නිවන කියන්නේ ආදරයේ කෙලවර කුමාරි කුමාරගමගේ !!!

                                     නිවන කියන්නේ ආදරයේ කෙලවර කුමාරි                                                                    කුමාරගමගේ!!!

මේ කුමාරි කුමාර ගමගේ කියලා මාරසට කවුරුත් හඳුන්වා දිය යුතු නැහැ. මෙයාව හමුවෙන්නේ කේ කේ සමන් කුමාර සමග. ඒ කාලය හරිම මිහිරියි කියලා මාරයා කියන්නේ නැහැ. මරණය අභියස ඉන්න කාලය. සමහර විට එකිනෙකාව විශ්වාස කරන්න බැරි කාලය. අරකා ජවිපෙද? අරකා ප්‍රාද , නැතිනම් සී අයි ඩීද වගේ මාර මානසික විකාරයක්. අම්බේ ඒක පැත්තකින් තියලා ඇල්කොහොල් වලට බේත් ගත්ත දේවල් මම පොතකින් ලිව්වත් ඒක හරිම ටිකයි. ගොඩක් විස්තර ලියවෙයි. නමුත් එක දෙයක් කියන්න ඇවැසියි. තරුණ පරම්පරාවට. ඒ හැම හැට පැන්න අයෙකුගෙම හංස ගීතය. නමුත් 80 දශකයේ හැට පැන්න අයගේ හංස ගීතය ඒ වගේ නෙවේ. අහයි මොනර ගීතයක්ද කියලා. නැහැ අපි පිල් විහිදා ගැහැනු සතුන්ව දපනයේ දා ගත්තේ නැහැමයි. පස්සේ අහයි ඒ නම් කොරවකු ගීතයද කියලා. නැහැ අපි කිසිදා ඔලුව හංගන් මරපන් කියලා අපේ සීතීම ‌කෙලින් නොකියා සිටියේ නෑමයි. පස්සේ අහන්න හැකියි එසේනම් දියකාවකු ගීතයද කියලා. නැහැ කිසිදා 80 දශකයේ අපි දිය යටයි උඩයි කියලා ඇත්ත හැංගුවේ නෑමයි. දවසක් සෙන් කතාවක් කිව්වත් ඒකත් සිද්ධාර්ථයන්ගේ කතාවක් තමා. මොකද එකම තැනකින් එදා දේශපාලනිකව බින්න වූ කතා.
තවත් කතාවක් තියනවා මතකයි ඇඟිල්ලෙන් ඇඟිල්ල කපලා දාලා තොප කුමනවාදීද කියන කතාවක්. බෙල්ල කපන්න පෙර ඇහැව්වත් ඒ තවුසා කියනවාලු අපි ශාන්ති වාදී කියලා. ‌මොනවාදී කිව්වත් රතුපාට බෙල්ලේ පපුවේ තියන් කතා කළත් අසූව දශකය ශාන්ති වාදී තමා. ඒ සැබෑවට ඉතිරි වුන කස්ටියත් ‌ඒ තුළ මත වාදයන් විදිහට බෙදී ඇති. නමුත් තොප සත්‍යවාදීද කියා ඇසුවොත් දෙන්නේ එක උත්තරයයි. මරා දාපන්. මා සත්‍ය වාදී වෙමි කියලයි. බැරි වෙලාවත් එසේ නොකියා මළකෙනෙක් තම හුස්ම ගිලිහෙද්දි අනිවාර්යයෙන් කියන්නේ මේ වගේ සමාජයක මා ඉපදේවා කියලායි. ආන්න සැබෑ ආත්මය. මාරසට මේක තන්ත්‍රයානයෙන්ද තේරවාදයෙන්ද විග්‍රහ කළ හැකියි. නමුදු මේ ඇති දැනට. අවැසිනම් ඇවැසි කෙනෙක් කරනවා අනිවා බව දන්නවා
........ඔන්න දැන් භීෂණ කාලය. මම දන්නේ නැහැ ගෑනියෙකුට පෙම්වතුන් කීයක් ඉන්නවාද කියලා. මන්ද පිරිමින්ටත් එසේමයි. නමුත් සමාජ සංනිවේදනය දන්නවා ‌මේ කාල අවකාශය තුළ අරකි මේකිට ආදරෙයි. ඒ කේ අනිත් පැත්තත් ඒකයි කියලා. ඉතින් සර්පයා හෙවත් කේකේ යා සමග හමුවූ කුමාරියගේත් ආදරය මම දැක්කා. ඒක අවලංගු වුනාද නැතිද මාරසට මොකෝ. ඒවා දෙදෙනෙකුගේ කැමැත්ත. උන් දෙන්නගේ දේවල් දැන් ඒකාගේ අභිතාත්විකවාදී සාහිත්‍ය විසින්ම සමාජ ගතවෙලා ඇති. ඒවා කියන අනාගත පරපුර මාර රස විඳීවී. පවතින කුහක සමාජයනම් සර්පයා ලියන දේවල් තේරෙන්නේ නැහැ කියාවි.
