සුරංගනාවියෝ බසිත් අතීතය කියන්න බන්.....

බිඳෙන් බිඳෙන් ජලේ පයිප්පයෙන් සුබෙසලෙක්ක ටින් රැගත් ළමෝ වටා සිටිත්.                                                               සුරංගනාවියෝ  බසිත් අතීතය කියන්න බන්.....

        සැබෑවටම මේ සිද්ධාරථ ගෞතමයි, කාල් මාක්ස්සුයි, ඇල්බට් අයින්ස්ටයිනුයි, අනිත් ශුවිශේෂ වූආචාර්ය වරුන්ට වඩා සමහර වෙලාවකට වාතයක් නේද කියලාමාරසට සිහිවෙලා ලියලත් ගොඩක් කල්. අපිට තනියම මේ තුන්දෙනා හිතන්න දෙන්නෙම නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් අපේ ඔලුවට දාලා අවුල් කරනවා. අන්තිමට අපි හිතනවා කියලා කරල තියෙන්නේ එයාලත් එක්ක තර්ක විතර්ක කරල වෙහෙසෙන කතන්දරේ. හිතල ලියල ඉවර වෙලා බලපුවාම මේ ත්‍රිත්වයට අයිති භාෂාවකින් ලියවෙන්නේ අපට ඕන දේ නොවන බව දැනෙනව. ඉතින් තමුන්ගේ හිතේ තියන දේ ලියන්න නැවත නැවත හිතන්න වෙනවා. මකන්න වෙනවා. මේ වෙනකොට ඒ මැද්දට පශ්චාත් නූතන වාදී ගුරු කුළයද පැනලා. අනේ මාරසනම් රැපියල් තෙන්නකෝන් නැමති හෙළ හවුලේ සිටි කෙනාගේ වවුලුවේ සිට අහගන්න කැමති රොහාන් පෙරේරාගෙන් පමයි. රොහාන් මට හමුවුනේ ලයනල් වෙන්ට් එක ඉස්සරහ පිටදි එකම එක වතාවයි. මම දන්නවා ඒකා පොරක් කියලා. ඒ දන්න දේ මම කියලා ඉවරයි. පශ්චාත් නූතන වාදය ගැන දැන් තියන හරඹ ගැන කතා කරන්න ප්‍රශ්න පහක් ඒකාගෙන් ප්‍රසිද්ධියේ ඇසිය යුතුයි. ඒ ප්‍රශ්නෙට නිමල් කරුණාසිරි නම් මානව හිමිකම් කොමසාරිස් බද්ධ වෙනවාද කියන කතන්දරයයි. මොකද කළුතර හමුවකින් රෝහන විජේවීර සම්බන්ධව සන්නාමයක් ගෙනාවේ රොහාන් කියලා ඔය පසුව පශ්චාත් කුළකයේ ආරම්භයේමාරසටත් ආරංචි වුනා. පසුව සර්පයාලා සමග ඇති වූ සංවාද මග හරින්න බැහැ. ඒවා ඔයාලාම ලියලා තියනවා. රොහාන්ව විසංයෝජනය කළේ ප්‍රසිද්ධියේ. දැන් ඒවා කල්ලි කණ්ඩායම් බවට පත් වෙලා. මාරස මේව ගේන්නේ මාරසට බලයක් හදාගන්න හිතනවානම් කාරි නැහැ. එ හෙම දෙයක් මාරසට තිබ්බනම් අද මේවා කතා කරන්න වෙන්නෙත් නැහැ කියන කතන්තරය දන්න අය දන්නවා. කෙලින්ම රැපියල් තෙන්න කෝන් නමින් නමුත් මේ වෙද්දි ඒව දැන් හිතන මිනිසුන්ට පත්තියම් වෙලා නිසාදෝ එච්චරම කරදරයක් නැහැ. නමුත් නම් වශයෙන් කියන්නතරම් මට වැදගත් නැහැ නොවේඒ නම් වලට ආදරය නිසා කියන්නේ නැහැ නිසත් නොවේ මේ වෙලාවනොවන නිසා කියන්නේ නැහැත් නොවේ. මාරස මෙහෙම කිව්වම දන්න උන් දන්නවා කියලා හිතා ගත්තාම ඇති කියා හිතනවා. මාරස කතා කරන්න යන්නේ මචන් නුඹලාගේ දේශපාලන විපරිත ගැන නොවේ. නුඹලාගේ කවදාවත් දේශපාලන විපරිතයක් තිබ්බේ නැහැ. තිබ්බේ ලෝකෙටම ආදරයක්. නමුත් ආදරය හැම තිස්සෙම විපරිත වෙන කාරණය නුඹලා එදා හරියට කතා කළානම් අද මේ වගේ කල්ලි කණ්ඩායම් බිහිවෙන්නේ නැහැ. ඒ බිහිවීම යථාවක්ද නැතිද කියන එකවත් කියන්නේ නැතිව මොනවද මේ කරන්නේ කියන එක කෙලින් අහන්නේ ඇසිය යුතු නිසයි. මට නෙවේනේ පිලිතුරු තියෙන්නේ . මිනිස්සුන්ට. නමුත් මේ ටිකින් පටන් ගත්තේ මේ ඡායාරූපය ගැන ලියන්නයි.

