නව සිංහ භවනට දෑ සමල් මල් පිපීලා..!

                                         නව සිංහ භවනට දෑ සමල් මල් පිපීලා..!

              සමන් පිච්ච මල් කියන්නේ ඉතාමත් සුවදවත් මෙන්ම දැකුම්කලු මල් වර්ගයක් කියලා කවුද නොදන්නේ. මන්දා සමන් පිච්චවල ඉතිහාසෙට යද්දි ආයුර්වේදයටත් සෞන්දර්යාත්මක ගුණයටත වඩා අපේ සීයලා ආච්චිලාව දැකපු අයුරුත් සිහිවෙනවා. කොටින්ම රෝස මලට පස්සේ ලිලී මලත් ආවා. මේ මැයි ගහ යට කියලා මිල්ටන් මැයි මලුත් කතා කළා. සියඹලා මල් විතරක් නොවේ කෝපි මල්, වෙරළු මල්  නියඟලා මල් පවා අන්වර්ත නාම වලින් දේශපාලනික විකාරයන් වශයෙන්ද ගීත සාහිත්‍යයේ හොල්මන් කරමින් මැරිලා ගියාද කියලා අනාගත රසිකයන් තීරණය කරාවි.

     සමන් පිච්ච මල් කියන්නේ අපේ ආච්චිලාගේ සීයලාගෙ ජාන සෞන්දර්යෙන් ආපු දැක්ම සුවඳ බව අමතක කිරීමට අපට ස්වභාවයෙන් ඉඩක් නැහැ වගේ. නමුත් සමන් පිච්ච මල් ගැන ජීවිතයෙන් දන්න එකෙකුට දෑ සමන් මල් දකිනකොට ඇතිවෙන්නේ 77න් පස්සේ උන්ගේ මිය ගිය ආදරය කියලා විස්තර කරන්න හැකි වුනත් ඒක වෙන සටහනකට කල් දාන එක කාලෝචිතයි. ඒක හරියට අර රතු දේශපාලනයේ රතුපාට අවලෝකනය වගේම තමා. අද රතුපාට කොඩි දැක්කම අපට ලේ මැවෙන්නේ නැහැ නෙවේ මැවෙනවා. නමුත් රතුපාටින් දැනෙන රක්ත විප්ලවීය රොමැන්ටික් වින්දන පරාසය ඊට වඩා වැඩියි වගේ කියලත් හිතෙනවා. එච්චර විස්තර ඇවැසි නැහැ. මේ දෑ සමන් මල්. මම මේ කාලයේ රාහු ගමනාන්තර ගමනක ජීවත් වෙන්නේ පුෂ්පාලී වාසී ගම්පහ දිසාවේ කොටුගොඩ නැදගමුවේ හරිත ගොමු අතර පුංචි කඳු ගැටයක තියන නව සිංහ භවනේ. ඒක භවනකටත් වඩා අසපුවක්. ඉස්සරම ඉස්සරත් නොවේ මේ මෑත ලියවුන රැපියල් තෙන්නකෝන් සිරිමතානන්ගේ වලල්ලාගටිවල වැනුමට මේ පරිසරය පන දීපු හැටිත් සිහි නොවනවා නොවේ. මේ සුන්දර භවන දමා ගොස් පුෂ්පාලියා කෝච්චි එලවනවා බදුලු බණ්ඩාරවෙල කඳු අතර දිරපු කොච්චි පාරවල් වල මිනිසුන්ට ආදරය කරමින්. නමුත් උගේ නමත් පුෂ්පාලී. මල් මාලාවක්ම තමා. උගේ වත්තේ දෑ සමන් මල් පිපිලා. වත්තට තවත් ඉරක් පායලා. ඒකා ලඟදි අපව බලල යන්න සිය රාජකාරිය අමතක කරල එනවා කියන්න අනාවැකියක් වගේ. පරිසරයේ ආදරය දෑ සමන් දැයට ආදරයක් විදිහට එක මිටකට අරන් වගේ. මේ සිංහ භවන සෙල්ලන් වත්තක් නොවේ. පන්සල් වත්තක සිට දේශපාලනික වාතාවරනයන් හමුවේ ගොඩක් දේ ඉතිහාසයේ සටහන් වෙනවා අනිවා.

