නොනිල වහලුන්ගේ ඛේදවාචකයක් පමණි

                                   නොනිල වහලුන්ගේ ඛේදවාචකයක් පමණි
            
පියා විසින් දරුවෙකුට මාරාන්තික පහරදීමක් කරන රූප රාමුවක් අන්තර් ජාලයේ පලවිය. අන්තර් ජාලය පුළුන් ගොඩක් මෙන් ගිණි ගන්නේය. ඒ බොහෝ දෙනාගේ සිතීමය. අන්තර් ජාලය ගිනිගන්නේ ඒ සම්බන්ධව ඇබ්බැහි වූවන්ටත් වඩා සාමාන්ය ජනතාවටය. මාරස සමීක්ෂණයක් කර නැත. මේ වැස්ස තව මාස දෙකක් වැස්සානම් ලංකාවට කෙලවෙනවා කියන්නට දර්ශක කාලගුණයන්ගේ කතා මාරසට ඇවැසි නැත.
කෙසේ හෝ මේ වැලිිකන්ද කුකුල් චමින්ද දරුවාට පහර දී පශ්චාත් නූතන වාදයේ ආර්තික සම්බන්ධයක්වන පශ්චාත් නිහීන වාදීන්ගෙන් නමක් හදා ගත්තේය. තවත් පැත්තකින් දරුවන්ට අඩතේත්තකම් කර ඊටත් වඩා බඩේදීම ගබ්සා කරන්නා වූ සියලු පන්ති වල ආදර ගැහැනුන් සහ මිනිසුන් කුකුල් චමින්දගෙන් අත පිහා ගත්තේ මාර මාර පකුම් කතා කියමින් බව සර්කාගේ ඊ පවුර ධනේශ්වරයට පමණක් නොව ලෝකයටම ශාක්ෂි සපයා අවසානය. දැන් ඉතින් බන මාකට් කරන හාමුදුරුවන්ලාටද අළුත් මාතෘකාවක් හමුවී තිබේ. ඒ ගැන කියන්නට ආවොත් පිරිවෙන් වලට සහ සම්භිත අතීතයක් ඇති මාරසට ඒවා නලවා කිව හැකිය. නමුත් අදාල නැත. ථේරවාදයේ ධනාත්මක ආදරය මරුය. ඍණාත්මක අර්දය කුජීතුය. මේ ඒ චූටි කෙල්ල ගුටිකනවා ‌ලාංකේය යම් පන්තියක් දැන ගත් එකම දියනිය ගැන සිට පිටස්තරව සිට වීඩීයෝ කළා වූ අය කවරේද යන්න තබා මේ අන්තර් ජාලයට දැමුවේ කවුද සහ ගෑහුණු දෙන්නෙක් තබාගෙන වරදක් කළේද යන්නවත් ඒවා සිදුවූවේ දුප්පත් කම නිසා යන මාක්ස්වාදී ඡන්ද ගුණ්ඩුවවත් තවත් පැත්තකින් රාජ්ය නොවන සහ රාජ්ය වන සංවිධාන වල ක්රියා කාරිත්වයවත් තව දුරටත් කිවහොත් සන්නා සමග මහා දාර්ශනික කතා කළ මනුසත් දෙරනේ ව්යවසායකත්ව ප්රාග්ධනය මාධ්ය ප්රාග් ධනය සහ සැබෑ ධනවාදයේ ව්යාපාරිකයාගෙන් ව්යවසායකයාට පිමිපැනීමේ යථාව තර්කානුකූලව මාර නිවැරදිද යන්න දැන් කුකුල් චමින්දයෝ ප්රශ්න කරන්නේ සිර ගෙයක ආතල් ගන්නේය. සිරගෙදර වනාහී දුක්නි විඳිනවා කීවාට වෙනම ආතල් වැඩකි. මාරසට හිතෙන විදිහට පශ්චාත් නූතන වාදීන්ගේ ප්රමෝධය කියන වදනේ දේශපාලන අර්ධය මාර වෙන්නේ මෙතනදීය. කුකුල් චමින්දට සිරගෙදර මහා මැති ඇමති වරුන්ට මෙන්ම වෙනම කාඹර වලට දමා ආරක්ෂා කළ යුතු නැත්තේය. මන්ද හිරගෙදර සැබෑ ජීවිතය අත් විඳි සහෝදරයන් ඒකාට ගහන්න එන මිනිසුන් එලවා අයියේ නැත්නම් මල්ලී මොකක්ද ප්රශ්නය කියා අසනු ඇත. තව දේවල් තිබේ. නමුත් මේකා සාමාන්ය හිරකරුවෙකි. චම්පිකලා සහ විජේවීරලා වන් දේශපාලන ලොක්කන් බොහෝදෙනෙක් හිරදෙරට ගොස් කරන්නට බැරි වූ කාර්යක් අනිවාර්යෙන්ම මේ කුකුල් චම්න්ද කර හමාරය. අර ක්රිස්තුස් වහන්සේ කිව්වා මෙන් තමන් දරුවන්ට පහර දී නැතිද? නුඹලා බඩේදීම දරුවන් මරා දමලා නැතිද යන. දුන්නේ දරුවා හදා ගන්නට කියා සිතුනාද. මේ අපේ කාලකන්නි දරුවන් ගැන නොසලකන සම්භාවිතාත්මයේ අගය ගත් කළ මේ කකුල් චමින්ද ලාංකේය මාර පුතිරූපයක්ම වන්නේය.