මේ ඡායාරූපය මුන ගැසුFlickr වෙබ් පිටුවේ තිබිලයි. ZJohn Langholz - Sri Lanka Colombo children at public well-February 1985 ලෙස සටහන් කරල තිබෙනවා. කොහොමත් දුටු ගමන්ම වීදි ඡායාරූපයක් කියලා මීටරයට පැටලුනත් මේක ළමා ඡායාරූපයක් කියලායි සඳහන් වෙන්නේ. අනෙකුත් කලා ශානර මෙන් නොව වර්ගීකරණය පැටලෙන අවස්ථා වැඩී. තාක්ෂණික උපකරණඋපාංග සමග කැමරාවත් සමග නියැලිය යුතු ඡායාරූප ශිල්පය ඉහල පන්තියක පිරිසක් විසින් තමා පළමුව පරිහරණය කරන්න පටන් අරන් තියෙන්නේ. ලංකාවෙත් එහෙමයි. සාමාන්‍ය මිනිසුන්ට අදටද ඡායාරූප ශිල්පයේ හරියට නියැලෙන්න අමාරුයි නොවේ බැහැ කිව්වත් වරදක් නැහැ. මොකද තමන්ට ඇවැසි එක ශානරයක හරි වැඩ කරන් යන්න සෑහෙන්න මිලක් ගෙවන්න වෙනවා. ඒවා විකුනා ගැනීමේ මාර්කට්ටුවත් තියෙන්නේ යම් පන්තියකට සීමා වෙලයි. උපකරණද දැනුමද දවසින් දවස නෙවේ මොහොතින් මොහොත අළුත් වෙනවා. ඒ කියන්නේ ශිල්පියා මොහොතින් මොහොත පරණ වෙනවා කියන කතාවමයි. ඉතින් මෙතනදි ශිල්පියෙකුට දැනුමෙන් යවත්කාලීන උනත් තාක්ෂණික මෙවලම් වලින් යවත්කාලීන වෙන්න ලේසි නැහැ. ඉතින් ගොඩක් අයට ශිල්පීයව වැඩේ අතහැරලා දාන්න සිද්ධ වෙනවා. නමුත් ඩිස්කවරි සහ බී බී සීවගේමහා පරිමාන සමාගම් වලඡායාරූප ශිල්පීන්ටනම් වැඩේ ගොඩ. ලංකාවේත් පත්තර කොම්පැනි සහ වෙළඳඡායාරූපකරණ්‍ය කරන සමාගම් ආයතන වල සේවයකරනවානම් ගොඩක් දුරට වැඩ ගොඩ යනවා. නමුත් මොන තරම් වාසනාව තිබ්බත් ශිල්පීය කැසිල්ලෙන් පමණක් කලාව ජයගන්න බැහැ. නිර්මාණාත්මක ආත්මයක් ඇවැසිමයි. ඉතින් එවන් පහසුකම් තියන ආයතන වලිනුත් ශිල්පීන් සැබෑ නිර්මාණ ශිල්පීන් බිහි වෙන්නේ ඉබි ගමනින් වගේ තමා පේන්නේ. ගොඩක් වෙලාවට සැබෑ නිර්මාණ ශිල්පියොත් ජනතාවගෙන් විතැන් වෙන සංස්කෘතික පරිසරයක තමා ජීවත් වෙන්නේ. ඉතින් කැමරාවෙන් නිර්මාණකරණයේ යෙදෙනවා කියන