මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය ( මාරස සංහිතා)

                      මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බුදය ( මාරස සංහිතා)

        මාරස වීදි රස්තියාදුවේදී  AED SUPERSTORE කියන වෙබ් පිටුවකින් මේ ඡායාරූපය හමුවුනා. මේක මට අතීතයක් සිහි කරනවා. සාමාන්‍යයෙන් බේබදු ජීවිතයේ සමාජ අසම්මතව සිදුවූ කිසි දෙයක් කිසිවෙකු සමග කියන්නේ නැහැ. මොකද සමාජ ලැජ්ජාව තමන්ගේ ජීවිතයටත් වඩා ලොකු නිසා. නමුත් මේ වගේ සිදුවීම් මාරසටනම් අධිකයි. ඒව සිහිවන විට අපේ යාලුවෝ දාලා ගිය හැටි තමා පළමුව සිහිවෙන්නේ. අපේ ආදරවන්තියෝ කතන්දර හදාගෙන දාලා ගිය හැටි සිහිවෙනකොට ආපහු ගිහින් ඒකිලාව මරන්නත් හිතෙනවා. නමුත් බේබද්දා කියන්නේ මාර ආදරණීය චරිතයක්. මේ ඡායාරූපයට යටින් දාලා තිබ්බෙත් මේ හෘර්දායාබාද වගේ දේවල්. කෙලින්ම ඇල්කොහොල් වලින් මේ වගේ මහ මග වැටෙන්න‌ේ හෘර්දයාබාද නිසා තමා. මොකද ඇල්කොහොල් වලින් කරන්නේ ලේ වලට ඇල් කොහොල් මිශ්‍ර වූ ගමන්ම කෙලින්ම ශරීරයේ රසායනික පද්ධතිය වෙනස් කිරීම. ‌මධුලෝලියා බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය ඇල්කොහොල් ගන්න මිනිසුන් කියන කික් ‌එක හෙවත් ගැම්ම. නමුත් ඊට යටින් ශරීරයේ නොයෙක් රසායනික භෞතිික විපර්යාස  සිද්ධ  වෙනවා. ඒවා මධුලෝලියාට අදාල නැහැ. ඒ සම්බන්ධව කතා කරන්න ගොඩක් දේ තියනවා. කැත කතුන් පොතේ මධුලෝලත්වයේ අර්බුදය යටතේ මාරසත් ගොඩක් දේ කතා කළත් මේ ඡායාරූපය දැක්කම මාරසට මාර අත්දැකීම් සිහිවෙනවා.
      මධු ලෝලත්වයට බෙහෙත් නැහැ . නමුත් සාමාන්‍යයෙන් ඇලපති වෙද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයෙන් කියන්නේ ඒක මානසික වෙද්‍යවරයෙක් ගාවට යායුතු රෝගයක් කියලායි. කෙලින්ම සායනිකයි කියන කතන්දරයම තමා. ඒ කියන්නේ ඇල් කොහොල් වලට ඇබ්බැහි උනාම නැතිනම් ඇඩිඩ් උනාම කියලත් කියනවා. ඇබ්බැහිය කියන්නේ මධු වලටම සින්න වෙච්ච දෙයක් නෙවේ. ඔය කියන ආදරයත් පවුල් ජීවිතයත් ඇඩිට් හෙවත් ඇබ්බැහියක් තමා. බිරින්දෑ නෑදෑගම් ගියාම කළේ පැන් නැත කියල අඩන්නෙත් ඒකක්ම තමා. සැබෑ ආදරය දිනාගන්නනම් ජීවිත ඇබ්බැහියෙන් අයින් වෙන්න වෙනවා අනිවා. නමුත් ගොඩක් මිනිස්සු දකින්නේ ඇබ්බැහිය ආදරයක් කියලයි. ඇබ්බැහිය තුළ ආදරයේ තියා සුරාවේවත් සුන්දරත්වය ජීවිතය විඳින්න කිසිසේත් නොහැකියි. ඇබ්බැහිය කියන්නේ මාර ලෙඩක් තමා. සුව කළ නොහැකි රෝගයක් වගේ. පිලිකාව වගේ පාප රෝග ඊට වඩා යහපත්. සමහර මාක්ස්වාදීන් පවා විප්ලවීය මාක්ස්වාදී ඇබ්බැහි කරුවන්. ඒක කෙලින්ම සායනික තත්ත්වයක්. නැතිව නිකම්ම නිකන් සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ඒක ඇත්තකටත් වඩා සැබෑවක්.

