අම්මයි දුවයි සකස්කඩයි!!!!

                                             අම්මයි දුවයි සකස්කඩයි!!!!



      සමහර විට මාරස මේ පොස්ටුව ලියන්නේ පවුල් කුටුම්බියට සාපේක්ෂකව නීති විරෝධීව. ඒ නිසා වෙනත් ජාතික නොවන ඡායාරූපයක් භාවිතාකරන්න ඇති. මම දිගටම කියලා තියනවා පිරිවෙන් අධ්‍යාපනයේ මාර තැන්. කොටින්ම මම හිටපු පරිවේණාචාර්ය වරයෙක් වීම සම්බන්ධව ඇවැසි ඉතිහාසය ලියා තිබෙනවා. මේ ඒ අතීත සංකල්ප දහරාවේ තවත් එක් තැනක්. මගේ දුවල දැන් ඊ පවුරත් අත හැරලා ඇති. භාෂා ‌ දෙක තුනක්ම නිසි ලෙස හසුරවන්න දන්නවා ඇති. දන්නවා ඇති නොවේ දන්නවා තමා කියලත් ලියන්න හැකියි. නමුත් දුවල කියලා කිව්වත් පුතාලා කියලා කිව්වත් අපේ අතීත ජීවිත වල විදිහට ඒ පුත්තුම තමා. ඒක මාර කතාවක්

       නමුත් මේ ලියන්න ගත්තේ මාරස ගණිතය පැත්තෙන් පරිවේණාචාර්යවරයෙක් වු අවධියේ කතාවක්. මන්දා පන්ති පහක් තිබ්බා. අනේ මන්දන්නේ නැහැ මාරස ගණිතය උගන්වනවාටත් වඩා අනිත් පන්තිවල උගන්වන සිංහල, පාලි, බුද්ධ ධර්මය, ඉතිහාසය ඉගෙන ගත්තාද කියලා. විද්‍යාවේදි වලට අමතරව රාජකීය පණ්ඩිත වෙන්න ඉගෙන ගත් කාලය ජේආර්ගේ හෝ ‌විජේවීරගේ විදිහෙන් විනාශ වෙලා යන්න ඇති. නමුත් 77 විවවෘත ආර්ථිකය සහ සමාජ වෙනස මාරස අදටද දකින්න් පශ්චාත් නූතන වාදී දේශපාලන කණ්නඩියෙන්. නමුත් මේ කියන්නෙ සිද්ධියක් පමණයි මාරස   පිරිවෙනේ ගණිතය උගන්නකොට දැනගත්තා අපේ අද පවතින ටංටං ගානා ලේනා වගේ සුන්දර කතාන්දර පරිවර්තනීය කතා කියලා. නමුත් පිරිවෙන් අධ්‍යාපනය මා දැනුවත් කාලයේ පටන් ගත්තේ පාසැලේ හයේ පන්තිය පිරිවෙන් පළමු වසර කියලායි. ඉතින් හාමුදුරුවරු ගිහියෝ පිරිවෙනට ඉගෙන ගන්න එනවා.හැබැයි නීතිනම් ටිකක් නොවේ ගොඩක්ම සැරයි.පොඩි හාමුදුරුවන්ට ගහන්න බැරි නිසා චක්කරේ කට පාඩම් නැතිව නහයට සිද්ධාලේප ගාලා චක්කරේ කට පාඩම් කරපු අවස්තා ගැන වෙනම ලියන්න වෙයි. ඒ වගේම චක්කර කට පාඩම් කරන්න එපා ‌දෙකේ ගොඩවල් දෙකක් හතරයි කියන සංකල්පය දරුවන්ට  දෙන්න කියපු සේවස්ත පුහුණුවල මාරස වලිඇල්ලූ අයුරුත් ඉතා හොඳින් ජීවතුන් අතර ඇති ගුරු උපදේශික නායක නායිකාවන් දන්නවා ඇති. පිරිවෙ‌ණේ උගන්වන කාලයේ දේශපාලන විකාරයක්ද මත ජීවිත ආරාක්ෂාවටත් වඩා මනස එක තැන තියාගන්න සෝමපානයක් ලෙසදෝ  බීලා බීලා වෙද්‍ය හේතුන් මත විශ්‍රාම ගත්ත මාරස අවසාන ගුරු සැසිය දෙහිවල පෙස්බැටීරියන් විද්‍යාලයේ සැසිය. සිහියෙන් ගියත් ගඳ ඇවිදින් ඒ සැසියේ නායිකාව පිස්සුවෙන් මෙන් මොනාදෝ ගඳක් එනවා කියලා කරපු යකා නැටුම මාරසට තාම මතකයි.  ටීචර් මැරිල නොසිටියත් බලන්න නොඑන්නේ දැන් වයස අයට සී නයින්  ඩිලිෂියා සාමාන්‍යක් වෙලා  තියන නිසයි.  මාරස කෙලින්ම එලියට බැහැලා වෙද්‍ය හේතුන් මත විශ්‍රාම ගත් කතන්දරය කෙලින්ම උපහාසාත්මක නවකතාවකට මාරයි. පස්සේ ලියමු. නමුත් කැත කතුන්ගේ පොතේ යම් තරමකට ඇති. සියලු චරිත වල නම් වගකීමකින් යුක්තව කිව හැකි උවත් නොලියන්නේ වික්ටෝරියන් සදාචාරයට මාරස ගරු කරන නිසා නොවේ. තවමත් ගොඩක් අය ඒක දිව්‍ය ලෝකය කියලා සිතා සිටින නිසා පමණයි. ඒක අනාගත පරපුරවත් වෙනස් කරලා දමනවා කියන විශ්වාසය මාරසට තාම තියනවා

