සැඟවීයන ජාතික වීරයන්ද මේ....!

                                    සැඟවීයන ජාතික වීරයන්ද මේ....!

අනේ මේ අටුවා ටිකා සහ ප්රාග්ධන කේන්ද්රීයව හිතුවත් නොහිතුවත් නුඹ කුමන ආකාරයෙන් හෝ වඩවා ගත් ප්රාග්ධනය හෝ ආධ්යාත්මිකත්වය දෙකම නොතිබුනානම් ලාංකේය සිතන මිනිසා තාම කියවන්නේ අර පැරණි පොත් පමණි. ලාකේය සිංහල කියවන්නන්ගේ දැනුම ජ්යාතන්තර ගත සමාජ දේශපාලනික නිර්මාණතාත්මක බව අපේ ජීවිත වලට තහවුරු කරන ලද්දේ ජනක ඉනිමංකඩගේ විදර්ශන ප්රකාශන විසින්මය. සිංහල ජාතිකත්වය බේරා ගැනීමේ මහා ලේ වැගිරවීම් මැද සැම සමග අනුවේදනීය වූත් තමන්ගේ ජීවිතය පරදුවට තබන අවස්තාද ඇතිව සිංහල බෞද්ධ හෝ මොන මගුලක යුද්ධයෙන් සිංහල කියවන්නන්ට ජ්යාතන්තර දැනුමේ පමණක් නොව ඒ සංකල්පීය සාහිත්යයේද සැබෑව තනියම වගකීම ගෙන කිසිදු විවේචනයකට භාජනය නොවී කරන ලද්දේ ජනක ඉනිමංකඩය. මේ පසසන්නේ මාරයා ජනකට කියා පොතක් මුද්රණය කර ගැනීමට නොවන වග ජනක අනිවා දන්නවාය. නමුත් කිසිවෙක් නොලියන දේ ලිවීමෙන් ආතල් ගැනීමේ මාරස පැන්ටසියක් කියා කවුරු කීවත් මාරසට ගැටලුවක් නැත. මන්ද මාරස ගාවද ඒ කියන අයගේ කුණු ගොඩක් සුරක්ෂිතව ඇති නිසාය.
මා කිසිදා නුඹ පොත් මැදුරටවත් ගොඩ වැදී නැත. පොතක් මිලදී ගෙනවත් නැත. නමුත් මගේ අති ජාතක හදවතේ මිතුරු ලයිස්තුවේ නුඹත් ඉහලින්ම ඉන්නේය. මා දන්නා පරිදි අපට වඩා බාල වුවත් දැන් නුඹද වයසකය. නුඹ ජීවතුන් අතර ඉන්න මේ නිමේෂයේ මේ ලියන්නේ සිහිනෙන්දැයි මට අදාල නැත.
සිංහල කියවන පාටකයව බේර ගත්තේ උඹ ජනක. ඒ වෙනුවෙන් මාරස හද බැති ප්රණාමය නුඹට දෙමි. නුඹ කළ වැඩ කොටස ඊට සාපේක්ෂකව ලියන්නට මගේ ශබ්ද කෝෂයේද වදන් ප්රමාණවත් නැති බව කියමින් මදකට හදවතින් මිදෙන්නම්. නුඹටත් නුඹ කුටුම්බයත් දිනේවා. මන්ද ඒ විදර්ශනයේ හදවත නිසාය.
ආදරෙයි මචන්. ඒ කාලේ පොඩි කොල්ලා මේක තෝරා ගැනීම.
ජගත් මාරසිංහ

07 06 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.