     මේ  මිනිහෙක් ජනාකීර්ණ වීදියක වැටිලා. මේක ඇල් කොහොල් වැඩි වුනාමත් වෙන දෙයක්. ඇල් කොහොල් වැඩිය අරන් තමන්ගේ සංතෘෂ්ටිය හොයන්න යන එකාලාට අපි කියන්නේ බේබද්දෝ කියලා. අපි දැකලා ඇති කොළඹ නගරයේත් වැඩ ඇරිලා යන ගමන් සපත්තු ටයි දාගත්තු මහත්තුරු මෙසේ වැටී සිටිනවා. දැකකද මේ වීදි ඡායාරූපයේ වැදගත්කම. ඒ වගේ අවස්ථාවක එකෙක් දෙන්නෙක් උදව්වට එන්නේ. නමුත් අහඹුවක් වීදි ඡායාරූපයකට හැම දා මනා සේවයක් කරනවා වගේ සාමයේ සංකේතය ලෙස සලකන පරවියෙක් ආලෝක ත්‍රිකෝණයේ පෙරමුණටම ඇවිත්.  මේව සාමාන්‍ය කතාන්දර නොවේ. ඇල් කොහොල් වලට බේත් ගන්න යන්න වෙන්නේ කෙලින්ම මානසික ‌වෙද්‍යවරයෙක් ගාවට. ඒඅයටත් කරන්න දෙයක් නැහැ. ඒ අය සේලයින් එකට කහපාට දියරයක් දානවා. ඉස්සර ගැහැව්වේ පැරොන්ටුවයිට් කියන විටමිනය. පසුව ඒක නිෂ්පාදන හේතුවක් නිසා තහනම් වෙනවා. ඊට පස්සේ දැන් ගහන්නේ පොලිබියෝම් කියන විටමිනය. ඒක ගහන්නෙත් සේලයන් එකට. ඒවගේ සේලයලින් තුනක් හතරක් යනකොට ඇල් කොහොල් විසින් කාදමන ලද විටමින් කොටසක් ශරීරය අරන් මාර පනක් ‌එනවා. ඊට පස්සෙ ‌අසනීප වූ බේබද්දාගේ උත්සාහය දැන් හරි කියලා ගිහින් තවත් ෂොට් එකක් දාගන්න තියන කෑදරකම ඉස්මතු වෙනවා. මෙතනින් අපට වටහා ගන්න පුළුවන් මේ ඇල්කොහොලික් කියන්නෙත්, ඇල්කොහොලික් ඈෂ් කියන්නෙත් නැතිනම් මදිරාබාදය කියන්නෙත් තනිකරම මානසික ප්‍රශ්නයක් කියලා. කොටින්ම අම්මා බලහත්කාරයෙන් අපව ප්‍රසූත කර ඊට විරෝධය පාන දරුවාට තන් කිරි නැමති විකල්පයෙන් දරුවාව සැනසීම කරනවා. වැඩිවියට පත්වන විට ඒ මගහැරුන කළ ඒ දරුවා යන ගමන වෙනස් මගකට පත් වෙනවා.  සැනසීමට ලේ කිරි හොයා යන ගමනක තාවකාලික සහ ආදරණීය සහ ඒ වගේම භයානක නවාතැනක් බවට තැබෑරුම පත්වෙනවා අනිවා. 