කතන්දරයත් වාසනාව හෝ දෛවය මත පදනම් වන තත්ත්වය ඉස්තීර වෙන්න තමා ගෝලීය ආර්ථිකයේ විදිහ හැදිලා තියෙන්නේ. කොච්චර ජනප්‍රිය උනත් ඡායාරූපකරණයනිර්මානාත්මක කලා කෘති මිනිසුන් අතරට යන්නේ ඉබි ගමනේ. ගොඩක් වෙලාවට මිනිසුන් ඡායාරූප කියලා හිතන් ඉන්නේ ප්‍රවෘති ඡායාරූප. නැතිනම් පුද්ගලික ජීවිත කතා. ඒවා නිකන් ඒකම විදිහක්. කොටින්ම ලංකාවේ විතරක් නොවේ ලෝකයේම මංගල ඡායාරූප යන්නේ වික්ටෝරියන් කෝඩ් එකක. නමුත් වෙනස්ව නිර්මාණාත්මකව වැඩ කරන ශිල්පියොහිටියත් ඒ අයව මාකට් වෙන්නේ නැති නිසා එයාලව වෙළෙඳ අවකාශයෙන් විතැන් වෙලා නොපෙනීයනවා. ඉතින් මේ ධනේශ්වර සමාජ රටාවේ කලාව කියලා සිදුවෙන ස්වරූප වෙනසකින්පමණක් නව වෙන එකම දේ දිගටම සිදුවෙමින් පවතින කතාව ඇත්තකටත් වඩා සැබෑවක්. මේ ඡායා රූපය සම්බන්ධව මහා දේවල් ඡායාරූප දාර්ශනික මතවාදියෝ කියාවි. නමුත් මේ 1985 ලංකාව. අදත් කොළඹ වීදි මෙහෙම්ම තමා. වෙනසකට තියෙන්නේ පාලාස්ටික් ටැප් දාල ඇති. මේව ගැන දැන් මොනවද කියන්නේ. මාරස දන්නවා ලෝක දේශපාලන ව්‍යුහයෙන් කිසලොවුස්කිලාගේ නැත්තිනම් පොළොන්ස්කිව්ලාගේ වගේ සිනමා නිර්මාණය වෙන්න කාලයක් නොවේ මේක කියලා කියනවා කියලා. ලෝකය වෙනස් කරන්න හදන උන්ගේ උත්තරේ ඒකද? බඩ ගැන කතා කරන්නේ ආමාෂය දැනගත් මිනිසුන්ටත් වඩා අක්මාව දැන ගත් මිනිස්සු. අක්මාව ගැන කතා කරමු තේරෙන භාෂාවෙන්. අක්මාවට පෙර ආමාෂය ගැන කතා කරන්නේනම් ආමාෂයේ ආධාරයට එක්ස් කණ්ඩායම නව ප්‍රවනතාවන්ට දුන් සහයෝගය නොව ආධාරය නොව දාර්ශනික ආරක්ෂාව කුමක්ද? ඒ ආදරයද? මාරස පාටකයන් මතක තබා ගත යුත්තේ රනිල්වත් මහින්දවත් අනුර කුමාරවත් දීප්තිවත් දීප්තිගෙන් නිපන් මොකාවත් මාරස ප්‍රාග්ධන ඥාතීන් නොවන බවය. ඉතිහාසයේ මතක මාරස ඉතා හොඳින් නම් ගම් වශයෙන්ම කතා කිරීමට තරම් ඇල්කොහොල් නිවාඩුව අනගි බවනීය වී ඇති බවය. 

මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන්ම එකට භාවිතා වන බව පෙනේ. මෙම මුඩුක්කු සහ පැල්පත් වාසීන් අඩු ආදායම් නිවාස හිමියන් ලෙසද හැඳින්වේ. එක්සත් ජතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්‍වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදී ලක්‍ෂණ සහිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන එකක ජනගහණයක් මුඩුක්කු වල ජීවත් වේ. එමෙන්ම 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්දනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පැල්පත් යන්න සලකා බැලූ විට ඉවත ලන අමුද්‍රව්‍ය වලින් සකසාගත් දිළිඳු නිවාස වල දිළිඳු ජනයා වාසය කරන ස්ථාන ලෙස හඳුනාගත හැක. බොහෝ විට මෙම පැල්පත් තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර තුතී ලෑලි, වානේ තහඩු සහ ප්ලාස්ටික් තහඩු දැකිය හැක. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර්යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත්සනීපාරක්‍ෂක පහසුකම් වලින් යුක්ත නොවේ.

කෙසේ වෙතත් මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොට්ඨාශයක් ලෙස දැක්විය හැක. මෙලෙස පවසන්නේ ඔවුන්ගේ ජීවන විලාශයන්, ජීවත් වීමට ඇති අවකාශ/ඉඩ ප්‍රස්ථා, මුඩුක්කු සහ පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය සහ නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොට ගෙනය. මෙම මුඩුක්කු සහ පැල්පත් දැකගත හැක්කේ දුප්පත් හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොවේ. අද වන විට ඇමරිකාවේ චිකාගෝ නගරය ආදී ඉහල ආදායම් රටවලත් මුඩුක්කු ඇත. එමෙන්ම ලොව සැලසුම් කළ/නොකළ, විශාල/කුඩා, නව/පැරණි යන ඕනෑම නගරයක මුඩුක්කු පැල්පත් දැකගත හැක.



මුඩුක්කු වාසීන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොට්ඨාශයක් ලෙස දැක්විය හැක. එය එසේ වන්නේ ඔවුන්ගේ ජීවන විලාශයන්, ජීවත් වීමට ඇති අවකාශ/ඉඩ ප්‍රස්ථා, මුඩුක්කු සහ පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය සහ නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොට ගෙනය. මෙම මුඩුක්කු සහ පැල්පත් දුප්පත් හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව අද වන විට ඇමරිකාවේ චිකාගෝ නගරය ආදී ඉහල ආදායම් රටවලත් මුඩුක්කු දැක ගත හැක.

විශේෂයෙන්ම මෙම මුඩුක්කු සහ පැල්පත් ආශ්‍රිතව ඔවුනට ආවේණික සංස්කෘතියක් තිබේ. එම සංස්කෘතියට අනුගත වීමෙන් මෙ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමේ ඉහළ අනුපාතයක් පවතී.බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරතවේ. එනම් මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා වෘත්තිය, මංකොල්ල කෑම මෙන්ම අවිධිමත් ආර්ථික ක්‍රියා ආදී ධන උපාය මාර්ග වලටද යොමු වීම හරහා විවිධ සමාජ ගැටළු උද්ගතවීම දැකගක හැක.එවැනි තත්වයන්ට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආර්ථික වශයෙන් මොවුන් ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දී සිටිනා නිසාය.

මෙම ගැටළු බොහෝමයකට පදනම වී ඇත්තේ මුඩුක්කු සහ පැල්පත් පරිසරයයි. අනෙක් අතට අපිරිසිදු පරිසරය සහ සෞඛ්‍ය පහසුකම් නොමැති වීම ආදිය නිසා සෞඛ්‍ය තර්ජනයන්ද මෙම වාසස්ථානවල බහුලව දැකගත හැකිය.

