පාරමිතා නොපුරමු අප දෙදෙනා

                                  පාරමිතා නොපුරමු අප දෙදෙනා

    කෝචිචිය කෝච්චි පාර සම්බන්ධව මාර ජනප්රිය සංස්කෘතික ඡායාරූප ශානරයක් තියනවා. ඔබ හිතන්න හැකියි මාරස මේ වගේ ජනප්රිය ශානරයක ඡායාරූපයක් ගැන කතා කරන්න ගත්තේ ඇයි කියලා. Ideas of Love Photography යන පිටුවක තිබ්බ මේ ඡායාරූපයට ඇස හිටියේ ‌මෙහි තියන රොමැන්ටික් ගතියට යටින් බිත්ති ඡායාරූපයකටත් වඩා දේවල් දැනුන නිසා. අහස රතුපාටයි. මට මතකයි බාලදක්ෂ ව්යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල්සාමිගේ බාලදක්ෂ විද්යා පොතේ තියනවා සැඳෑ අහස රතුපානම් එඬෙරුන්ට අවවාදයයි, පසුදින මහා වර්ෂාවකි කියලා. මේ දෙන්නා ආදර වන්තයන් ලෙස ‌හෝ කුමන සම්බන්ධයක් ලෙස සැලකුවත් ඒකත් මේ පොටෝවෙන් කියනවා. රේල් පාරේ යන පැත්ත දිගයි. ඒ කියන්නේ මේ විදිහට දුර ගමනක් යන්න මේ විදිහට හැකිද කියන කතාවක්. මාරස මේක ‌ආදරයක් කියන සිතීම මත තබාම ලියන්නම්. නමුත් ආදරයේ ඇත්ත මේකම තමා. කෙලවරක් හොයා ගියත් සමාන්තර ‌රේඛා දෙකක් එකට ඒකතු වුනොත් ඒ සමාන්තර රේකා නොවේ. අනික මේ රේල් පීලි මත හරස් සෘජු රේකා සමානයි. වෙනස් උනොත් කෝච්චිය දෙකට පැලිලා තමා යන්න වෙන්නේ. නැතිනම් තනි තලයකට චප්ප වෙලා. මේ සැබෑව වෙනස් කළ නොහැකියි.
ඇත්තටම ආදරයත් මෙහෙම තමා. දෙදෙනෙක් කිසිදා ආසන්න වශයෙන්වත් සමානවෙන්නේ නැහැ. නමුත් දෙදෙනාගේ ආදරය සමාන්තර රේකා දෙකක තමා ගමන් කරන්නේ. මාරස ගාවට එන සේවාදායකයෝ මාරසට ‌ආදර වන්තයින්ගේ පොරොන්දම් දීලා අහන්නේ මේ දෙන්නා ගැලපෙනවාද කියලා. මාරස කෙටි උත්තරය කවදාවත් නැහැ කියන කතාව. ඒ කියන්නේ ජ්යෝතිෂය පුරාණයෙත් මේ දේ පිළි අරන් තියනවා. ‌කිසිම පුද්ගලයන් දෙදෙනෙක් කිසිදා සමානව ගැලපෙන්නේ නැහැ තමා. බුදුනුවන් සහ මහාවීරලත් කාල්මක්ස්ලත් මේ සැබෑව ගැන කියලා තියනවා. එහෙම නොවුනනම් ඒ කට්ටියටත් නිදහසේ දේවල් හොයන්නේ නැතිව නිදහසේ නිදාගන්න තිබ්බා. ඔව්! පොරොන්දම් ගැලපීමේත් තක්කඩියන් විසින් ගැලපීම් හෙව්වට සංහිතා ග්රන්ථ හරියට හදාරපුවාම පේනවා ඇත්තටම හොයන්නේ නොගැලපීමේ ගැඹුර කියලා.
ඇයි එහෙම හොයන්නේ. ගැලපෙන්නේ නැති තැන් අවබෝධ කරගෙන ගැලපෙන විදිහට යුගලන ආදරය ආරක්ෂා කරගන්න සූත්රයක් හදාගන්න. ඒක රජයේ පුංචිම නිශ්පාදන මාදිලියක් වන දේශපාලනිකව විකාශනය වන යුගලන කුටුම්බයටත් වැදගත් නිසා. යුගලන පවුල කියන දේශපාලන විකෘතියෙන් ගැලවෙන්න මාර්ගයක් ඇස තියා හිතවත් ගැටෙන මානයේවත් ‌භෞතිකව තාම නොපෙනෙන නිසා.