      මේකට මහාචාර්ය ආචාර්ය මාක්ස්වාදී කිසි උද්දච්චකම් අදාල නැහැ. මොන යකා උනත් ඇබ්බැහි කියන තත්ත්වයට පත්වුනොත් ඒකා ඇල් කොහොල් වහලෙක් වෙනවා. මේ ඇල්කොහොල්, සත්තුන්ට පොඩි ලමයින්ට දීපුවාම ඒ අය කෙලින්ම නිදා ගන්නවා. මේව ඇලපති වෙද්‍ය විද්‍යාත්මක පරීක්ෂන වලින් තහවුරු වෙලා අවසානයි. ඒ නිසා තමා කියන්නේ ඇල් කොහ‌ොල් මතින් නිර්මාණය වෙන මානසිකත්වය කෙලින්ම මානසික සින්ඩ්‍රෝමයක් වගේ කියලා. මේ නිසා තමා ඇල්කොහොල් ඇබ්බැහියට බේත් ගන්න මානසික වෙද්‍යවරු ගාවට යන්න වෙන්නේ. එතනදිත් කරන්නේ ඇල් කොහොල් ඇබ්බැහියෙන් නැති වුන විටමින් සහ අනෙකුත් ආබාද වලට ප්‍රතිකාර කරලා පුනරුත්තාපන  මධ්‍යස්ථාන වලට අරින එක.  ඒ ආයතන වල  කරන්නේ කෙලින්ම නැවත ජීවිත රටාව පුරුදු පුහුණු කරන කතන්දරය. මේ පුණරුත්ථාපන කටයුත්ත කරන කුප්පියාවත්ත හාමුදුරුවෝ මේ සම්බන්ධව විශේෂඥ සමාජ ක්‍රියාකාරිකයෙක් බව මාරස දන්නවා. එයා මේ කටයුත්ත පුණරුත්ථාපනය කියලා කියන්නේ නැහැ. ඇබ්බැහියෙන් මුදවා ගැනීමට උන් වහන්සේ නියම නමක් දෙනවා. ඒ විශෝදනය කියලා. ඇමරිකාවේ නිපන්  ටී සී ක්‍රම වේදය හෙවත් තෙරපි ඔප් කොමිනියුටි නමින් කියවෙන ප්‍රජාව විසින් ප්‍රජාව  පාලනය කිරීමේ නව සංකල්පීය ප්‍රායෝගික ක්‍රමවේදය උන්වහන්සේ ඉතා ලස්සනට කරන බව මාරස දන්නේ අත්දැකීමෙන්මයි. ඒ කියන්නේ නැවත ජීවිතය මුල සිට පුහුණු කිරීම. කුඩු ඇබ්බැහියටත් ඇල්කොහොල් ඇබ්බැහියටත් විශෝදනය කියන්නේ මාර සංකල්පයක් වගේම මාර වැඩක්. දුර්වලයෝ කියලා අත්හැර දමන සමාජයේ සියයට තිහක් පමණ වෙන අසරණ මිනිස්සුන්ට මේ තේරවාදී හාමුදුරුවන් වහන්සේ පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලයෙටත් හේන්පිට ගෙදර ඤාණසීහ මහා තෙරුන් වහන්සේටත් සම්බන්ධ ඉතිහාසයක් තියන බව මාරස දන්නවා. ඒ ගැන කතා කරන්න ගියොත් රාමඥ නිකායේ ආදරයත් ලියන්න වේවි. 
      මතට ඇබ්බැහි වූ මිනිස්සුන් පළමුව අත අරින්නේ තමන්ගේ ආදර වන්තිය. නැතිනම් ආදර බිරිඳ. රජයට නොවේ ජනතාවට විශාල බදූමුදලක් දී මේ තත්ත්වයට පත් වූ බේබද්දා හෝ කුඩු කාරයා අවසානයේ කාත් කවුරුත් නැතිව අසරණ වෙනවා. මන්දා වෙන රටවලට වඩා අම්මා සහ සහෝදරියෝ පමණක් කිසිදා තමන්ගේ මල්ලිව අයියව පුතාව අසරණ වෙන්න දෙන්නේ නැහැ. පුදුම දුකක් විඳිමින් ගොඩ ගන්න උත්සාහ කරනවා. පුතාලත් එහෙම තමා උනාට දුවලා ඉලෙක්ට්‍රා සංකල්පය සිහිකරමින් බොන තත්තලාව විශෝධනය කරන්න ගන්නේ මාර උත්සායහක්. මේ බේබදු මානසිකත්වය මාර විදිහට දේශපාලනිකයි කියන කතාව මාරස කැත කතුන් ග්‍රන්ථයේ මධුලෝලත්වයේ ව්‍යාකර්න අර්බුදය  පරිච්චේදයේ ලියලා තියනවා.