කිසිවෙක් මේ සිද්ධිය සම්බන්ධව බල ලිපියක් ලියා නැත. මේ ලියන්නේ ඒ අඩුව පුරවන්නට මේක ලියනවා කියන්නට නොව. ඒක කොහොමත් මාරස පස්සේ ලියනවාය. අර ඒවා ගැන ලියන ජයදේව උයන්ගොඩගේ සිට නලීන්ද සිල්වා දක්වා නොව නලින් සිල්වා මළපසු ඒකා දාර්ශනිකයෙක් බව ලියනවා කිව්වා වූ මතකයක් ඇති අනුරුද්ධ ප්රදීප්ට ඇඟිල්ලෙන් ඇන අහන්නේ ඇයි නිහඬ කියලාය. ඒ දෙන්නාගේ නම් ලිව්වේ ඇකඩමික් මහාචාර්ය ආචාර්ය කියන බලයේ සමාජ විමසුම ගැන කිතියක් මාරසට ඇති නිසාය.
සැබෑ ලෙසම මේ බල දේශපාලනයේ ඛේදවාචකයක් බව සැබෑය. දැන් මොවුන්ව අත්අඩංගුවේය. දැන් රාජ්ය පුණරුත්ථාපනයකට ලක් වී ඇත. එළියේ ඒ වන් ගෙවල් වලින්ම කැම්පස් සහ තවත් තැන් වලට ගිය බොහෝ අය ඒ දරු පවුල ගෝත්රිකයි කියා කීවා වූ අය ගැන හිනා යන්නේ කටිනුත් නොවේය. අනික් පැත්තේ පුකද ඒ බාර ගන්නේ නැතිය. ඉතින් ඒ පීඩනයත් අපටමය.
මෙවැනි සිදුවීම් ලෝකය වඩා නිරුවතින් ඇවිදි මාරයා දන්නවා කියා මීට දිය යුතු නීතිමය දඬුවම් කිසි සේත්ම පැහැර හැරිය නොහැක. සමාජවාදී පුල්ටයිමස්ලාගේ ආදරවන්තියන්ගේ දරුවන් බඩේදීම ගබ්සා කරන්නේ ඒ විප්ලවය සඳහා පිනක් ලෙස සිතමින් බවත් මාරස නොදන්නවා නොවේ.
නමුත් හිර ගෙදර තුවාල පැල්ලම් තබාගෙන සිටින ඒ පෝරි සාදයා අර ඒකාගෙන් ගුටි කෑ අහිංසක කෙල්ලට වඩා දුක හිතෙන අනුකම්පාව ලැබිය යුතු ජීවිතයක්ම වන්නේය. ඒකා වඩා ආදරෙයෙන් බැඳුන ඒ කාන්තාවන් දෙපලද මාරය. ඒ දරුවාට ගැසීමේ කාලකන්නි අජූතබාවයට දඩුවම් හිමි විය යුතු බවට මාරස අත් දෙකම උත්සමි (ලිපියට අනුව කිව්වා විනා ධනේශ්වර හෝ සමාජවාදී දඬුවම් වල ඉතිහාසය බලන කළ මළම විකාරය. කොසොල් සහ ගෞතම බුදුනුවන්ගේ සරළ වැකි කීපයක් පසුවට තබමි.) නමුත් මතක තබා ගත යුත්තේ මේ කෑ ගහන සිවිල් පොරවල් තම දරුවන්ට සරළව හෝ අතක් උස්සා ඇතිනම් ඒ දරුවන් යටත් කරගැනීමේ මානසිකත්වයේ ලාංකේය පිළිරුව නිර්මාණය කරන ලද්දේ සිංහයෙකුත් පපුවේ ගසාගෙන වැලිකන්දේ කුකුල් චමින්දය. කෙසේ උවත් කුකුල් යන්නනම් ගර්ම කලාපයක ජීවත් වන සැමට මාරය. අපේ මිනිසුන්ට බුරියෙන් යට ප්රශ්න මතුවන්නේ ‌ ගර්ම කලාපීය රටක් හෝ ඕජෝ හෝ බීජ ධාතුව යන හෙළ වෙද කතා සහ හෝමෝන වැනි අපරදික කතා වනාහී මළ විකාර ජෝක් කතාය. ලිංගිකත්වය යනු කෑම බීම සහ ලෑමටම හිමි සාමාන්ය දේ මේකුන් දේශපාලනය කර අනාත කර තිබෙන්නේය.