තවත් කතාවක් මාරසට මතකයට එනවා. එක්තරා තාත්තා කෙනෙක් තමන්ගේ ආදර දුවගේ පෙම්වතාට ලිපියක් යැව්වලු ලමයෝ මේ සම්බන්ධය හිතෙන් අත් හරින්න කියලා. හේතුව ලිව්වලු මෙහෙම.
" යාදෙක නොරත රත එකට පෑහීමක් නැත" කියලා. මේකට ඒ තරුණ උගත් කොල්ලා ඒ තාත්තට පිළිතුරක් එව්වලු මෙහෙම
" ලාකඩ එහෙම නැත කොනක් රත්වූ කලට පෑහෙත" කියලා.
මේ කතන්දරය අහලා මාරසත් ඒ කාලේ පපුවෙන්ම හිනා වුනා. නමුත් දැන්නම් ඒකට හිනා යන්නේ නැහැ. ඒ ළමයට අනේ පව් කියලා හිතෙනවා.
ආදරය කියන්නේ නොගැලපෙන දෙදෙනෙක් අතර පවතින බැඳීමක්. ඒ ලෝකය සැබෑවක් කරගැනීම සඳහා දෙදෙනා නොගැලපීම ගැලපීමක් කරගෙන ජීවත් වෙන්න සූත්රයක් නිර්මානය කරගත යුතුයි. මොන බලපෑම් ආවත් ඒ වගේ ආදර දිනුම්. අනිත් සියලු ලව් ඉලව් තමා. පොරොන්දම්වලත් කියන්නේ මේකම තමා. ඒක ලාභයේ නාමයෙන් චොර කරන සංකේතීය වෙලෙඳ සංකල්ප වලට සාප කරනවා හැර වෙන ‌කරන්න දෙයක් නැහැ.
නොගැලපීම හෙවත් ප්රතිවිරෝධිතාව ඒකත්වයන් කරන් ජීවත්වෙන කතාව පැන්ටසියකටත් වඩා ආදරයේ මාරම සැබෑ සුන්දරත්වයක්. ඒ වගේම ඒක අරගලයේ සැබෑ ආදර යථාවක්. ඇත්තටම දෙදෙනෙකු අතරේ ආදර ජීවිත ගමන ‌සම්බන්ධව මාරසට මේ දේ මේ ජනප්රිය සංස්කෘතික ඡායාරූපයෙන් පපුවෙන්ම දැනුන නිසා ඇස නතර වෙන්න ඇති. ගැලපෙන ආදර වන්තියක් හොයාගන්න කරපු විකාර මේ තත්වය කලින් දැනුනානම් කොච්චර කාලයක් ඉතිරි වෙන්න පුළුන්ද කියන කණගාටුව මාරස ඔලුවට එන්නැති නොවේ ආවා තමා.
මිනිසුන්ගේ නොගැලපීමට ස්තූති වන්ත වේවා. නොගැලපීම කියන්නේ ආදරයේ හෘර්ද ශාක්ෂිය. නොගැලපීමක් නැති තැන කොහෙත්ම ආදරයක් තියෙන්න විදිහක් නැහැ. නොගැලපීම නිසා වෙන්වුනා කියන කට්ටියට මාරසටත් එක්ක කියන්න තියෙන්නේ ඒව නිකන් බයස්කෝප් කතා කියලා පමණයි.

පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ
පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ
කඳුළු වලින් දියවී යනවා නම්අවිහිංසක රූපේදෝරේ ගලන තුරු කඳුළු හලන්නම්මට ඔබ නොපෙනෙන සේ
පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ
මට ඔබ, ඔබ මට පෙම්කල තරමටවෙන්වී යන්න බැරීඅසම්මතේ පෙම්වතුන් නොවෙමු අපිවරදට වහල් වෙවී
පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ
පාරමිතා නොපුරමු අප දෙදෙනාමතු මතු සංසාරේපාන සිනා සුළඟට විසිකරමුහමුවෙන හැම වාරේ
https://youtu.be/jhtJX9XQ44k
https://jagathmarasinghe.wixsite.com/mare
20 11 2022


Powered by Blogger.