         විශේෂයෙන් ඇල්කොහොල් මතට ඇබ්බැහි වූ කළ ඇල් කොහොල් අඩු වූ විට මුලු ලෝකයම අඳුරු වන අවස්ථාවක් එනවා. ඒකට කියන්නේ බ්ලැකවුට් වෙනවා කියලා. ඒ වෙලාවට දොස්තරලා කියන්නේ එතනම වාඩි වෙන්න කියලා. නමුත් ප්‍රවීන බේබද්දෝ දන්නවා එතනම වාඩිවෙලා ‌තවත් ෂොට් එකක් ගැහැව්වනම් වැඩේ හරි කියලා. මාරසට ඒ අත් දැකීම් විස්තර කරන්න තවත් පොත් කීපයක් ලියන්න වෙයි. නමුත් ඩීල් පොත් ප්‍රකාශකයන් සමග සටන් කරන්න මාරසට ‌ලස්සන යෝනියක් නැති වීම සම්බන්ධව කණගාටු වීම පසක තබා බ්ලොග් ලියනවා හැර වෙන කරන්න දෙයක් නැහැ.
දවසක් මාරසට කුඹුරක් මැද්දක නියරක් උඩ බ්ලැකවුට් කියන තත්වය ආවා. උදේ ඇහැරුනේ ‌මඩ ගොඩක් වූ කුඹුරක් මැද්දේ. අතේ තිබ්බ කරෝල  මල්ල කබරයෙක් ඇදගෙන ගියේ කෙලින්ම ඇඟ උඩින්. ඒ කමිසය සිහිවටනයක් විදිහට තාම තියනවා. ඒ කබර අතේ සටහන දැක්කම ජීවිතය කියන කතන්දරය මොන කෙහෙල් මලක්ද කියලා තාමත් මාරසට හිතෙනෙවා ඇති.
               මේක හරිම සංඛීර්ණයක්. කෙලින්ම මානසික සංඛීරණයක්. ඒක පවතින ධනේශ්වර රජයන් ඉතා හොඳින් දන්නවා. ඒ රජයන්හි සේවයේ නියුතු මහා උගත් පණ්ඩිත නිළධාරීන් ඉතා හොඳින් තව දුරටත් දන්නවා. ඒකේ අවසාන ප්‍රතිපලය වෙලා තියෙන්නේ රජයේ අයවැය ලේඛණයේ ධනාත්මකත්වය ධන කර ගැනීමට ඇල්කොහොල් බද්ද වැඩි කිරීම පමණයි. ඒක සාපයක්. කිසිවෙක් කතා කරන්නේ ‌නැහැ. කියන්නේ අනවශ්‍ය දේ බොන උන්ට හොඳ වැඩේ කියලා. මින් වෙන්නේ ඇල්කොහොලික් මානසිකත්වය රජයේ ආදායමේ ප්‍රධාන කප්පමක් වීම පමණයි. නමුත් රටක් වශයෙන් කෙලවෙලාම යනවා
          මේ තත්ත්වය රුසියාවටත් තිබ්බා. කොටින්ම විප්ලවයෙන් පසුවත් ඔඩ්කා ‌බීමේ ඇබ්බැහිය කෙලවරටම ගියා කියලා ලිපි තියනවා. අන්තිමට තම ස්වාමි පුරුෂයෝ හිමෙන් යටවේවි කියන බියෙන් සන්ධ්‍යා කාල වල රුසියන් ගෘහනියෝ තැබෑරුම් අසල මුර කරන්න පටන් ගත්තා. 