  මාරස  පිරිවෙන් ගණිත විද්‍යාසහ අතිරේක සකල කලා වෙන්න ඇති. නමුත් මාරස දරුවන්ට මාරස  ඉගැන්නුවේ පිරිවෙන් භාෂා යථාව. මාරස  කෙලින්ම නම්පොත, සකස්කඩ, බුද්ධ ගච්චය කියවන්න දුන්න. සගම පස්ගම අරත්තන මාදන්වල...... වගේ නම්පොත කියපුවාම සකස්කඩ කියවපුවාම ඕනෑම භාෂාවක් මාර වෙන කතන්දරය අද ඒකිලා අත් දකිනවා ඇති. කොහොමත් සකස් කඩ නොකී කට හුඹස් කඩ කියන කතාව ඇත්තක් තමා.

     පොඩි ඒකිය ගියේ මොරටුව වේල්ස් කුමාරියට. චූටි කාලේ ඉතින් අම්මා තමා වඩාගෙන ගෙදර ඒන්නේ. ඒ අසල තියන සිනමා ශාලාවේ ඒ කාලේ පෙන්වුයේ " රාගයේ උනුසුම" කියන චිත්‍රපටය. මේ බෝඩය දැකලා මේ සිඟිත්තිය අහලා අම්මගෙන් රාගයේ උනුසුම කියන්නේ මොකක්ද කියලා. මල කෙලියයි. කියවීම වයසට අනුව සංකල්ප ඉක්මවා ගිහින්. බේරෙන්න බැරි තැන අම්මා කියලා  රාගයේ උනුසුම කියන්නේ උනුවතුර බෝතලේ කියලා.ආයේ දවසක කුස්සියේ බඩු ලියද්දි උනුවතුර බෝතලේ වෙනුවට රාගයේ උනුසුම වගේ දේ ලියලා ගුරුවරුන් සමග කතා කරන්න උන අවස්ථා මතකයට එද්දි මාරසට හිතෙන්නෙ ලාංකේය මොන්ටිසෝරි අධ්‍යාපනයෙ අසාර්තකත්වය සම්බන්ධ සිතිවිලි. පිරිවෙන් මුල් පොත් ටික දරුවන්ට කියලා දෙන්න. අනිවාර්යෙන්ම ඒකලා ඒකිලා වයස පහලව දාසය වෙද්දි භාෂා තුන හතරක්වත් කතා කරන්න ලියන්න ගනීවි. ‌අභියෝගයක් කරන්නද? මාස හයෙන් දරුවෙකුට ලියන්න කියන්න ඉගැන්විය හැකියි. ඒ වගේම අටේ පන්තියේ දරුවෙකුට ගණිතයෙන් සම්මාන අරන් දිය හැකියි. මාරස මේ වයන්නේ පිරිවෙන් අධ්‍යාපනයේ ඇති සැඟවුන නොවෙ සඟවා ඇති යථාර්තයයි. ඒක මාර දෙයක්. මේ සකස් කඩ පමණක් කියවන්න උත්සාහ කරන්න . එකම නැවතීමයි තියෙන්නේ. හැබැයි ඊට පස්සේ ඕනම භාෂාවක් වහරන්න කාටත් පුළුවන් වේවි. 