මාරස අංගුලිමාල හෝ තව මාර මාර කතන්දර කියන්නට යන්නේ නැත. මේ තත්ත්වයන් ලෝක සිනමාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේද ලාංකේය නොලිය වුන ඉතිහාසයේද තිබේ. අනේ මේ මීට විරුද්ධව කතාකරණ මාධ්ය වේදියන්ගැන ලියන්නට නව පරම්පරාවේ තිබෙන මන්දගාමිත්වය සම්බන්ධව කණගාටුය.
හරි. කුකුල් චමින්ද බොනවා. ඒතකොට මේ සිවිල් මහත්තුරුන්ට වඩා අඩුවෙන්ද වැඩියෙන්ද කියා අසන්නටවත් මාධ්යවේදී දුහුනෙක් නැති නිමේෂයක රෙද්දක් කතා කරනවාදැයි නොදැනේ.
කෙලින්ම මෙවන් මිනිසුන් හැම සමාජයේම සිටිත්. ලංකාවේද හැම දේශපාලන පක්ෂයකම සිටිත්. ලෝකයේම එදා සිටම සිටිත්. අපේ ඉතිහාසයේ තාත්තලාගේ කකුල් පළා අජාසත්ව ගැන මහා පරිමාණයෙන් නොකියවා පිල්ම් එකවත් බලන්න. තව තියනවා. නමුත්. පසුවට කල් දාන හේතු පසුවට ලියන්නම්.
දැන් වෙන කරන්න නිකන් කරෝල පූජිත විකාර නැහැ. අපි යා යුතුයි ඒ සිව් දෙන බලන්න. සැබෑ ස්ත්රී වාදීන්ද මාක්ස්වාදී වම්මුන්ද පැත්තක් නැතිව එකතු විය යුතුය. මහා මානව කලා කාරයන්ද එනකු විය යුතුයි. ඒ අතර මැදි කාලයේ ඒ පවුල පමණක් නොව සියලු එවන් ප්රජාවන් සූරා කෑවා වූ පිංපියන්ද එකතු විය යුතුය. ඒ තිදෙනා අපට හැකි ආකාරයෙන් ගොඩ ගත්තා කියනේනේ ලෝකයකින් භාගයක් ගොඩ ගත්තා වගේය. මේ සම්බන්ධව අනිවා විරුද්ධ මාක්ස් වාදී යල්පැන ගිය පැරනන්න්ට නොව නව පොරවල් වලට පසුව ලියන්නම්. කිසිවෙක් එකතු වන්නේ නැත. ගබ්සා කරගත් කෙල්ලන් පවා අද කුකුල් චමින්ද ආතල් කිතල් කරගෙන සටහන් ලියනවාය. ඒ තමන්ගේ පැන්ටසි දරුවන් ගැන ආතල්ය.
මේකිසිවෙක් එකතු වන්නේ නැත. මාක්ස් වාදීන් ගැන අප දන්නේත් පරංගි මාක්ස් වාදීන්ගේ උසස් දැනුම නොව ආදරණීය දැනුම ගැන ලියන්නටනම් මාරසට ඉතා හොඳින් හැකිය.
හමු වූ වෙලාවක කිව්වත් නැතත් දරුවන්ට නීති දමන මේ සිද්ධියෙන් පමණක් දරුවන් කෙරෙහි අසීමිත අනුකම්පාවක් උපන් ඒ මැද පන්ති දෘෂ්ටිය සම්බන්ධව බුදුන් දේශනා කල දේ පසුවට තබමින් සටහන අවසාන කිරීමට පෙර දරුවන් ගබ්සා කරණ හෝ දරුව් පිළිසිඳගැනීම වලක්වන මාරසට පමණක් මාර මාතෘකාවක් ගැනද කතා කළ යුතුයි.
නිර්ධණ පන්ති මැද පන්තියේ සිට ධනේශ්වර පන්තිය දක්වාම දිවෙන්නා වූ ගෘහස්ත ප්රචන්ඩත්වයේ වීරෝධාර සංකල්පයක් වූ කුකුල් චමින්ද සැබෑ මිනිසා පවතින ජරා සංස්කෘතියේ වීරයෙක් වශයෙන් දිනේවා. එසේම පරංගි මාක්ස් වාදීන්ගේ ගෘහස්ත ප්රචන්ඩත්වය දරා ගෙන මාර ස්ත්රී වාදීන් වී මාර බලයක් නිර්මාණය කරගෙන කලාවද හූරා කන උනගේ යකාටත් යක්ෂණියටත් නොව යක්කුන්ටත් යක්ෂණියන්ටත් කුකුල් චම්න්දයෝ සාපයක් වේවා නොකියමි. මන්ද සාපයක් වී හමාර නිසාය.
ජගත් මාරසිංහ
06 06 2024

jagathmarasinghe.wixsite.com/mare

https://youtu.be/gfg88LtG1jQ


Powered by Blogger.