යුරෝපා රට වලත් මෙසේමයි. කියන්නේ බොරුනම් අන්තර් ජාලයට යන්න. මේක ‌ලෝකයේ අර්බුදයක්   වුනේ අද ඊයේ නොවේ
               සිංහල බෞද්ධ කට්ටියට කියන්න තියෙන්නෙ අට උමතුවේ අට වෙනි උමතුව වනාහි සුරා උන්මත්තකයා  කියලා මාරස කැත කතුන් පොතේ ලිව්වා. ඒ වගේම අෂ්ටවිධ පානයන්ගේ අට වන පානය මී ගෙඩි  යුෂ කියලත් කිව්වා. තවදුරටත් චරක පඬිවරයාගේ චරක සංහිතාවේ ඇති  මදිරා භාදය ගැනත් ලිව්වා.  ආසියාතික බෞද්ධ සංස්කීතිය සංස්කෘතික විදිහට ආදරයෙන් පාලනය වෙන්න ඇරියා කියන කතාවේ ආදරය ගැනත් ලිව්වා. සෝම පානය ත්‍රෙයිලෝක විජය පත්‍ර සහ භාවනා ක්‍රම දක්වා ඒවා විකාශනය වූ ආකාරය විශ්මිතයි. නමුත් අද කෙලින්ම මිනිසුන්ගෙ රෝග ඉලක්ක කරමින් ප්‍රාග්ධන ලාබය හසුරවන ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන කතා කරන්න හැකි චැප්ලින් වන් නිර්මාණ ශිල්පියෙකුට පමණයි. නමුත් චැප්ලින්ගෙන් පසු ලාංකේයවද බිහිවන්නේ ඩුප්ලිකේට් චැප්ලින්ලා.
        කෙසේ උවත් මේ මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්භුදය සම්බන්ධව කැතකතුන්ගේ පොතට පසු ලියවුන පළමු ලිපිය. මාරස මේ සම්බන්ධව ලිපි පෙලක්ම දිගට ලියන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පාටක නුඹලා නිහඬනම් ඒ කාලය කැප කිරීමට මාරස කිසි සේත්ම කැමති වන්නේ නැහැ. ඒ මාරසේ හැටි නොවේ මිනිසාගේ හැටි. මිනිසා කියන්නේ මහා එඩිතර කම් ගැන ලොකු කතා කිව්වට අහිංසක සත්වයෙක්. නමුත් මාරස මාරසත් එවන් මිනිසෙක් නිසා මිනිස්සුන්ට තියෙන්නේ ආදරයක්. සමහර විට ඒ ලෙඩක් කියලා අර්ථ දැක්වීමට හැකියි. කියන්න තියන දේ සරලයි. එවැනි ලෙඩ වලට මාරස ආදරෙයි තමා. නමුත් මේ වදනින් මේ සියල්ල විනාශ වෙයිද දන්නේ නැහැ. නුඹ මේ ටික ලිව්වේ ෂොට් එකක් ගහලාද කියලා ඇහැව්වොත් කෙලින්ම ඔව් කියනවා. නමුත් වැඩි උනානනම් මේව තියා මොන මගුලක්වත් ලියන්න බැහැ කියන කතාව ඇත්තකටත් වඩා සැබෑවක්. අනිවාර්යෙන්ම ‌මත විතරක් නොවේ සියලු ඇබ්බැහි වනාහී සමාජ දේශපාලනයේ අර්බුදයක්. ‌ඒ සම්බන්ධව මිනිසා විසින්ම කුමක් කළයුතුදැයි තීරණය කරනු ඇති. පවතින ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය ඒවා මත යැපෙනවා විනා උනට කළ හැකි කිසිවක් නැහැ. තීරණය ඔබ සතුයි.  බුදු තාත්තේ බොන්න එපා වැනි ජනතාවාදී ගීත වන් දේ වලින් සිදුවන්නේ ඒවා කිය කියා තවත් පවතින රජයේ බද්ධට දායක වීම පමණයි. මේ කතන්දරය ජීවන වියදමේ බරපතල ප්‍රශ්නයක්. මේ තත්ත්වය ආගමික නායකයින් බරපතල ලෙස සිත් තබා ගත යුතුයි. ඔබ මේ සම්බන්ධව ගන්නා වූ සහ දෙසන්නා වූ බණ දහම් වනාහී ‌මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කිරීමට හේතු වන බව සැබෑවක්.
https://jagathmarasinghe.wixsite.com/mare
26 11 2022

2 comments


Powered by Blogger.