සකස්කඩ ................ නමඃ ශ්‍රී ගණාය

      දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය

අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන නිදාන දාන ශීල නෛෂ්‍කාම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්‍ති සත්‍යාධිෂ්‍ඨාන මෛ‍ත්‍ර්‍යුපෙක්‍ෂාලක්‍ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්‍ත වැ - මාරාරාතිචක්‍රාක්‍රමණසන්නද්‍ධ බුද්‍ධාංකුර මහා යොධාද්‍ධ්‍යුෂිත තුෂිත භවනාරූඪ වැ - ශ්‍රද්‍ධානුරාගාවර්‍ජ්‍ජිතාමිතාමරවරවධු විධූයමාන මකරචාරුචාමරධවලීකෘතොදාර පාණ්‍ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින් භක්‍තිප්‍රෙමාතිභාරාවන්‍ත සර්‍වසුරාසුරවර චක්‍රචාරුචූඩාමණිමරීචිසඤ්‍චය පරිචුම්‍බිත චරණනඛමයූඛ ජාලාභිෂෙකයෙන් භුවනත්‍රයයට අභිෂෙක දී - දුර්‍ගති දුර්‍ගාභිමුඛ වැ පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව සන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ - දිව්‍යබ්‍රහ්‍මයන් විසින් සමාරාධිත වැ - මහාසම්‍මත පරම්‍පරානුයාත ශුද්‍ධ සූර්‍ය්‍යවංශාභිජාත සර්‍වගුණ ගණාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්‍ධ ශුද්‍ධොදන මහාරාජොපනිඃශ්‍රයයෙන් අපරිමිත පුණ්‍යසම්‍භාර රූපලාවණ්‍ය ගුණොපෙත මහාමායා දේවීන් ගර්‍භචෛත්‍යාන්‍තර්‍ගර්‍භයෙහි ආත්‍මීය ප්‍රතිසන්‍ධාන ධාතුනිධාන කොටැ - ස්‍ඵටික චෛත්‍යාන්‍තර්‍ගතවිරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දශ මාසයක් මාතෘ ගර්‍භයෙහි වැසැ - වසන්‍ත මදමොදමානමුඛර මධුරතර භාරභරිතාංකුරිත කුසුමිත ඵලිතපල්‍ලවලතා විතාන විතත විචිත්‍ර විශාලසාල සලල කෙශර නක්‍තමාල තමාල නීප කදම්‍බාදී තරුෂණ්‍ඩ මණ්‍චිත ලුම්‍බිනී වනොද්‍යානයෙහි මාතෘගර්‍භයෙන් ප්‍රසූත වැ මහාබ්‍රහ්මොපනීන ස්‍වර්‍ණජාලයෙන් ලොකපාල දිව්‍යපුත්‍රොපනීත අජිනචර්‍මයෙන් මනුෂ්‍යොපනීත දුකූල චුම්‍බටකයෙන් ක්‍රමයෙන් වැඩැ - වසුධාඞ්‍ගනා මස්‍තකෛකශෙඛර භාවයට පම්‍ප්‍රාප්ත වැ - අශෙෂ දොෂාන්‍ධකාර නිකර නිරාකරණ සමුද්‍ගත තරුණ තරණී මණ්‍ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලෝකනය කොටැ - අනන්‍තාපරිමාණ ලොකධාතු පර්‍ය්‍යාපන්‍න සමස්‍තසත්ත්‍ව නිකායයෙහි ආත්‍මසදෘශාධික පුද්‍ගලාන්‍තරයක්හු නැති සේ දැකැ - උත්‍තරදිශාභිමුඛ වැ සප්‍තපදව්‍යතිභාරාවසානයෙහි වැඩැ සිටැ - “අග්‍ගොහමස්‍මි ලොකස්‍ස, ජෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස, සෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස අයමන්‍තිමාජාති නත්‍ථිදානි