ආරක්ෂාවේ සපත්තු!!

ආරක්ෂාවේ සපත්තු!!
photo by maarasa
                    මේ කම්කරු සපත්තු කුට්ටම සහ තන කොළ කපන මැෂින් අද මැද පන්තියේ සහ එසේ සිතන ගෙවල් වල මැද පන්තික සිහිනයක මහා පැන්ටසියක් වීම දෙවැනි කාරණයක්. ඒ කම්කරු සිහිනය නව ආර්තික වෙළෙඳ සමාජයේ ‌නවීන සිහින මෙවලමක් බවට පත්කිරීම ගැන පසුවට ලියමු.  නමුත් අපි පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ මේ සපත්තු දාගෙන තාර දාන කම්කරුවෝ ඉස්පිරිතාල වගේ රජයේ ආයතන වතු කම්කරුවෝ දැක්කා. ඉතින් මාරස ලිවීම දෙැවි අංකයට තබා එදා ඒවා දැකපු කතන්දර සිහිකරපු මේ ගීතය මතක් වුනා. ලාංකේය කණ්ඩායම් ගීත ශක්විති නෙවිල් ප්‍රනාන්දු සහෘදයාවත් සිහිවුනා. නමුත් සිහින කම්කරුවොත් පැරණි කම්කරුවොත් දොගොල්ලම එකයි තමා. අර මස්කඩේ ගෝනි දාගෙන මස් විකුනපු කොල්ලට පෝන් එකක් දීල කලිසම අන්දලා නිහඬ කළා වගේ. නමුත් පීඩනය එතනමයි කියලා වමේ අපේ සංස්කෘතියට කියා දෙන්න බැරි මාධ්‍ය දේශපාලනයේ බලය නිසා බව කාටවත් තේරෙන්නේ නැතිද යන කාරණය වැදගත්. කවුරු තේරුන් ගත්තේ නැතත් මේ සපත්තු සපත්තු විසින්ම ඇවිදින්න පටන් ගත්තම ඉස්සරලම හොයන් එන්නේ මැද පන්තියේ හොර යක්කුන්ව විය හැකියි. සහෝදරයෝ නොවේ . සහෝදර මහත්තරු පරිස්සමින්. 

ගායනය - නෙවිල් ප්‍රනාන්දු / නීලා වික්‍රමසිංහ (සිංහල), Sandra Edema / නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි)
පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි) 
පරිවර්තනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - නිමල් මෙන්ඩිස් (Wikipedia)

පණම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ

මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටී
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ

https://youtu.be/9t0ipeM6OQU

https://jagathmarasinghe.wixsite.com/mare
28 11 2002





Powered by Blogger.