කුමාරි කුමාරගම මම දැක්කේ පරත්ත රබර් වත්තේ මල් පෙත්තෝ පස්සේ එලවනවා. ‌ඇත්තටම ඉංග්‍රීසි කියවන්නත් නොවේ හිතන්නත් හැකි ගෑනියෙක් මොකටද මේ සිංහල දමිල මිනිස්සු පස්සේ යන්නේ කියන කතාව මාරසටනම් කිසිදා ගැටලුවක් නැහැ කියලා ඒකි දන්නවා අනිවා. හැබැයි ඒකිගේ නිර්මාණාත්මක භාවයන් අස්සේ මල් පෙත්තෙක් වගේ සර්පයා හැංගිලා ඉන්නවා කියලා කවුරුත් දන්නවා. මම විතරද මන්දා කතා කරන්නේ. ස්වභාවික මල් පෙත්තෝ පස්සේ ඒකි සහ ඒකා එලවනකොට මම බයිසිකලේ අල්ලන් අනිමිස ලෝචනයේ. ඒ සර්පයන්ගේ අවංකත්වයේ හැටි විය හැකි වුවත් ඒක මිනිසුන්ට තේරුන් යන්නේ සර්ප සාහිත්‍යය සාමාන්‍යක් වුනාට පස්සේ. ඒක සමහර විට අපි කිසිත් නොසිතන දවසක සිද්ධ වේවි. ඒකත් මරු බන් සර්පයා කිව්වට වැඩක් නැහැ. සර්පයින්ට ඇස් නැහැ භෞතිකවම. සංවේදිත්වයක් තමා තියෙන්නේ. මේ සර්පයාටත් ඒක එහෙම තමා වෙන්න ඇති.
ඒ කාලේ මාර පිස්සු වගේ. මම බයිසිකලේ නවත්තන් ඒකුන් එනකන් බලන් ඉන්නවා. කැමරාව සයිකල් පෙට්ටියේ තිබ්බත් පොටෝ ගහන්නේ නැහැ. සර්පයාගේ ඒකිට අනතුරක් වෙයිද කියලා බයේ. අද ඒවා අකුරෙන් පොටෝ ගහනවා. ඔව් අර සුගත පාලද සිල්වා රේසින් කාර් නැතිකොට නාටක කරනවා කිව්වා වගේ මාරස බලන්න ඇති කැමරා ගන්න සල්ලි නැතිනම් ඒ මෙහෙයුමට ආයෝජකයෙක් නැතිනම් පෑන අතට ගන්න. සියලු කැමරා ශිල්පීන්ටත් දේශපාලනයනේ වගේ නොවේ ඕනැම දේකින් කෙලවල දාන්න පෑන තරම් රත්තරන් ආ්‍යුධයක් මිහිපිට කිසිදා බිහි නොවෙන කාරණය සැබෑවක්. කොම්පියුටරය කියන්නෙත් පෑනක්. ‌පෑනක් නැතිව කොහොමද යකෝ කොම්පියුටරය ජීවත්වෙන්නේ.