පුනබ්‍භවො” යි අභීත සිංහනාද කොටැ - සර්‍ව සුරාසුරවර මත්‍තමාතඞ්‍ගමානමදපරිශොෂණ නිපුණ සිංහනාද පරිපූරිතාශෙෂ භවනකුහර ඇති වැ ශාක්‍යාධිරාජසිංහ පොතකොත්‍තමයන් චතුරචතුරාශීතිසහස්‍රකුලප්‍රභෙදවිස්‍තීර්‍ණ බන්‍ධු වර්‍ගයා මද්‍ධ්‍යයෙහි විරාජමාන වැ ශුක්‍ලපක්‍ෂාභිවර්‍ධමාන චන්‍ද්‍රමණ්‍ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘද්‍ධ වැ ප්‍රභාස්‍වරතරවරාඞ්‍ගනා මද්‍යයෙහි විරාජමාන චන්‍ද්‍රලෙඛානුකාරී යශොධරා ප්‍රමුඛානෙක කොටි නාටක ස්‍ත්‍රීන් පරිවෘත වැ - ප්‍රතිදිනාරබ්‍ධමංගල කපිලවාස්‍තු මහානගරවරයෙහි ක්‍රිඩානුභවයෙන් ඒකොනත්‍රිංශත් සංවත්‍සරාතික්‍රාන්‍ත කොටැ ජරාජීර්‍ණ රොගාවතීර්‍ණ මරණාවතීර්‍ණ පූර්‍වනිමිත්‍ත සත්ත්‍වසන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ ප්‍රව්‍රජිත රූපසන්‍දර්‍ශනයෙන් නිවෘත්‍ත වැ, නෛෂ්‍ක්‍රාම්‍යාභිමුඛ මනසින් සන්‍තුෂ්‍ට වැ, ඡන්න නම් අමාත්‍ය ද්‍විතීය වැ - අනෙක කොටි සතසහශ්‍ර චක්‍රවාලාන්‍තරාල පරිස්‍ඵුරිත දිව්‍ය බ්‍රහ්‍ම ගණාකීර්‍ණ පාරිජාත ම‍න්‍දාර මකරන්‍ද බින්‍දු සින්‍ධුරිතාංගසුන්‍දරතර චතුරතර තුරංගයානයෙන් ප්‍රයාණය කොට, අනොමා තීරයට සම්‍ප්‍රාප්‍ත වැ - සර්‍වාභරණ විභූෂිත කනකවර්‍ණ දෙහශොභා ඇති බැවින් සුපුෂ්‍පිත කණිකාර තරුශිඛර සමුර්‍ධ්‍වාගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්‍මීය ඛඞ්‍ගධාරා සමුච්‍ඡින්න කෙශධාතු ආකා‍ශයෙහි විහිදැ ඝටීකාර මහාබ්‍රහ්‍මොපනීත විශිෂ්‍ටාෂ්‍ටපරිෂ්‍කාරයෙන් ප්‍රව්‍රජිත වැ ප්‍රව්‍රජ්‍යාසුඛස්‍මෘති රසාස්‍වාදයෙන් සප්‍තාහාතික්‍රාන්‍ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්‍ෂාටනයෙන් සන්‍තර්පිත වැ ෂට්-සංවත්‍සර මාත්‍රයක් ප්‍රධාන භූමියොග කොටැ - කෂ්‍ටව්‍රත සමාදානයෙන් මොක්‍ෂයාගේ අලභ්‍යභාවය ලොකයාහට ප්‍රකාශ කොට සුජාතොපනීත ක්‍ෂීරපායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහය කොටැ ස්‍වස්‍තිද්‍විජොපනීත කුශමුෂ්‍ටිග්‍රහණයෙන් මාරාතිසංග්‍රාම භූමිස්‍ථානීය බොධි මණ්‍ඩපයට සම්‍ප්‍රාප්‍ත වැ - පෘථිවි සමුද්‍භෙදොද්‍ගත කුසුම පර්‍ය්‍යංකවරචාර සමාරූඪ වැ චතුරංග සමන්‍විත වීර්‍ය්‍යාධිෂ්‍ඨානයෙන් පර්‍ය්‍යංක බන්‍ධනය කොටැ - තත්‍කාල සමායාත සංග්‍රාමාතිභීෂණ මත්‍ත මාතඞ්‍ග තුරඞ්‍ගාඩම්‍බර හර්‍ෂහෙෂාරව බධිරීකෘතාශෙෂ ත්‍රිභුවන භවන පුටපාටනපටු පටහ පණව දුන්‍දුභිධ්‍වනි ප්‍රලයාසනි සම්‍පාත නිර්‍ඝොෂයෙන් ඝොෂ වූ දොර්‍දණ්‍ඩමණ්‍ඩලොෂිත නිශිත කොදණ්‍ඩ දණ්‍ඩ කාණ්‍ඩ කම්‍පන භින්‍දිවාල කරවාලාර්‍ධචන්‍ද්‍රචක්‍රාදි විවිධායුධ සහස්‍ර දුර්‍වාර සපරිවාර