               සමන් පිච්ච ගැන ඒ අතර කතා බොහෝ ඇති වපසරියක දෑ සමන් ගැන කියවෙන ඉතිහාස ලියන්න මේ සටහන මදි කියලා පරිසරවේදීන් දන්නවා. නමුත් දෑ සමන් රෝස පාට කැකුලක් විදිහට ඇවිත් පිපෙනකොට සුදු පාටයි කියලා කියන්නේ පිස්සු හැදෙන කතාවක්. රෝස පාට කියන්නේ ආදරයේ පාටක්. කෙලින්ම ආදරයේ ආධයාත්මික පාට. නමුත් සුදු පාට කියන්නේ කෙලින්ම ආධ්‍යාත්මික වර්ණය. කෙලින්ම පරිනිර්වානය සිහිකරන ධර්මයේ වර්ණය වගේ. සියල්ල අත් හැරීමට පෙර සුදු කිව්වත් කාරි නැහැ. මොකද ඊට පස්සේ කළු තමා. කිසිත් නැහැ කළු පාට දකින්න ඇස් දෙකින් කාටවත් බැහැ. අන්ධ උනත් දකින්නේ කළු පාට තමා. කිසිදු භෞතික වස්තුවක් පරාවර්තන ආලෝකයෙන් දෘෂ්ටි විතානයේ සටහන් නොවන ආලෝක පරාසය. වර්ණ විභේදනයන් ගැන ආධ්‍යාත්මික සංස්කෘතියෙන් භෞතිකවාදීව කතා කරන්න ගියොත් පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදිලා පර වෙන මලක් ගැන නොවේ කියන්න වෙන්නේ නැවත පිපෙන මල් ගැන. 

                මල් කියන්නේ මල්. වරක් මහාවීර කියනවා මලක් පිපෙන්න පටන් ගත්තා කියන්නේ පිපිලා ඉවරයි කියලා. බුදුනුවන් ඒ දේ තවත් ගැඹුරෙන් කිව්වද මන්දා. මොකද මලක් පිපුන ගමන් ඒ මල පරවෙනවා කියන ධර්ම කතන්දරය. නමුත් මා මේ කාලයේ ජීවත්වෙන නව සිංහ භවන නාසයටත් වඩා ‌චල ලෝචනයන් මුසපත් කරමින් දෑ සමන් මල් පිපිලා. මේ වනාහී ස්වභාවයේ සංකේත නොව විදිහ. නමුත් සමන් කිව්ව ගමන් මාරස සිහියට ආවේ පුංචි කාලේ කියවපු කවියක්. ලස්සනම දේ තමයි වයසට ගියත් ඒක මතක් වෙන්නේ වයසක අපේ අර්ධයක පුංචි කාලේ හොල්මන් කරන නිසා තමා. ඔව් ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවන්ගේ මේ ගීතය සිහි වුනා. දෑ සමන් ගැන කවි කප්පරක් තිබ්බත් සිහි වුන ගීතය පල කරන කතන්දරය මාරසේ ආදරය. වර්ගය කෙසේ වෙතත් මේ සමන් ම තමා. 

සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට
බකමූණෝ පියාඹති අනිත් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑගසති
මගේ සුරතල් අක්කාගේ මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නේ පිණි බිංදුත් හදමු එකක් ඒ වාගේ
හද හාමි අප දිහාව එබී බලයි පා හිනාව
සිහිල් සුළං රැල් විදින්ට දොරට යන්ට හොද වෙලාව
අහසේ තරු වැල් පිරිලා පොළොවේ සුදු මල් පිපිලා
මගුල් ගෙවල් දෙකක් වගෙයි මේ දෙපලම හැඩ ගැහිලා
ට්බෙට් ජාතික එස් මහින්ද හිමි
https://youtu.be/uw8nWZ13r5Y
https://jagathmarasinghe.wixsite.com/mare28 11 2022


 








Powered by Blogger.