කොහොම නමුත් ඒ කාලේ සර්පයාගේ ආදරිය වූ කුමී මාරසේත් මාර යාලුවෙකු උනා. එදා සිට අද වෙනකන් අපි දුක කඳුල බෙදා ගන්නවා තමා. ඒත් ඒක ඔයාලා හිතන විදිහක් නෙවේ. මානවීය යාලු කමක් සහ විශ්වීය යථාර්තයක් සම්බන්ධව දේවල් තමා අපි බෙදා ගන්නේ. මෙිකි මාර වෙන්නේ අපි හමු වුනොත් දාහක් දේවල් කතා කළත් කතා කරන්නේ පොදු දේශපාලයේ සංස්කෘතික මගුලක් ගැන. දුක හිතෙන කාරණයක් තියනවා. මේකි දමිල ජනතාව කේන්ද්‍රකරන් ලියපුවා මට හමුවුනා. කුමාරියාගේ අතින්ම දුන්නා තමා. නමුත් තාම ඒවයේ සැබෑව මම ලිව්වේ නැහැ. ඒවා ඇත්තටම සම්මානනීයයි. ජීවතුන් අතර හිටියොත් නිසි අවස්තාවේ ලියනකන් මම නුඹට මෙසේ කියන්නම්. ඒවල තියන සැබෑව ‌දමිල ජාතිවාදයෙන් පිට සිංහල මනසට පත්තියන් වෙන්න තව කාලයක් යාවි. ගැටලුව තියෙන්නේ පත්තියන් වෙච්ච වුන්වත් මොකුත් නොලියන එක. ඒක ඇත්තටම මචන් උඹ ලියනදේම ඇත්ත. ඒ වගේ වාතාවරණයක් ලාංකේය සිංහල සමාජයේ විතරක් නෙවේ දෙමල සමාජයේත් නැහැ. නමුත් ඒකේ දේශපාලන බලය සංස්කෘතිකව තියෙන්නේ සිංහල බෞද්ධ සමාජ සංස්ථිතියට. ඒ නිසා ඒ අය වග කිව යුතුයි කිව්වත් ඒව තේරෙන්නේ නැති සමාජ ව්‍යුහයකට කළ යුත්ත දුරයිනේ බන්. නිකන් වික්ටෝරියන් අල්ලන් ව්‍යුහවාදයක් යටපත් කරන්න බැහැ කියලා අපි දන්නේ නැති මිනිස්සුද?

ඉතින් ‌මම වැඩියෙන්ම අහස් රටාවල් අධ්‍යනය කරල තියෙන්නේ මාක්ස් වාදීන්ට සහ හේතුවාදීන්ට. සල්ලි නොදුන්නත් ඒක මරු. මොකද මාරස කියන දේවල් තේරෙන්නේ උන්ට විතරද කියලාත් හිතෙනවා. උන්ට විතරක් තේරෙනවානම් අතේ සතේ නැති වුනත් ඒක මරු කියලා හිතෙනවා. ඉතින් කුමාරි ගැන කිව්වොත් මිතුරෙකු වශයෙන් මාර දුකයි. නමුත් මාරයා තුළ ගැහැනීයෙකුත ඉන්නවා. ඒ පැත්තෙන් බැලුවොත් මාර පෞරෂයක්. අනුරාධපුරයේ සිට කොළඹ පැමිණි ඒකි කෙලින්ම යකඩ ගැහැනියකටත් වඩා යකින්නක්. ග්‍රාම්‍යා කිසිම වනිතාවකට හිතා ගන්න බැරි සතත අභ්‍යාසයෙන් පරිනත දැනුමකින් සම වැදී සමහර දින වල බල්ලෝ පූසෝ පිරිවරාගෙන තනිව නිදා ගන්නවා. මේ මේ සටහන ලියන්න ගියොත් මට ඇඬෙනවා කියන්නේ අඬන්න ඇස සූදානම් වෙලා කඳුලු වගුරවන්න ගත් නිසා බව මනෝ දන්නවා. ඉතින් කුමී කෙල්ලේ. නිකන් විමුක්ති ගී කුමට. අපට සහ ඔබට කන්න ඇති වෙලාවකත් නැති වෙලාවකත් හොරෙන් හරි ඇවිදින් අඳුරේ ආලෝකය බෙදා දීලා පලයල්ලා. නමුත් මා ඇසුරු කළ මිතුරියන්ගේ නාමයෙන් ඇය වෙනුවෙන මේ ගීතය තිළින කළ යුතුමයි. කුමාරි කුමාරගමගේ නුඹ කාන්තාවක් විදිහට අනේග විද ආකාරයට විවිධ ගමන් යන්න ඇති. සමහර විට පිරිමි මානසිකත්ව අතරමං වෙලා සිතන්න ඇති. නමුදු නුඹත් අද මොනවාදෝ හොයනවා වගේ. මම ‌කොහොමද ඒ මොනවාද කියන්නේ. ඒක දන්නේ ඒකි. ආදරයේ කෙල්ලේ. නුඹ ස්ත්‍රී වාදයටත් ජ්‍යාතන්තර වාදයටත් කාන්තාවක් විදිහට ලොකු වැඩක් කළ බව දන්නෝ දන්නවා නියතයි.