මාරපරාජය කොටැ - ප්‍රථම යාම සමධිගත පූර්‍වෙනිවාසානුස්‍මෘති ඥානාලොක බලයෙන් අතීත කාලවර්‍ත සර්‍ව දොෂාන්‍ධකාර නිකර නිරාකරණය කොටැ - මද්‍ධ්‍යමයාම සමධිගත දිව්‍යචක්‍ෂුරබිඥානාලොක බලයෙන් චවමානොපපද්‍යාමානාද්‍යනෙක සත්ත්‍ව සමීක්‍ෂණයෙන් නාගතාමිත කාලවර්‍ත්‍යඥානතමොජාලප්‍රදාලනය කොටැ - පශ්‍චිමයාම සමධිගතසවාසනාසර්‍වක්‍ලෙශසමුච්‍ඡෙද සමස්‍තාෂ්‍ටාංගාර්‍ය්‍යමාර්‍ගඥාන ලක්‍ෂණ ආස්‍රවක්‍ෂයකරාභිඥානාලොක බලයෙන් වර්‍තමාන ඝනතරාඥානතිමිර පටල පුටපාටනය කොට මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලොක බලයෙන් අධ්‍වත්‍රිතය සර්‍ව දොෂාන්‍ධකාර දූරීකරණයෙන් සංස්‍කාර විකාර ලක්‍ෂණ නිර්‍වාණ ප්‍රඥපති යන පඤ්‍චවිධඥෙයමණ්‍ඩලයෙහි ඓශ්‍වර්‍ය්‍යය කෙරෙමින් අනාවරණ ඥානාභිෂෙකයෙන් සර්‍වධර්‍මාධිරාජ්‍යපදයෙහි සුප්‍රතිෂ්‍ඨිත වැ - ස්‍ථානභවයොනිගතිවිඥානස්‍ථිති සත්ත්‍වාවාස භෙද භින්න සර්‍වසත්ත්‍වවර්‍ගාශ්‍රිත ක්‍ලෙශාරිවර්‍ගසමුච්‍ඡෙද චතුර චතුරාශීති සහස්‍ර ධර්‍මස්‍කන්‍ධ මහා නගරවරයට සම්‍ප්‍රාප්‍ත වැ චතු‍ර්‍වෛශාරද්‍ය දශබල චතුර්‍දශ බුද්‍ධඥානාෂ්‍ටාදශ බුද්‍ධ ධර්‍ම ද්‍වාත්‍රිංශද්‍වර මහාපුරුෂලක්‍ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්‍ජනව්‍යාමප්‍රභාකෙතුමාලාලඞ්‍කාරයෙන් විරාජමාන වැ - තථාගතවර ධර්‍මචක්‍රවර්ත්‍ති තමා නානා දෙශයෙහි නානා කාලයෙහි නානාවිධ විනෙය සත්ත්‍වාශයානුශය චරිතාධිමුක්‍ති වශයෙන් සද්‍ධර්‍මාමෘත වර්‍ෂා කෙරෙමින් සර්‍වසම්‍පන්න ශ්‍රාවස්‍ති මහා නගරවරොපනිඃශ්‍රය කොටැ - සර්‍වධර්‍මාධිරාජධානි ස්‍ථානීය ජේතවන මහා විහාරයෙහි වැඩ වෙසෙමින්, දෙසුවා වූ සුවාසූ දහසක් ධර්‍මස්‍කන්‍ධයට අන්‍තර්‍ගගත වූ විශාලා මහනුවර ජනපද රොගභය පලවා - කෙළලක්‍ෂයක් සක්වළෙහි ආඥා පැතිරැ දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥා ගුණ තොජොබල මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුසේ විය යුතු.

සර්‍වාන්‍තරායවර මහබිනික්මන් සකස්කඩ නිමි.

සිද්‍ධිරස්‍තු.

පිපුනු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා
කටු මැටි බිත්තිය හැඩ කර කර අදිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියනියනේ..
ආදර දියනියනේ..
පාලු කනට නුඹෙ අත නොගැටෙන්නයි
කන්නඩි කැඩපත බිම දැම්මේ
ලිදේ අඩිය හිරු නොබලන පින්නෙ
එබී ලිදට නුඹ ඈයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියනියනේ..

ආදර දියනියනේ..

https://youtu.be/7CgscWNmkgg

https://jagathmarasinghe.wixsite.com/mare

26 11 2022



Powered by Blogger.