාල් යනු ඉන්දියාවේ කල්කටාවේ වෙනස්ම ආකරයේ විශ්මිත කලාත්මක වීදි ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ වෙබ් පිටුඅතර ඇති ඡායාරූප ආලෝක දඩයම් වෙබ් වීදි වල රස්තියාදු වෙන කල පුදුමාකර කලාත්මක සැලසුම් කරණයන් සම්බන්ධව විශ්මිත දැක්මක් දැක ගත හැකිය. තවත් පැත්තකින් ගෝසාල්  වීදි සහ වාර්ථා ඡායාරූප ශිල්පයේ අධ්‍යාපනඥයෙකු වශයෙන්ද සලකනු  ලබයි. දශකයකටත්  වැඩි පලපුරුද්දක් ඇති ඔහු ඉන්දියාවේ සහ ජ්‍යාතන්තර වශයෙන්ද සම්මාන රාශියක් දිනා ඇති ඡායාරූප ශිල්පියෙකි. 2017 වඩාත්ම බලගතු වීදි ඡායාරූප ශිල්පීන් විසි දෙනාගෙන් තුන්වැනි ස්ථානයට ඔහු පත්වී තිබේ. 

   මේ ඡායාරූපයේ වස්තු සැලසුම සහ කෝණමය ආලෝක සැලසුමක් සමග  රසිකයාව අමන්දානන්දයට පත්කරනවා සේය.   කොහෙන් බැලුවත් අංශක හතලිස් පහක වස්තු සහ ආලෝක දඩයම සම්බන්ධ  සේයාවන් දැනේ. තව දුරටත් ශිල්පීය අත්දැකීමකින් අප පුදුමයට පත්කරන්නේ වීදි ඡායාරූපයකට අහම්බය අනිවාර්ය වීම සහ ක්ෂණයකින් සිය ඉලක්කය නිවැරදිව  සැලසුම් කරගන්නා ආකාරය ගැන සිතන විටය. ඒ සම්බන්ධව සලකන විට අන්තර් ජාලයේ ඇති ඔහුගේ ඡායාරූප නරඹන විට එකකින් එකක් වෙන්කර අගය කිරීමට බැරි තරම් හැඟීමකින් රසිකයාගේ සිත විශ්මිත සතුටකින් පිරීයයි.  

          ප්‍රවීන ඡායාරූප විචාරකයෙක් වන “ටෙඩ් ග්‍රාන්ට්,  මෙසේ කියා තිබේ.

 “ ඔබ මිනිසුන්ව වර්ණයෙන් ඡායාරූප ගත කරන විට ඔබ ඔවුන්ගේ ඇඳුම් ආයිත්තන් ඡායාරූප ගත කරයි. නමුත් කළු සුදු ඡායාරූප ගන්නා විට ඔබ ඔවුගේ ආත්මය ඡායාරූප ගත කරයි.” 

      මේ කතාවට බොහෝ විවාද තිබිය හැක. නමුත් කළු සුදු ඡායාරූපයක ඇති ආත්මීය දඩයම් ගැන තබ බොහෝ දේ කතා කිරීමට මාරසටද දේවල් ඉතිරි වී තිබේ.

      අල්ලාප සල්ලාපයේ යෙදි සිටින සහ ආදර යුවලකගේත් ,  තාරා ජෝඩුවගේත් කෝණාකාර පේලි වශයෙන් සැලසුම සහ දඩයම ඒ අදහස සාධනය කරනවාමෙන් දැනේ. රසික ඇසට සමීප පේලියේ මිනිසුන් දෙදෙනෙකි. දෙදෙනාගේම හිස කෙස් නැත. සාම්‍යයක් පෙනේ. ඒ දෙදෙනා සංනිවේදන කටයුත්තකය. ඒ දෙදෙනා ඒ දෙදෙනාගේ ලෝකයකය. මැද පේලියේ ආදර යුවලකි. ඒ දෙදෙනා ඒගොල්ලන්ගේ ලෝකයේ සංන්නිවේදනයක බව පෙනේ. ඇසින් ඈතම පේලියේ තාරාවන් ජෝඩුවකි. උන්ගේ භාෂාවෙන් උන් දෙදෙනාද සංනිවේදනයකය. ජෝඩු තුනේම ස්වභාවික අභිනයන් අති සාමාන්‍ය බව පෙනේ. ත්‍රාන්ත්‍රිකව කියන්නේනම් දෙදෙනෙකු අතර සංනිවේදනය දෙදෙනාම එක් අයෙකු බවට පත්වෙනවා සේය.