අවසාන වශයෙන් කියන්නේ ග්‍රහ තාරකා සටහන දැම්මට ඒකේ තිබ්බ සම්පූර්ණ කතන්දර මම කිව්වේ නෑහැ. නුඹට මනුෂ්‍යත්වයට පිටින් පවතින වෙනම සීමා මායිමකට අයත් නොවන දේවල් කියන්න ඇති. නමුත් නුඹ මේෂ ලග්නයේ. අධිරාජ්‍ය වාදී හිට්ලර්වත් සිහිවෙනවා. ඒකා සමග හැප්පුන උන්වත් සිහිවෙනවා. ඒකට මේ සටහනත් මරු. මේවා ස්වභාව ධර්මයේ දයලෙක්තිකය බව යාන්ත්‍රික භෞතික වාදයට පිටින් අපත් මැරෙන්න කලින් සාධාරණ ව්‍යුහයකින් නව පරපුර කතා කළොත් අපට මක් වේවිද? මට නොවේ ගොඩක් අය නිවන් දකී. නිවන කියන්නේ ආදරයේ කෙලවර. ඊට පස්සේ. ඒක දන්නේ නිවන් දැකපු අය පමණක් කියලයි හිතෙන්නේ. දන්න අය සමග කොමන්ට් නොවේ හැබැහින් කතා කරන්න ආසයි. ඉතින් කෙල්ලේ කේන්දරය කියන්නේ වෙනම ජීවිත කියවීමක් . මම කිව්වේ ඒක නෙවේ . මේකයි. නුඹේ ආදරය අවසාන වෙන්නේ මනුෂ්‍යත්වයෙන් කියලා දැනෙනවා. අප්පට හුඩු මහන යෝගයකුත් තියනවා වගේ. ඒ කියන්නේ සමාජ ව්‍යාපාරයන්ට කැප වී අවසානයේ ජීවිතය ජීවිතයක් විදිහට විඳීම තමා මහනකම. තන්ත්‍ත්‍රයානයේ ගොඩක් අවශේෂ අය නොදන්නවා ඇති. වචනයේ පරිසමාර්ථයෙන්ම මා නුඹට නංගියෙක් වෙන්න ඇති. ඒක වෙන කවුරුවත් නොවේ නුඹ දැනගත්තම ඇති බන් කියනවා. මම දන්නවා නුඹ දැන් ගොඩක් දියුනුයි කියලා භෞතිකව වගේම ආධ්‍යාත්මිකවත්. මන්ද උඹ විශ්වාස කරනවාද කියලා වෙනත් බවයක්. මාරස විශ්වාස කරන්නේ නැහැ උනත් මේ රටාව මාරයි. කාරි නැහැ එහෙම දෙයක් තිබුනොත් උඹ කොට්ටේරුවෙකු වෙලා වරෙන්. ගෙවල් තිබිලා සමාජය වෙනුවෙන් ගෙවල් නැති කරගත් කාල කන්නින්ට ගෙවල් හදා දෙන්න.

ආදරෙයි බං කුමාරියේ...............!
වාසනාව ඇගේ නෙතයි
මාලිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ කෝඩුකාරයෝ //
ඇය සුවඳකි ප්රභාතයේ - තුසර බිඳකි පුරා හඳේ //
ගිනි අඟුරකි අගාධයේ
ආදරයේ කෝඩුකාරයෝ
වාසනාව ඇගේ නෙතයි...
අඳුරේ රන් තරුව ඇයයි - රන් තරුවට අඳුර ඇයයි //
මදහස සෝ සුසුම ඇයයි
ආදරයේ කෝඩුකාරයෝ
වාසනාව ඇගේ නෙතයි...//
ආදරයේ කෝඩුකාරයෝ ///

පද රචනය: සුනිල් ආරියරත්න
තනු නිර්මාණය සහ සංගීත සංයෝජනය: නන්දා මාලිනී
සංගීත වින්යාසය: රෝහණ වීරසිංහ
ගායනය: නන්දා මාලිනී
https://youtu.be/h6Ap5Ekprr4
https://jagathmarasinghe.wixsite.com/mare
23 11 2022


Powered by Blogger.