කෙසේ වෙතත් එක්සත් ජාතීන් වාර්තා කරන පරිදි සියලු නාගරික වැසියන්ගෙන් තුනෙන් එකකට වඩා මුඩුක්කු සහ පැල්පත් වල වාසය කරන අතර ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවල නගර වේ.වර්ෂ 2006 UN-HABITAT වාර්තාවට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මිනිසුන් මිලියන 327ක් මුඩුක්කු සහ පැල්පත් වල ජීවත්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් හතරෙන් එකකම (අප්‍රිකානු, ආසියානු, පැසිෆික්) නාගරික පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක්ම මුඩුක්කු වල ජීවත් වන අතර මෙම රටවල් බොහෝමයක් සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතී. පැල්පත් නගරද අද වන විට රටවල් ගණනාවක දැකගත හැක.

ලොව විශාලතම පැල්පත් නගරය ලෙස මෙක්සිකෝවේ "Neza-Chalco-Itza barrio" හැඳින්වේ. එමෙන්ම ආසියාවේ විශාලතම පැල්පත් නගරය පාකිස්තානයේ කරච්චි නුවර "ඔරන්ගි" නාගරිකය වන අතර අප්‍රිකා මහද්වීපයේ නම් කෙන්යාවේ නයිරෝබි නුවර "කිබේරා" නාගරිකය විශාලතම පැල්පත් නගරය වේ.

ලංකාවේ බස්නාහිර පළාත තුළ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් මුඩුක්කු සහ පැල්පත් බහුලව දක්නට ලැබේ. ඒ තුළ ඊට ආවේනික උප සංස්කෘතියක් දැකිය හැකි අතර එම උප සංස්කෘතිය විවිධ අපරාධ සඳහා එනම් විශේෂයෙන් මත්කුඩු ජාවාරම ප්‍රධාන කොට ගත් අපරාධ රැල්ලක් සහ පාතාල ක්‍රියාකාරකම් සඳහා හොඳ තෝතැන්නක් නිර්මාණය කරන බව පෙනී යන අතර මෙය අනාගතයේදී මුළු මහත් සමාජයටම පිළිලයක් වනු නියතය.

මේ සියල්ල භෞතික සේ ගත හැකි වුවත් දේශපාලනික මුඩුකකු වලටත් අපහස කරන්නා වූ සංස්කෘතිය සම්බන්ධව ප්‍රශ්නයක් මෙහි අසා ඇත ළමා ඡායාරූප කරණයේ කිසිත් නොදන්නා ආදර සිනාවෙන් උන් පිනා යනු ඇත. ඒත් දරුවන් බලාපොරොත්තු වන්නේ ඒ ඒ නොවේ. ආදරයද නොවේ. උනට ආත්මීය ආදරයේ වැඩ පිලිවෙලක් පමණක් වන්නට හැකිය

බිඳෙන් බිඳෙන් ජලේ

පයිප්පයෙන් වැටේ

බෙලෙක්ක ටින් රැගත්

ළමෝ වටා සිටිත්.

ඇටෙන් ඇටේ ඉලේ

හමෙන් නෙරා පෙනේ

බතක් නැතත් කුසේ

බඩත් පිරී තිබේ

උඩින් උඩින්දෙපා

තබා මඩින් මිදී

සුරංගනාවියෝ

මුඩුක්කුවෙන් බසිත්

ඉහින් කනින් පිරී

ඩබල් ඩෙකර් දුවයි

ඇසුත් කනුත් වසා

නගින්නෙ දූවිලියි

නොකා නොබී කෙසේ

මැරෙම්ද හාමතේ

කකා කකා කියා

හඬත්ය කාකයෝ


මක් නිසාද යත්, පිට 17

-සේකර

https://jagathmarasinghe.wixsite.com/mare

09 11 2022




Powered by Blogger.