     දෙදෙනෙක් අතර සංනිවේදනය වනාහී ලෝකයේ අදහස් ප්‍රකාශ කරගැනීමේ විශ්මිත ආදරයයක් දනවයි. මිනිසා යනු සමාජ සත්වයෙකි.විශේෂිත ජෝඩු මගින් රංචු සැකසුම නිර්මානය වනවා සේද ගත හැක. රංචු සත්වයන්ගේද දෙදෙනෙකුගෙ‌ේ විෂම  සංනිවේදනය අති සංවේදී බව අප කවුරුත් අත්දැකීමෙන් නොදන්නවා නොවේ. එකිනෙකට වෙනස් පිරිමි දෙදෙනෙකුගෙන් සහ විෂම ආදර යුවලකකින්ද තාරා ජෝඩුවද මෙතරම් ඉක්මනින් විශ්මිත ආකාරයකට ආලෝකයෙන් දඩයම් කරගෙන තිබෙන්නේ වීදියක් සහිත ජලාසයක් වන් දැනෙන පසුබිමකය.

  ‍‍      සෘජුවම ආවේශයකින් එකිනෙකට වෙනස් සන්නිවේදන යුගල් තුනක්ම විශ්මිත ආකාරයක සැලසුමකින් ස්වභාවිකවම  දඩයම් කරගෙන තිබේ. ඒ තුන්කට්ටුවේ සන්නිවේදන අභිනයන් ස්වභාවිකවම  දඩම් කරගත් සෞම්‍ය ශංකර් ගෝසාල් ඡායාරූප ශිල්පියා විශ්වීය තලයක තබා රසික අපව කරකවා අතහැර ද්විත්ම සංනිවේදනයේ භාවයන්  අපට කියන්නේ කුමක්ද? ඔහුද නොදන්නා නිසා වීදි ඡායාරූප ප්‍රමිතීන් උද්දීපනය කරමින් අපෙන් ප්‍රශ්න කරන්නේ කුමක්ද? මිනිසා සන්නිවේදන සත්වයෙක් බවත් ඒ සත්ව ගතිවලින්ම පරිණාමීය තත්ත්වයක් බවත් ඉන්ඔබ්බටත් යන සිතිවිල්ලක් නොවන්නේද? තනි ජීවිතයක් සේම දෙදෙනෙකුගේ ආදර ස්වභාවික සන්නිවේදනයේ විශ්වීය චින්තනයම නොවන්නේද? 

       ඉතින් ගෝසාල්. අපි ඔබේ දෑසටත් ඊටත් ඔබ්බෙන් ඔබේ සිතිවිලි වලටත් ඊටත් ඔබ්බෙන් ඔබේ තාක්ෂනික කලාත්මක හැකියාවන්ටත් ආදරය බව සඳහන් කළ යුතුමය. අපේ දෙනෙතින් ඔබව දැකීමට ඇතිනම් ඔබ සියලු ඡායාරූප දැක්කා මෙන් වෙනවා වැනි රොමැන්ටික් අදහස්ද අප සිතේ හොල්මන් කරන බව සඳහන් කරමින් මාරස සටහන අවසාන කරන්නම්. කැමරාවත් අරන් වෙලාවක අපිවත් බලල යන්න  එන්න. 

සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති වනන්තරේ නැත තනියක් ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති මිනිස් පුරේ ඇයි තනියක් ගලා ගලා යන ගඟේ පිරී දිය ඇළේ දොළේ ඇසුරට වී සිනා සිසී වන පෙතේ හිඳී රස බිබී මුවන් තුඩ ඇතිරී.... සොබා දමේ දැඩි සිහිල් නිසංසල සුවේ බිඳී ලොව සිතුසේ ඔබේ මගේ පැල බෙදී බිඳී යන සුළං කැරැල්ලේ දුකසේ...

https://youtu.be/512Yeh6y4Rg -ප්‍රේමකීර්ති ද අල්විස් -වික්ටර් රත්නායක


ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare

15 11 2022


Powered by Blogger.